…. කදුලත් සැනසුමක් ….49

49. වන කොටස.

******************************

ශානු අයියේ හෙට මට විභාගය පටන් ගන්නවා .මෙහෙ ඉදන් යන එක දුර වැඩි නිසා මම ගිත්මලගේ ගෙදර යන්න හිතුවා .

හ්ම්ම්ම් . අද හවස යනවද හෙට උදේ යනවද?

අද හවස යමු නේද අයියේ. නැත්තම් හෙට ඇදුනුත් උස්සගෙන විභාගෙට යන්න වෙනවනේ .

මම එදා හවස ශානු අයියත් එක්ක ගිත්මලගේ ගෙදර ගියේ, ශානු අයියලාගේ ගෙදර ඉදන් විභාග ශාලාව තියෙන ස්කෝලෙට දුර නිසා. සති දෙකක් විතර එක දිගටම මම ගිත්මලගේ ගෙදර හිටියා . මට ඉතින් මේ ගෙවල් ඉදලා පුරුදු තැන්නේ . මට ගෙදර වගේම පුරුදුයි. ගිත්මා මට විභාගයේදී අනිවාරෙන් ප්රනශ්න එන පාඩම් ගැන කිව්වා . සමහර පාඩම් මට හම්බෙලවත් තිබුනේ නැහැ . ගිත්මා මට ඒ පාඩම් ටික ටික කියල දුන්නා කෙටියෙන්. මට විභාගේ අමාරුද ලේසිද කියල වත් තේරුම් ගන්න බෑ . මොකද සමහර ප්රිශ්න මම අහලවත් නැහැ .
විභාගය් ඉවර වෙලා මම ගෙදර ආවේ හරිම සැහැල්ලුවකින් .” අම්මො දැන් ඒ කරදරයත් ඉවරයිනේ” කියලා . විභාගේ කිට්ටු වුන නිසා මම හදුන්කුරු හදන එකත් නවත්තලා දාපු නිසා , ගෙදර වැඩ ඇරෙන්න කරන්න කිසිම දෙයක් තිබුනේ නැ.

සුදු දූ දැන් වත් ගෙදර යමුද?
විභාගෙන් පස්සේ දවසක් අම්මා ශානු අයියලාගේ ගෙදර මාව බලන්න අපු වෙලාවක ඇහුවා.

මට බැ අම්මේ .. මම දිගටම මෙහෙ ඉන්නවා.
අම්මා කෝච්චර කිව්වත් මම ගෙදර යන්න කැමති වුනේ නැ. අම්මා ශානු අයියලාගේ අම්මතේ එක්ක අපේ විවාහය ගැන කතා කලේ විභාගේ ඉවර නිසා. හැමෝම අපේ විවාහය කල් දාලා තිබුනේ මම විභාගේ ඉවර වෙනකන් . විවාහා නොවුන ගැහැණු ළමෙක් පිරිමි ලමෙක්ගේ ගෙදර ඉන්න එක තරම් දුකක්ද්ද කියලා මට දැනුනේ එදා .
විවාහය ගැන ඇහුවම ශානු අයියගේ අම්මා දුන්නේ පුදුම උත්තරයක් . ” ළමයින්ගේ තාත්තා මොනවා කියයිද දන්නේ නැ. එයා නම් කිව්වේ කොල්ලා ගෙයක් හදනකන් ඔය කසාදෙ කරන්න දෙන්නේ නැ කියලා” කිව්වා. අම්මට ඒ කතාවට හුගක් දුක හිතිලා තිබුනා . මට හොදටම දොස් කිව්වා.

පේනවා නේද සුදු දූ ඔයාගේ මෝඩ වැඩ වලින් වෙන දේවල්.

කමක් නැ අම්මේ මගේ කකුල හරි හොද වුනානේ ..

කසාදා නොබද දිගටම මෙහෙ ඉන්නද කල්පනාව.

කොහොම හරි කමක් නැ මම මෙහෙන් යන්නේ නැ .
මම හරිම මුරණ්ඩුයි කියලා අම්ම තවත් දොස් කිව්වා . අම්මා දුක් වුනේ ශානු අයියලාගේ අම්මාලා දැන් විවාහය ඉක්මන් වෙනවට අකමැති එක . සති කිපයක් කම්මැලි කමින් ගෙවා දැමුවා. දවසක් පත්තරය බලනකොට මම දැන්වීමක් දැක්කා , එක දැක්කම මට අලුත් බලාපොරොත්තුවක් ඇති වුනා. මම හොද වෙලාවක් බලලා ශානු අයියට මගේ අදහස කිව්වා .

ශානු අයියේ මට තව කොර්ස් එකක් කරන්න ඕනේ .

ඒක හොදයි මොකක්ද්ද කොර්ස් එක

මම ඉගෙන ගන්න ආසම දෙයක් , ජොබ් එකක් කරන්නත් ඒක හොදයි. අනික එකේ තියේ වැඩි ලකුණු ගන්න අයට එතැනින්ම ජොබ් දෙනවා කියලා.

මට හිතා ගන්න පුළුවන් මෙයා කියන කොර්ස් එක .

හා කියන්න බලන්න ..
මම ශානු අයියා දිහා බලාන හිනා වෙමින් කිවුවා.

ගැෆික් ඩිසයින් වෙන්න ඔනී.
ශානු අයියා මගේ හිතේ තියෙන දේ හරියටම කිව්වා . නිතරම මම ඒ ගැන කියවන නිසා එයා ඒක දැනන් හිටියා. ශානු අයියා මට කොර්ස් එක කරන්න අවසර දුන්නා. මුළු සතියම එක දිගට පංති පැවත්තුන නිසා මට විවේකයක් තුබුනෙම නැ . ශානු අයියා උදේට වැඩට යන ගමන් මාව ටවුන් එකට දාන් ගියා, හවස් වැඩ ඇරිලා එද්දී මාව ගෙදර එක්කගෙන ආවා. ඒ ආපු වෙලේ ඉදන්ම මම දවසේ ඉගෙන ගත්තු ඒවා ආයෙත් කරලා බැලුවා.
ශානු අයියලාගේ අම්මා නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති වුනී නෑ. මට ගෙදර වැඩ කරන්න වෙලාවක් නැති නිසා. සමහර දවස් වලට මන් එනකලුත් උයන්නේ නැතුව ඉන්නවා . කීපදවසක් මම මහන්සි නොබලා ඉව්වා . පස්සේ මම ශානු අයියට කිව්වා, ශානු අයියේ මට මේ කොර්ස් එක හොදට් කර ගන්න ඕනේ , එක නිසා මට උයන්න වෙලාව නාස්ති කරන්න බැ කියලා. ශානු අයියා අම්මලට මොනවා හරි කියලද මන්ද ඊට පස්සේ ඉදන් හවස් වෙන්න කලින් උයලා තිබුනා.
මම කොර්ස් එක සාර්ථකව නිම කළා . එත් දැන්විමේ තිබුන විදිහට රැකියාවක් නම් දුන්නේ නැහැ . මම ආයෙත් රැකියා හොයන්න පටන් ගත්තා. අම්මා ඒ අතරේ චුටි මාමා එක්ක අපේ විවාහය ගැන කතා කරලා තිබුනා. චුටි මාමා ශානු අයියට හම්බෙන්න එන්න කියලා තිබුනා.
නිවාඩු දවසක ශානු අයියා පිටත වුනා චූටි මාමා හම්බවෙන්න. මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නේ කියලා අාච්චි අම්මලා හැමෝටම කියලා තිබුන නිසා ශානු අයියා මාව ඒක්කගෙන ගියෙ නැහැ.
චුටී මාමා ශානු අයියට කියලා තිබුනේ * මම කිසි දෙයක් හොයන්නේ බලන්නේ නෑ . වෙන දේවල් මොකුත්ම දන්නේ නෑ කියලා හිතන්න ඒපා. මම සේරම දේවල් දිහා හොදට බලන් හිටියේ. ඉක්මනටම මේ කසාදේ කෙරෙන්න ඔනේ. ගෙදර අය ඒක්ක කතා කරලා කොහොමද කෙරෙනනේ කියලා මට කියන්න. මේ පැත්තෙන් වෙන්න ඔනෙ ඒවා සේරම මගේ අතින් සිද්ද වෙනවා* කියලා.
ශානු අයියා අම්මයි , තාත්තායි දෙන්නම ඉන්න වෙලාවක් බලලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මම අහගෙන චූටී මාමා කිහපු හැමදේම ශනු අයියා අම්මලා ඒකක් කියනවා. මම හොදට කන්දිහාගෙන හිටියේ ශානු අයියගේ තාත්තා මේ ගැන මොකද තියන්නේ කියලා අහගන්න.

ඒයා ඒහාම කිව්වට අපට ඔවට කැමති වෙන්න බෑ.

ඒහෙම කියලා බෑනේ තාත්තේ. අපි මේ ගැන ඉක්මනට තීරනයක් ගන්න වෙනවා.

මම නම් කැමති නෑ ඉඩමක් අරන් ගෙයක් හදනකන් ඔය කසාදේ කෙරෙනවට. අනික කොහේ තියෙන සල්ලියක්ද. පොඩ්ඩක් ඉවසලා ඉන්නවා.
මට පුදුමත් හිතුනා ශානු අයියලාගේ තාත්තාගේ කතාව අැහුනම. ඒදා ශානු අයියගෙයි මගෙයි සම්බන්දේ දුර දිග ගිහින් කියලා දැන ගත්ත දවසේ නම් හැසිරුනේ පහුවදාම කසාද බන්දන්න වගේ. ඒත් අද වෙද්දී ශානු අයියලගේ තාත්තාත් හුගක් වෙනස් වෙලා තිබුනා.

ශානු අයියලාගේ ගෙදර අයගේ අකමැත්ත නිසාම ඒ කතාව ටිකක් යට ගියා. මම රැකියාවක් හෙව්වත් ඒකක් වත් හරි ගියේ නැහැ. මට හරියන ඒවා ශානු අයියාගේ හිතට අැල්ලුවේ නැහැ, ඒයාට හරියන ඒවා මගේ හිතට අැල්ලුවේ නැහැ.
දින ,සති, මාස වෙලා හරිම වේගෙන් ගෙවිලා ගියා.මම සුපුරුදු විදිහට ගෙදර වැඩ කරගෙන ගෙදරට වෙලා හිටියා.
දවසක් කම්මැලි කම නිිසාම තනියෙම කාමරයට වෙලා කල්පනා කරමින් හිටියා. මගෙ පොන් ඒක රින්ග් වෙනවා අැහිලා මම පොන් ඒක අතට අරන් බැලුවා.
කෝල් ඒක අම්මගෙන් කියලා දැක්කම හරිම සතුටි කතා කරන්න පටන් ගත්තා.

අම්මේ….

සුදු දූ .. කොහොමද.

හොදින් ඉන්නවා අම්මේ.. ඒත් හරිම කම්මැලීග
මට ඉබේටම වගේ කිය වුනා. මම අම්මට කියලා තිබුනේ නෑ මේ ගෙදර තත්වය,මට ගෙදර යන්න කියන නිසා හැමදේම ඉවසුවා.

අැයි ගෙදර කවුරුත නැද්ද.

ඉන්නවා අනේ ඒත් කම්මැලී.

අැත්තටම ඒවෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ .ශානු අයියාගේ අම්මායි ,නංගී ටවුන් ගිහිල්ලා. කොහොමත් නිතරම මම ගෙදර හිටියේ තනියම.

චූටී මාමා පණිවිඩයක් කියන්න කිව්වා. ඒකයි මම මේ ගත්තේ.

මොකක්ද අම්මේ..

ශානු ළමයට කියන්න කිව්වා ගමේ ඉඩමේ මට අයිති කොටස ඔයාලට දෙනවා කියලා, වෙඩින් ඒක ගැන තීරනයක් ගන්න කියලා.

හා අම්මේ මම කියන්නම්…

කට්ටිහට තිහෙන ලොකු ප්ර ශ්නය ඉඩමනේ . ඔන් ඒ ප්රලශ්නයත් ඉවරයි. ගෙයක් හදා ගන්නකම් මහා ගෙදර ඉන්න පුලුවන් කිව්වා. සුදු අම්මාත් දැන් චුටී මාමාලාගේ ගෙදරලු ඉන්නේ ,චූටී නැන්දා වැඩට යන නිසා.

ඒහෙනම් හොදයි.

ශානු ළමයට කියන්න, අම්මටයි තාත්තායි චූටී මාමා හම්බෙන්න ඒන්න කිව්වා කියලා කියන්න.

මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්. මම ශානු අයියා ඒනකන් මග බලන් ඉදලා පණිවිඩය කිව්වා . ශානු අයියත් හුගක් සතුටු වුනා. මේ පනිවිඩියි ශානු අයියලාගේ ගෙදර අයට කිව්වාම ලැබුනේ අපි හිනෙකින්වත් හිතපු නැති උත්තරයක්. *කවුරු මොනවා දෙනවා කිව්වත්, මේ වෙලාවේ ඔය කසාදෙට වියදම් කරන්න සල්ලී නෑ*

ඊ ළග කොටසින් හමු වෙමූ……

අවසන් කොටස සමග ඒක වන්න‍‍‍.. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *