….. කදුලත් සැනසුමක්…..39

39. වන කොටස.
අපිට හම්බෙන්න ,කතා කරන්න ඕනි තරම් නිදහස තිබුනා. මං කරන්නෙ මොනවද හොයන්න කටවත් උවමනාව තිබුනෙ නැ. ඒක නිසාම මං ශානූ අයියට හුගක් ළං වුනා. මගෙ ජීවිතේ වුනේ ශානූ අයියා. සමහර දවස් වල ශානු අයියලාගෙ ගෙදර යද්දී ගෙදර කවුරුත්ම හිටියෙ නෑ. අපි දෙන්නා විතරක් ගෙදර හිටියට ශානූ අයියලගෙ අම්මා මොකුත් කිව්වේ නැහැ. ශානූ අයියා ගෙදර අය කියනදේ පොඩ්ඩක් වත් ඇහුවේ නෑ. ශානූ අයියා කරන කිසිම දේකට එපා කිව්වේ නෑ. බැරි වෙලා හරි ශානු අයියගෙ අම්මා, ශානූ අයියට නරකක් කිව්වොත් එයා අම්මට සැරෙන් කතා කලා.
මම ශානූ අයියට දොස් කිව්වා , අම්මට එහෙම කතා කරනවට. ඒත් එයා කිව්වේ “ඔයා නොදන්න ඒවට අත නොදා ඉන්න, මට ඉගෙන ගන්නත් නැති වුනේ ඔය මිනිස්සු නිසා තමයී , මාමා විතරයී මං ගැන බැලුවේ. මං අන්තිම කාලේ ක්ලාස් ගියෙම නෑ. අම්මයි නංගී ගිහින් මාමා ගෙන් සල්ලි අරන් ආවට මට දෙන්නෙ නෑ. මං මෙයාලගෙ ළමෙක් නෙවෙද කොහෙද නංගිට විතරයි හැමදේම කරන්නෙ” කියලා.
මං අම්මාලා එහෙම නෑ කිව්වත් ශානූ අයියා ඒක පිළිගන්න සූදානම් නැ.
ශානූ අයියගෙ අම්මා හරිම හොද කෙනෙක් , මට හිතා ගන්න බැරි ශානූ අයියා ඇයිඑහෙම හැසිරෙන්නෙ කියලා. අපි දෙන්නාගේ සම්බන්දය පටන් ගත්ත දවසේ ඉදන්ම ,අපි දෙන්නා තප්පරයකටවත් තරහා වෙලා නෑ. මට කවදාවත් කෙන්තියෙන් වචනයක් කතා කරලා නෑ. හැම ප්‍රශ්නයෙදිම මං වෙනුවෙන් හුගක් ඉවසුවා, ඒත් ඇයි මේ ගෙදර අය එක්ක හැසිරෙන විදිහ. මට තේරුම් ගන්න බෑ. ශානූ අයියලගෙ ගෙදර එන්න ගත්තම තමා ශානූ අයියා ගැන තව නොදන්න හුගක් දේ තියෙන බව තේරුම් ගත්තේ.

************************************
ශානූ අයියගෙ නංගී හරිම කම්මැලි ගණන් හදන්න. ගණන් අමාරුයි කිව් නිසා මං එයාට ගණන් කියලා දුන්නා. ඉස්කෝලේ වැඩ වලට උදව් කලා. මාත් ක්ලාස් එකේ වැඩ කරේ ශානු අයියලාගෙ ගෙදරදී. මොකද මං දැන් හැම නිවාඩු දවසකම හිටියේ ශානූ අයියලාගේ ගෙදර නිසා.

නංගියෝ අර එන කෙනාව මං අදුරනවා. එයා අපෙ අම්මලාගෙ ගෙවල් ලග.
මම ජනේලයෙන් ඈත් එන පුද්ගලා පෙන්වමින් කිව්වෙ බය මුසු ස්වරයකින්.

ආ ඒ ක්‍රිස්ටී මාමානේ. එයා අපේ ඈතින් නෑයෝ වෙනවා අක්කී.

මං දැක්කොත් එයා ගෙදරට කියයී මං හැංගෙනවා.
මං ශානූ අයියගෙ කාමරයට දුවගෙන ගියා .ශානූ අයියා මෙට්ටය අතුරගෙන හොදටම නිදී. මම ශානූ අයියව ඇහැරවලා පුලුවන් ඉක්මනට විස්තරය කිව්වා. ශානූ අයියත් දොර වහගෙන කාමරයෙන් එළියට ගියේ මොකද වෙන්නෙ බලන්න.
ඒ වෙනකොට ක්‍රිස්ටී මාමා ගෙට ඇවිත් අම්මාලා එක්ක කතා කරනවා මට ඇහුනා. අයියත් එතනට ගිහින් ආගිය තොරතුරු කතා කලා. පස්සෙ ශානූ අයියා ශීරාන් අයියලාගේ ගෙදර යනවා කියලා බයික් එකේ නැගලා ගියා. ටික වෙලවකින් මාතෘකාව මගෙ පැත්තට හැරුනා. මට හිතා ගන්න බෑ, ක්‍රිස්ටි මාමා ඇවිත් තියෙන්නෙ මං ගැන කතා කරන්න.

ලතා නංගියේ . ඔබලගෙ ලොකු කොල්ලාගෙ සම්බන්දක් තියෙ නේද සේනගෙ කෙල්ල එක්ක.

ඔව් ක්‍රිස්ටි අයියේ…

උබලා දන්නවද ඕකිගෙ තාත්තා නෙමෙයි ඔය සේනයා. ඒකිගෙ අම්මගෙ දෙවෙනි කසාදේ.

අපි දන්නවා ක්‍රිස්ටි අයියේ ඒක..

එහෙනම් මොකද ඕක නවත්වන්නෙ නැත්තේ…

තාත්තා නැතුවට මොකද ඉතිං..

ඇයි උබලා දන්නෙ නැද්ද ඕකී සේනයා අතින් අනාත වෙලා ඉන්නෙ.
ඒ වචනය මගෙ හදවත් පසාරු කරගෙන ගියා. මොන ගිනි ගෙඩියක්ද්ද මේ පාත් වෙන්න යන්නෙ. මට එලියට ඇවිත් ක්‍රිස්ටි මාමාගෙ බෙල්ල මිරිකලා තෝ දැක්කද අහන්න හිතුනා. මං අමරුවෙන් කේන්තිය ඉවසගෙන අහගෙන හිටියා

ඒ මොකක්ද්ද අයියේ ඒ කතාව..

ඔය කෙල්ලෙ ලොකු ළමෙක් වෙන්නත් කලින් අනාත වෙලා තියෙන්නේ. ඒකනේ ලොකු ළමෙක් වුනා කියලා කාටවත් කිව්වෙ නෑ සති දෙකක් විතර ගමේ ගෙනිහින් ඉදලා එක්ක ආවා.

මොනවද ක්‍රිස්ටි අයියේ ඔය කියන ජරා කතා.

ඔබට මං කියන එක විශ්වාස නෑ. සේනයා මගෙ හොද යාලුවෙක්නේ. සේනයාමයි මට ඕක කිව්වෙ. ඒකිත් කැමතිලූ බං ඕවට. පස්සේ මේ.. ඔබලගෙ කොල්ලා එක්ක පැටලුනාමලූ ඒක නැවතුනේ.

මට විශ්වාස නෑ..

සේනයගෙ කටින්ම කියනවා නම් ආයි මොනවද? මං මේක උබලගෙ හොදටයි කිව්වෙ. තවත් ඔය සම්බන්දේ තියෙ නම් කඩලා දාපන්.
ඒ කතාවෙන් තේරුනා මේක සේන බාප්පගෙ උප්පරවැටිටියක් බව. මොන ජරා මිනිහෙක්ද ,මොන විදිහෙන් හරි මාව තනි කරන්නයි සේන බාප්පට ඕනී. කේන්තියට වඩා මට දුකයි මං කොහොමද මේ මිනිස්සුන්ට මූන දෙන්නෙ. මං කාමරේ මුල්ලක ඉදගෙන අමිහිරි මතකයන් මතක් කරමින් හඩන්න ගත්තා.
ක්‍රිස්ටි මාමා තමත් මොනවදො අම්මලා එක්ක කියවලා යන්න ගියා. ඒත් ක්‍රිස්ටි මාමාට සැකයීද කොහෙද මං ගෙයි ඉන්න බව මට රිදෙන්නම ගොඩක් දේවල් කිව්වා. ශානු අයියා තාම ගෙදර ආවේ නෑ . දැන් ශානූ අයියා ආවම අම්මා සේරම කියයී, ශානූ අයියත් මාව සැක කරයිද. ඇයි දෙවියනේ මේ මිනිහා මගෙ පස්සෙම ඇවිත් මගෙ ජීවිතේ විනාසකරන්න හදන්නෙ.
ක්‍රිස්ටි මාමා ගියත් අම්මයී නංගී මට කතා කලෙ නැහැ. මූන දෙන්න බය නිසා මාත් කාමරෙන් එළියට ආවේ නෑ. අන්තිමේදී මෙට්ටෙයෙ වැතිරිලා අඩමින් සිටි මට නින්ද ගිහින් තිබුනා.

ශදී නංගී …ශදී නංගි.. ළමයෝ දොර අරින්නකෝ..
ශානු අයියගෙ කටහඩ ඇහෙත්ම මගෙ ඇග රත් වෙලා ගියා. නින්දෙන් අවදි වුන මම මෙට්ට මත් ඉදගෙන නිහඩව අහන් හිටියා. මගෙ කම්බුල් දෙක තවමත් කදුලු වලින් පෙගිලා.

මොකද ළමයෝ දොර අරින්න ක්‍රිස්ටි මාමා ගිහින්…

ඉන්න… අයියේ.. .මට.. නි..න්ද ගියා.
මම වෙව්ලන කටහඩින් කියද්දි ශානූ අයියට මං අඩන බව තේරුනා. මම හෙමින් සැරේ කමරේ දොර ඇරිලා.

ඇයි අඩන්නෙ සුදු මැනික….
ශානූ අයියා මගෙ කදුලු පිස දමමින් ඇහුවා. මට තවත් ඇඩුම් ආවා.

අඩන්න එපා ළමයෝ.. මට අම්මා සේරම කිව්වා මට ඔයාව සැක නෑ. ඔයා මට බොරු කිව්වෙ නෑනේ.

මං.. ඔයාට.. බො..රු කියලා.. නෑ මගෙ.. අයියේ..

හරි දැන් අඩන්න එපා.

අම්මලා… මොනවා. හිතනවද .. දන්නේ නෑ… මේ බූරුවා.. මාව මැරුවා නම්…මීට වඩා … හොදයී… දැන් ඕක ගමේම පැතිරෙයී..

අම්මලා ඕනී එකක් හිතා ගත්තුදෙන්. මට විශ්වාස නම් එච්චරනේ.
එහෙම කියලා බෑනේ අයියේ. මං මේ ගෙදරත් එන නිසා එයාලා ඔය කතාව විශ්වාස කරනවා ඇති. හොද ගෑනූ ළමයෙක් නම් බදින්න කලින් කොල්ලගෙ ගෙදර එන්නෑනේ.

මං දන්නවනේ ඔයා ගැන .ඇයි දුක් වෙන්නෙ. ඔයා කවදා හරි බදින්නෙ මාව. ඔයා මොන වගෙ වුනත් ඒක වැෆ්හගත් වෙන්නෙ මට විතරයී.

මගෙ … අම්මයී.. තාත්තා.. හොදින්.. හිටියා නම්.. මට.. මෙහෙම වෙන්නෙ නෑ අයියේ.. ඉගෙන ගන්න කාලෙම ඔයාට මගෙ වියදම් දරන්නවත්, ඔයාලගෙ ගෙදරවත් එන්න වෙන්නෙ නෑ. එහෙම වුනානම් මට මේ කතා අහන්න වෙන්නෙත් නෑ.
මම ශානූ අයියගෙ පපුවේ මුහුන හොවාගෙන ඇඩුවා. අම්මා කියපු කතාව ඇත්තද කියලාවත් අහන්න ආවේ නැහැ.

ක්‍රිස්ටියට සැකයි වගේ ඔයා මෙහෙ බව. ආයි එන්න පුලුවන් ලෑස්ති වෙන්න අපි ගෙදර යමු. ටික දවසක් මෙහෙ නෑවිත් ඉන්න වෙනවා.
මාත් හිස වනලා ඒකට කැමති වුනා. ඉක්මනට ගෙදර එන්න සූදානම් වුනා. පිටත් වෙන්න ලැහැත්ති වෙලා මම කුස්සියට ගියෙ අම්මට වදින්න. මගෙ හිත බයෙන් පිච්චුනත් මේ වෙලාවෙ මගහැරියොත් මාව සැක කරයි කියලා. අම්මා මගෙ දිහා බැලුවේ වත් නෑ .මම ගිහින් වැන්දා. ඕනිවට එපාවට තෙරුවන් සරනයි කිව්වා.

අම්මේ ..මම ගිහින් එන්නම්.. මාව සැක කරන්න එපා අම්මේ. ඕක සේන බාප්පගෙ කපටි වැඩක්.

මට ඕවයින් වැඩක් නෑ.
අම්මා මං දිහා බලලා එහෙම කිව්වෙ පිහියකින් අනිනවා වගේ.

ශදී නංගි මෙහෙ එන්න යන්න. මං කිව්වා නේද එක පාරක්.
ශානු අයියා කුස්සියෙ දොර ගාවට ඇවිත් කේන්තියෙක් කිව්වා.

ඒත් අයියේ.

මං බදින්නෙ මට ඕනී කෙනා . ඔය කවුරුත් මං වෙනුවෙන් මොකුත් කලේ නෑනේ. මගේ දේවල් මංම බලා ගන්නම්. මගෙ වැඩ වලට අත දාන්න එන්න එපා. ආයි ඔව ගැන වචනයක් හරි කතා කරලා තිබුනොත් මං බලා ගන්නම්. ක්‍රිස්ටියටත් මොකද දන්නෙ නැ එක පාරට නැස්කම් මතක් වුනේ.
ශානූ අයියා මෙහෙම හැරිරෙනවා මං කවදාවත් දැකලා නැ. මට හිතා ගන්න බෑ ශානු අයියා මේ තරම් නපුරුයිද කියලා.

පුතේ මේ.

මේ.. මේ .. අම්මේ ඇති.
ශානූ අයියා මගෙ අතින් ඇදගෙන ස්තෝප්පුවට එකන් ආවා. මම ගේ ලගින් බහිනකන්ම වචනයක් වත් කතා කලේ නැ..
ගෙදර ගිහින් අඩන්නවත් කාටවත් ඔය කතාව කියන්න වත් එපා. හොද්ද ඔයා අපේ ගෙදර යන බව කවුරුත් දන්නෙ නැනේ.

හරී ශානූ අයියේ යමු ගෙට .

යමු .. මං එන්නම්.
මම ගෙට ඇතුල් වෙද්දිම ආච්චි අම්මා ඇයි ඇහුවා. මං ඔලුව රිදෙනවා කියලා එයාව මගහැරියා.
*******************************
මම ස්කෝලේ ඇරිලා ගෙදර එනකන් ආච්චි අම්මා මගෙ බලාන ඉන්නවා දැකලා මට පුදුම හිතුනා. මං ඈත ඉදන්ම ඇයි ඇහුවා. අම්මට මල්ලියෙක් ඉපදිලාලූ. දෙවියන්ගෙම පිහිටයී. ඔයා සේනයා ලගට කෙල්ලෙක් නොඑවා කොල්ලෙක්ම එව්වට. මට දැනුනෙ කියා ගන්න බැරි සතුටක්.

ආච්චි අම්මා ගියාද බලන්න..

නෑ නෑ .. හෙට යමූ.

හා යමු.. මං හෙට ස්කෝලේ යන්නෙත් නෑ චූටි මල්ලි බලන්න යනවා.

මට හෙට ටිකක් වෙලා බාබා ළග ඉන්න වෙනවා.

ඇයි ඒ.

අම්මා එල් ආර් ටී කරනවලූ.

හ්ම්ම්ම්. පව්නේ. එකපාර වේදනා දෙකක්.

ආයී ගෙදර ආවොත් ළමයි දාලා යන්න වෙන්නෙ නැති නිසා කරනවලූ.
මට අම්මා ගැන දුක හිතුනා. රැ පහන් වෙනකන්ම චූටී මල්ලි හම්බවෙන්න වේදනා විදින්න ඇති ඒ පිටම තව සැත්කමකුත් කර ගන්න හදනවා.
පහුවලා අපි ඉස්පිරිතාලෙට ගියා . අපි ඒ යද්දිත් අම්මා සැත්කමට අරන්.
මං ගිහින් මගෙ චූටී මල්ලි දිහා බැලුවා . රෝසම රෝස පාට මූන පිණි ජම්බු ගෙඩියක් වගේ. නිල්ම නිල් පාටින් අන්දලා .නිල්පාට මං ගොතලා දුන්න තොප්පියයි මේස් දෙකයී දාලා,චූටි මල්ලි හොදටම නිදි. චූටී රෝස පාර අත් මිටමොලවගෙන චූටි කකුල් දෙකත් උඩ දාගෙන එයා නිදි. මම හිමින් සැරේ එයාගෙ චූටී අත් ස්පර්ශ කලා. එයා එහෙට මෙහෙට මුන හරවමින් කිරි හොයනවා. මම අනිත් ඇදවල් වල ඉන්න බබාලා දිහාත් ඔලුව උස්සලා බැලුවා. එයාලා අපේ මල්ලිට වඩා හුගක් චූටී වගේ. මල්ලි ලොකු නිසා ඉපදෙන්නත් අමාරු වුනා කියලා ,නර්ස් ආච්චි අම්ම්ට කියනවා මට ඇහුනා.

ඊ ළග කොටසින් හමු වෙමු.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *