…..කදුලත් සැනසුමක්….43
43. වන කොටස.
මම ඔයාට ආදරෙයි රත්තරනේ. බය වෙන්න එපා මං ඔයාව කවදාවත් තනි කරන්නෙ නැ.
ශානූ අයියා මාව තුරුල් කර ගනිමින් කිව්වා.
මම ඒක දන්නවා මගෙ ශානූ අයියේ. මාත් ඔයාට ආදරෙයි.
අපි වැඩිය දවල් වෙන්න කලින් ගෙදර එන්න පිටත් වුනා. ශානූ අයියලාගෙ අම්මාලා එද්දි අපි එහෙ හිටියොත් සැක හිතෙන නිසා. ශානූ අයියා මව ගෙදරට ඇරලලා ගියේ හිතකින් නෙමෙයී. එක රැයක් ආදරෙන් තුරුලු වෙලා හිටිය අපි දෙන්නා, පහු වෙනිදා ඉදන් දෙතැනක ජීවත් වුනා. අපි අපහසවෙන් සතියක් ගෙවා දැමුවා.
මගෙ සුදු මැනික. අද නම් ඔයා අපේ ගෙදර එන්නම ඕනී.
ඔයාලගෙ ගෙදර…
ඇයී. එනවා නේද? .
හැබැයි එදා සෙල්ලම් බෑ හොදේ. මට ඔහෙ එන්නත් නැති වෙන වැඩක් ඕක.
අපිට එහෙම නොකර ඉන්න තිබුනේ සුදු මැනික. මට දැන් මෙහෙ තනියෙන් ඉන්න හිතෙන්නෙ නෑ.
එහෙම කියලා බෑනේ. ශානූ අයියෙ. අම්මලා දැන ගත්තොත් මව ගහලා පන්නයි.
මාව එදා හවස එක්කන් යන්න ශානූ අයියා ආවා. ගෙදරට ගිය වෙලාවෙ ඉදන් ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. රැ දහයත් පහුවීගෙන ආවා අපි තවම රූපවාහිනිය ළග ඉදගෙන.
පුතේ අද නිදා ගන්නෙ නැද්ද? . ඔය දුවට නිදි මත ඇති.
ශානූ අයියලාගෙ අම්මා බලාන ඉදාලා එපාම වෙලාද කොහෙද ඇහුවා. මම ශානූ අයියලාගෙ ගෙදර ඉන්න දෙවෙනි දවස, ශානූ අයියගෙ අම්මා දන්නෙ නෑ ගිය සතියෙ සෙනසුරාදා රෑත් මම මෙහෙ හිටිබව. අම්මා මං නිදියන්න එක්කන් යන්න බලාගෙන හිටියා. මං යන්න හැදුවත් ශානූ අයියා මට යන්න දුන්නෙ නැහැ.
අම්මා නිදා ගන්න. ඉතිං අපි නිදා ගන්නම්.
මං මේ දුව එනකන් ඉන්නෙ.
එයා මගෙ කාමරේ හිටපුදෙන්.
ශානු අයියා ගානක්වත් නැතුව එහෙම කියද්දී, අම්මගෙ ඇස් දෙක උඩ ගියා.
පිස්සුද පුතේ..
මං කිව්වනෙ අම්මෙ.
ඕනී මගුලක් කර ගන්න එකයී.
ශානූ අයියලාගෙ අම්මා , ශානූ අයියට බැන බැන යන්න ගියා. ශානු අයියා කිවොත් කිව්වා කියලා ගෙදර හැමෝම දැනගෙන හිටියා. එයාගෙ වචනය වෙනස් කරන්න කවුරුත් උත්සහ කලේ නැහැ. මගෙ හිතට නම් හරි නැහැ මේ වුන දේ. මම කොහොමට හෙට මේ මුනිස්සුන්ට මූන දෙන්නෙ. මට බයක් වගේම දුකක් ඇති වුනා . ටික වෙලාවකට පස්සෙ ශානු අයියා මාව එයාගෙ කාමරයට එක්ක ගියා. මම හිටියෙ හෙට දවස ගැන කල්පනා කරමින්, ශානූ අයියා මගෙ තුරුලේ දැවටුනත් මන් ඒවට ප්‍රතිචාර දැක්වුවෙ නැහැ. මගෙ හිත ඇතුලින් හඩා වැටුනා.” මමත් අම්මෙක් තාත්තෙක්ගෙ රැකවරනය මැද හැදුනා නම් මේ වගෙ ප්‍රශ්න වලට මූන දෙන්න වෙන්නෙ නෑනේ “කියලා .
මොනවද රත්තරනේ ඔය හැටි කල්පනා කරන්නෙ.
ශානු අයියා රහසින් මගෙන් එහෙම අහන කොට ,මට ඇඩුම් ආවා. හිත ඇතුලේ හැගිලා තිබුන බය, දුක වගේ හැගීම් කදුලු වෙලා පිටට ආවා.
ඔයා අඩනවා නේද සුදු මැනික.
අනේ.. ශානූ අයියේ….
මොකද දෙවියනේ අඩන්නෙ..
මං.. කොහොමද… හෙට… ඔයාලගෙ …අම්මට ….මූන දෙන්නේ…
කිසි අවුලක් වෙන්නෙ නෑ රත්තරං මම ඉන්නවනේ.
ඔයාට… තේරෙන්නෙ නෑ අයියේ.
මම මූන ශානු අයියගෙ පපුවේ හොවාගෙන ඇඩුවා. මගෙ කදුලු ශානු අයියේ පපුව මත ගලාන ගියා.
ඔයාගේ ඕනී දේකට මම ඉන්නවා. වුන දේවල් සේරම වැරදි බව මට තේරෙනවා . ඒත් දැන් හැම දේම වෙලා ඉවරයී. එන දේකට මූන දෙමු.
මගෙ උණුහුම විදිමින් ශානු අයියා සුව නින්දක සිටියත් ,මගෙ ඇස් දෙකට නින්දක් ආවේ නෑ. රෑ වෙද්දි මට නින්ද ගිහින් තිබුනා. මම උදෙන්ම ඇහැරුනත් කාමරෙන් එළියට නම් ආවේ නෑ. මට ශානූ අයියගෙ අම්මාව දකින්නත් බයයී . මම නිහඩවම කාමරයට වෙලා හිටියා. පස්සෙ ශානූ අයියා ඇහැරිලා එළියට යමු කිව්වත් මම ගියෙ නැහැ. අන්තිමේ ශානු අයියගෙ පෙරත්තය නිසාම මම එළියට ගියා. දෙවියනේ අයියලාගෙ තාත්තා සාලේ ඉදගෙන ඉන්නවා. මම හිතුවෙ එතනම සිහි නැතුව ඇදන් වැටෙයි කියලා.
ආ … දෙන්නා එළියට එනකන් තමා මං බලාන හිටියේ.
අම්මා අපි ගැන සෙරම කියලා තිබුනා. මම දවාලට මෙහෙ එනබව කොහොමත් ශානූ අයියලාගේ තාත්තා දැනගෙන හිටියා. ඊයේ රෑ සිද්ද වුන දේ ගැන ශානූ අයියලගේ තාත්තාට කේන්ති ගිහින්.
මොනවද පුතේ ඔය කරන මෝඩ වැඩ.
අයියා නිහඩව අහගෙන හිටියා. මම බයේ වෙව්ලනවා.
කසාද බන්දන්නත් බෑ තව ඒ ළමයා ඉස්කෝලේ යනවා නේද? දැ දුවලගෙ ගෙදරින් මේවා දන්නවද?
ශානූ අයියලගෙ තාත්තා මගෙ දිහා බලාගෙන ඇහුවා. මම හිස සලලා නෑ කිව්වා.
ඔය බලන්නකෝ.. අපේ මෝඩ කොල්ලට නම් පිස්සු.
ශානූ අයියලගෙ තාත්තාට වුන දේ ගැන හිතට හරි නැහැ . හුග වෙලාවක් යනකන් ඒ දෙ ගැනම කියෙව්වා. මම පුදුම අසහනයකින් තමා කාලය ගෙවාගත්තේ. ශානූ අයියලාගෙ තාත්තා ශානූ අයියට හොදටම බැන්නා.” මේ ළමයට වැරද්දක් කරලා අහු වුනොත් මගෙ පුතා කියලා නෑ උබවයි මම අල්ල ගන්නෙ තේරුනාද, කලින්ටත් වඩා හොදට මේ ළමයා ගැන බලන්න ඕනී” කිව්වා. ශානූ අයියගෙ අම්මත් කුස්සියට වෙලා මොනවද ශානු අයියට කියවනවා මට යන්නතම් ඇහුනා.
අම්මේ ඒක මං දැක්කම ඇති. මමනේ එයා එක්ක පවුල් කන්නෙ. අම්මටත් ඕනි නම් බලන්න. ආන් අල්මාරියෙ බෙඩ් ශීට් එක ඇති
මම කාමරයට වැදුන පාර එලියට ආවේ ගෙදර යන්න. ඒත් මේ සිද්දියෙන් පස්සේ ලොකු වෙනසක් ඇති වුනා. ශානු අයියගෙ තාත්තා නම් එදා ඉදන්ම මට ආදරෙයි. මේ සිද්දියෙන් පස්සේ නිතරම අපි ගැන හොයලා බැලුවා. ඉදලා හිටලා දවසක බීලා ඇවිත් කෑ ගැහුවත්, වැඩිය කරදර කලේ නෑ. ගේන හැම දෙයකින්ම කොටසක් මං වෙනුවෙනුත් ගෙනාවා. මම එහෙ යන දවසක හරී, ශානූ අයියා මං බලන්න එන දවසක හරි, ඒ කොටස මට ලැබෙන්න සැලැස්සුවා. මාව පව්ලෙම කෙනෙක් හැටියට පිළිගත්තා.” මට දැන් පවුලක් තියෙනවා “ කියලා මගෙ හිත නිතරම කිව්වා.
අගෝස්තු නිවාඩුවත් ඉවර විගෙන ආවා. අපි කලින් කතා වුන විදිහටම, මගෙ යාලුවෝ අපේ ගෙදර එන දවස උදා වුනා. මම පාන්දරින් ඇහැරලා යාලුවෝ වෙනුවෙන් කෑම හදන්න පටන් ගත්තා. උදෑසන අට පහු වෙද්දි තිවංක අයියා නයනිත් එක්ක ත්‍රීවීල් එකකින් ආවා. ශානු අයියත් නංගිවත් එක්කගෙන ආවා. පොරොන්දු වුන හැමෝම අන්තිමට ගෙදරින් එන්න දෙන්නෙ නෑ කියලා නතර වුන නිසා, තව එන්න හිටියේ ගීත්මයි, හර්ෂ අයියයී විතරයී. ගීත්මලට පාර හොයා ගන්න බෑ කියලා කෝල් කරලා කිව්වා. ඒක නිසා නංගිත් එක්ක මම ප්‍රධාන පාර ගාවට ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ දෙන්නත් ත්‍රීවීල් එකක ආවා. නංගී ,මායිත් ත්‍රීවීල් එකට නැගලා ගෙවල් පැත්තට ආවේ, ආගිය තොරතුරු කතා කරමින්.
ඔය ඉස්සරහින් පේන ගේ, අපේ හර්ෂ අයියේ.
මම හර්ෂ අයියට ගේ පෙන්වමින් කිව්වා.
පාර අයිනෙන් නවත්වන්න අයියෙ. මිදුලට ගන්න බැරි වෙයි.
මම එහෙම කිව්වෙ අපේ ගෙදට එන පාර කන්දක් වගෙ නිසා.
නෑ නෑ. ඔය කන්ද මොකක්ද. ඕක අද්දනවා.
කියාගෙන හර්ෂ අයියා ගේ පැත්තට ත්‍රීවීල් එක හැරෙව්වා. කන්දෙන් භාගයක් යනකොට ත්‍රීවීල් එක අද්දන්නෙ නැතුව ගියා. මම හිටියෙ දොරක් අයින්නෙ නිසා ඉන්න හර්ෂ අයියෙ මම බහින්නම් කියලා, බහින්න කකුලක් එළියෙන් තිබ්බා. ඒත් එක්කම නතර වෙලා තිබුන ත්‍රීවීල් එක ආපස්සට ගියා. ගිහින් නතර වුනා, ඒත් කකුල දනිස්ස ළගින් කැරකුනා. මම ඒ කකුලට බර නොදී පහලට ගියා. හැමෝම වට කරගෙන කකුලට මොකද ඇහුවා. සේරමලගෙ මුහුනු භීතියෙන් පිරිලා.
අවුලක් නෑ.
කියලා මං කකුල උස්සන්න හැදුවා. උස්සන්න ශක්තියක් නෑ. කකුල සැහෙන්න බරයි වගේ මට දැනුනා. මම ආයෙත් උස්සන්න උත්සහකරද්දි ඔලුව කැරකීගෙන ආවා. මට සිහි නැති වෙලා. සිහිය එද්දි, මම හිටියෙ මගෙ ඇදේ වැතිරිලා, හැමෝම මාව වට කරගෙන පවන් ගහනවා වතුර ගහනවා. ශානූ අයියා මගෙ ළග ඉදගෙන, හොදටම බය වෙලා බලාගෙන ඉන්නවා. මට හැමෝම පෙනුනේ බොද වෙලා. ටිකකින් මම හොද සිහියට ආවා.
ඇයි මේ …මට අමාරුවක් නෑ. ඔයාලා තේ බිව්වද.
මම ඇදේ ඉද ගන්න ගමන් ඇහුවා. මගෙ කකුල හිරි වැටිලා වගේ තියෙනවද නැද්ද දැනුනේ නෑ.
සුදු අම්මේ මෙයාලට තේ හදලා දෙන්නකො. මම ඔයාලට ඉදි ආප්ප හැදුවා කන්නකො ගිහින්.
අනේ ශදියෝ. අමාරුවක් නෑ නේද.
ගීත්මා ඇහුවෙ අඩන්න වගෙ මූන හදාන. එයා හොදටම බය වෙලා එයාලගෙ ත්‍රීවීල් එකේ එද්දිනේ මේක වුනේ.
අනේ නෑ බං .ඔබලා ගිහින් කාපල්ලා.
ආච්චි අම්මා තෙල් බෝතලක් ගෙනත් ශානූ අයියගෙ අතට දුන්නා. ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. තෙල් ගාලා ඉවර වෙලා කකුල් පහලට දාලා මම වාඩී වුනා. යන්තම් කට්ටියගෙ හිත හැදුන නිසා හැමෝම උදේ කෑම ගත්තා. ශානු අයියා මටත් කවමින් මගෙ ළට වෙලා කෑම ගත්තා. ටිකකින් මම ශානු අයියගෙ වාරු ඇතිව කාමරෙන් එළියට ආවා. අඩිය තියද්දි දනිස්ස ලගින් ලොකු වේදනාවක් ආවා. ඒත් සතුටු වෙන්න ආපු යාලුවන්ගෙ සතුට නැති වෙන නිසා ,මම රිදෙන බව කිව්වෙ නැහැ. පුටුවක ඉදගෙන එයාලා එක්ක සතුටු සාමිච්චියෙ යෙදුනා. දවල් කෑමට කලින් කට්ටිය නාන්න යන්න සූදානම් වුනා. නොගිහින් බැරි නිසා මමත් අමාරුවෙන් එයාලා එක්ක ගියා.. ශානු අයියගෙයි නයනිගෙයිවාරුවෙන් පාරට ගිහින් ,ඉතුරු ටික බයික් එකේ ගියා. ගෙට පල්ලෙ දොල ගැබුර නැති නිසා අපි ටිකක් දුර තැනකට නාන්න ගියෙ.
එතන හරිම ලස්සනයි මමත් කවදාවත් එතනින් නාලා තිබුනේ නැහැ, හොදයි කියලා අහලා තිබුනට. ඒ දොළට උඩින් ලස්සන පාලමක් වැටිලා තිබුනා. ඒක ගෙදරකට යන්න අදපු පුංචි දිග පාලමක්. දෙපැත්තෙන් අත් වැටවල් දෙකක් ගහලා තිබුන ඒ පාලම , දොළ පාරේ අසිරිය තවත් වැඩි කලා. වටේම තිබුන ගස් නිසා දොළටවත් පාලමටවත් ලොකු හිරු එළියක් වැටුනේ නෑ. එතන දොළ ගෙල දක්වා ගැබුරු වුනා. ශානූ අයියා මාව වාරු කරන් ඇවිත් පාලම උඩ වාඩි කලා. මම අත් වැට අතරින් දොළ දිහා බලාගෙන හිටියා. ශානු අයියත් , පාලමේ අත් වැටට වාරු වෙලා මගෙ ළගට වෙලා ඉන්නවා.
ඔයා නාන්නෙ නැද්ද ශනූ අයියේ.
ඔයා ඔහොම ඉද්දි මට නාන්න බෑ.
මට අමාරු නෑ අයියේ. සුදු අම්මා තෙමා ගන්න එපා කිව්වනෙ නැත්තම් මාත් පහළට එනවා. ඔයා නාන්නකෝ. කට්ටිය පවුනේ.
හා එහෙනම් ඔහොම බලං ඉන්න සුදු මැනික.
ශානූ අයියත් පහලට ගියා. අද ගීත්මා දොළට බහින්න බෑ කියලා කැ ගහනවා. හර්ෂ අයියා ගීත්මා කෑ ගහද්දි ඇදලා ගත්තා. කට්ටිය දොළ පුරා දගලමින් කෑ ගහනවා.
ශදී නංගියෝ ඔයත් එන්නකො.
ඊ ළග කොටසින් හමු වෙමු. —