….. කදුලත් සැනසුමක්…..47

47. වන කොටස.
මම ශානූ අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා. මට හොදටම දාඩිය දාලා. මට කොහොමවත් තව ඉන්න බෑ. ශානූ අයියා මට බෝඩ් එකකින් පවන් ගැහුවා. ඒත් මගෙ දාඩියත්, වේදනාවත් එන්න එන්නම වැඩි වුනා. කාලය ඉවර වුනාම පත්තුව ලිහා දැමුවා. මුලු කකුලම හිරි වැටිලා කැට , පතුරු වල අහු වුන තැන් ඇතුලට එබිලා රතුවෙලා, තිබුනා .

දැන් වෙදමහත්තයා ළගට යන්න.
එහෙම කියපූ පත්තූ බදින පුද්ගලයා එතනින් නික්මිලා ගියා. හිරිය අඩුවෙන තුරු හිටියත්, අඩු නොවුන නිසා ශානූ අයියගෙ වාරුවෙන් වෙදමහත්තයා ළගට ගියා.

දැං කොහොමද ඔය ළමයට. බලන්න කකුල බිම තියලා ඇවිදින්න.

ඇවිදින්න.
මම පුදුමයෙන් වෙදමහතා දෙස බලමින් කිව්වා.

ඔව් බය නැතුව කකුල බිම තියන්න තියලා ඇවිදින්න.
මම කකුල බිමින් තියලා බර දුන්නා. කලින් තරම් වේදනා නැහැ. මම පියවර කිහිපයක් තෑබුවා. එක පාරටම වේදනාවක් ආ නිසා මම වෙදමහතාට ඒ බව කිව්වා.

හොදයී තව එක පාරක් එන්න වේවී. දනිස්සෙ ඇටේ සැරින් සැරේ පනින්න පුලුවන් ආයිත් එක පාරක් එන්න.

හොදයී වෙද මහත්තයෝ.

දැන් ඔය ළමයට ආවාට වඩා හොදයිනේ නේද. ඇවිදින්නවත් බැරුවනේ ආවේ.

එහෙමයී වෙදමහත්තයෝ.
ගෙදරදී සති තුනක් බැදීමට බෙහෙත් වට්ටෝරූ සමග තෙල් බෝතලයක් ලබා දුන්නා.
හොදයී එහෙනම් , ඔය බෙහෙත් ඉවර වුනාම හොද නොවුනොත් එන්න.
ඒ බෙහෙත් වලින් මට ඇවිදීමට හැකියාව ලැබුනත් සැරින් සැරේ වේදනා ඇති වුනා. ඒක නිසා සති තුනකින් නැවතත්. මරදංකඩවල වෙදගෙදරට යන්න තීරනය කලා.
ඒ වතාවේදීත් පැයක තෙල් පත්තුවක් නියම වුනා. පෙර මෙන්ම නිවෙසේදී බැදීමට බහෙත් වට්ටෝරු ලබා දුන්නා. දිගින් දිගටම ප්‍රතිකාර කරගෙන ගියා. අවසානයේ මාස හතර හමාරක් අවසානයේ දෙපයින් ඇවිදීමේ හැකියාව ලැබුවා.
මාස පහකට කිට්ටු කාලයක් මම ඉස්කෝලේ ගිහින් නැති නිසා, පාසල් යාම අතහරින්නට පවා සිත් වුනා. එත් කොහොම හරී උසස් පෙල විභාගයට වෙනීසිටීමට මට ඕනී වුනා.

මාස ගනනාවකට පසූ මම පංති යාමට සූදානම් වුනා. ශානූ අයියා මාව පංතියට ඇලලා ආවා. මගෙ යාලුවෝ හුගක් සතුටු වුනා මම නැවත පංතී එන්න පටන් ගත්තට. හුග කාලෙකට පස්සෙ මගෙ යහලුවන් එක්ක පැය පහක් පමන ගත කලා. පංති අවසානයේ මට ගෙදර එන්නට සිදු වුනේ පාරේ බස් එකේ. මම බස් එකට නැගීමට යනවිට දනහිසේ වේදනාව නැවත ඇති වුනා. තවමත් කකුල නිට්ටාවටම සුව වී නැත් බව තේරුනා. මම නිවසට පැමිනී වහාම ශානූ අයියා සමග විස්තරය කිව්වා.

මොකද දැන් කරන්නෙ. මට එන්නත් බෑ ඔයාව හැමදාම ඇරලන්න.

ඒකනේ. බස් එකේ යන්න බයයී ශානූ අයියේ. පඩිපෙල් නගිද්දී ඒ කකුලට බර වැටෙනවා වැඩීනේ.

හ්ම්ම් තව බෙහෙත් ඉතුරු තියෙයී නේද
මට බෙහෙත් කියන කොටත් වේදනා ඇති වුනා. දනහිස බෙත් බැදලම දියපට්ට දාලා ,හම ගිහින් තිබුන නිසා, බෙහෙත් බැදන් ඉදීම මට අසීරූ කාර්යයක් වුනා.

ඔව් .

ඒ ටිකත් බදිමූ. අඩු වෙයී අනේ .පංතී ඉස්කෝලෙයි යන එක තමා අවුල.

ඉස්කෝලෙට ගිහින් කතා කරන්න වෙයී ශානූ අයියේ. මාස ගනක් ඉස්කෝලේ ගියෙ නැහැනේ. සීයට ගාන නැත්තම් ඉස්කෝලෙන් විභාගෙය යන්න දෙන්නෙ නැහැනේ.

එහෙම වුනොත් මොකද කරන්නෙ.
අනේ මංදා ශානූ අයියේ.
මම ඒ ගැන කල්පනා කරමින් නිහඩ වුනා.

මේ… සුභ ආරංචියක් තියේ කියන්න.
ශානූ අයියා මගෙ මුහුනට එබෙමින් කිව්වා.

ඒ මොකද්ද ශානූ අයියේ.

මම අර ගියෙ ඉන්ටවීව් එකෙන් කෝල් කලානේ.

තේරිලාද.
මම එහෙම ඇහුවේ හරිම හදිස්සියෙන්. ශානූ අයියගෙ ඇස් දෙකෙන්ම තේරුනා රැකියාව හරි ගිහින් බව. පත්තරේ දැන්වීමකට ගිය සතියේ සම්මුක පරීක්ෂනට ගිහින්,ඒකෙන් කොල් කරනකන් ශානූ අයියා බලන් හිටියේ.

ඔව් මගෙ සුදු මැනික.
ශානූ අයියා මාව තුරුලූ කරගෙන සිප ගනිමින් කිව්වා.

නියමයිනේ. මොකද්ද ශානූ අයියේ එලවන්න තියෙන්නෙ.

සර්ගේ කාර් එක. ළමයින්ව ස්කෝලේ දාන්නයී ගේන්නයි, සර්ට ඕනී ගමන් යන්නයී.
ශානූ අයියා ලොකු විස්තරයක් කියාන ගියෙ හරිම ආසාවෙන්. මම කතාවට බාධා නොකර අහගෙන හිටියා.
හොදයී නේද.

හොදයී ශානූ අයියේ.
ශානූ අයියා වැඩට යන්න පටන් ගත්තා. බස් වල යන්න අමාරූ නිසා මං ඉස්කෝලෙවත් ,පංතිවත් යන්න වුනේ නැහැ. මම රනසිංහ සර්ගෙට කෝල් කරලා විස්තර අහ ගත්තා. සර් කිව්වේ. ඉස්කෝලෙන් ලියන්න හදලාදෙන්න අමාරුයී. බාහිර අයදුම් කරුවෙක් විදිහට වුභාගයට ඉදිරිපත් වෙමු කියලා. වෙන විදිහක් නැති නිසා මම ඒ ක්‍රමයට කැනති වුනා.
අම්මා මට නිතරම කතා කරලා දැන් ආපහු ගෙදර යන්න කිව්වා. ශානූ අයියා මං යනවට පොඩ්ඩක් වත් කැමති වුනේ නැහැ. මගෙ හිතෙත්, බැරි කාලෙ මාව අතෑරලා දාපූ මිනිස්සු ළගට යන්න හිත දුන්නෙ නැහැ. මම හේතූ කියමින් ගෙදර යන එක මග හැරියා.
මට දැන් විභාගය ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. විභාගේ ලියන්න විතරයී ඕනේ වුනේ. මොකද දැන් මට හුගක් පාඩම් මග හැරිලා මට ඒවා අල්ල ගන්න අමාරුයී. ශානු ආයියා දිගටම නයනිගෙන් ටිවුට් ඉල්ලලා දුන්නා.විෂයන් වලට අදාළ පොත් අරන් දුන්නා. මම ගෙදට වෙලා ඒවා බලා ගත්තා. ඒත් නොතේරෙන තැන් හුගක් තිබුනා.
මගේ අතින් තමයී ගෙදර වැඩ සේරම සිද්ද වෙන්නෙ. ශානූ අයියලගෙ අම්මත් පාන්දර කිරි කපන්න යනවා. නංගි ඉස්කෝලේ යනවා. තාත්තා එන්නෙත් සති කිපයකට වතාවයී. ශානූ අයියත් වැඩට ගියාම ගෙදර ඉතුරු වෙන්නෙ මම විතරයී. ඒක නිසාම සේරම ගෙදර වැඩ කෙරුනේ මගෙ අතින් . පාන්දර ඇහැරලා උයන්න, මිදුල් අතු ගන්න, ගෙවල් අතුගාන්න අස් කරන්න, ගැබුරු ලිදෙන් ගෙදර වැඩ වලට වතුර අදින්න සීද්ද වුනා. මම ඒවා කරදරක් විදිහට හිතුවේ නැහැ. ඊට වඩා හුගක් දේවල් මේ ගෙදර මිනිස්සු මට කරලා දීලා තිබුනා. ඒත් අමාරුම වැඩේ වුනේ අර ලිදෙන් වතුර අදින එක. ඒ සේරම වැඩ වලින් පස්සෙ මං පොත් පත් වල වැඩ කලා. නංගිට ඉස්කෝලේ වැඩ කරන්න උදව් කලා.
කාලයක් ගෙවීගෙන ගියා මගෙ කකුල දැන් සූවයී. විභාගය අත හැරලා තුබු නොසා මං පංති යන්න උත්සහ කලේ නෑ. ශානූ අයියා නිතරම මට ආයෙත් පංතිවත් යන්න කිව්වා. ඒත් දැන් බොරුවට සල්ලි වියදම් කරන එකේ තේරුමක් නැහැ කියලයී මම හිතුවේ. ශානූ අයියගෙ අම්මා දවසක් වැස්සෙත් නැතුව කිරි කපන්න නොයා හිටියා.

අම්මේ ඇයී අද කිරී කපන්න නොගියේ.
මම ශානූ අයියලගේ අම්මගෙ කාමරයට හිස පොවමින් මම ඇහුවා. අම්මා හිටියේ නිදාගෙන. ඔලුව උස්සලා මගෙ දිහා බලපූ අම්මා.

මගෙ අතක් ඉදිමිලා දුවේ. රිදෙනවා බෙහෙත් ගන්න වෙයි වගේ.

මොනවා වෙලාද අම්මෙ. කොහො හරි වැදුනද.

නෑ. නිකන්මයී. නංගී ආවම ටවුන් ගිහින් බෙහෙත් අරන් එනවා.

හා අම්මෙ එහෙනම් .උයලා තියෙන්නෙ කාලා ඉන්න.
මම ඒක නිසා ගෙදර සේරම වැඩ හොයලා බලලා කෙරුවා. දවස් ගනනාවක් ගෙවුනත් අම්මගේ අතේ සුවයක් තිබුනේ නැහැ. නංගී ගෙදර වැඩ වලට හරිම කම්මැලී, කිසිම වැඩක් කෙරුවේ නෑ, සේරම වැඩ මගේ කරපිට වැටුනා. මම ඒ ගැන කල්පනා නොකලත් ,දවසින් දවස අමුතු දේවල් සිද්ද වුනා.
මම ගෙදර වැඩ සේරමත් කරලා අම්මට නාන්නත් වතුර ඇදලා තිබ්බා. හවස අම්මා නංගිත් එක්ක නාන්න ලිද ලගට ගියා. මම ටිකකින් එලියට ගිහින් බලනකොට. නංගී එක්ක කතාකරමින් , අම්මා නංගිගේයී එයාගෙයී රෙදී හෝදනවා. නංගී ලින් බැම්මට හේත්තූ වෙලා අම්මා එක්ක හුරතල් වෙමින් හිටියා. මට කේන්ති ගියේ, අත අමාරුයී කියලා ඉද්දී, රෙදී හෝදව ගන්න නිසා. අම්මා නංගිට නාන්න වතුරත් බාලා දෙනවා මම දැක්කා. මට තේරුම් ගියා අතේ අමාරුව බොරුවක් කියලා. මට පුදුම දුකක් ආවේ මේ දේවල් දැක්කම. ඒත් මං දුක් වුනේ නැහැ. මට පුලුවන් විදිහට සේරම වැඩ කලා. දවසින් දවස ගෙව්නා, ශානූ අයියලගේ අම්මා අයියට මං ගැන නොයෙක් දේවල් කියන්න
ගත්තා.ඒත් මගෙ මූනට මොකුත්ම කිව්වෙ නෑ දුවේ කියලා කට පුරා කිව්වා. මම හැමදේම ඉවසුවේ ශානූ අයියා වෙනුවෙන්. අම්මා කියපූ විදිහටම මේ ගෙදර තත්වය වෙනස් වුනා.
අම්මේ..

ආ පුතේ ඔයා ආවාද?

කෝ අම්මේ ශදී නංගී.

නිදී ඇති පුතේ දවසම නිදියනවනේ.

අම්මා කතා කලේ නැද්ද.

නෑ
මම හිටියේ කාමරේ ඇතුලේ පොත් වල වැඩ කරමින්. මට ලොකු වේදනාවක් ආවා අම්මා කියපූ දේට. දවසම හොදට නිදා ගන්නෙ ඒ දෙන්නා. දැං මම නිදිලූ. මගෙ ඇස් වලින් කදුලූ කඩන් වැටුනා. මූනට දෙයක් නොකිව්වත්, මට ශානූ අයියලගෙ අම්මලා එක්ක ඉන්න ආසාවක් තිබුනේ නැහැ. ඒක නිසා වැඩ නැති හැම වෙලේකම තනියෙම කාමරයට වෙලා හිටියා. ඒක නිසා මාත් නිදා ගන්නවා ඇති කියලා අම්මා හිතනවා ඇති කියලා මං හිතුවා.

සුදු මැනික.. අම්මා කිව්වෙ ඔයා නිදි කියලා. ඇයි රත්තරං අඩන්නේ.

මොකුත් නෑ ශානූ අයියේ…
මං කදුලූ පිස දමමින් කිව්වා.

නෑ නෑ මොකක් හරි වෙලා තියෙනවා. කියන්නකෝ.
මම ශානූ අයියට සේරම විස්තරය කිව්වා. එයාටත් හුගක් දුක හිතිලා අම්මලගෙන් අහන්න යන්න හැදුවා.

ඉන්නකෝ මං අම්මගෙන් අහන්න .

අනේ එපා ශානූ අයියේ.
මම ශානූ අයියගේ අතේ එල්ලුනා.

ඊ ළග කොටසින් හමු වෙමූ — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *