….. කදුලත් සැනසුමක්….44
44. වන කොටස.
තිවංක අයියා කතා කලා. මට එක පාරටම ශානු අයියා දිහා බැලුනා. ගොඩ හිටියට මං ඉන්නෙ අමාරුවෙන් මගෙ හිතත් නාන්නමයි.
මංදා ඔයාට අමාරු නැත්තම් එන්න.
ශානූ අයියා උරහිස් හකුලමින් කිව්වා. මට නාන්න ඕනිම කියලා හිතුනා.
එහෙනම් මම එන්නද.
හා එන්න..
ශානූ අයියා මාව ගන්න ගොඩට ආවා. මමත් අමාරුව පැත්කින් තියලා ඇලට පැන්නා. පීනමින් නාන කොට රිදුනත් මම ගනන් ගත්තෙ නෑ. නාලා එහෙම ගෙදර ආවා. නාලාම ඇසුත් රතු වෙලා. මං නෑවා කියලා ආච්චි අම්මා හොදටම දොස් කිව්වා. මම ඉතිං මගෙ වැරැද්ද නිසා අහගෙන හිටියා.
හැමෝම දවල් කෑම වෙලත් අරගත්තා. දැන් ඉතින් ගෙවල්වලට යන වෙලාවත් හරි.
ශදී නංගියෝ ටිකක් ඇවිදින්න උත්සහ කරන්නකො. මට හිත හදන් ගෙදර යන්න.
අනේ ඔව් ශදියෝ.
ශානු අයියගෙයි ,ගීත්මගෙයි ඇවිටිල්ල නිසාම මම ඇවිදින්න උත්සහ කලා. ඒත් කකුල පුදුම බරක් තියෙන්නෙ උස්සන්න බැ. මම ඒ කකුලට බර දීලා බැලුවා. එක් එක්කම දනිස්ස පන නැතුව ගිහින් මම වැටෙන්න ගියා. ශනූ අයියා පැනලා මාව අල්ල ගත්තා. ඒත් මගෙ දනිස්සෙ ලොකු වේදනවක් පටන් ගත්තා.
හරි අල්ලගෙන ඇවිදිමු.
ශානූ අයියා මගෙ අතක් එයාගෙ කර වටේ දාගෙන ඇවිද්දන්න උත්සහ කලා. ඇවිදින්න තියා දැන් නිකන් ඉන්නත් බෑ වේදනයි. වේදනාව ඉවස ගන්නම බැරි තැන “මට ඇවිදින්න බෑ” කියලා කෑ ගහලා ඇඩුවා. මටම පුදුමයි මම එහෙම කෑගහලා අඩනවා. කොච්චර රිදුනත් මම කෑ ගහලා අඩන කෙනෙක් නෙමෙයි. කට්ටිය හොදටම බය වෙලා, ගීත්මත් අඩනවා.
සොරි බං මම නිසානේ මේ සේරම.
ශානූ අයියා මාව එයාලගෙ ගෙදර එක්ක යන්න ලැහැත්ති වුනා. ආච්චි අම්මා දන්නෙ නැහැනෙ මම එහෙ යන බව, එයා යවන්න බෑ කිව්වා. තිවංක අයියත් ශානූ අයියලාගෙ ගේ ළග නිසා, එහෙ එක්ක යන්නෙ කියලා ශානූ
අයියා මාව එයාලගෙ ගෙදර එක්කන් ආවා. ආච්චි අම්මා අම්මට කෝල් කරලා, අම්මා මගදි මට කෝල් එකක් ගත්තා. අම්මා ශානු අයියලාගෙ ගෙදර යන්න එපා කියලා බැන්නා. බැරි තැන ඇඩුවා. ඒත් මට ගෙදර බේත් කරන්න කෙනෙක් නැහැ. අම්මට එන්නත් බැහැනේ. මම ශානූ අයියලාගෙ ගෙදර ගියා.
අපි එහෙට යද්දි ශානු අයියලාගෙ තාත්තාත් ගෙදර හිටියා. ශානූ අයියා විස්තරය කිව්වම, එවෙලෙම සිංහල බෙහෙත් කරන තැනකට එක්ක ගෙන යමු කියලා. ශානු අයියලාගෙ තාත්තාත් ත්‍රීවිල් එකට නැග්ගා. රෑ බෙහෙත් කරන්නෙත් නැති තැනකින්, වෙදමහත්තයා ඇහැරවගෙන බෙහෙත් අහ ගත්තා. දනිස්සට බෙහෙත් බැදලා, ගෙදරදි බදින්න බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා.
පහු වෙනිදා උදේ මම ඇහැරෙද්දිත් ශානූ අයියයි තාත්තයි බෙහෙත් කොළ පොතු හොයන්න ගිහින් තිබුනා. දනිස්ස දැන් හුගක් වේදනයි. මම ශානු අයියගෙ තාත්තගේ ඇදේ වැතිරිගෙන හිටියා. උදේ දහය විතර වෙනකොට මගෙ අම්මා ශානූ අයියලාගේ ගෙදර ආවා. ඇවිත් ත්‍රීවීල් එකක් කතා කරලා මාව ගමේ ගෙදරට යවන්න කටයුතු සූදානම් කලා. වෙදගෙදරින් බැදපු බෙහෙත ලිහලා, අලුත් මැල්ලුම බදින්න තිබුනේ පහුවදා උදේට. ඒක නිසා මාව ගෙදර ඇරවලා ශානූ අයියා හවසම ගෙදර ගියා.
පහු වෙනිදා උදේ හත වෙනකොට ශානූ අයියා මං බලන්න ආවා. වෙද ගෙදරින් මට කකුල බිම තියන්නවත් එපා කිව්වෙ, කකුලෙ ඇදයක් දිගටම හිටිවී කියලා. ශානූ අයියා අලුත් මැල්ලුමයි තැව්ම් පොට්ටනී ගෙදරින්ම හදාගෙන ඇවිත් තිබුනා. පරන බෙහෙත් එක ලිහලා දාලා. තැව්ම් පොට්ටනි වලින් තවලා ,තෙල් ගාලා, අලුත් මැල්ලුම තියලා වෙලුවා. මේ සියලූදේ සිදු වුනේ ශානූ අයියගෙ අතින් . මට කකුල බිමතියන්න එපා කිව් නිසා ඇදෙන් බහින්නවත් ඉඩක් ලැබුනේ නෑ. වැසිකිලි යන්න පවා සිද්ද වුනේ කාමරය ඇතුලේ. මම කාමරෙන් එළියටවත් ගියෙ නැහැ.
ශානූ අයියා දවස ගානෙම බෙහෙත් කොටාගෙන සේරම කරගෙන මම බලන්න ආවා. හැමදාම බෙහෙත් බැන්දෙ ශානු අයියගෙ අතින්. චූටී මාමාත් ඇවිත් බලලා ගියා. ලොකු අම්මත් උදව්වට ඇවිත් තිබුනා. සති දෙකක් ගෙවිලා ගියා . දනහිසේ පොඩි සුවයක් වත් දැනුනේ නැහැ. ආයෙත් දෙවෙනි වතාවටත් වෙද ගෙදර එක්ක ගියා. ආයෙමත් අලුත් බෙහෙත් තුන්ඩුවක් ලියලා දුන්නා. එහෙන් කියනකන්ම මට ඇවිදින්න එපා කිව්වා. ශානු අයියා පුරුදු විදිහටම අලුත් බෙහෙතත් කොටාන මම බලන්න ආවා. සමහර බෙහෙත් වර්ග ආච්චි අම්මලාට හොයලා දෙන්න කිව්වත් එයාලට හොයන්න තැනක් නෑ කිව්වා. පිටිසර ගමක ජීවත් වෙන අපිට බෙහෙත් වර්ග සොයා ගන්න නැ කිව්වම ශානූ අයියා පුදුම වුනා.
සති තුනක් ගෙවීගෙන යනකොට ගෙදර තත්වය හුගක් වෙනස් වුනා. ආච්චි අම්මලට ,මගෙ නෑදෑයින්ට මාව වදයක් වෙලා තිබුනේ. වචනයෙන් නොකිව්වත් මට ඒ දේවල් තේරුම් ගියා. ශානු අයියට ඕනී වුනේ මම ඉක්මනට සුව කර ගැනීම විතරයි. කවුරු හොයලා නොබැලුවත් ශානූ අයියා මම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා.
තුන්වෙනි වතාවට ත් අපි වෙදගෙදර ගියා. මේ හැම වියදමක්ම දැරුවෙත් ශානූ අයියා. ඒක තමා මට තිබුන ලොකුම දුක. ඉස්කෝලේ යන්න වියදම් කරමින් හිටිය ශානූ අයියාට, දැන් එකතැන් වුන මාව නඩත්තු කරන්න සිද්ද වෙලා. දැනට මාසයක් මට ඉගෙනීම් කටයුතු මගහැරිලා තිබුනා. මගෙ යාලුවෝ ඇවිත් මාව බලලා ගියා. කමරයටම වෙලා ඉදීම මට අප්‍රිය ජනක කටයුත්තක් වෙලා තිබුනේ. මම යාලුවන්ට කියලා ටිවුට් ගෙන්න ගෙන ඒවා බලා ගත්තා. ඒත් කවද හොද වෙයිද ,කවදාවත්ම හොද නොවෙයිද ,කියලා වත් හිතා ගන්න බැරුව මම හිටියේ.
දවසක් උදේ මම ඇදේ වැතිරිලා කල්පනා කරමින් හිටියා. එදා ශානූ අයියා එන්න ටිකක් පරක්කූ වෙලා තිබුනා.
කෝ සුදු දූ ශානූ ළමයා.
දැන් එවී සුදු අම්මේ.
මේ ළමයා දැන් එන්නත් පරක්කු වෙන්න පටන් අරන්නේ.
ඇයි සුදු අම්මෙ එහෙම කියන්නෙ අද විතරයිනේ පරක්කු වුනේ.
ඔහොම තමා එන එක නතර වෙන්නෙ.
මොනවද අනේ ඔය කියවන්නෙ. මෙච්චර කල් සේරම බෙහෙත් හැදුවේ එයානේ. ඒකම මදිද්. එයාට ඔහොම කියන්න එපා සුදු අම්මෙ. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කරන්න ඔනී දේවල් නෙමේ එයා මං වෙනුවෙන් කරලා තියෙන්නෙ. ඊට වඩා හුගක් දේවල් මං වෙනුවෙන් කරලා තියෙනවනේ.
ආච්චි අම්මා නිහඩ වුනේ, ශානූ අයියගෙ බයිසිකලේ සද්දය ඇහිලා.
ඔය එන්නෙ මනමාල කුරුල්ලා.
ආච්චි අම්මා කතා කලේ හරිම කේන්තියෙන් , මට හිතා ගන්න බෑ ඇයි එක පාරටම ආච්චි අම්මා වෙනස් වුනේ කියලා. ශානූ අයියා ගෙට ආවෙ හිනා වෙමින්.
ආච්චි අම්මේ…ඔයාලා කාලද
කෑවේ නෑ.
ඇයි කෑවේ නැත්තේ.
කන්න පුලිවන් වෑ ගේ ඇතුලේ වැසිකිලියක් තියාගෙන.
ඉතිං එයාට එළියට එන්න බෑනේ.
හොද වෙන්නෙත් නැහැනේ. මුලු ගේම ගදේ බෑ . කන්නෙ කොහොමද.
කෝ කාමරේ එහෙම ගදක් නෑනේ. ඔය හොදට තියෙන්නෙ.
ශානූ අයියා කාමරයට හිස පොවමින් කිව්වා.
ඔය ළමයගෙ නහය නැතුව ඇති.
මට මේ කතාව නිසා හුගක් දුක හිතුනා. ඇවිදින්න බැරුව ඉන්න කෙනෙකුට මේ මිනිස්සු මෙහෙම කියන්නෙ ඇයි. ඇත්තටම මුලු දවසම කාමරයෙ ඉන්න මට නම් කිසිම ගදක් ආවේ නැහැ.
හරි හරි සුදු අම්මෙ හෙට ඉදන් මේ පුටුව ටොයිලට් එකෙන් තියලා දෙන්නකෝ.
පිස්සුද ළමයෝ ඔයා කොහොමද එහෙට යන්නෙ.
කොහොම හරි යනවා. අනිත් මිනිස්සුන්ට කන්න බැරි වෙනවානේ. මෙහෙම ඉන්න ගියාම.
ශානූ අයියා නිහඩම මගෙ වෙලුම ලිහන්න ගත්තා. ශානූ අයියට මේ වුන සිද්දිය හිතට ඇල්ලුවේ නෑ. එයාගෙ මුහුනේ ලොකු දුකක් ලියවිලා තිබුනා. ඔයිට කලොනුත් ආච්චි අම්මා මට හිත රිදෙන දේවල් කිව්වා, ඒත් ඒවා මං ශානූ අයියට නොකිව්වෙ දුක හිතෙයි කියලා.
ශානූ අයියා වෙලුම ලිහලා පරන මැල්ලුම සිලි කවරයකට එකතු කලා. ශානූ අයියා ඊළග බෙහෙත බදින්න වෙලුම් පට් ටික ආයිත් ඔතමින් සිටියා.
අප්පො මේ බෙහෙත් වල ගද. ළමයෝ ඔය සේරම ඒවා ඈතකට විසික් කරලා දාන්න හරිද.
හරි ආච්චි අම්මෙ.
ශානූ අයියගෙ මූන තවත් ඇබුල් වුනා.
පුදුම ගදක්නේ මේ තෙල් වල තියෙන්නේ.
ශානූ අයියා මගෙ දිහා බැලුවේ පුදුමෙන් , ආච්චි අම්මා එහෙ මෙහෙ වෙනකන් බලන් හිටපු ශානූ අයියා.
ආච්චි අම්මට මොකක් වෙලාද?
නිකන් වෙන්න ඇති ශානූ අයියේ.
වෙනදටත් ඔයාට මෙහෙම කියනවද?
ශානූ අයියට ගෙදර තත්වය ඉවෙන් වගෙ තේරිලා තිබුනා. මට ශානූ අයියා දුක් වෙන එක බලන් ඉන්න බෑ.
අපෝ නෑ. මේ තෙලෙක ගදයි තමයිනේ.
මම හිනාවෙමින් කිව්වා. කාමරේ ඉදීම ඇති වෙලා නිසා මම ශානූ අයියගෙ වාරුවෙන් එළියට යන්න පටන් ගත්තා. ආච්චි අම්මා මට ළග ගෙදරකින් කිහිලි කරුවක් ගෙනත් දුන්නා . මට ඒකෙන් ඇවිදින්න තේරෙන්නෙ නැහැ.
ඔයාට ඕකෙන් යන්න බෑ. තවත් අත පය කඩා ගන්නෙ නැතුව ඉන්න ළමයෝ.
ශානූ අයියා මට ඒකෙන් යන එක තහනම් කලා. ඊට පස්සෙ මම තනිකකුලෙන් පැන පැන ගිහින් මගෙ වැඩ කර ගත්තා. මොකද ශානූ අයියා නැති වෙලාවට වතුර ටිකක් ඉල්ලුවත් ආච්චි අම්මා ඒක කලේ දොස් කියමින්. “මේ කරදරේ කවදා ඉවර වෙයිද මන්දා “කියලා. ඔය වගෙ හේතු නිසා මම මට ඕනි දේවල් තනියම කරගන්න උත්සහ කලා.
මාස දෙකක්ම ගෙවිලා. ඔය මුලු කාලයටම එක දවසක් ශානූ අයියට එන්න වෙන්නෙ නෑ කියලා, පහුවදා බදින්න තියෙන මැල්ලුමේ කොළ පොතු ටික ආච්චි අම්ම්ලට ගෙනත් දුන්නා. ආච්චි අම්මට පානදර ඇහැරලා පුරුද්දක් නැහැනේ. එදා උදේ හයට විතර ඇහැරගෙන බේත් කොටනවා..
මොන කරදරයක්ද මංදා. මගෙ කොන්දත් රිදෙනවා .
අද විතරනේ සුදු අම්මෙ.
මම නොඩියෙන් කුස්සියට ඇවිත් පුටුවක වාඩී වෙමින් කිව්වා.
හ්ම්ම්ම්. දැන් ඉතිං කරන බව දැන ගත්තම දිගට දීලා නිකන් ඉදි.
ශානූ අයියා එහෙම කරන්නෙ නෑ සුදු අම්මෙ. අද ඔය නොගිහින්ම බැරි ගමනක් නිසා ගියේ.
මේ ජරාව කොටලා .මේ වංගෙඩියෙ වෙන මොකවත් කොටලා කන්න බැරි වෙයි.
අනේ මංදා සුදු අම්මෙ. වංගෙඩිය ලගට කරලා දෙන්න මං හිමින් කොටන්නම්.
කියන පරක්කුවට ආච්චි අම්මා වංගෙඩිය මගෙ ළගට කලා. මම පුටුවේ වාඩි ගෙනම කොටන්න පටන් ගත්තා.මේ සිද්දිය නිසා මට දැනුනේ ලොකු දුකක් ශානූ අයියට එන්න බැරි වුන එක දවසට මේ තරම් වෙනසක්.
මම අම්මට කතා කරන වෙලාවට මේ හැසීරීම් ගැන කිව්වත් එයා කිව්වේ. “ කොහොම හරි ඉවසන් ඉන්න සුදු දූ. ආච්චි අම්මා ඉස්සරත් ඔහොම තමා. හැම දේටම කියවනවා. ඔයාගේ තාත්තාටත් මාව එපා වුනේ. එයාගෙ කියවිල්ල නිසා තමා” කියලා. එදා බෙහෙත් බැන්දේ. ආච්චි අම්මා. බෙහෙත් බදින කන්ම මට, අම්මාට, ශානූ අයියට, මගෙ යාලුවන්ට හැමෝටම දොස් කිව්වා. මම කියලා තේරුමක් නැති නිසා නිහඩව හිටියා.
මට වැසිකිලියට යන්න උවමනාවක් තිබුනත් මට එයාට අඩ ගහන්න හිතුනේ නැහැ. මම තනියෙම නොන්ඩියෙන් පැන පැන ගියා . ඒ යද්දිත් ආච්චි අම්මා , මට බැන බැන දොර ළගට වෙලා බලාගෙන ඉන්නවා.
ඊ ළග කොටසි හම්බෙමු —