මිහිදුම් සිහින….. 45 වන සිහිනය

✨🌹මිහිදුම් සිහින…..✨

45 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

විෂ්මි එක්ක කතා කළාට පස්සෙ තේජාන් හිතුවෙ…
මේ ප්‍රශ්නෙ තවත් පටලන එක තේරුමක් නෑ කියලා..
දැන් බට්ටි ගැන ආයෙම හිතුවත්,
එතනත් ප්‍රශ්න ගොඩක්..
තිළිණ එක්ක ගහ මරාගන්නත් වෙයි..
මොකද තේජාන් දැක්කා
තිළිණගෙ ඇස් වල තිබුණ ඒ තරහව…
තේජාන් ආයෙම බට්ටි පැත්තට හැරුණොත් ප්‍රශ්න ….
විෂ්මි පැත්තට හැරුණොත් ජීවිතේම පසුතැවීම….
දැන් නිමීගෙන යන ගින්න ආයෙ අවුලන්න ඕන නෑ කියලා තේජාන්ට හිතුණා…
ඒ නිසා විෂ්මිව හම්බෙලා මැරේජ් එක ගැන කතා කරගෙන පුළුවන් ඉක්මනින් රටින් යන්න කටයුතු ලෑස්ති කරගන්න හිතුවා…

පහුවදා විෂ්මිව මුණ ගැහෙන්න තේජාන්.ගියා…

විෂ්..
දැන් ඔයාගෙ plan එක මොකද්ද වෙඩින්එක ගන්න විදිය ගැන…??

අනේ තේජ් මට නම් අර මාල 7යි අනම් මනම් දාගෙන ඉන්න බෑ..
I need to ware a frock …

විෂ්මි ..
are u mad….?
බෞද්ධ නේද ..
පෝරුවෙ බඳිනවද ගවුම් ඇඳලා….
you must ware kandian..
then u can chage….
තේජාන් ඒක කිව්වෙ ගොඩක් තරහෙන්

Cool තේජ්…
Ok
Don’t get angry ….
ඔයා කැමති නම් මම එහෙම අඳින්නම්. ඔයා මගෙ plan එකනෙ බබා ඇහුවෙ
ඉතිං මම කිව්වෙ ඒක…
පෝරුව වෙලාවට මම ඒක ඇඳලා ටිකකින් frock එකකට change වෙන්නම්…
හරිනේ…
එතකොට ඔයාත් අර traditional kit එකද

ඔව්..
මුල් ඇඳුම..
ඔයා චේන්ජ් කරද්දි මාත් full kit එකක් මාරු වෙන්නම්…
හරි එහෙනම් විෂ්..
මට ඔය වගේ වැඩ වලට ඒ හැටි කැමැත්තක් නෑ..
“Our wedding” wedding planners ලට මම කතා කළා…
ඔයාගෙන් appointment එකක් ගන්න කතා.කරයි …
ඔයාට ඕන සේරම දේවල් ටික එයාලට කියලා කර ගන්න….
Kandian එක gold color වෙන්න ඕන…..
Frock එක, bridsmade color ,ඔයා කැමති විදියට select කරන්න
හරිනේ…
පළවෙනි දවස hotel එකත් ඔයා කැමති විදියට ගන්න..
දෙවනි දවස නම් hilton .. හරිනේ..

Wow තේජ්…
ඔයා සේරම ගැන හිතලානේ….
මට කිසිම idea එකක් තිබ්බෙ නෑ කෙහොමද කරන්නෙ කියලා…

මටත් එහෙම හිතෙන්නෙ නෑ විෂ් ..
නිසල්ගෙ වෙඩින් එකට ඌ එක්ක එහෙ මෙහෙ ගය නිසා තමා දැනගත්තේ
වෙඩින් එකකදි සේරම දේවල් හිතන්න ඕන කියලා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දවස් තුනක් නුවර ගත කරපු ලොක්කිත් නිසලුත් නැවත නිවසට එන දවසේ පවුල් දෙකේ ළඟම නෑදෑයො ටික විතරක් එකතු වෙලා සතුට සැමරුවා…

පොඩ්ඩිත් බට්ටිත්,ලොක්කි නැතුව ඉන්න අමාරුවෙන් නමුත් දැන් හුරු වෙලා…

එ්ත් ඉස්සර වගේ රෑ වෙනකල්
කතා කර කර ඉන්නෙ නෑ…
පොඩ්ඩි ඉක්මනින් නින්දට යද්දි,
බට්ටි බෙඩ්සීට් කූඩාරමේ හැංගිලා
ෆෝන් එකේ ගේම් ගහනවා,
නැත්නම් තේජාන්ගෙ පරණ මැසේජ් බලනවා නින්ද යනකල්ම….
ආයෙම තේජාන්ට මැසේජ් කළේ නෑ..
දැන් බට්ටිගෙ එකම බලාපොරොත්තුව තේජාන්ම නැවත බට්ටිව හොයාගෙන එනු දැකීමයි…..
මොකද තේජාන්ගෙ ඇස් වල ලියවුණු ආද⁣රේ බට්ටි හොඳින්ම කියෙව්වා…
තේජාන් කවදම හරි දවසක ආයෙම එන බව බට්ටිට විශ්වාසයි….

ලොක්කිගේ දෙවනි දවසෙ වැඩත් ඉවර වුණාට පස්සෙ ආව ඉරිදා දවසක තිළිණ බට්ටිට කතා කළා….

බට්ටි මෙතනින් ඉඳගන්නවා…
මට ටිකක් කතා කරන්න ඕන…
තිළිණ ඉදිරියෙන්ම වූ පුටුවක් දක්වමින් කිව්වේ…

ඇයි අයියා…..
බට්ටි ටිකක් බයෙන් තමා තිළිණ පෙන්නපු තැනින් ඉඳගත්තෙ…

තිළිණ බට්ටිගෙ ඇස් දිහාමබලන් කතා කළා…
දැන් මම කියන දේ හොඳට අහගන්න බට්ටිච්චි…
මම තමුසෙගෙ අයියා…
තමුසෙට කිසිම විදියකින් වරදක් වත්, අසාධාරණයක් වත් වෙනවට අම්මට තාත්තට පස්සෙ අකමැති කෙනෙක් ඉන්නවා නම් ඒ මම….
ලොක්කියි පොඩ්ඩියි වුණත් එහෙම තමා…
දැන් මේ තේජාන්ගෙ ප්‍රශ්නෙ…
මම සේරම දන්නවා..

බට්ටිගෙ ඇස් ගැස්සුණා…
කඳුළු පිරුණෙ අයියා ගහයි කියලා…

ඒක තිළිණ දැක්කා…
හිටපු තැනින් නැගිටලා ඇවිත් බට්ටිට එහා පැත්තෙ පුටුවෙන් ඉඳගත්තා…
බට්ටිගෙ කරට අත දාලා තමන්ගෙ උරහිසට හේත්තු කරගෙන කතා කළා..

අහනවාකො….
අපේ ගෙදර චණ්ඩි රැජින..
මොකෝ මේ..
ගහන්න බනින්න නෙමෙයි..
තේරුම් කරන්න කතා කළේ…
මේ ටික හොඳ..ට ..
අහන් ඉඳලා තේරුම් ගන්න…
තේජාන් නෙමේ…
උඹ ජනාධිපතිගෙ පුතා එක්ක යාළු වුණත්..
උඹලා දෙන්නම එක තීරණේක නම් මේ අයියා උඹලව බන්දලා දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ බං..
අයියා වසයි තමා..
ඒ ආදරේට…
උඹලා ඉස්කෝලෙ යන කාලෙත් කොල්ලො එක්ක යාළු වෙන්න නොදී ආරක්ෂා කලේ..
මමත් කොල්ලෙක් නිසා….
ඒ කාලෙ කොල්ලන්ට තියෙන හැඟීම් මම දන්න නිසා..
හෝමෝන ක්‍රියාකාරිත්වයට දැඟලුවට ගොඩක් උන්ට ආදරේ කියන්නෙ මොකක්ද, මොකටද ඒක කරන්නේ කියලා වත්
තේරෙන්නෙ නෑ….
ඉඳලාමත් හිටලා එකෙක් දෙන්නෙක් අැති ආදරේ හරියට තේරුම් ගත්ත..
ඒත් බහුතරය රැල්ලට යන්නෙ..
හ්ම්ම් එවා දැන් අදාළ නෑනේ…

තේජාන්…
තෙජාන්ට කෙලින් තීරණයක් ගන්න පුළුවන් කම තියාගෙන ..
වැට උඩට වෙලා කකුල් දෙක දෙපැත්තෙන් තියාගෙන ඉන්න කෙනෙක්….
තේරුම් ගනින් නංගියෙ..
ජීවිතේ කොතනකදි වුණත් ඒ මනුස්සයා ඒ වගේ දෙපැත්තෙම කකුල තියාගෙන ඉන්න තීරණ නෙගනියි කියලා කාටද විශ්වාස කරන්න පුළුවන් ….??
ආ….???

මමත් කොල්ලෙක්..
ඒ නිසා මට ඌ හිතන විදිය තේරෙනවා බං
අනික මම කෙලින්ම ඌ එක්ක කතා කළා…
ඒත් උෟට මම තර්ජනය කරලාවත් ඌ කිව්වෙ නෑ..
“”ඇයි මොනවා කරන්නද මම බට්ටිට
ආදරෙයි “” කියලාවත්…

කිව්වෙ…
“”මට මිතුණිව ඕන නම් මම කාගෙවත් කීම් අහන්නෙ නෑ.
මට තාම එහෙම ඕන කමක් නෑ””
කියලා බං…
හිතපං…
ඌ මහ ආත්මාර්ථකාමියෙක්…
උෟගෙ උවමනාව මිසක් උඹ ගැන,
උඹේ හිත ගැන ඌ හිතන්නෙ නෑ…
එ් නිසා..
මගෙ නංගියෙ..
මේ මම උඹට මේ ගැන කතා කරන පළවෙනි සහ අන්තිම වතාව…
තේජාන් එක්ක කිසිම විදියකින් ආයෙ සම්බන්ධයක් හදාගත්තොත් එදාට මේ පවුලම උඹට නැති වෙනවා කියලා විතරක් මතක තියාගනින්…
තේරුණාද…
උඹේ මේ අයියා…
පණ වගේ උඹට ආදරේ නිසයි මෙහෙම කියන්නෙ….
උඹට මෙ⁣හෙම තේරුම් කරලත් තේරුණේ නැති විදියට ⁣තීරණ අරන් මුළු පවුලම නැති කරගන්න එපා…
හරිද…
අහන්න හරි කියන්න හරි දෙයක් තියෙනවද

බට්ටි ඔළුව දෙපසට වැනුවෙ
නෑ කියන්න

හ්ම්ම් …
එහෙනම්
දැන් ගිහින් පොඩ්ඩි එක්ක රණ්ඩුවක් දාගෙන ඉන්නවා..
අද මේ කියපු වචනයක් වත් අමතක කරන්නෙපා…
තමුසෙට මුළු පවුලම නැති වෙයි එහෙම වුණොත්…

බටටි කඳුළු පිරි දෑසිනම කාමරේට ගිහින් ඇඳට වැටුණා…
පොඩ්ඩිත් ⁣කාමරේ දොර ළඟ ඉඳන් තිළිණ කිව්ව දේවල් අහගෙන ඉඳලා
බට්ටිට මොකුත් නොකියම පාඩුවෙ හිටියෙ
තිළිණ කිව්ව එක වචනයක් වත් බොරු නෙමේ නිසා….

තිළිණ පොඩ්ඩි එක්කත් කතා කළා බට්ටිට කතා කරන්න කලින්..
ඒ අනුහස් ගැන කිසිම අකමැත්ක් නැතත් ඒ තේජාන්ගෙ මල්ලි නිසා..
අනුහස් එක්ක පවුලට බැඳීමක් ඇති වුණොත් මොන මොන ප්‍රශ්න ඇති වෙයිද කියලා ටිකක් හිතලා බලන්න කියලා..
ඒත් දෙන්නාට දෙන්නා ඕනම නම්…
ඒ ප්‍රශ්න මොකුත් නොහිතා කසාදෙ කරන්න..
බට්ටිවත් හොඳ කෙනෙක් හොයලා බන්දලා දුන්නම සේරම හරි යයි කියලා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️

බට්ටි එදා ඉඳලා තෙජාන්ගෙ හැම සම්බන්ධයක්ම අත ඇරලා දැම්මා..
ෆෝන් නම්බර් එක, පවා වෙනස් කළා…
ඒත් බට්ටිගෙ හිතේ තේජාන් ගැන තිබ්බ ආදරේ දශමෙකින් වත් අඩු වුණේ නෑ…
බට්ටි හිතුවෙ…
ආදරේ කියන්නෙ හිමි කරගැනීම නෙමේ..
තේජාන් අයියාගෙ සතුට මාළඟ ඉන්න එක නෙමේ නම්…
එයා සතුටින් හිටපුදෙන්..
මම එයාට ආදරේ කරන එක නවත්තන්න කාටවත් බෑ…
වගේම මට හිතින් ආදරේ කරන්න කාගෙනවත් තහනමකුත් නෑ…
කියලයි….
බට්ටි එදා ඉඳන් සාමාන්‍ය විදියට හිටියා..
මොකද දැං බට්ටි හිතින් විඳවන්නෙ නෑ…

ඒ අතර තේජාන්ගෙ විවාහයට සියල්ලම සූදානම් වෙමින් පැවතුණා…
තේජාන් කිහිප වතාවක් බට්ටිට කතා කරන්න උත්සහ කළත් බැරි වුණා….
වැඩ නිසා තෙජාන්ට බට්ටිගෙ පංති ළඟට යන්න වත් වෙලාවක් වෙන් කරගන්න බැරි වුණා…

අනුහස් එ් ගැන පොඩ්ඩිව දැනුවත් කළා….
ඒ වගේම බට්ටි නම්බර් මාරු කරපු නිසා තේජාන් බට්ටිව හම්බෙන්න උත්සහ කරන බවත් කිව්වා…
අනුහස් වුණත් කැමති වුණේ නෑ අයියාගෙ මේ දෙබඩි පිළිවෙතට..

ඒ නිසා බට්ටිට හොරෙන්ම ලොක්කි, පොඩ්ඩි තිළිණ එකතු වෙලා තීරණයක් ගත්තා..

මේ වෙද්දි නිසල්ටත් ලොක්කි විස්තර කියලා තිබබ නිසා…
තේජාන් කපටි කමින් නිසල්ගෙන් බට්ටි එක්ක කතා කරන්න විදියක් හදාගන්න දරපු උත්සහයත් වැරදුණා…
තේජාන්ට ඕන වුණේ ලංකාව දාලා යන්න කලින් ආයෙ එකම එක වතාවක් බට්ටිව මුණගැහෙන්න …
ඒත් තේජාන්ට ඒ සඳහා කිසිම ඉඩක් ලැබුණෙ නෑ…

තේජාන්ගෙ විවාහය ඉවර වෙලා රට යනකල් ලොක්කි ළඟ බට්ටිව තියන්න කතා වුණා…
මොකද උදේට උයන නිසා
ලොක්කි,නිසල් වැඩට ගියාට පස්සෙ නිදහස්…
බට්ටිට ලොක්කි එක්කම ලෙක්චර්ස් යන්න එන්න සිද්ද වුණා..
බට්ටිට හිතාගන්න බැරි වුණා මේ ඇයි කියලා..
ඒත් මොකක් හරි තේජාන් නිසා කරන දෙයක් කියලා නම් තෙරුණා….
බට්ටිට තේජාන්ගෙ විවාහය ගැන මොකුත් දැනගන්න ඉඩක් තිබ්බෙත් නෑ….

මේ ලොක්කි…
තමුසෙලට පිස්සුද හලෝ මාව මෙහෙම මුරකාවල් දාගෙන ඉනනෙ…
මට ⁣මොකෙක් එක්කවත් connection තියාගන්න ඕන නෑ…
මම කිවවානෙ..මාව විශ්වාස නැද්ද
දවසක් ලෙක්චර්ස් ඇරිලා යන ගමන් බට්ටි කිව්වා…

අපිට ඔයාව විශ්වාසයි බට්ටි…
අර කපටි තේජාන්ව විශ්වාස නෑ..
නිසල් අයියට මාරම දුකයි..
එයා නිසා මේක වුණේ කියලා..

තමුසෙලට පිස්සු හලෝ…
මට තේජාන්ව හම්බුණේ P&S එකේදි.
නිසල් අයියා එක්ක ඇවිත් නෙමේ…

ඒත් නිතර නිතර හම්බුණේ අපේ වෙඩින් වැඩ නිසානෙ…

අනේ යනවා හලෝ…..
හම්බෙන්න තියෙනවා නම් කොහෙදි කොහොම හරි මුණගැහෙනවා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

තේජාන්ගෙ විවාහය මහා ඉහළින් පැවැත් වුණා…
තෙජාන් අනුහස්ට කිව්වත් බට්ටිගෙ මුළු පවුලටම invite කරන්න කියලා අනුහස් ඒක මග ඇරියා…..

තේජාන්ට,
කතා නොකළත්..
අන්තිම වතාවට චූටි බෝම්බෙව බලන්න හරි ඕන කම තිබ්බා…

අනුහස් අඩු තරමෙ පොඩ්ඩිට වත් කතා කළේ නෑ
⁣නිසල්ට ආරාධනා කලේ තේජාන් ……
කරපු උදව් අමතක කරන්න තරම් නිසල් මෙන්ම ලොක්කිත් කුහකයන් නොවන නිසා…
ලොක්කිත් නිසලුත් තේජාන්ගේ විවාහයට ගියා….

කියන්න බැරි තරමේ ලස්සනට තේජාන්ගෙ විවාහය සංවිධානය කරලා තිබ්බා….
ලොක්කිට දුකත් හිතුණා….
තේජාන් අයියා ඇත්තටම බට්ටිට ආදරේ වුණා නම් අද විෂ්මි ඉන්න තැන ඉන්නෙ බට්ටි නේද කියලා හිතුණා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොක්කිගේ විවාහයට හරියටම දවස් 40කට පස්සෙ තේජාන් ලංකාව හැර දමා විෂ්මිත් එක්ක ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගියා….

බට්ටි තාමත් දන්නෙ නෑ….
ඇත්කටම ගතතොත් තිළිණගේ කතාවෙන් පස්සෙ..
බට්ටි තීරණය කළේ
ඉස්සරම වගේ ඉන්න…
කවදාවත් බඳින්නෙ නෑ….
කියන අදහසට බට්ටි ආවා…
තේජාන්ට පණ තියෙනකල් ආදරේ කරමින් ඒ ආදරේ එක්කම ජීවත් වෙනවා කියලා හිතුවා…
ඒ නිසා ආයෙම තේජාන් ගැන හොයන්නත් බට්ටිට ඕන කමක් තිබ්බෙ නෑ…

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *