~~~දෙව්දූ ~~~16 කොටස

‘අයියා ඔයා යන්න එපා ..’ එයාට ඇහෙන්න නැතිව ඇති කියලා ආයෙම සැරයක් එහෙම කියද්දී මගේ කටහඩ මටවත් ඇහෙන්නේ නැති තරමට බිදිලා ගිහින් තිබ්බේ … ඉස්සරහට යන්න තිබ්බ අඩිය එහෙම තියාගෙන තේමිය අයියා බෙල්ල විතරක් හරවලා මගේ දිහා බලද්දී මම එයාගේ උරහිසේ මගේ අනිත් අතත් තිබ්බා ……
‘ඇයි එහෙනම් කතා කරන්නේ නැතිව බුම්මට්ටි වගේ හිටියේ …’ එයා කතා කරේ අමනාපෙන් වගේ
‘ මම ආස නැහැ අයියා ඔයා වෙන කෙල්ලෙක්ට ඕනෑවට වඩා ලංවෙනවාට … ’
මම එහෙම කිව්වම එයා මගේ පැත්තට හැරිලා ඕනෑවට වඩා මගේ මුහුණට එබුනා ….
‘මෙන්ටලේ … අනේ මන්දා මේ කෙල්ලොන්ට නම් වෙලාවකට නට් ලූස් වෙනවා … මම ඒ වෙලාවේ ඒ ළමයාට උදව්වක් කලේ … එතන හිටියේ කවුරු උනත් මම එයාට උදව් කරනවා තේරුනාද මෝඩි ’
එයා හරි සැහැල්ලුවට එහෙම කියලා මහා හයියෙන් හිනාවෙලා මගේ ඔළුවට හෙමිහිට ටොක්කක් ඇන්නාම මම ඔලුව හෙල්ලුවා
‘මොණරි …’ එයා හැමදාම වගේ මට කතා කලේ කැම්පස් කාර්ඩ් එකෙන් …..
‘ම්ම්ම්ම්ම්ම්ම්ම් ’ මට කතා කරන්න වචන තිබ්බේ නැහැ ….
‘ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා මට … ’ ඒ වචන වෙනදාට වඩා දයාබරයි ..
මගේ හිත එකපාරට ගැහෙන්න ගත්තේ කවදාවත් නැති තරම් අමුතුම රිද්මයකට ….
‘කියන්න ඉතින් ඕන දෙයක් ….’ එයා කියන්න යන දේ දැනගන්න මගේ හිතටත් ඉවසිල්ලක් නැහැ
‘ඉස්සරලාම මෙන්න මෙතැන වාඩිවෙලා ඉම්මු ..’ මට වාඩිවෙන්න කියලා එයා මගේ ලගින්ම වාඩිවුනා ….
හන්තාන කදු පන්ති අතරෙන් පායාගෙන ආපු හදේ කිරණින් මුළු කදු වැටියම එලිය වෙලා පරිසරය පුරාම තිබ්බේ ප්‍රේමාන්විත කමක් ….. මේ වගේ වෙලාවට වෙන්න ඕන කවියොත් ආදරේ ගැන කවි ලියනවා ඇත්තේ …. මට එහෙම හිතුනා ….
ඒ වෙලාවේ මිදුම මුළු හන්තානම ආක්‍රමණය කරලා තිබුනේ …. ශීතලට අපේ ඇගවල් අයිස් කැට වගේ ගල් වෙන්න යනවා වගේ .. … අපේ යාළුවො නම් තැනින් තැන ගිනි ගොඩවල් ගහගෙන ඒවා වටේ එකතුවෙලා උණුසුම් වෙනවා අපි හිටපු තැනට පෙනුනා
‘කෝ ඉතින් කියනවා කිව්ව දේ තාම කිව්වේ නැහැ නේ ..’ මම එහෙම ඇහුවේ එයා විනාඩි ගානක් යනකන්ම සද්දයක් නැතිව මගේ දිහා බලං හිටපු නිසා
‘මගේ මුහුණේ පෙරහැරක්වත් යනවාද දන්නේ දන්නේ නැහැ …’
තේමිය අයියා මගේ මුහුණ දිහාම බලාගෙන හිටියේ කතා කරන්න අමතක වෙලා ගිහින් වගේ .. .
‘හද එලිය වැටිලා ඔයාගේ මුහුණ දිලිසෙනවා … මට ඔයාව පේන්නේ මේ දැන් දිව්‍ය ලොකෙන් බැස්ස අප්සරාවියක් වගේ .. ’
එයා වගේ තද හිතක් තියෙන කෙනෙක් ඒ විදිහට මම ගැන කියද්දී මට දැනුනේ මුළු හිතම හිරවෙලා යනවා වගේ හැගීමක් … තේමිය අයියා කවි කියන්නත් දන්නවා නේ ..
‘අයියා මොනවාද මේ කියන්නේ … ඔයා කියනවා කිව්වේ ඒ දේ කියන්නකෝ මට ..’ මට තිබුනේ පුදුම නොඉවසිල්ලක්
‘මම ඔයාට … ආ ’ එයා කියන්න ගිය දේ සම්පුර්න කරන්න එයාට පුළුවන් වුනේ නැහැ .. කව්ද කෙනෙක් කළුවරේම අපි දිහාවට ඇවිත් උගුර පාදන්න ගත්තා ….
‘කව්ද යකෝ ….’ තේමිය අයියා එහෙම අහද්දී අපි ඉස්සරහාට ආවේ චමත් අයියා
‘ උබලා දෙන්නා මෙතැන ලව් කරනවා …අපි කෑම්ප් එක හදනවා ….මෙහෙ වරෙව් යන්න …. වැඩ තියෙනවා ’
‘ අපෝ උබ වගේ හතුරෙක් නිදහසේ මලක් නෙලන්න ආවා මදැයි ..’
කුටු කුටු ගගා කියවන ගමන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ට තේමිය අයියා මට එයාගේ අත දුන්නා නැගිටින්න… මගේ හිතට දුකක් දැනුනේ තේමිය අයියා කියන්න ගියපු කාරණේ දැනගන්න බැරිවුණ එක ගැනයි … චමත් අයියා ගැන හිතට තරහක් ආවත් මම ඒක හිත අස්සෙම හංග ගත්තා …
‘උබ කොහෙද හිටියේ අපි හැමතැනම හොයනවා මේ දැන් හිටපු එකි කොහේ අතුරුදහන් වුනාද කියලා .’
හිමායා මම පේන්න හිටියේ නැති නිසා හැමතැනම මාව හොයලා බයවෙලා අඩ අඩ වගේ තමා හිටියේ …
‘මහන්සි නිසා මම පැත්තකට වෙලා වාඩිවෙලා හිටියා …’
‘ආ ..මට දැන්නේ තේරුනේ මොකක්ද වුනේ කියලා .. මල්සරා අයියා ලග ඉන්නවා නේ ’ හිමායා මගේ ලගින් හිටපු තේමිය අයියාව දැක්කාම එහෙම කියලා මහා හයියෙන් හිනාවෙන්න ගත්තා … මේ ටිකට තේමිය අයියාට නමකුත් දාලා මෙයා .
‘මේ කෙල්ලෝ නම් පුදුම ජාතියක් ….මේ දැන් අඩලා දොඩලා තප්පරයක් යන්න ඉස්සර වෙලා මේ හිනාවෙනවා …කෙල්ලෝ මැවුවේ කව්ද දෙවියනේ … මුන් වෙලාවක අපට පිස්සු හදනවා …. වරෙන් තේමි යන්න නැත්තම් මගේ ඔළුව විකාර වෙයි හෆොයි .’
හිමායා හිනාවෙන විදිහ දැක්කාම චමත් අයියා එහෙම කියලා තේමිය අයියත් ඇදගෙන යාළුවො ඉන්න පැත්තට යන්න ගියා …
‘හිමා …මුහුණ හෝදන්න වතුර නැද්ද බලපන්කො මගේ දිහා හඩ්ඩි වගේ … ඇදුමත් ඉරිලා තියෙන්නේ …’
‘වතුර ගෙනාපු ඒවා ඔක්කොම ඉවර වෙලා ….දැන් බොන්නවත් වතුර නැතිව ඉන්නේ …හෙට උදේ වෙනකන් පොඩ්ඩක් ඉවසහන් …’
‘කොහොමද අනේ ඉවසන්නේ …බලන්නකෝ ඇදුම් ඇගට ඇලිලා වගේ තියෙන්නේ …’ මම නහයෙන් අඩන ගමන් බෑග් එකේ තිබ්බ වතුර බෝතලය අතට ගත්තා ….බෝතලේ පතුලේම ඉතුරුවෙලා තිබ්බ වතුර ටිකෙන් යාන්තමට මුහුණ හෝදාගෙන කුඩාරම අස්සට ගිහින් ඇදුමක් මාරු කරගත්තා …

****
මදුරු කරදරය වැඩිවුණ නිසා ඒ රැයේ භාගයක්ම අපි සෙට් එක නිදාගත්තාට වඩා කලේ ඇහැරලා ඉන්න එක … කොල්ලෝ වැඩි දෙනෙක් සැරින් සැරේ ගිනි මැලය ලගට වෙලා මුර කරේ කැලෑ සතුන්ගෙන් පහරදීමක් වෙයි කියන සැකය නිසා .. කොහොම හරි කට්ටිය පහුවදා පාන්දර වෙනකන් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ ගෙදර ගිහින් සැප ඇදක වැටිලා මුළු දවසක් නිදාගන්න තිබ්බ ආශාව නිසා …..
පාන්දර ශීතල වැඩි වුනත් කට්ටිය උදේම ලැහැස්ති වුනේ අපි ඒ වෙනකොට වතුර ප්‍රශ්නයකට භයානක විදිහට මුහුණ දීලා හිටිය නිසා …. බොන්න වගේම කිසිම ශාරීරික අවශ්‍යතාවයකට අපිට වතුර තිබ්බේ නැහැ ….ඉතිරි වෙලා තිබ්බ වතුර ටික බෙදලා දුන්නේ සලාක ක්‍රමයට වගේ ….
‘හරි දැන් කට්ටියම දෙයියනේ කියලා ආපහු ගෙවල් වලට යන්න ලැහැස්ති වෙමු ..’
තේමිය අයියා ඉස්සර උනාම .. කට්ටිය ඔක්කොම එයා පස්සෙන් වැටුනා ..
‘වතුර තිබහයි …’ අමාලි නහයෙන් අඩනවා …
‘පොඩ්ඩක් ඉවසන්න අමා …තව පැයකින් අපි කැලෙන් එළියට යනවා …’
ඒ වෙද්දී අපි ගල් බොරළු උඩ වැටි වැටි අමාරුම කොටස පහුකරගෙන ගොඩක් ඉස්සරහට ඇවිත් හිටියේ …..
මේ ගමනේදී … මලිෂ් අමාලි …. හිමායා තරිදු … ගගුලි ජනිත් ගොඩක් ලංවෙලා එයාලාගේ හිතවත්කම් ආදරය බවට පත්වෙලා තිබ්බේ …. එයාලා හිටියේ කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරවන්තයින් වගේ ….
‘මහන්සිද …’ ගලක් උඩ වාඩිවෙලා හති ද දා හිටිය මගේ ලගට ආව තේමිය අයියා මගෙන් එහෙම ඇහුවේ මම හිටිය දුක්බර විදිහ දැකලා වෙන්න ඕන ..
‘කකුල් රිදෙනවා ..’
මම ගල් ඇනිලා හිරිලා ඉදිමිලා තිබ්බ කකුල් එයාට පෙන්නුවා
‘යන්න අමාරුද … ‘’
‘ම්ම්ම් …ඔව් අනේ … කකුල් දෙක ගල් ගැහිලා වගේ … අඩියක් ඉස්සරහට තියන්න බෑ ඇදුම් දෙනවා ..’
‘මම උස්සගෙන යන්නද ..’ දගකාර විදිහට එහෙම අහලා මගේ මුහුණේ එයාගේ හුස්ම වදින තරමට ලංවුනා …
‘අනේ එපා ..’ මම ඒක කිව්වේ ගොඩක් හෙමින් … මම කිව්ව දේ ඇහුනේ නැති ගානට එයාගේ අත් දෙකට මාව උස්සලා ගත්තා … කිසිම අවසරයක් නැතිවම
‘අනේ මාව වැටෙයි බිම තියන්නකෝ …’
‘එහෙම වට්ටන්න මෙහෙම උස්සගෙන යන්නේ නැහැ නේ ‘’ මම මොනවා කිව්වත් හිතුවක්කාර විදිහට එයා මාව බිමින් නොතියාම ඉස්සරහට ඇවිදගෙන ගියා … මට එයාගේ උණුසුම ගොඩක් ලගින් දැනෙද්දී වැටෙයි කියන බය නිසාම මම එයාගේ බෙල්ල වටේ මගේ අත් දෙක පටලවා ගත්තා
‘චෙන්නායි එක්ස්ප්‍රස් එකේ නළුවා නිළියව උස්සගෙන අර දේවාලේට ගියා වගේනේ තේමි කෙල්ලක් උස්සගෙන එන්නේ …..’
අපි යද්දී ගමනානත්යට ලංවෙලා කට්ටිය එනකන් බලාගෙන හිටපු චමත් අයියා එහෙම කිව්වම තමා තේමිය අයියාට මාව බිමින් තියන්න මතක් වුනේ …
‘පිටි මුට්ටයකට කරගැහුවා නම් මෙච්චර බර නැති වෙයි බන් … කිලෝ පනහයි නේ ..කිලෝ හැටක් විතර උස්සගෙන එනවා කියන්නේ ලේසි වැඩක් ද ..ඈ ..’
තේමිය අයියා එහෙම කියලා හිනාවෙනවා
‘අනේ යන්න අයියා …මම එච්චර බය නැහැ … මගේ බර 42 යි …එන්න එපා බොරු කියන්න ..’
මම බොරු තරහක් පෙන්නලා එයාට ගස්සලා අහක බලාගත්තා ..
‘හරි බන් කෙල්ලෝ කොහොමත් කියන්නේ නැහැනේ ….මම මෙච්චර බරයි ..මෙච්චර බරයි කියලා .ඕකුන් කොහොමත් ඇත්ත හංගලා බොරු කියන්නේ වැඩිපුරම .’
චමත් අයියා යාලුවාගේ කතාවට රුකුල් දුන්නා …
‘වතුර බොන අය වරෙල්ලා …’ තරිදු ලගම තිබුන ගමට ගිහින් වතුර බෝතල් දෙක තුනක් පුරවාගෙන ආවාම කට්ටිය වතුර බොන්න ඒ දිහාවට යද්දී මාත් ඒ පැත්තට හෙමින් හෙමින් ගෑටුවා ….
***
බැච් ට්‍රිප් එක ඉවරවෙලා කට්ටිය මහන්සියෙන් උනත් ගෙවල් වලට යන්න පිටත්වුනේ කරදරයක් නැතිව ආපහු එන්න ලැබුණු එක ගැන සතුටින් ….. තේමිය අයියා චමිත් අයියා එක්ක හොස්ටල් එකට යන්න ගියේ නෙක්ස්ට් වික් එක්සෑම් එක නිසා ගජයක් දාන්න ඕන කියාගෙන … මට දුකක් දැනුනේ ඔච්චර ලංවෙලා හිටියත් අර තරම් ආශාවෙන් තේමිය අයියා කියන්න ගිය දේ අහගන්න බැරි උන එක ගැනමයි ….
මතු සම්බන්ධයි

කතාව කියවලා කතාව ඔයාගේ යාලුවොන්ට පේන්න ඔයාගේ වෝල් එකේ ෂෙයාර් කරන්න ඔයා කැමති නම් … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *