……කදුලත් සැනසුමක්…..37
37. වන කොටස.
අම්මා හුගක් වෙලා දුක කියමින් ඇඩුවා. එයාට දුකයී මං ගෙවන ජීවිතය ගැන. මහ පාන්දර නැගිටගෙන උයාගෙන ස්කෝලේ යනවා. පැය ගනනාවක බස් ගමනින් පස්සේ චූටී නින්දක්.පහුවදාත් මේ විදිහමයී.
අම්මට ලොකුවට හිත් වේදනවා දැනිලා තිබුනේ . ලොකු මාමා කියපු දේ. එයාලගෙ සල්ලි මං වෙනුවෙන් වියදම් කරනවා කිව්ව එක.
සුදු දූ මට සමාවෙන්න..
ඒ ඇයි අම්මේ.
අර ශානුක පුතාට බැන්නට. මට තේරෙනවා. මං මොනවා කිව්වවත් ඒ ළමයා විතරයී ඔයාට උදව් කරන්න ඉතුරු වුනේ.
ඔව් අම්මේ.. ශානූ අයියා හොදයී.
අපි ශානුක පුතාට .හිගන්නා කියලා බැන්නා. අපිම නේද දැන් හිගන්නෝ..
අම්මා ශානු අයියගේ නම්බර් එකත් ඉල්ල ගත්තා කතා කරන්න ඕනී කියලා. ශානු අයියටත් කතා කරලා තිබුනා. හුගක් දුක කියලා තිබුනා. ශානූ අයියත් අම්මා ගැන දුක් වුනා.
ආච්චි අම්මා ශානූ අයියා මං වෙනුවෙන් කරන දේවල් සේරම අම්මා එක්ක කියලා. ඒක නිසා තමා අම්මට දුක හිතිලා තිබුනේ. දැන් චූටී මාමාත් කැමති වුනානම් සේරම හරී. මං හිතාගෙන හිටියේ අම්මා කවදාවත්ම ශානූ අයියට කැමති වෙන එකක් නෑ කියලා. මොන තරම් රැය ගානක් අඩලා ඇතිද ශානූ අයියා මට නැති වෙයී කියලා.
චූටී මාමා අකමැති වුනත් මගෙ පස්සෙන් ඇවිත් හොර අල්ලන්න උත්සහා කරන එක අත් ඇරලා තිබුනා. ඒත් මම බයයී නිහඩව ඉදලා එකපාරට මොනවා වෙවිද දන්නෙ නැහැනේ.
**************************************
ලොකු අම්මගෙ ලේලී දරුවා බිහි කරලා මාස තුන හමාරක් වෙද්දී ,ලොකු අම්මා ආයෙත් මහ ගෙදරට ආවා. ලොකු අම්මට මහ ගෙදර විතර කොහෙවත් හරි ගියෙ නැහැ. ලේලී හරිම කපටි නිසා ලොකු අම්මා එහෙ ඉන්නත් කැමති වුනේ නෑ. මහප්පා ලොකු අම්මා ගැන හොයලා බැලුවෙ නෑ. රට ගියාට පස්සෙ එයා ලංකාවට ආවේ නෑ . එහෙ රටේ කෙනෙක් එක්ක විවාහා වෙලා කියලා තමා ආරංචි ආවේ. මාස කීපයකට සැරයක් පුතාගේ නමට සල්ලි එව්වත් ,පුතා සතයක් වත් ලොකු අම්මට දුන්නේ නෑ.
මහසියයි ,බස් වියදමයි ගැන හිතලා මං නයනිලාගේ හරි ගීත්මගෙ හරි ගෙදර නවතින්න තීරනය කලා. එතකොටවත් ලොකු මාමලට සැනසිමක් ලැබෙයිනේ කියලා . අනික දැන් මගෙ සේරම වියදම් දරන්නේ ශානූ අයියා, මට ඒක ඉවසගෙන ඉන්න බෑ. මට ඕනී මගෙ වියදම් අඩු කර ගන්න. ඒක නිසාම මං නයනිලා දිහායී ගීත්මලාගේ ගෙදරයී මාරුවෙන් මාරුවට ගියා. මං ශානූ අයියගෙන් අවසර ගත්තේ පාඩම් කරන්න යනවා කියලා. වියදම අඩු කර ගන්න යනවා කිව්ව නම් යන්න දෙන්නේ නැහැනේ. ශානූ අයියා නයනී, ගීත්මයී දෙන්නවම හොදට අදුනන නිසා මට යන්න ඉඩ දුන්නා. අම්මාට මොකුත්ම කිව්වෙ නෑ, එපා කියලා මං වෙනුවෙන් වියදම් කරන්නත් එයාට නෑනේ.
නයනිලාගෙ ගෙදර හිටියේ නයනී අම්මයී තාත්තයී විතරයි. ගීත්මලාගෙ ගෙදර හිටියේ නංගී අම්මයී විතරයී. තාත්තා හිටියා එයා ගෙදර එන්නෙ මාසෙකට වතාවයී. ඒ ගෙවල් මට හුගක් හුරුපුරුදු තැන් බවට පත් වුනා. මම ගෙදර වැඩ කරන්න උදව් වෙන නිසා යාලුවන්ගෙ අම්මලා මට හුගක් ආදරේ වුනා.
මම දැන් කලාතුරකින් දවසක් තමා ගෙදර එන්නෙ. මං කොහෙද ඉන්නෙ, කොහෙද යන්නෙ අහන්න කවුරුත්ම ආවේ නෑ. හැමෝටම ඕනී වෙලා තිබුනේ. මගෙ වියදම් වලින් නිදහස් වෙන්න.මාත් ඉතින් අහිකුන්ටකයා වගේ රෙදි බෑග් උස්සගෙන එහෙ මෙහෙ යනවා. වෙලාවකට මට ඒ ජීවිතේ එපා වුනා. ඒත් ඉගෙන ගන්න ඕනී නිසා මං දිගටම යාලුවන්ගෙ ගෙවල් වල ගියා. නාදුනන මිනිස්සු වුනත් ඒ අය මට හුගක් ආදරේ වුනා එයාලගෙ පව්ලේ කෙනෙක්ට වගෙ මට සැලකුවේ. සමහර දවස් වලට මහෙ අතේ වියදමට සල්ලිත් දුන්නා. ඒත් මගෙ හිතට ලොකු වදයක් වුනා, මගෙ යාලවන්ගෙ ගෙවල් වලට කරදර කරන එක. ඒත් මට වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.
ගීත්මා හරිම කැමතී මං එයාගෙ ගෙදරට එනවට. එයාට ගිණුම්කරනය අමාරු නිසා, මං කියලා දෙන ඒවා හොදට තේරෙනවා කියලා. අමාරු පාඩම් මගෙන් අහ ගත්තා. කිසිම දෙයක් පාඩම් කරන පුරුද්දක් මට තිබුනේ නෑ, තර්කානූකූලව මතක තියා ගැනීමේ හැකියාවක් මට තිබුනා.
ගීත්මලාගෙ ගෙදරදී නම් හරිම විනෝදයී. සමහර දවස් වලට ගීත්මයී මායී රෑට කෑම ඉව්වා. මහ රෑ වෙනකන් පාඩක් කරනවා කියලා පෝන් වලින් ගේම් ගැහුවා. ගීත්මගේ නංගිත් එක්ක සෙල්ලම් කලා.
නයනිගෙයි ,ගිත්මගෙයි ගෙවල් දෙකෙන්ම ශානූ අයියා ගැන ගැන දැනගෙන හිටියා ,ඒක නිසා මට කොහේ ගියත් ශානූ අයියා එක්ක කතා කරන්න නිදහස තිබුනා.
******************************* අපේ ඉකෝලේ යාලුවෝ කට්ටිය එකතු වෙලා ට්‍රිප් එකක් යන්න තීරනය කලා. මුලින් හැමෝම එන්නම් කියපු නිසා රෝසා බස් එකක් කතා කර ගත්තා. හැමෝම ගෙවල් වලට කිව්වෙ ඉස්කොලේ ටීචර්ලා සර්ලා යනවා කියලා. මම නම් ට්‍රිප් එකක් යනවා කියලා විතරයී කිව්වෙ. ට්‍රිප් එක යන දවස කිට්ටු වෙද්දී සමහර ළමයී එන්නෙ නෑ කිව්වා. ශානූ අයියා කොහොමත් අපිත් එක්ක යන්න පොරොන්දු වෙලා තිබුනේ. නයනි කිව්වා , තව කට්ටිය හොයා ගන්න වෙනවා ශානු අයියගෙ යාලුවෝවත් නැද්ද කියලා.
කොහොම හරී ශානූ අයිය එයාගේ යාලුවෝ දහදෙනෙක් විතර ගමනට එකතු කලා , ශිරාන් කියලා යාලුවෙක් හිටියා , එයාට හිටියේ තාත්තා විතරයී . ඒ තාත්තයි පුතයි හරියට යාලුවෝ වගේ. බස් එකට ළමයි ගෙනත් අරලින්න උදේට ගෙදරින් කවුරු හරි එන නිසා පෙන්නන්න සර් කෙනෙක් වත් ඕනී නිසා, අපි සිරාන් අයියගෙ තාත්තවත් අඩ ගහ ගත්තා. ශානූ අයියගෙ තව යාලුවෙක් හිටියා තිවංක කියලා. ඒ අයියා මාව ටිකක් කල් ඉදන් දන්නවා. “ශදී නංගියෝ, මං ට්‍රිප් එක යන්න එන්නම් හැබැයි මට ඔයාගෙ යාලුවෙක් සෙට් කරලා ඕනී “කිව්වා.
කොහොම හරී ට්‍රිප් එක යන දවස උදා වුනා. මං හිටියේ නයනිලාගේ ගෙදර. අපි යන්න සූදානම් වෙලා ඉන්නෙ අනුරාධපුරේ, ගිහින් තිබුනත් යාලුවෝ එක්ක යන්න තියෙන ආසාව නිසා මාත් යන්න කැමති වුනේ.
කතා වුන විදිහටම සර් හැටියට ශිරාන් අයියගෙ තාත්තව පෙන්නුවා. අනිත් ටීචර්ලා මගින් නගිනවා කියලා අපි ගමන පිටත් වුනා . අයියගෙ යාලුවෝ ටික හිතන්නත් කලින් අපේ යාලුවොත් එක්ක මිත්‍ර වුනා. ශිරාන් අයියා කොන්ගෝ එකකුත් ගෙනත් තිබුනා. සිංදු කියමින් නටමින් බස් එක දෙවනක් කරමින් අපි ගමන ආරම්භ කලා. ටික දුරක් යද්දී ,තිවංක අයියා කිව්වා වගෙම නයනි දිහා බලන්න පටන් ගත්තා .ගමනින් බාගය යද්දී දෙන්නා අපිටත් හොරෙන් යාලූ වෙලා. දෙන්නා අපෙන් ඈත් වෙලා තනියෙන් ජේතවනාරාමේය චෛත්‍යය වටේ යනවා. දැන් ඉතින් ගමන තවත් විනෝදයී අපි අලුත් ජෝඩුවට විහිලු කරලා හිනා වුනා .
ශානූ අයියයී මමයි හිටියෙත් හුගක් සතුටින් , අපි දෙන්නම මේ තරම් දුර ගමනක් යන මුල්ම වතාව. ඉස්කෝලේ යාලුවෝ හැමෝම ශානු අයිය අදුර ගත්තා. දවල් නුවර වැවෙන් නාලා කෑම කෑවා. පිරිමි ළමයී විතරයී නෑවේ,ගැහැනු ළමයි නාන්න බෑ කිව්වා. ශානූ අයියයී මායී වැව් ඉවුරේ ඉදගෙන කතා කලා. අපේ හිතේ තිබූනේ ලොකු නිදහසක් . අපිට ආපහු ගෙදර නොඑන්න හිතුනා.
අනිත් යාලුවටත් ගෙදර එන්න කැමත්තක් නෑ , හැම තැනම බලලා යන්න ඕනී කියලා සදකඩ පහන එහෙම බැලුවේ පෝන් වල එළි ටෝච් පත්තු කරලා.
අපි ගමන් නිමා කරද්දී පාන්දර එකත් පහු වෙලා තිබුනා. ශානූ අයියා පොඩි දරුවෙක් වගේ මගෙ උකුලේ ඔලුව තියාගෙන නිදා ගත්තා ,බහින තැනට එනකන්ම. නිදන් ඉන්න විදියට මට ඇහැරවන්න හිතුනෙම නෑ .නයනිලාගෙ ගෙදරට කිව්වු වෙද්දි මම ශානූ අයියව ඇහැරෙව්වා.
ඒ ගමනින් පස්සෙ ශානූ අයියයී මමයි හුගක්ම ළං වුනා. දැන් ශානූ අයියා නිවාඩු දාට අපේ මහ ගෙදරත් එනවා. චූටී මාමට ආරංචි වෙන්නෙ නැද්ද , නැත්තම් මං ගැන හොයලා වැඩක් නෑ කියලා හිතලද කොහෙද, එයා ඒ ගැන කතා කලේවත් නෑ.
ශානූ අයියා මං හවස් වෙලා පංති ඇරෙන දාට බයික් එකෙන් එක්කන් එන්න එන නිසා මං යාලුවන්ගෙ ගෙවල් වල යන එක ටිකක් අඩු කලා. ශානූ අයියා හවස මාව ගෙදර ඇරලලා , ආපහු යන්න ගියා.
ඉස්කෝලේ නිවාඩු දවසක ට කලින් දවසේ ශානූ අයියා මට කෝල් කරලා කිව්වා ,හෙට පොඩි ගමනක් යන්න තියෙයී ගෙදරට පංති කියලා එන්න කියලා. මමත් කියපු විදිහටම පහු වෙනිදා කියපු විදිහටම ආවා. කොහෙද යන්නෙ ඇහුවට යන තැනක් කිව්වෙම නෑ. ” යමුකෝ ගිහින්ම බලමුකෝ” කිව්වා.
ශානූ අයියා මාව එක්කගෙන ආවේ එයාලගෙ ගෙදරට. ඒක බොහොම පරණ ගෙයක්, බැලූ බැල්මටම හරිම මූසල ගතියක් මට වෙනුනේ. රූස්ස ගස්වලින් ටව වෙලා වට පිටාව හුගක් වදුලයී, ඒ වගෙම ගස්වල සෙවන නිසා හරිම සිසිලයී.
උලු හෙවිලි කර වහලය හුගක් පරනයි. කාලෙකින් තීන්ත ආලේප කර නැත් බිත්තී තැනින් තන කැඩී ගිහින්. කුඩු ගල් හා මැටියෙන් නග්ගලා තිබුනු බිත්ති හුගක් ගනකමයි. “බිත්තිය දෙපල ඉදන් කතා කරහම නොඇහෙන තමට”. ගරා වැටෙමින් තිබුන ගේ දැක්කම මට තේරුනා ඒක හුගක් පරණ ගෙයක් බව.
ඇයි ඔහොම බලන්නෙ…..
නිකන් ශානූ අයියේ … අම්මා දන්නවද මාව එක්කන් එන බව. මට බනීවී.
ඔව් ඔව්.. මං එයාට කිව්වා ඔයා එක්කන් එන බව.. යමු ඇතුලට.
බයිසිකලය මිදුලෙ නවත්වල සුලු මොහොතක් ගේ දිහා බලාන ඉන්න දීලා ශානූ අයියා මට කිව්වා. ශානූ අයියා යාමු කියලා මගෙ අතින් ඇද්දත් මං එතනම ගල් වෙලා හිටියා .
ඇයි සුදු මැනික යමු ගෙට… අම්මට බයේද නැත්තම් ගේ දැක්කම බයේද….
නෑ එහෙම එකක් නෑ . ශානූ අයියේ.
ඔයාට හිතෙන දේ මට හිතා ගන්න පුලුවන්.. ඔයා මගෙ ඇත්ත තත්වය කලින්ම තේරම් කරන්නයි මං ඔයාව මෙහෙට එක්කන් ආවේ.
මං ඔයා මොන තත්වේ වුනත් කමක් නෑ ශානූ අයියේ, ඔයා මං වෙනුවෙන් කරන දේවල් දැක්කම.
එහෙම් යමුකෝ.
මම ශානු අයියලාගෙ ස්තෝප්පුවට ගොඩවුනා. ඇත්තටම ඒ ගේ දැක්කම තිබුන මූසල පාටට හිත පොඩ්ඩක් ගැස්සුනා මිසක්, ශානු අයියා ගැන පසුතැවීමක් ආවේ නෑ. ඒත් ශානූ අයියා හිතුවේ එයාලගෙ ගේ දැක්කම මගෙ හිතේ තිබුන හැගීම වෙනස් වුනා කියලා. මොනදේ වුනත් මං දන්නවා ශානූ අයියා මට මොන තරම් ආදරේද කියලා, ගෙවල් දොරවල් නම් ඕනි තරම් හදා ගන්න පුලුවන්, ඒත් හොද ආදරක් ලබන්න හුගක් පින් කරන්න ඕනී. මොන තරම් පව් කරලා තිබුනත් ,මම ශානූ අයියගෙ ආදරය ලබන්න පින් කරලා තිබුනා.
අම්මේ.. අම්මේ…. අපි ආවා.
ශානූ අයියා ඉස්සරහා දොරට තට්ටු කරමින් සතුටින් කෑ ගැහුවා. මම නම් බයෙන් ඉන්නෙ.ශානූ අයියලගෙ අම්මා මාව කොයි විදිහට පිලිගනිවිද.
ඊ ළග කොටසින් හමු වෙමූ…