…. කදුලත් සැනසුමක්…35

35 . වන කොටස.

චූටී මාමාගෙ මූනේ තිබුනේ කේන්තියක් වගේම සැකයක්. මාත් දොර උලුඅස්සට හේත්තු වෙලා වෙන්නෙ මොකක්ද්ද කියලා බලාන හිටියා.

ඒ ළමයා ගියා පුතේ.. ඔයා එනකන් බලන් ඉදලා ඉදලා දැන් ගියෙ.

මොකක්ද නෑ කම කිව්වෙ
ආච්චි අම්මා දිග නෑ කම ගියාන ගියා . ආච්චි අම්මා කතාව ඉවර කරන්න කලින් චුටී මාමා කතාව මැද්දට පැන්නා.

අම්මෙ මේ.. මං එකක් කියන්නම් . අම්මත් ඔනී නැති වැඩ කරලා අහු වෙන්න එපා හරිද.

අනේ ඇත්ත චූටී පුතේ කිව්වේ..

සුදු දූ යනවා ගෙට .ගිහින් පොතක් පතක් බලා ගන්නවා. කට දිහා බලන් ඉන්න ආවා මෙතන.
මම ඒක ඇහෙත්ම කාරයට විසික් වුනා. චූටී මාමාට අපි කිව්වට හොදටම සැකයී.

අම්මෙ මේ ඔය මගුල් වලට අත දාන්න එපා. තේරුනාද . අර කොල්ලා නේද ආවේ .

නෑ නෑ .. චූටී පුතේ..

අම්මාත් දන්නවනේ. කෙල්ල ඔවුන් එක්ක ගිහින් දුක් විදිනවට කැමතිද. පොඩි අක්ක කියපුවා මතකනේ..

හරී පුතේ මං පුතා කියන දේට ඉහළින් යන්නෙ නෑ.

හා .. අම්මෙ ඇහැ ගහන් ඉන්න තේරුනාද .මට දැන් නිතර එන්න වෙන්නෙත් නෑනේ.

පුතේ . සේනයා කියපුවනේ අපේ පොඩ්ඩි අපිට කියන්නෙ. පොඩ්ඩක් ඒ කොල්ලා ගැන හොයලා බලපංකෝ. සේනය කවද්ද ඇත්තක් කිව්වේ.

හරි අම්මේ. හොයන්න ඕනි. මං ඔවුන් කියන ඒවා විශ්වාස කරන් එකෙක් නෙමේ. තව පොඩි එකෙක්නේ. ජොබ් එකක් එහෙම කරනකන් ඉම්මුකෝ.
රහසෙන් වගේ ආච්චි අම්මයී චූටී මාමායී කතා වුන සේරම මං හොරෙන් අහන් හිටියා.
පස්සෙ චූටී මාමා කාමරේට එබිලා බලාලා යන්න ගියා. මට ආච්චි අම්මා පව් කියලත් හිතුනා. ආයි නම් ශානූ අයියව මේ ගෙදරට ගෙන්නන්නේ නෑ කියලා මං හිතා ගත්තා.

සුදු දූ.. මොනවද කල්පනා කරන්නෙ..

මොකුත් නෑ සුදු අම්මේ. බය හිතුනා මට.

මටත් බය හිතුනා මගදි අර ළමයා අල්ල ගනීද කියලා.

කවදාවත් කැමති වෙන එකක් නෑ නේද ,සුදු අම්මේ මේ ගොල්ලො.

ඒක තමා සුදු දූ හිතා ගන්න බැ. ඒ ළමයට මං නම් හරි කැමතී. හොද කොල්ලා දැක්කම සිරියාවේ බැ. හිත හයිය ළමෙක්.

අනේ මංදා සුදු අම්මේ.

කවදාවත් ඔයාලගෙ අම්මා නම් කැමති වෙන්නෙ නෑ සුදු දූ. පුදුම කේන්තියක් තියෙන්නෙ එයාට ඒ ළමයා එක්ක.
මට හුගක්ම දුක හිතුනේ කවදාවත් හැමෝගෙම කැමැත්තෙන් ශානූ අයියා ළගට යන්න බැරි වෙන එකට.
සෙනසුරාදා දවසම ක්ලාස් දවසක්. මං උදේ පංතියට සහභාගී වුනත් ඊළග පංතියට ඉන්නෙ නැතුව එන්න සූදානම් වුනා. මම ශානූ අයියටත් එන්න කියලා තිබුන නිසා ඉක්මනට පිට වෙන්නයි ඕනී වුනේ.

ශදියෝ. වරෙන් බත් කන්න උබ අද කැම කන්නෙ නැද්ද.

මං ගෙදර යනවා බං ඔබලා කාපල්ලා.
මං එන්න සූදානම් වෙනකොට නයනී මට කතා කලා. නයනී කියන්නෙ මට ක්ලාස් එකේ හම්බුන හොද යාලුවෙක්. තව මට පන වගෙ ආදරේ යාලුවෙක් හිටියා, එයා තමා ගීත්මා. නයනී ගීත්මයී තමා මගෙ හොදම යාලුවෝ . මට එයාලා එක්ක ඉද්දී නිතරම විමූව මතක් වුනා. ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ මං තාම විමූව දැක්කෙම නැ. පෝන් එකෙන් කතා කරන වචන කීපය විතරයී. ගණන් අසමත් නිසා විමූ උසස් පෙළ අත හැරලා දැම්මා. දැම් එයාලෙගෙ කඩේ වැඩ කරගෙන ඉන්නවලූ. දුලාන් අයියත් ගෙදරින් කැමතිලූ. විමූ සතුටින් ඉන්න එක මටත් සතුටක්.
ඇයි ඔබ ගෙදර යන්නෙ.
ගීත්මා කෑමත් නවත්තලා මං ළගට ආවේ ගහන්න වගේ.

ඔබලා දන්නවනේ බං

මොනවද. ඔබ කලින් සති දෙකමත් මේ පංතියට නොයිද ගියා.

අම්මා මේ මාසේ සල්ලි එව්වෙ අඩුවෙන්. ඒක නිසා ක්ලාස් දෙකටයී පීස් ගෙව්ව්වෙ.

අපරාදෙනේ බං . ශානු අයියට කිව්වෙ නැද්ද.
නයනිත් කතාවට හරස් වුනේ මං ගැන දුකින් බව මං දන්නවා.

නෑ බං එයා දන්නෙ නැ. මට එයාට ඔය හැටි කරදර කරන්න බෑ. මං වෙනුවෙන් වියදම් කරන තරම හොදටම ඇතී . එයා රස්සවක් කරන්නෙත් නෑ මාමාගෙන්නෙ ගන්නෙ. මට ඔය නය ගෙවා ගන්න බැරි වෙයි බං.

ඒත් බං අපරාදෙනේ. ඔබ ටග් ගාලා හැම පාඩමම අල්ල ගන්නවා. ඔබ ඉගෙන ගනින් කොහොම හරි අපරාදේ යකෝ.

කරන්න දෙයක් නෑ බං. මේ මගෙ ලැබීම. බඩකුත් උස්සගෙන අම්ම අරහෙ වැඩට යනවා මට එයාට කරදර කරන්නත් බෑ.

දැන් කොහොමද ඉස්කෝලේ තත්වේ.

කියලා වැඩක් නෑ. බං මට දැන් ඉස්කෝලේ යාමත් එපා වෙලා. උගන්වන්නෙ නෑ බං අනිත් වුන් නම් ඇවිද ඇවිද ඉන්නවා ජොලියේ.

මේ ඔබ අපේ ඉස්කොලෙට වරෙන් අස් වෙලා.

දැං ගනී වෑ බං.

මං සර් කෙනෙක් ඉන්නවා එයා එක්ක ඔබ ගැන කියන්නම් සර් උදව් කරයී. ඔබ වගෙ ඉගෙන ගන්න එකියෙක්‍ට ඔහොම වෙනවට මට දුකයි බං.
නයනී මගෙ හිතට දාපූ අදහසට මගෙ හිත ඇදිලා ගියා . මටත් ආස හිතුනා නයනි යන ඉකෝලෙට යන්න. ඒත් කෝ ඕවට සල්ලි මං අමාරුවෙන් මේ ඉස්කෝලෙටත් යන්න හදා ගත්තේ. ගේ ළගින්ම බස් එකකුත් තිබුනා ඉස්කෝලේ ළගටම. පැයක දුරක් වුනට, බස් එක අනිවාර්ය නිසා බයක් නෑ. අනික අපේ ගමෙන් ශිෂ්‍යත්වය පාස් වුන ළමයි හුගක් ඒ බස් එකෙන්, මං යන්න හදන ඉස්කෝලෙට ගියා . දැනටත් හයට ඇරෙන ක්ලාස් එක දාට මම ගෙදර ආවේ ඒ බස් එකේ.
මම ඒ ගැනම කල්පනා කරමින් බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. ශානූ අයියා කඩයක් ඉස්සරහා බයික් එකේ ඉදගෙන මග බලාන ඉන්නවා. මං කෙලින්ම ශානූ අයියා ගාවට ගියා. මට දැනුනෙත් නෑ , මගෙ යාලුවෝ ටික මගෙ පස්සෙන් ඇවිත්. ඊළග ක්ලාස් එක පටන් ගන්න තව පැය භ්හාගයක් තියේ. වෙනදට අපි ඒ පැය භාගෙම කඩවල් ගානේ යනවා. මොකුත් ගන්නෙ නෑ බලලා බලලා එනවා. රෙදි කඩ වලට දැන් අපිව දැකලම පුරුදු වෙලා. සිකුරුටිලා අපි දැක්කම “ඔය ළමයි නම් බොරුවටනේ එන්නෙ” කියනවා.
ගයනි , ගීත්මයී ශානූ අයියව දැන් හොදටම අදුරනවා. නිතරම ශානූ අයියා මං ක්ලාස් ඇරෙන වෙලාවට මං බලන්බ එනවනේ. ශානූ අයියා ක්ලාස් එක ළගට එන එක තාම නම් කාටවත් ආරංවි වෙලා තිබුනේ නැහැ.
නයනී , ගීත්මයී මං ඉන්න තැනදිම මං සල්ලි නැති නිසා සමහර පංතී පාඩූ කර ගන්න බව කිව්වා. අලුත් ඉස්කොලේ ගැනත් කිව්වා. ශානූ අයියා හරිම සාවධනයෙක් අහන් හිටියා. එයාගේ මූනේ තිබුනේ දුකක් මං බිම බලාගෙන හිටියේ ශානූ අයියට මූන දෙන්න බැරි නිසයී, ගීත්මයි නයනී එක්ක ආපු කේන්තිය නිසයී.

හරී නයනි නංගියෝ. ඔයා සර් එක්ක කතා කරන්නකෝ. මං අනිත්වා ගැන බලන්නම් .
නයනී, ගීත්මයී. අපිට සමු දීලා ක්ලාස් එක පැත්තට ගියා. මම රහසි වගෙ කිව්වෙ” අහු වෙයව්කෝ තොපි ක්ලාස් එකේදී කියලා” ඒකත් ශානූ අයියට ඇහුනද කොහෙද එයා හිනා වෙවී මං දිහා බලං හිටියා. යාලුවෝ දෙන්නා නොපෙනී ගියා විතරයි ශානූ අයියා මගෙ අතින් ඇදලා ගත්තා. මට තේරුනා එයා කේන්තියෙන් බව.

මොකද මැට්ටියෙ මට නොකිව්වේ.

අනේ ශානූ අයියේ කේන්ති ගන්න එපා.

හිතේ තියන් හිටියම මම දැන ගන්නෙ කොහොමද? දැන් සල්ලි දෙන්නම් යනවා ක්ලාස් එකට.

අනේ එපා ශානූ අයියේ . අද මේ මාසේ අන්‍තිම ක්ලාස් දවසනේ . ලබන මාසෙම යනවා . අපරාදේ මාසෙටම ගෙවලා එක දවසක් යන එක.

පිස්සූ නැතුව යනවා මැට්ටියේ. පාඩම අපරාදේ.

නෑ නෑ මං ටිවුට් ඉල්ලන් ඒවා අල්ල ගන්නම්. ඔයාත් රස්සාවක් කරනවද. පව් මාමා මහසියෙන් හම්බ කරපුවා.

අනේ අනේ මැටිටියේ . මං අද ඔයාව ශොපින් එක්ක යන්න ආවේ.

මමගෙ සල්ලිවලට විද්දා නේද. මට එපා ශානූ අයියේ ඔයා ගන්න.

මේ මෙහෙ එනවා. පංඩිතකම් නොකියා. අනුක මේවා මං හම්බ කරපු සල්ලී. මාමගෙ ඒවා නෙමෙයි.

ඔයා හම්බකරපුවා .?
ඔව් ඇයී විශ්වාස නැද්ද?

ඔයා ජොබ් එකක් කරන්නෙ නෑනේ.

ඇයී නැත්තේ ඔයාට නොකිව්වට මං මාමාගෙ උදව්වය ගියා .

කිරි කපන්න .

ඔව්… සුදු මැනික . යමු කෑ අර ශොප් එකට.

ශානූ අයියා පොඩි කාලේ ඉදන්ම මාමා ගාව හැදුන නිසා එයාටත් කිරි කපන්න පුලුවන් බව මට කියලා තිබුනා. නිවාඩු දාට මාමාට උදව්ට යන බවත් මට කියලා තිබුනා. ඒත් මං හිතුවේ නෑ ශානූ අයියා ජොබ් එකට කිරි කන්න යායි කියලා.
අනේ ශානූ අයියේ . ඕක ජොබ් එකට නම් හරි යන්නෙ නෑ ඕන්.

හරි සුදු මැනික. එකක් හරි යනකන් විතරයී මාමාත් පව්නේ. සෑහැල්ලු වාහන ලයිසන් ගන්න දාලා තියෙන්නෙ මම. ඔයා දන්නවනේ මගෙ හීනේ.

හ්ම්ම්ම්ම්ම්….
ශානූ අයියගෙ හීනය වුනේ බරවාහන රියදුරු බලපත්‍රය ගන්න එක. එයා කියන්නෙ එතකොට ඕනී තරම් ජොබ් තියේ කියලා. ශානු අයියා ඉගෙන ගන්න පොඩ්ඩක් වත් කැමති නෑ. මට හේතුව තේරුම් ගන්නත් බැහැ.
ශානූ අයියා මං එපා කියද්දී මට ඇදුම් අරන් දුන්නා. පොත් වගයකුත් අරන් දුන්නා. එයාටත් මොනවා හරි ගන්න කිව්වම ඇහුවෙම නැහැ. මට ශානූ අයියා ගැන දුකයී, එයා මං වෙනුවෙන් මොනතරම් දේවල් කරනවද. ඒත් මගෙ අම්මට ශානූ අයියගෙ හොදක් පේන්නෙ නැහැනේ.
මං ගෙදර ඇවිත් ආච්චි අම්මටයී ලොකු අම්මටයී ඇදුම් පෙන්නුවා. පස්සෙ අලුත් ඉස්කෝලේ කතාවත් මං එයාලට කිව්වා.

මං නම් හිතන්නෙ නෑ සුදු දූ අම්මා කැමති වෙයී කියලා.

ඊ ළග කොටසින් හමු වෙමූ. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *