~තුන් පෙති මල~- 04

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය –

(4 වන දිගහැරුම )

ඒයි …පුදුමයි !!

ඒකනේ ළමයෝ. අපි දෙන්නගෙ ticket numbers දෙකම එක ලගනේ …

ඒකනේ…ඔයා කවද්ද tiket එක ගත්තේ දුමිදු?

ඊයේ… ඔයා??

මම එහෙන් එද්දිම return ticket අරගෙන ආවේ. මාර වැඩක් නේද මේකනම්.

දෙදෙනාම සිනාසෙමින් ආසන දෙකෙහි ඉද ගත්තෝය. මොකද්ද අනේ මේ සිද්ද වෙන්නෙ. එයා ගත්ත ticket එක මගේ ලග sheet එකටම අවේ කොහොමද?

දෙයියනේ මොකද්ද මේ සිද්ද වෙන්න යන්නේ? මගෙත් හිත ඇතුලෙ පොඩි ආසවක් තිබුනනේ දුමිදු ලග ඉදගෙන්න යන්න පුලුවන් උනොත් කියලා. ඒක හරි ගියානේ. බලමුකෝ ..

මෙයා මාව පිස්සු වට්ටනවනේ…

අනේ දුමිදු මට හිතාගන්නත් බැහැ අපි දෙන්නට එක ලග හම්බුනේ කොහොමද කියලා. පුදුමයි නෙ.

ඒකනේ ලමයෝ. මටත් හිතා ගන්න බැ . කමක් නෑ වැරදිලා හරි මටනම් හොද දෙයක් උනේ. අද නම් ඔයා ලග ඉදගෙන යනවමයි කියල ගෙදරදිම හිතාගෙන ආවේ.

පිස්සා…..

ඇයි?? ආසා නැද්ද ?? ඔහු සිනාසෙමින් ඇය දෙස බලා කියන්නට විය.

සදුනි ඔහු දෙස බලා සිනසුනා පමනි. ඉතිරි ටික ඔහු තේරුම් ගත්තා මෙන් ඔලුව වනා ඉදිරිය බලා ගත්ත ය.

හිතාගෙන ආව විදිහටම මෙයා ලග ඉදගෙන යන්න ලැබුණනේ. කෙල්ලටත් පුදුමයි. කොහොමද මෙහෙම ගැලපීම් වෙන්නේ..

සදුනි ලග ඉද්දි මට අමුතුම හැඟීමක් එන්නේ . ඒක මොකද්ද කියල මටම තෙරෙන්නේ නෑ . කෙල්ලගේ හිතෙත් මොකක් හරි තියෙනවා.

මගේ එක්ක කතා කරන්නෙ හරියට මහ කාලෙක ඉදන් දන්නව වගේ…

ඒ මොහිතේ දුමිදුගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඔහු කල්පනා දැහැනෙන් මිදුනේ එහි ශබ්දයටයි.

සදුනිද එකවරම ඔහු දෙස හැරී බැලුවේ කව්ද කතා කරන්නේ යන ප්‍රශ්නාර්ථයක් මුහුනෙන් මවාගෙනය.

Hel..ll….කියන්න
ඔව් ඔව් train එකේ ඉන්නේ…. ඔව් දැන් පිටත් වෙයි….
හරි හරි…. මම තියන්නම්…
බුදුසරණයි …

ඔහුගේ කතා ස්වරය තරමක් කලබල කාරී වූ නිසා සදුනි දෑස් හකුලුවා ඔහු දෙස බලාගත් වනම බලා සිටියාය.

මොකෝ බයවෙලා වගේ? Girl friend නේද???

පිස්සුද ලමයෝ. මට….එහෙම කෙනෙක් නැහැ තාම. තාම හොද කෙනෙක් හොයනවා…

ඉතින් තාම හම්බුනේ නැද්ද ?

ම්ම්ම් මම හිතන්නේ ලගදිම හම්බවෙයි….
එසේ කිව් දුමිදු සදුනි දෙස හොරෙන් බැලීය..

සදුනි අම්මාරුවෙන් ඒ දෑස මඟ හැර ජනේලයෙන් පිටත්ට දෑස් යොමු කරගත්තා ය.

දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙයි . එලෙසින්ම දෙදෙනාගෙම හදවත් වේගයෙන් ගැහෙන බව දෙදෙනාටම දැනෙන්නට වුවත් එය එකිනෙකාගෙන් මග හැර ගැනීමට දෙදෙනාම මහත් වෙහෙසක් දැරිය.

සදුනිගේ අත අසලින්ම දුමිදු තම අත තබා ගත්තේ අවස්තාවක් ලද හොත් පොඩි හරි ස්පර්ශයක් ලබා ගත් හැකි වේදෝ යන සිතුවිල්ලෙනි.. ඒ තරමටම ඔහුත් සදුනි කෙරෙහි දැඩි ඇල්මකින් සිටින බව ඔහුට තෙරුම් ගොස් තිබුනි.දුම්රිය ය බිගෙවල් පසු කරමින් කඩිනම් ගමනින් කොලබ දෙසට ආවද දෙදෙනාග්‍ර්ම සිත් කිව්වේ ගමනාන්තය ප්‍රමාද වනවානම් හොදයි යන්නයි. දුමිදු සදුනි දෙස බැලිය .

මොනවාද කල්පනා කරන්නෙ සදූ?

සදූ???

ඔව් සදූ ඔයාගේ නමේ short form එක.

මරු short form එක.. මගෙ නමත් වෙනස් කලා නෙද ඔය ටිකට…

මෙලෙස දෙදෙනා කතා කරමින් යන අතර තුර දුම්රියේ හඩ අධිකව දැනෙන අවතාවලදී එකිනෙකාගේ කන් අසලට මුව ලන් කර කතා කරන්නට විය.

එලෙස කන අසලට මුව ලන් කර කතා කරන විටදී දෙදනාගෙම උනුසුම් හුස්ම එකිනෙකාගේ කන් පෙති උනුසුම් කරන්නට සමත් විය. දෙදෙනාම එම හැඟීම්ට ප්‍රිය කල හෙයින් දෝ දුම්රිය ශබ්දය අඩුවෙන අවස්තා වලදීද එකිනෙකාගෙ මුව කන් වලට ලන් කර කතා කරන්නට විය.

එලෙස මුව ලන් කර කතා කරනා විටදී වරෙක දුමිදුගේ ඔලුව සදුනිගේ හිසේ වැදුණි . තවත් වරෙක දුම්රිය ගැසෙමින් ගමන් කිරීම නිසා දෙදෙනාගේම උරහිස් එකට ගැටුණි .

මේ සෑම මොහොතකදීම දෙදෙනාගේම තරුණ සිත් උනුසුම් වීමට හේතු විනි. හෝරා දෙක හමාරකට පමන පසු දුම්රිය කොලඹ කොටුවට ලගා විය.

අයියෝ ..ඉක්මනට කොලඹ ට ආවා අද..

හ්ම්ම්ම් ඒකනෙ සදූ වෙලාව යනවා තෙරුනෙත් නෑ …. අපරාදේ ….

දෙදෙනාම දුම්රියෙන් බැස දුම්රිය වේදිකාවේ
න් ඉදිරියට ඇදුනෝය. දුම්රියපොළේන් පිටත්ට පැමිණි ඔවුන් මීලගට කුමක් කරම්දෝ ලෙසින් දෙගිඩියාවෙන් පසුවිය.

හරි දුමිදු දැන් ඉතින් මම යන්නම්. ඔයා යන්නේ දෙහිවලට නේද??

ඔව්. ඔයටනම් මෙතනින් 138 ගන්න පුලුවන්නේ සදු…

හ්ම්ම් පුලුවන්. එහෙනම් මම යන්ම් දුමිදු…

මෙහ් සදු … එසේ කිව් දුමිදු සදිනිගේ අත් තදින් අල්ලා ගත්තේ ය.

ඇග හරහා විදුලියක් යන්නාක් මෙන් හැඟීමක් සදුනිට දැනුණුනි. ඇය ගේ දෑස දුමින්දු ගේ දෑස් හා එකට හමුවුනි..
ඔවුනොවුන් හා දැහැනට වැටුණාක් මෙන් එකිනෙකා දෙස මොහොතක් බලා සිටින්නට විය.

ඇ…ඇ…යි… දුමිදු….. ඇගේ කටහද වෙව්ලන්නට විය.

සදූ ඔයාට මම call එකක් ගත්තොත් answer කරනවා නේද??

ඔව් දෙයියනේ .. ඇගේ හදවත කෑ ගැසෙමින් තිබුණි.

ඔව් දුමිදු ….

හම්මෝ ඇති යන්තම්. දැන් තමයි හිතට හොද .

ඇයි???

නෑ ඉතින් කෙල්ල මෙතනින් ගියාට පස්සේ මාව අමතක කරයි කියලා බය උනේ මම..
කිව් දුමිදු ඇගේ අත හෙමිහිට අත හරින්නට විය..

හරි මම call එකක් දෙන්නම්කෝ ගිහින්. එහෙනම් පරිස්සමින් යන්න හොදේ.

හරි බබා ඔයත් පරිස්සමින්….

සදුනි දුමිදු දෙස බැලුවේ තමාට ඔහු බබා යැයි පැවසුවේ කුමන අරමුණින් දැයි සිතා ගැනීමට නොහැකියාවකිනි. ඇය ඔහුට ඔලුවෙන් සන් කර 138බස් නවත්වන ස්තානයට ඇදෙන්නට විය..
…………………………………………………………………..

බසයට ගොඩවූ සදුනි ජනේලයක් අසලම අසුනේ හිද ගනිමින් දුමිදු සිටි ස්තානයට නෙත් යොමු කලාය. ඔහු හුන් ස්තානයේ සිටම අත වනන්නට විය. බස් රථය ඉදිරියට ඇදුනි..

මට තෙරෙන්නේ නැහැ මට මොකක් වෙලාද කියලා. හානේ කොලබට එනකල් මම දහම් ට call එකක් වත් දුන්නේ නැහැ .

දහම් මට කතා කලෙත් නැහැනෙ ඉතින් …එයාටනම් කිසිම ගානක් නෑ මගේ ගැන .
දුමිදු අන්තිමේදි මට බබා කිව්වේ මොකද?.. එයාගෙ හිතේ මන් ගැන මොකක් හරි තියෙනවා වත්ද?
ෂික් මම මොනවා හිතනවද මන්දා.. මට කොල්ලෙක් ඉද්දි මේ මොනවද මම හිතන්නේ. .

ඒත් මීට දවස් දෙකකට කලින් හම්බ වෙලා අද වෙද්දි මම දුමිදුට මෙච්චර ලන් උනේ කොහොමද? එහෙම කවදාවත් දැකලා වත් තිබුනෙ නැති කොල්ලෙක්ට මම මෙච්චර ලන් උන එක වැරදි නේද?

කව්ද දන්නේ මොකාට එන්න හදනවද කියලා.. දෙයියනේ මට පිස්සුද මන්දා….

ඒත් දුමිදු… දුමිදූ….දුමිදු ..අනේ එයා මාව පිස්සු වට්ටනවනේ… එයාගේ හිනාව,කතා කරන ඇස් දෙක, අනේ මට ඒවා හරිහුරුයි වගේනේ. එයාව ආයේ ආයේ දකින්න ආසා හිතෙනවනෙ…

මට මට.. මොකුත් තෙරෙන්නෙ නැහැ . ඇයි මම එයාට මෙච්චර ලන් වෙන්න හදන්නේ කොල්ලෙක් ඉද්දිත්….

සදුනිගේ දුරකතනය නාද වූයෙන් ඇය කල්පනා දැහැනෙන් මිදුනි.

Hello

Hello බබා ඔයා කොලඹ ට ආවද??

ඔව් .. දැන් bus එකේ uni එකට යනගමන් දහම්.

ෂික් අනේ තරහ වෙන්න එපා බබෝ මම station එකට එන්න හිටියේ ඒත් වැඩක් වැටුණානේ.

කමක් නෑ ඉතින් . ඔයාට හැම වෙලේම වැඩ නේ දහම්…

ඔන්න ඉතින් ආයෙම රන්ඩු වෙන්න හදනවා. හරි පරිස්සමින් යන්න බබා. ගිහින් call එකක් දෙන්න.

Ok. Bye..

ඇය දුරකතනය විසන්දි කර ජනේලයෙන් ඉවතට දෑස් නිදහස් කලාය.

………………………………………………………………

සදුනිගේ සිත අමුතුම ප්‍රභෝදයකින් පිරී ඇත. හවස බෝඩිමට පැමිණ දුමිදුට කතා කල පසුත් දුමිදු විසින් ඇමතුම් හතර පහක්ම දෙන ලදී.

ඒ හැම ඇමතුමක් අවසානයේදී තවත් ඇමතුමක් ගැනීමට කාරනයක් දෙදෙනා විසින්ම ඇති කර ගත්තෝය.

කෙසේ නමුත් රාත්‍රියේදී දහම් ගේ good night call එකෙන් පසුව දුමිදුට ඇමතුමක් දී නිදා ගැනීමට ඇයට හිත කරදර කරන්න වුනි .

ජංගම දුරකථනය අතට ගෙන එහි දුමිදුගේ අංකයට ඇමතුමක් ගැනීමට යද්දීම් ඔහුගෙන් ඇමතුමක් තිරයේ දිස් වුනි. ඇය සිනහවකින් මුව සරසා ඇදෙහි ඇලවූවාය.

Hello…..

Hello සදූ….

කියන්න දුමිදු…

ඇයි ඔයා busy ද???

නැහැ ලමයෝ මම නිදාගන්න හැදුවා විතරයි.

හ්ම්ම් එහෙනම් හරිම වෙලාවේ මම කතා කලේ නේද?
(දෙදෙනාම සිනා සුනි.)

ඉතින්….

ඉතින් කියන්නේ ඉතින් තමයි…

හයියෝ මෙයා එක්ක කතා කරන්න මට වෙනම ඉගෙන ගන්න වෙයි වගේ. මොකෝ හිනා වෙන්නේ දුමිදු??

නැහැ අනේ හිනා යනවනේ ඔයා කියන ඒවට..

මෙසේ බොහෝ වෙලාවක් ඔවුනොවුන් කතා කරමින් සිටියෝය. එලෙස හෝරා දෙකක් පමන ගත වන විට දෙදෙනාම ඔවුනොවුන්ට සිතින් ඉතා ලන් වී සිටියෝය.

ඉතින් කියන්නකෝ පැටියෝ… මට ආසයි ඔයාගෙ කටහඩ අහගෙන ඉන්න

ඒ මොකද ඒ?? මගේ කටහඩ එච්චරම ලස්සනද?

ඔව්. වෙන කෙල්ලින්ට නැති uncommon කට හඩක් ඔයාට තියෙන්නේ බබා.. ආසයි අහගෙන ඉන්න.

ඔන්න ඉතින් බොරු කියනවා..

නෑ …. ඇත්තමයි.. ලස්සනයි…

හරි හරි ලමයෝ. දැන් අපි නිදා ගමු . ගොඩක් රෑ වෙලා දැන් .

හ්ම්ම්ම් okk බබා…. දුකයි තියන්න…

ඔව් දුමිදු මටත්. ඒත් ආයෙත් call කරනවනේ හෙට…..

(5වන කොටසෙන් හමුවෙමු ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *