~තුන් පෙති මල~ 05
(5වන දිගහැරුම )
-ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය..-
ඈතින් ක්ෂිතිජ ඉම සිත්ගන්නා ලෙසින් රන් වන් පාටින් වර්න ගැන්වී ඇත. මුහුදු සුලග ඇගේ හැපෙන්න වීමෙන් දෙදෙනාගෙම ගතට සිසිලක් දැනෙනට විය.
හතර වට සැදැ අදූරින් වට වී එන හෙයින් පෙම්වතුන්ට කදිම පාරදීසයක් මුහුදු වෙරලේදී මැවෙනට විය.
සදුනිත් දුමිදුත් වෙරල අද්දර බන්කුවක් මත හිදගෙන ඈත් සිතිජ ඉම දෙසට නෙත් යොමා සිටිති.
දුමුදු තම අත ඇගේ කර වට යවමින් ඇයව තම පපුවට තුරුලු කර ගත්තේය.
මොනවද මැණික කල්පනා කරන්නේ?
මොකුත් නෑ මහත්තයෝ…. හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා බබා.. ආසයි මෙහෙම ඉන්න. … යැයි කියමින් ඇය තව තවත් ඔහුට තුරුලු වුනා ය.
හ්ම්ම්ම් මටත් එහෙමයි සදූ… මට මෙහෙම ඔයා එක්ක ඉන්න තියෙනවනම් හැමදාම ඊට වඩා දෙයක් මට නෑ බබා …
ඔන්න බොරුවක් කිව්වා… කියමින් ඇය ඔහුගේ පපුවට පහරක් ගැසුවාය… ඒත් ඔහු කිව්වේ ඇත්තක් බව ඇගේ හිත දනී…
නෑ ඇත්තමයි…. ඔහු සෙමින් ඇගේ කන් පෙති අසල සිප ගත්තේය…. අනතුරුව ඇගේ මුහුන ඔහු දෙසට හරවා ඇගේ තොල්පෙති ඉතා පරිස්සමින් සිප ගත්තේ ඒවා සිනිදු මල් පෙත්තක් යැයි සිතා ඉතා මෘදු ලෙසිනි..
අනතුරුව සෙමින් ඇගේ ගෙල සිප ගත් ඔහු නැවතත් නිදහස් වූ තොල් පෙති තම දෙතොලේ ග්රහනයට නතු කර ගත්තේ ඇගේ සිහින් කෙදිරිලි හඩ මැද්දේය..
අනේ මහත්තයෝ කව්රුත් දකී.. ඔය… දැන් ඇති බබා…
අනේ මට පිස්සු වගේ මැණික …මට ලෝබයි ගෙදර යන්න. ඔයාට රෑ වෙනවා නේද…?
ඔව් බබා අපි දැන් යමු.. hostal එකට ඉක්මනින් යන්න ඔනී. නැත්තං case අනේ.. අයෙත් අපි meet වෙනවනේ ඉතින්.
හ්ම්ම්ම් හරි එහෙනම් යමු… මම මගේ මැණිකට ගොඩක් ආදරෙයි නේ… එසේ කිව් ඔහු ඇගෙ තොල් පෙති නැවතත් සෙමින් සිප ගත්තේය..
මමත් ආදරෙයි පණ…
…………………………………………………………………….
දුමිදු ඇයව නේවාසිකාගාරයේ ගේට්ටුව අසලින් ඇරලවා තම නවාතැනට ආවේ රාත්‍රී 9 ත් පසු වීය. ඔහුගේ හිත සදුනි හමුවීමෙන් පසු සිට පිබිදීමකින් ඇති බව ඔහුට තේරී ඇත.
හැම මොහොතකම ඇය ගැන සිහියට නැගේ. මෙයද ආදරය…. ඒත්….
ඔහුගේ සිත එක තැනක නතර වන්නේ යමක් සිහියට නැගෙන විටදීය. ඇය…………
ඔහුගේ කල්පනා දැහැන බිදෙන්නේ ජංගම දුරකතනය නාද වීමෙනි.
Hello බබා ….
ගියා කියලා කිව්වෙ වත් නැහැ … නරකයි..
අනේ sorry බබා තව මම wash දැම්මේ වත් නැහැ .
අපෝ හඩ්ඩා….. මූන හොදගන්නකෝ ගිහින්. ඊයා…
හරි හරි මම call එකක් දෙන්නම්කෝ සුදූ …
…………………………………………………………………….
මෙලෙස මසක් පමන ගතවුනි… දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි තරමේ බැඳීමක් ඔවුන් අතර ගොඩනැගි තිබුනි. එකිනෙකා නොදැක සිටීමට පවා නොහැකිව හැකි සෑම මොහොතකම හමුවිය . කතා කළෝය .
ඒ හමුවූ විට වෙනත් පෙම්වතුන් අතරද පවතින්නා වු අනුරාගී හැඟුම් වලට මොවුන්ද රිසි සේ ඉඩ දුනි. ආදරේ රසය උපරිමයෙන්ම විද ගත්තෝය.
මේ අතර සදුනි ටිකෙන් ටික දහම් ගෙන් ඈත්වන්නට වූ අතර දුමිදුට වඩාත් ලන් වන්නට විය.අවසානයේ දහම් සමග පැවති ප්‍රේම සම්බන්ධය සදුනි විසින් නවතා දමන්නට තරම සදුනි හා දුමිදු ආදරය දලු ලා වැඩෙන්නට විය .
අවසානයේ සදුනිට ආදරය පිරි සුන්දර ලෝකයක් මැවූ දුමිදු ඇගේ මුලු ලෝකයම විය. ඇයට ඔහුගෙන් තොර ලොවක් නොතිබුනි.
මේ අතර සදුනි විශ්ව විද්‍යාලයේ කටයුතු ඉතා මැනවින් සිදු කර ගත්තීය….
කාලය ගත් වුනි… දිනක් ඔවුන් හමුවී…….
බබා ඔයා අපි ගැන ඔයාලගේ ගෙදරට කියන්නේ නැද්ද ??
දුමිදු නිහඩය…ඔහුගේ දෑස් ඈත කොහේ හෝ අතරමන් වී ඇති සෙයකි.
හැමදාම ඔයා මේ ප්‍රශ්නෙන් මග අරිනව දුමිදු..
ඇයි අපි ගැන ගෙදරට කියන්නේ නැත්තේ ? තව මාස 5 කින් මගේ campus ගමනත් ඉවර වෙනවා. අනේ දුමිදු කතා කරන්න….
හ්ම්ම්ම්ම් බබා මට ඕකට දෙන්න උත්තරයක් නැහැ මැණික ….
මොකක් ! ඇයි??
බබා ඔයාට දෙයක් කියන්න තියෙනවා. මම ඔයාව දුර ගෙනාවා වැඩි කියලා හිතෙනව මැණික .
අ..අනේ… දුමිදු ඔයා මොනවද මේ කියවන්නේ..? පිස්සු හැදිලා ද??
ඔව් බබා මට පිස්සු. ඔයා මාව පිස්සෙක් කලා බබා… ඔයාගේ ආදරේ මාව පිස්සු වාට්ටුවා මැණික ….මම අසරණයි …..
තවත් විකාර කියන්නේ නැතුව මට කියන්න මොකද්ද කියන්න තියෙනව කිව්වේ.? අනේ දුක හිතෙන දෙයක් නම් එපා දුමිදු. ..
බබා මේකයි. මම ඔයාට තව බලාපොරොත්තු දෙන එකෙන් වෙන්නේ ලොකූ වැරැද්දක්..
ඔයාට මේදේ කියාගන්න බැරුව මම හිතෙන් පුදුම විදිහට විදෙව්වා මගේ මැණික ..
මට …සමා ..වෙන්න…..
සමාවෙන්න ?? ඒ මොකටද??
………..
(දුමිදු සදුනිට කියන්නේ මොකද්ද? 6කොටසෙන් හමුවෙමු)