~තුන් පෙති මල~ 08 (අවසන් කොටස)

(අවසන් කොටස)

-ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය-

සදුනි… මොකද මේ අර ළමයා තකහනියෙන්ම හෙට මෙහෙ එනවා කිව්වේ ???

කව්ද අම්මේ????

ඇයි ලමයො දහම් ලමයා මෙහෙ එනව කියලා අප්පච්චිට දවල් call කරලා කිව්වේ…. ඇයි ඔයා දන්නේ නැද්ද???

අහ් ….. මට කිව්වෙත් නැහැනෙ අම්මේ දහම් එනවා කියලා…
අද දවසම library එකේ හිටපු නිසා හරියට එයා එක්ක කතා කරන්න බැරි උනා.. මම call එකක් දීලා බලන්නම්කෝ….

සදුනි තම මවට එසේ පැවසුවද ඇගේ හිත ඇත්ත දනී. දවල් වූ සිදුවීම , දහම් ගේ දුරකතන ඇමතුම…හෙට දවසේ කුමක් සිදු වේද???
දහම් හැම දේම දන්නව නම් එයා මොන තීරනයක් ගනීද??

මේ කිසිවකටත් ඇයට පිලිතුරු නැත . හෙට දින එයට පිලිතුරු ලැබේ…
ඇය දහම් ට ඇමතුමක් ලබා නොදුන්නේ තවත් ඔහුගේ කෝපය ඇවිස්සීම නුවනට හුරු නැති නිසාය …
…………………………………………………………………

ඉතින් දහම් පුතා.. උදෙන්ම එහෙන් එන්න ඇති නේද??

ඔව් අම්මේ…..

කොහෙද ඊයේ දවසම අපේ සදූ ත් ගෙදර හිටියේ නැහැ නේ.. පුතාට අලුවා ටිකක් වත් හදා ගන්න බැරි උනා….

අහ්.. ඒකට කමක් නැහැ අම්මේ …

හරි පුතාලා කතා කරන්නකෝ…මම දවල්ට කන්න හදන්න යන්නම්…..

මව පිටත්ව ගිය පසු ඇය සදුනිගේ පියාටද කුස්සියට හඩ ගැසුවෙන් දහම් හා සදුනි පමනක් ආලින්දයේ තනි විය..

සදුනි බිම බලාගෙන කල්පනා කලේ කෙසේ ඔහු සමග කතාවකට ආරම්භය ලබා ගන්නේද කියාය.. එහෙත් ඔහු ඉස්සර විය….

සදූ අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමුද???

ඇය ඔහුට අවනත වී ඔහු පසු පස එලියට ගියාය… ඇගේ හදවතේ ගැස්ම පිට සිටිනවුන්ට ඇසේ දැයි සැකෙන් ඇය තවතවත් තැති ගත්තාය….

හිතුවේ නැහැ නෙහ් මම අද එයි කියලා…

අම්මා ඊයේ රෑ කිව්වා ඔයා එනව කියලා…
මොකද්ද දහම් ඊයේ උනේ??? ඇයි මට ඒ විදිහට කතා කලේ???

කතා කලේ ද?? එහෙම කතා කරන්න හේතුව තමුන්ම දන්නව ඇතිනේ… මම මතක් කරන්න ඕනි නැහැ නේ….

ඔයා ආවේ රන්ඩු කරන්නද දහම්… please රන්ඩු නම් කරන්න එපා…

මම රන්ඩු කරන්නේ නැහැ සදූ…. ඒත් මට මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනී…

එසේ කියමින් ඔහු ඔහුගේ ජංගම දුරකතනය ගෙන ඔහුට ආ පනිවුඩ කිහිපයක් ඇයට පෙන්නන විය..

දෙයියනේ මේ මොනවද දහම් ???
කව්ද මේවා ඔයාට එව්වේ???
ෂික් මිනිස්සු මෙහෙමත් තිරිසන් වැඩ කරනවනේ…
මොකද්ද මේ ලියල තියෙන්නේ…,

*ම..ච..න්.. උඹ මෙහෙ දාලා අ..න්න අරකි වෙන එකෙ..ක් එක්..ක room ගානේ ගිහින්….උම්බ මහ ….##### ක්….*

අනේ දහම් මේ මොනවද මේ??? කොයිතරම් බොරුවක් ද?? කව්ද මෙවා එව්ලා තියෙන්නේ???

ඒක තමයි මමත් මේ හොයන්නේ… මොකා එව්වත් ඌට වැඩි දවසක් සෙල්ලම් කරන්න බැ .. මම හොයා ගනන්නම්කෝ…

ඔව් කව්රු උනත් මහම මහ බලු වැඩක් කරලා තියෙන්නේ….

ඒත් මට තියෙන ප්‍රශ්නේ මිහිහෙක් නිකන් බොරුවට මෙහෙම massage එවන්නේ නැහැ නේ??? මට ඇත්ත කියනවා සදුනි තමුසේ අරූ එක්ක තවම යාලුද???

මොනවද දහම් මේ අහන්නේ..?? ඔයාට ඔහොම මාව අවිශ්වාස නම් කොහොමද අපි එකට පවුල් කන්නේ??…
අනික කොහෙවත් යන මිනිහෙක් කිව්ව පලියට ඔයා මාව සැක කරනවාද ????
ඔයාට මේ massage එක එව්ව එකාවද වටින්නේ….??

එහෙම නෙවෙයි බබා… ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ නේ නේද???
ඔයා වරදක් කලේ නැත්තං බය නැතුව ඉන්න… මම මේ වැඩේ කලේ කව්ද කියලා හොයා ගන්නම්කෝ….

පුතේ ඇවිත් කාලා හිටියනම්…….

අම්මා කෑමට කතා කිරීමත් සමග දෙදෙනාගේ කතාවද අතරමග නැවතුනි…. සදුනිගේ මුලු ගතම ගිනි ගන්නාක් මෙන් වී ඇත.. කව්ද මේ වැඩේ කරන්න ඇත්තේ…
මොකා උනත් කියලා තියන හැම දේම ඇත්ත..

ගිය දවස් ටිකෙත් දහම් මූල එල්ලන් හිටියේ මේවා නිසා තමයි…
ඒ හැම තොරතුරම දන්න එකම කෙනා දුමිදු විතරයි….. ඉතින් ඇයි දුමිදු එහෙම කරන්නේ??
මට සමාවෙන්න දහම්.. මම තමයි මෙතන සම්පූර්ණයෙන් වැරදි……
ඇගේ හිත මොරගාමින් කෑ ගසන්නට විය…

එහෙනම් සදුනි මම ගිහින් එන්නම් බබා…
පරිස්සමින් කොලඹ එන්න..
අර වැඩෙ කරපු එකා මම කොහොමහරි හොයාගන්නම්…

හරි පරිස්සමට යන්න ඔයා දහම්…බුදුසරණයි
………………………………………………………………….

සදුනි හා දුමිදු පිලිබද සියලු තොරතුරු දහම් වෙත් කව්රුන් හෝ එවා ඇත. ඒවා දිනත් සමගම සත්‍ය තොරතුරුය…

ඔවුන් දෙදෙනා අතර පැවතුන ඇතිශය පෞද්ගලික කාරනා පවා එකක් නෑර දහම් වෙත massage හරහා යවා ඇත…

සදුනි දහ අතේ කල්පනා කලේ මේ දෙය සිදු කරන්න ඇත්තේ කව්රුද කියාය…..

දහම් ගේ මහත්මාගතිය නිසාම මෙලෙස කටයුතු කරනවා හැරෙන්න වෙන අයෙකු නම් මෙලහකටත් තමාව අත හැර ගිහින් හමාරය යැයි ඇය හොදින්ම දැනගෙන සිටියාය…

ඇවසානයේ ඇය තීරනයක් ගත්තාය….
සියලුදේ අමතක කොට දහම් සමග ඉදිරියක් ගැන සිතීමටය.. මෙතරම් දෙයක් වෙලත් දහම් සදුනිට කල ආදරේ අඩුවක් නැත ..
ඔහු ඇයව අත හැරියේද නැත ..
එය සදුනි හොදින්ම පසක් කර ගත්තාය….
දුමිදුට දුරකතන ඇමතුමක් වත් ගැනීමට ඇය නොපෙලබුනි…
ඔහු සමග ගත කල කාලය ඇයට අතීතයක්ම වන්නට විය….

දිනක් ……….

බබා ….. මම හොයා ගත්තා අර වැඩේ කරපු එකාව…

දහම් ..ක්…ක..ව්..ද???……

අශේන් කියලා එකෙක් ඒවා එවල තියෙන්නේ………

අශේන්???? ඒ කව්ද ඒ….

කව්ද.. වෙන කවුරුත් නෙවෙයි අරූගේ යාලුවෙක්..

අරූ…???

ඔව් අරූ …දුමිදු… ඒකගේ යාලුවෙක් තමයි ඒක කරලා තියෙන්නේ…
මට සාක්ෂි එක්කම හම්බ උනා…

දෙයියනේ …..දුමිදුද එතකොට ඒක පිටිපස්සේ ඉන්නේ????

වෙන්න ඇති නැත්තං අශේන් ට උවමනාවක් නැහැ නේ අපේ සම්බන්දෙ කඩන්න…

හ්ම්ම්ම්ම් ….. ඒත් අපි හරියටම ඒ ගැන දන්නේ නැතුව දුමිදුට චොදනා කරන එක වැරදි නේද???

ඔයාට තවමත් ඌව නම් විශ්වාස ඉස්සරහට ඔයාගේ ජීවිතේම අදුරට දාගන්නවා සදුනි..

මම මෙච්චර කල් ඉවසුවේ ඔයාට තියෙන ආදරේට මිසක් මගේ නෝන්ජල් කමකට නෙවෙයි…

මම ඔයාට නිදහස දුන්නා උපරිමේට…
ඔයාගෙන් උන වරදට සමාව දුන්නා…
වෙන මිනිහෙක් නම් මෙලහකටත් තමුන් වාත ඇරලා…

ඒත් මම එහෙම කලේ නැහැ … ඒ මම් ඔයාට ආදරේ නිසා….
ඒ ඔයාව බදිනවා කියන මතේ හිටිය නිසා…
දැන් හොදටම ඇති…..
මේ විකාර වැඩ අදින් පස්සේ බැහැ …

මම කියන විදිහට ඉන්න බැරිනම් ඔයා වෙන අතක් බලා ගන්නව…..

සදුනිගේ සියොලගම ගිනි ගන්නාක් බදු විය.. මොකද්ද දුමිදු ඔයාද මේ දේ කලේ???
ඇයි මගේ ජීවිතේ විනාස කරන්න යන්නේ…
මම කොයි තරම් ආදරේ කලාද ඔයාට.. ඒත් ඔයාට මාව නිකන්ම නිකම් කෙල්ලෙක් විතරක් උනේ කොහොමද??

දහම් හරි එයට මාව වටින නිසා මේ හැම දෙයකින්ම මාව ගලවගන්න හදන්නේ..
ඒත් ඔයා කලේ මාව තව තවත් අසරන කරන්න හදපු එක…

ඔව් දැන් මට තීරනයක් ගන්න වෙනවා.. දහම් ට තවත් අසාධාරණයක් කරන්න බැහැ මට.

මොකද කතා නැත්තේ ???
සදුනි උත්තර දෙනවා…

සදුනි කල්පනාවෙන් මිදුනේ දහම් ගේ කට හඩ ඇසීමෙනී…

හ්..හරී… දහම්… මට දැන් ඔක්කොම තේරෙනවා ..මට වැරදුනා…. අනේ පුලුවන් නම් මට සමාව දෙන්න..

ඔයා ගැන මෙච්චර වැරදි කතා කියලත් මම අදටත් ඔයා එක්ක ඉන්නවා සදූ…

…………………………………………………………………..

Hello
Helloo සදූ කියන්න….

දුමිදු මම මේ ඔයාට කතා කරන අන්තිම වතාව වෙන්න පුලුවන්.
ඒ ඔයාට මම ගොඩක් ආදරේ කරපු නිසයි..
ඒත් ඔයා දහම්ට මම ගැන යවපු ජරා massages ඔක්කොම මම දැක්කා..
මට හිතා ගන්න බැහැ ඔයා ඔහොම වැඩක් කලා කියද්දිත්..

මොන ජරා massage ද බබා…??

ඔයා දන්නෙම නැද්ද දුමිදු.. අනේ මේහ් පින් සිද්ද වෙයි මට බොරු කරන්න හදන්න එපා..
ඔයා එදත් මට කලේ බොරුවක්..කෙල්ලෙක් ඉද්දි මගෙ එක්ක යාලු උන එක..
මට ඔයාගේ නිදහසට කාරනා අහන්න ඔනි කමක් නැහැ ..

මම මෙච්චරයි දන්නේ .
මම ඔයාට ගොඩක් ආදරේ කලා.. ඒත් ඒකට ඔයාගෙන් ලැබුණ මේ තෑග ට බොහොම ස්තූති…

ඔයා හොදින් ඉන්න දුමිදු. ආයේ ඔයාගේ ජීවිතේට මම එන්නේ නැහැ .. එතැන් පටන් සදුනිගේ ජීවිතයම වෙනස් විය… ඇය ඇයගෙන් සිදු වූ වැරැද්දට හිතෙන් දහස් වාරයක් විදෙව්වාය…

ඇය දෙවියන්ට හැම වෙලේම ස්තුති වන්ත වුනේ දහම් වගේ පුද්ගලයෙක් ඇගේ ජීවිතයට සම්බන්ද කලාටය.

ඇගේ ජීවිතෙන් දුමිදු බොහෝ ඈතට ගොස් සිටියේය… නමුත් ඔහුගෙන් වින්ද ආදරය ඇයට මේ වන තුරුත් අමතක නොවුනි..

ඇය තමන්ට පුලුවන් උපරිමෙන්ම දහම් වෙත ආදරය කලාය..
මෙතරම් දෙයක් සිදු වී වුවත් දහම් ඇය අත් නොහැරියේ ඔහුගේ සැබෑ ආදරය නිසා බව ඇය පසක් කර ගත්තාය…
වසරක් ගත වූ තැන දහම් හා සදුනි විවාහා විය.
………………………………………………………………..

ඔවුන් ඔවුන්ගේ මදුසමය සදහා තෝරාගෙන තිබුනේ නුවර එලියේ පිහිටි අලන්කාර හෝටලයකි..

සදූ……..

හ්ම්ම්……

අද තරම් මගේ ජීවිතේ සතුටක් විදපු දවසක් මට මතක නැහැ බබා…

මටත් එහෙමයි බබා…. ජීවිතේ මොන තරම් පුදුමයි ද කියලා හිතෙනවා…

හ්ම්……. අපි අපේ අතීතය අද ඉදන් අමතක කරලා හොදින් ජීවත් වෙමු රත්තරං ..

ඔව් මටත් ඕනී ඒක තමයි දහම්… මගෙන් ඔයාට ගොඩක් වැරදි උනා. මට ඕනේ දැන් ඒවට ඔයාට වන්දි ගෙවන්න මහත්තයෝ …

මේ මෝඩීට සමාව දෙනවා නේද…..

ඔව් රත්තරං ….මම ඒ හැම දේම අමතක කරනවා.. ඔයා කෙරෙහි විශ්වාසසේ තියනවා.. ඒක රකින එක ඔයාගෙ වගකීම හොදේ…

ඔව් මට තේරෙනවා මහත්තයෝ ……

එසේ කියමින් ඇය ඔහුගේ නිරුවත් පපුවට හිස තබා ගත්තාය…

ඔහු ඇයව තුරුල් කොට ගෙන සෙමින් ඇගේ නලල සිප ගත්තේය..

ඇය සෙමින් දෑස් වසා ගත්තේය.

සීතල පරිසරයේ ඔවු නොවුන් ගේ උනුසුම් වූ ගතේ පහස එකිනෙකාට රිසි සේ විද ගැනීමට ඉඩ සලසා ගනිමින් තම මංගල දින රාත්‍රියේ යුවළක් විසින් අත් විදින ඒ සොදුරු අත්දැකීම ඔවුන් එලෙසින්ම වින්දෝය..

ගැහැනියක් තම විවාහය දක්වා රැකගැනිමන් තම ස්වාමියාට පුද කිරීමට

දෝතින් රැගෙන එන තම පවිත්‍රතාවය ඒ ස්වේත වර්න රෙදිකඩෙහි ඉතා

පැහැදිලිව සනිටුහන් වී තිබෙනු දුටු දහම් ඉතා ආදරයකින් ඇගේ නලලත

සිප ගත්තේ ඇයත් සමග මේ අරබන අලුත් ජීවිතය පිලිබද නැවුම් බලාපොරොත්තුවක් සිතේ තබා ගැනිමින්‍ ය…

___________________නිමි ______________________

ඉතින් යාලුවනේ මම මේ විදිහට සදුනි ,දහම්,දුමිදු ආදර අන්දරය අවසන් කරනවා…

මේක මේ සමාජේ සිද්ද වුන ඇත්තම සිදුවීමක්..
ඒක නිර්මාණාත්මකව ඉදිරිපත් කිරිමක් තුන් පෙති මල කතාවෙන් සිදු කලේ.
තවත් මෙවැනි සදුනිලා,දහම්ලා,දුමිදුලා මේ සමාජේ ඕනි තරම් ඉන්නව ඇති..

ඉතින් මම ආසයි ඔයාලගේ අදහස් දැන ගන්න..කියවලා පොඩි comment එකක් දාන්න.. ඒක මට ලොකු ශක්තියක් වෙයි තවත් ලස්සන කතාවක් ලියන්න..😀😀😀

ස්තුති……

ප. ලි.

මගේ සෑම කතා කොටසකටම like , comment දාපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුති 🙏 . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *