තිස්වන දිගහැරුම 30

ගයාන් කාරය පැදවූයෙ ඉතා වේගයෙනි

“හිමින් යමන් යකෝ…උබ මැරෙන්නද හදන්නේ..”

“බයවෙන්න එපා මේ ගයියාගෙ ඩ්‍රයිවින් ශුවර්…ඉක්මනට යන්න ඕනෙ නැත්නම් මෑන් මිස් වෙනව..”

“කවුද බන්..මිස් වෙන්නෙ..”

“ශයිනිගේ හස්බන්ඩ්..”

“මොකක්..”දේව් ඇසුවේ පුදුමයෙන්

“ඔව්..මම ඔක්කොම හොයාගත්තා..ඒවා සාක්ශි ඇතුව පෙන්නන්න තමයි උබව එක්ක යන්නෙ..අපි මේ හරියෙන් කා එක නතර කරලා ඉතුරු ටික පයින් යමු..නැත්නම් කා එකේ සද්දෙට මිනිහා පැනගනී…”ගයාන් පැවසූවේ කාරය නතර කරමින්

“දේව් මචන් බැහැපන්..යමන් අද උබට මම ඇත්ත පෙන්නන්නම්..ශයිනි කියන්නෙ කවුද කියලා උබට හරියටම දැන් දැන්ගන්න පුලුවන්..”

දේව් සිටියේ හොද මානසිකත්වයක නොවේ..ඔහුට තවමත් ගයාන් පවසන දෙය විශ්වාස කල නොහැකි විය

“ගයියා මට මේ මොකුත් තේරෙන්නෑ බන්..ශයිනි මැරි කරපු කෙනෙක්ද..එතකොට ඒකි මාව රැවැට්ටුවද…”

“ඔව්..උබට මම පස්සෙ පැහැදිලි කරන්නම් දැන් යමන්..”

“හ්ම්..”

ගයාන් හා දේව් ශයිනිගේ නිවස අසලට ලගා වූයේ ඉක්මනින්

“ගේට් එක වහල ගයියා..”

“තාප්පෙන් පනිමු..”ගයාන් පවසද්දී

“උබට පිස්සුද ..තාප්පෙන් පනින්න..”

“ඔව් ඇයි යකෝ උබට බෑ කියලනම් දැන් කියන්න එපා…ස්කෝලෙදි අපි කොච්චරනම් තාප්පෙන් පැනල කට් කරලා ක්‍රිකට් මැච් ගහන්න ගිහින් තියනවද..”

“හරි හරි…පනිමු..”

“අන්න එහෙම වරෙන්…”ගයාන් තාප්පෙන් පැන්න පසු දේව්ද ඔහුව අනුගමනය කරනු ලැබුවා..

හරි දැන් වත්තට ආවා කියහන්කො..දැන් කොහොමද ගෙට යන්නෙ..”දේව් අසද්දී

“අපෝ උබ නම් බන් අම්මපා….මේ ගයියාට බෑ කියලා දෙයක් නෑ..මම කලින් මේකිගෙ ගෙදරට පැනපු වෙලේ අර පිටිපස්සෙ ජනේලෙ ලොක් එක කැඩුවා..වරෙන් ජනේලෙන් පැනලා ගෙට යමු…ඔය සෙරෙප්පු ගලෝපන..නැත්නම් සද්දෙ ඇහෙයි..”

“මොකක්..උබ මීට කලිනුත් ශයිනිගෙ ගෙදරට ආවද ආ…හොරෙන්..”

“ඔව්.ඔව්..උබට හැම මගුලම ඕනෙ නෙ අම්මපා..ඕවා ඔක්කොම උබට මම පස්සෙ කියන්නම්..දැන් වර යන්න..”

ගයාන් හා දේව් නිවසට ඇතුලු වූයේ කිසිදු හඩක් නොනගා

දැන් යමන්..ජෝඩුව අතටම අල්ල ගන්න…හිමින් වරෙන් සද්ද නොකර..”ගයාන් පැවසූවේ තරප්පු පෙල නගින ගමන්..

දේව්ද ඔහු පසු පසින් ආවේ තවමත් ඔහු පවසන දෙය පිලිබද කිසිදු විශ්වාසයක් නොමැතිවයි…

ශයිනිගේ කාමරය අසලට ආ ගයාන්
“දේව් දැන් ඇරපන් දොර..හැබැයි මොන දේ දැක්කත් කලබල කරන්න බෑ..”

ගයාන් පවසද්දී දේව් ඔහුට හිස වැනුවා..

“දොර ලොක් කරලද දන්නෑ බන්..”

“නෑ උබ ඇරපන්කෝ..ආ නැත්නම් ඔහොම ඉදපම් මම අරිනකම්…උබ මන් ඇතුලට ගියාට පස්සෙ මම කීවම වරෙන් හරි..”

“හා..”

ඉන්පසු ගයාන් දොර ඇර ඇතුලට යද්දී දේව් දොරට මුවා වී සිටියා…

ආ සංජය කොහොමද ඉතින්…”

“ගයාන්..තමුන්…”

“ආ ශයිනි මැඩම් ගයාන් තමයි…”

“ලැජ්ජා නැද්ද මිනිහො මෙහෙම ගෙදර රූම් එකකට ඔහොම එන්න…”

“හි..හි..හි…ලැජ්ජා නැද්ද කියල මගෙන්ද ගෑනියෙ අහන්නෙ.සල්ලි වලට එක එකා එක්ක මගුල් නටන උබද මගෙන් ලැජ්ජා නැද්ද කියලා අහන්නෙ..”ගයාන් ඇසුවේ කෝපයෙන්.

ගයාන් තමුන්ගෙ කට වැඩි…”සංජය පැවසුවේ ඔහු අසලට එමින්

“මගෙ කට කොහොමත් වැඩී කියලා උබ දන්නවනෙ සංජය…”

“ගයාන් උබට මම…”

“ඇයි උබ මට මොනව කරන්නද සංජය..යකෝ සල්ලි වලට තියන කෑදරකමට තමන්ගෙ කසාද ගෑනිව වෙන උන් ලගට යවන උබට කොන්දක් තියනවද මිනිහො…උබ පිරිමියෙක්ද කියලත් මට සැකයි..”

“මොකද්ද තෝ කීවේ”සංජය ඇසුවේ ගයාන්ගේ කොලරයෙන් අල්ලා ගනිමින්

සංජය..මූව මරලා දාන්න තියෙන්නෙ..මේක හින්දා තමයි මට අර දේව්ට ලන්වෙන්න බැරි..මම ඌව රව්ට්ටගෙන හිටියෙ හොදට..මූ අර වන්දනා කියන එකීව දේව්ට ලන් කරන්නමයි හදන්නෙ…මිනිහත් දැන් වෙනද වගේ නෙමේ. ඌට වෙනදා මගෙන් තොර ලෝකයක් නෑ. ඒත් දැන් මිනිහත් වෙනස් වෙලා..”ශයිනි පවසද්දී දේව් කාමරයට ආවේ වියරුවෙන්

“දේව්”ශයිනි කීවේ පුදුමය මුසු හඩකින්

“ඔව් බැල්ලියේ දේව් තමයි..පට්ට බැල්ලි තෝ මාව අවුරුදු කීයක් රැවැට්ටුවද…”දේව් ඇසුවේ ශයිනිට ලන් වෙමින්

පිටුපසට ගිය ශයිනිගේ දෑතින් හයියෙන් අල්ලාගත් දේව් ඇගේ කම්මුලට ගැසුවේ ඇය බිමට තල්ලු කරමින්

ගයාන් එල්ල කර පාපාහරි සංජයද බිම ඇද වැටුනි

“කියපන් ශයිනි තෝ ඇයි මට මෙහෙම කරේ…ආ කතා කරපන්..”දේව් ඇසුවේ ශයිනිගේ කෙස් වැටියෙන් අල්ලා ගනිමින්

“දේව් අනේරිදෙනවා අත අරින්න..මම මේ දේවල් කරේ සංජය කියපු නිසා”

“සංජය..”දේව් සංජය දෙසට හැරී ඔහුගේ කොලරයෙන් අල්ලා ගත්තේ කෝපයෙන්

“කියපන් තෝ මෙහෙම කරේ මොකද..”

“උබගෙ පවුලෙන්ම පලිගන්න..”සංජය පැවසුවේ වියරුවෙන්

“පලිගන්න. ඒ මොකටද මිනිහො…”

“උබගෙ තාත්තා මහේන් මාව රස්සාවෙන් දොරට දැම්මෙ බල්ලෙක් වගෙ..”.

“රස්සාවෙන්..”දේව් පුදුමයෙන් අහද්දී

“ඔව්..මම උබලගෙ නුවර හොටෙල් එකේ වැඩ කරපු මැනේජර් .මීට අවුරුදු 7 කට කලින්..මම උබලගෙ හොටෙල් එකෙන් රුපිලයල් 100000 හොරෙන් ගත්තා කියලා මහේන් මාව එලියට ඇදල දැම්මෙ බල්ලෙක් වගේ..”

“මොකක්..”

“ඔව්..උබ එතකොට හිටියෙ ඉන්ගල්න්ඩ් වල..”

“ඉතින් “

“මම දැනගෙන හිටියා උබගෙ තාත්තා උබට පන ඇරල කියලා. මට ඕනෙ උනේ උබට රිද්දලා උගෙන් පලිගන්න..ඒ නිසයි මම ශයිනිව උබට ලන්කරෙ..මම හිතුවටත් වඩා උබ මේකිට ආදරේ කරා..මට ඒක මගෙ ටාගට් එකට යන්න ගොඩක් ලොකු හයියක් උනා..උබ මේකි ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දුන්න..අපිට ඕනෙ උනේ උබලව හිගන්නු වගේ පාරට ඇදලා දාන්න..ඒත් මෙන්න මූ අපේ හැම ප්ලෑන් එකක්ම අවුල් කරා..”සංජය පැවසුවේ ගයාන් දෙසට ඇගිල්ල දික් කරමින්

“ගයියා උබ කොහොමද මේව දැනගත්තෙ..”දේව් අසද්දී

ගයාන් ශයිනිගේ කාමරයේ තිබූ කන්නාඩිය අසලට ගොස් එයින් පුංචි කැමරාවක් ගෙන

“මෙන්න මේකෙන් …”

“වට්…කැමරාවක්..ඒත් මගෙ රූම් එකෙ…”ශයිනි ඇසුවේ පුදුමයෙන්

“ඇයි ශයිනි බබා ඔයා පුදුම උනාද..”ගයාන් අසද්දී

“ඒත් කොහොමද බන් උබ මේක මෙතන හයි කරේ..”දේව් අසද්දී ගයාන් ඔහු සිදුකල සියල්ල පැවසුවා

“එතකොට වන්දනත් මේව දැනගෙන හිටියද…”

“ඔව් බන්..නංගා මේ ඔක්කොම දැනගන හිටියා…”ගයාන් පවසද්දී

හ්ම්..ශයිනි තමුන් ආයෙ මගෙ ඇස් දෙකට පේන්න එන්න එපා..එහෙම උනොත් මම මොනව කරයිද දන්නෑ..සංජය උබ හැප්පුනේ වැරදි මිනිහා එක්ක..උබ වැඩිය දගලන්න එපා එහෙම උනොත් මේ දේව්ගේ රිටන් උබට දරාගන්න අමාරුවෙයි..ගයියා යමන්..”දේව් එසේ පවසා එතනින් පිටතට ආවා

කාරයට නැගි දේව් දිගු සුසුමක් පිටකලේ හිතේ තිබූ වේදනාවටය..

දේව්..මචන්…”

මචන් ගයාන් මට ටිකක් තනියම එන්න ඕනේ..මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දීපන්..”දේව් පැවසුවේ අසුනට බරවී දෑස් පියාගනිමින්

ඉන්පසු නිවසට එනතෙක් ගයාන් වදනක්ව නොපැවසුවේ ගයාන්ගේ මානසිකත්වය අවබෝධ කරගත් නිසා..

නිවසට ආ දේව් කාරයෙන් බැස නිවස තුලට යද්දී වන්දනා ඔහු ඉදිරියට ආවා

“දේව්…”වන්දනා ඔහුට කතා කරත් ඔහු එය නොඇසුනා සේ තම කාමරයට ගියේ ඇය බලා සිටියදී

“ගයාන් අයියා..මොකද උනේ..”වන්දනා ගයාන්ගෙන් අසද්දී

“හැමදේම දේව් දැනගත්තා නංගා..”යැයි පැවසූ ගයාන් සිදුවූ සියල්ල වන්දනාට පැවසුවා

කාමරය දෙසින් යමක් බිදෙන හඩක් ආවේ මේ මොහොතේදී..වන්දනා හා ගයාන් උඩු මහලට දිව යද්දී දුටු දෙය නිසා වන්දනා බියවී කෑගැසුවා

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

මම මොකුත් කරේ නෑ ඔන්න..ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *