~තුන් පෙති මල~ 03

3 වන දිගහැරුම *

“ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය.”

(සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දකි)

පියුමි ගෙදර ගිය වහාම ඉක්මනින් මූන කට සෝදා ගත්තේ ගමන් වෙහෙස නිසාම ඉක්මනින් ඇදට වැටෙන්නට සිතාගෙනය.

ඒත් අම්මා සාදන ලද ඉදි අප්ප සුවද කාමරයටම එන විට ඉදි ආප්පයක් කාලම නිදනවා යැයි ඇය ඉටා ගත්තාය.

මයේ දුවේ…… කාලා හිටියනම්.. ඉදි අප්ප නිවෙනවා…..

හරි අම්මේ එන්නම්…..

රාත්‍රියට අදින් නයිට් ගව්ම ඇග ලා ගත් ඇය ඉක්මනින් කෑම කාමරේ දෙසට යන්නට විය.

තාත්තා කෑවේත් නැද්ද තාම?

නෑ දුව එනකල්ම හිටියා..

කන්නනේ තිබ්බෙ තාත්තේ. මම නිසා බඩගින්නෙ හිටියෙ ඇයි? එසේ කියමින් සදුනි කෑම මේසයේ වාඩි වූවාය.

හොදට බෙදාගන්න්න මයේ දුව. Hostal වල කෑමත් හරි නෑනේ . ගෙදර ඉද්දි වත් කටට රහට කන්න. අම්මා එසේ කියමින් සදුනිගේ පිගානට ඉදි ආප්ප බෙදුවාය.

ඉක්මනින් කෑම කා අවසන් වූ සදුනි මවටත් පියාටත් වැද නිදන කාමරය වෙත ඇදුනාය.කාමරයට යන විටත් ඇගේ ජංගම දුරකතනය නාද වෙමින් පැවතුණි ..

Hello දහම්..

ආ බබා කැවද?

ඔව්… දැන් නිදන්න හැදුවේ.

හ්ම්ම් මහන්සි ඇති නේද කෙල්ලට…?

ඔව් ටිකක්. තියන්නද මම.

මොකද බබා වෙලා තියෙන්නෙ? තාමත් තරහද මගේ එක්ක.සරි කිව්වනේ ඉතින්.

දැන් වැඩක් නෑ දහම්. මම තියනවා

ඇය හකුලුවා ගත් මුහුනින් දුරකතනය විසන්දි කොට ඇදේ ඇල වුනි. නැවත දුරකතනය නාද වුවත් එය දහම් ගෙන් බව දන්නා ඇය එය එසේ නාද වන්නම ඉඩ හැරියාය.

ඇයි මම දහම් ට මෙහෙම කරන්නේ. එයාගෙන් මට වැරැද්දක් වෙලා නැහැනෙ . ඒත් ඇයි මට එයාට එහෙම කරන්න හිතෙන්නේ. සදුනි ඇගේ හිතෙන්ම ප්‍රශ්න කලාය. මට මේ මොකද්ද වෙලා තියෙන්නේ?

. දුමිදු…… එයාගෙ number එක මට දෙද්දි ඔනි නම් ඒක ගන්නෙ නැතුව ඉන්න තිබුනනේ. ඒත් මම ඒක ගත්තා. ඒ ඇයි?? අනේ මන්දා මට තෙරෙන්නෙ නෑ .
මෙලෙස සිතුවිලි වල ගිලී සිටි ඇයට නින්ද අහලකවත් නොවීය.

ඇය දුමිදු ගේ අංකය ට ඇමතුමක් ගත්තාය.

රින්ග්ස් යනවා ගන්නේ නැහැ නේ මෙයා….

බලමු තව පාරක්….

අපෝ මූ බොරූ කාරයෙක්. මට number එක දුන්නට ඌට මාව මතක නැහැ වගේ. ෂික් ලජ්ජා නැතුව මමත් ඌට ගත්තනේ calls.

එසේ සිතූ ඇය දුරකතනය පසෙකලා දෑස් පියා ගත්තාය.

……………………………………………………………………

උදෑසන හිරු කිරන කාමරයට එබි කම් කරද්දීත් සදුනි තව තවත් පොරෝනය තුලට ගුලි ගැසුණේ මෙලෙස නිදන්නට හැකි වන්නේ ගෙදර ආවොත් පමනක් බව සිතමින් ය.

එක් වරම ඇගේ දුරකතනය නාද වන්නට විය.දහම් වෙන්න ඇති. යැයි සිතමින් ඇය දුරකතනය අතට ගත්තාය.

ම්ම්ම්ම්ම් මේ කව්ද ? දන්නේ නැති number එකක් නේ.

Hello…..

Hello good morning…..

Goog morning… කවුද මේ??

ඇයි අනේ මාව අදුරන්න බැරිද.? මම දුමිදු..

ඇය වහාම කන අසල තිබූ ජංගම දුරකතනය දෑස් ඉදිරියට ගෙන තිරයේ දිස් වන අංකය දෙස බැලුවාය .

දෙයියනේ එයා….

ආ…හ්… ඔ..යා….

මොකෝ බය වෙලා වගේ. ඔව් මම තමයි. ඔහු සිනාසෙයි..
සොරි හොදේ ඊයෙ මට answer කරන්න බැරි වෙලා. නින්ද ගිහින් අප්පා….

ආහ් ඒකට කමක් නැ. අද call කලානේ…

මම call කරන කල් බලාගෙනද හිටියේ.??

න්..නෑ…හ්… මට වෙන වැඩ නැතුවට ??

දෙදෙනාම සිනාසෙන්න විය.

ඉතින්???

විනාඩි 15ක් පමන දුමිදු සමග කතා කල සදුනි දුරකතනය විසන්දි කර ඇදේ හිදගෙනම කල්පනා කරන්න විය.

එයාගේ කට හඩ… මට හරිම හුරු පුරුදු බවක්නේ දැනෙනේ ..

හරියට ගොඩ කල් ඉදලම දන්න කෙනෙක් වගේ. . මොකද්ද මට මේ වෙලා තියෙන්නේ දෙයියනේ … දහම් දන්නවානම් මේවා …..

………………………………………………………………….

හිත වෙනදාට වඩා පිරී ඇති බව සදුනිට සිතේ. දුමිදු ගැන සෑම විටකම හිතට නැගීම නිසා ඇයට වෙනදාටත් වඩා ප්‍රභෝදයක් දැනෙනට විය.

………………………………………………………………….

කෙල්ල මම call කරනකල් බලාගෙන ඉදල තියෙන්නේ. එයාව මේ තරමට මට මතක් වෙන්නෙ මොකද කියල මටම තෙරෙන්නෙ නැහැ .. call එකක් අරගෙන බලන්න ඔනි..

Hello

Helloo මොකෝ මේ ආයෙත්??

ඇයි අපි කතා කරනවට අකමැති ද??

(ඇය සිනාසෙයි) පිස්සුද අනේ. මම එහම දෙයක් කිව්වද..

කවද්ද කොලඹ යන්නෙ ඔයා?

අනිද්දට යනව. ඔයා එනවද මගේ එක්ක යන්න.

අනිද්දා නෙහ්. ම්ම්ම් බලමු මම කොහොම හරි try එකක් දෙන්නම්..

ඔන්න ඔයා එන්න ඔනි හොදේ…
(ඇය තොදොල් වූවාය)

හරි හරි dear මම ෆුල් try එක දෙනවා..

……………………………………………………………………

මහනුවර දුම්රිය ස්තානයේ සෙනග අතරින් සදුනි බලාපොරොත්තු වූ ඒ රුව තවමත් නැත . ඔහු දැන් එයි දැන් එයි යැයි සිතමින් ඈ පෙරමග බලන්නට වූවාය.

මම මේ කරන්නෙ හරි දෙයක් නෙවෙයි. දහම් ට කොයි තරම් ද්‍රෝහි කමක් ද?

දුමදුටත් එහෙමයි. එයාටත් බොරුවක් මම කරන්නේ .එයා දන්නේ නැහැ මට boy කෙනෙක් ඉන්නවා කියලා. ඒත් මම කරන්නේ වැරැද්දක් බව දැන දැනත් ඇයි මම දුමිදුටම ලන් වෙන්නේ.. මට මොකද්දෝ පුරුදු බවක් දැනෙනේ ඇයි දුමිදු එක්ක….

.එක් වරම ඇගේ ගෙල පෙදෙස උනුසුම් සුලන් දහරාවකින් උනුසුම් වන්නට වූයෙන් කලපනා දැහැනෙන් ඇය මිදුනාය.

ඔයා නම්….. ඇය ඔහුට කුඩා පහරක් අතින් ගසා සිනසුනාය.

ෂාහ් අද ලස්සන……

ඔව් එදා ඉතින් මහන්සියෙන් නෙ හිටියේ. අද fresh..

දෙදෙනාම සිනාසෙමින් දුම්රියට ඇදුනෝය.
………….

(හතර වන කොටසෙන් හමුවෙමු .)😀😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *