දෙව්දූ 19 කොටස

~~දෙව්දූ~~
19 කොටස
‘දේව් මට බයයි උබ ජිවිතේ වරද්ද ගයි කියලා .. උබ තේමිය අයියා ගැන හිතන්න යන්න එපා … අනික අංකල් දැනගත්තොත් උබ කැම්පස් එකේ කොල්ලෙක්ට ආදරේ කරනවා කියලා කොච්චර දුක් වෙයිද ..එයා ඔයා ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නේ ’
තාත්ති මම ගැන මහා ඉහලින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා තමා …. ඒ කිව හැම අකුරක්ම ඇත්ත උනත් මට දැන් තේමිය අයියා ගැන හිතන්නේ නැතිව ඉන්න බෑ වගේ … හිමා එහෙම කිව්වේ මන් ගැන හිතේ තිබ්බ බැදීම නිසා කියලා මම හොදටම දන්නවා … ඒත් මට තේමිය අයියා ගැන හිතේ ඇතිවුන ගැහීම් නම් හිතින් මකලා දාන්න ගොඩක් අමාරු වෙයි … හා හා පුරා කියා කොල්ලෙක් ගැන හිතලා ඒ හැගීම හිතේම වලදාන්න වෙන එක තරම් දුකක් තියෙනවද ..
‘බයවෙන්න එපා හිමා මම බබෙක් නෙවෙයි නේ මට තේරෙනවා මිනිස්සු ගැන . ..’
මම එහෙම කිව්වට හිමායා කිව්ව දේවල් වලින් පස්සේ හිතට දැනුනේ බයක් . …මොනවා වුනත් හැමදෙයක්ම අමතක කරලා වෙන දෙයකට මුහුණ දෙනවා කියලා මම හිත හදාගත්තා …
එදා දවස ඉවර වෙනකන් මගේ හිතට කිසිම ෆිට් එකක් තිබ්බේ නැහැ .. තේමිය අයියා අනුත්තරාට ආදරය කලොත් …ඒ හැගීම මාව නිකන් පිස්සු වට්ටනවා වගේ .. සර් ඇවිත් ලෙක්චර් එක දෙද්දී උනත් උගන්නපු කිසිම දෙයක් මගේ හිතට වැටුනේ නැහැ …
‘ සෙනසුරාදා සරච්චන්ද්‍ර වලේ මනමේ පෙන්නනවා … යමුද කට්ටියම එක්ක ..’
ලෙක්චර් එක ඉවර වෙලා යන ගමන් එහෙම ඇහුවේ මලිෂ්
‘නියමයි නේ …මට නම් හොස්ටල් එකේ ඉදලාම ඇතිවෙලා ඉන්නේ ..’ හිමායා එයාගේ කැමැත්ත කීවාම ගගුලි රොනාෂා දෙන්නත් එකපයින්ම ගමනට කැමති වුනා
‘මොකද කියන්නේ …මොණරි …’ කිසි කතාවක් නැතිව ඔහේ බුම්මාගෙන හිටපු මගෙන් එහෙම ඇහුවේ බිනුර …
‘අනේ මන්දා බන් …මම මේ වික්එන්ඩ් එකේ ගෙදර යන්න කියලා හිතාගෙන හිටියේ නම් ..’
ඇත්තටම මගේ හිතකවත් තිබ්බ දෙයක් නෙවෙයි මම කිව්වේ ….. මට නාට්‍යක් බලන්න තරම් ආශාවක් තිබ්බේ නැහැ …. තේමිය අයියා ගැන හිතලාම මගේ හිත පරල වෙලා ගිහින් …
‘හා එහෙමද ….උබ එදා කිව්වේ මේ මාසේ ගෙදර යන්නේ නැහැ කියලා ….. උබ මොකක් හරි අවුලකින්ද ඉන්නේ .. ’
මට එතකොට තමා මතක් වුනේ හිමායා අතින් මම එහෙම කියලා දවස් දෙකක්වත් නැහැ කියලා ….එයා මුහුණ කළු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා …. අනිත් කට්ටියත් මුහුණු ඇදකරගත්තා ..
‘ එහෙම තමා හිතන් හිටියේ ….ඒත් මම හදිස්සියේම තමා ගෙදර යන්න තීරණය කලේ ..’ කිව බොරුව වහගන්න මම කටට ආව උත්තරයක් දීලා දැම්මා …
‘එහෙනම් මාත් නාට්‍ය බලන්න යන්නේ නැහැමයි …’
කෙල්ල ආශාවෙන් හිටියේ මේ නාට්‍ය බලන්න ….. මම නිසා හිමායා ගමන නවත්තනවා කිව්වම මට පව් කියලා හිතුනා
‘හරි හරි මම එන්නම් … කෝ හිනාවෙන්න හොද ළමයා වගේ …’
මුහුණ දුකින් පුරෝගෙන හිටපු කෙල්ලගේ මුහුණ දිහා බලලා මම මුහුණෙන් ඇද කරද්දී හිමායට හිනා යන්න ආවා ..
‘හරි එහෙනම් …අනිවා ඩෙෆා …. කට්ටියම නාට්‍ය බලන්න යනවා …’ මම නාට්‍ය බලන්න යන්න කැමති උනාම තමා හැමෝගෙම මුහුණු වලට හිනාවක් ආවේ ….
*****
එදායින් පස්සේ දවස් ගානක් යනකන් මම තේමිය අයියාව දැක්කේ නැහැ … උවමනා උනා නම් හොයාගෙන ගිහිල්ලා බලන්න පුළුවන් තැනක හිටියත් ඒ මුහුණ දකින්න තියෙන ආශාව මම හිතේම හංගාගත්තා … හවස ලෙක්චර් එක ඉවර වෙන්න පැය භාගයකට කලින් ක්ලාස් එකෙන් එලියට ගියේ තේමිය අයියා දැක්කොත් එයාත් එක්ක කතා කරන්න හිතෙයි කියන බය නිසාම තමා …. හැමදාම ඔය විදිහට කරන්න බැරි බව දැනගෙත් මම හිත රවට්ටගත්තා ..
‘දේව් රෑ හතට නාට්‍ය පටන්ගන්නේ …හරියට හය වෙද්දී වරෙන් … කිස්බෙන්ඩ් එක ගාවට …මම හිල්ඩා එකට ගිහින් බිනුරගේ ගර්ල් දිස්නි එක්කන් එන්නම් …අනිත් උන් ටික වල ගාව ඉන්නවා කිව්වා ..’
ඊයේ හවස අමාලි එක්ක මම කතා කරගත්තේ ඒ විදිහටයි …වසන්තා ඇන්ටිගෙන් අවසර ඇරගෙන කොහොම හරි මම හවස පහ වෙද්දී ආර්ට් පැකල්ට් එකට ආවා …. මුළු කැම්පස් එක පුරාම ළමයින්ගෙන් පිරිලා …. ගොඩක් තැන් වල හිටියේ කපල් තමා …… සමහර තැන්වල ළමයි කල්ලි ගැහිලා කතාකර කර හිටියා …තනියම යන්න මොකක්ද මොකක්ද වගේ උනත් මම බිම බලාගෙනම ඉස්සරහට ඇවිදගෙන ගියා … මම ආර්ට් ෆැකල්ටි එකේ කවුරුවත් අදුරන්නෙත් නැහැ නේ ….. කොල්ලොන්ගෙන් බේරිලා යන එක තමා අමාරුම වැඩේ …

‘ඒයි උබ ෆෙශියක්ද …’ කල්ලි ගැහිලා හිටපු කොල්ලෝ කෙල්ලෝ රංචුවක් මට ලගට කතා කරද්දී බයෙන් උනත් මම එයාලා ලගට ගියා …

‘ ඔව් මම අළුතින් ආවේ …’

‘මේකිගේ කිසි ගරු සරුවක් නැහැ නේ අපිට … ජේෂ්ට උත්තමයන්ට ඔහොමද යකෝ කතා කරන්නේ …’ උස කෙට්ටු කොල්ලෙක් මගේ දිහා බලාගෙන හිටියේ කන්න වගේ …..

‘ මේ නම්බර් ප්ලේට් එක තියෙන මුහුණක් මම දැක්කේ නැහැ …. …උබ නැවෙන් ආව එකීයක්ද … ’ එහෙම ඇහුවේ එතැන හිටපු කෙල්ලක් ..
‘මම ඉන්ජිනියර් ෆැකල්ටි එකේ ඉගෙන ගන්නේ ..’
‘හා හා මෙච්චර ආඩම්බර ඉන්ජියක් නිසාද …’
කට්ටිය මාව වට කරගෙන දාහක් දේවල් අහනවා ….මට දැන් නම් අසුහාරදහට මල පැනගෙන එනවා .. තව ටිකක් මුන් මාව මෙතන තියාගත්තොත් ඇත්තමයි හොද දෙකක් කියනවා කියලා මම හිතුවා ..
‘මොනවද මෙතන වෙන්නේ …’ මගේ කන ලගින්ම ඇහුනේ හුරුපුරුදු කටහඩක් ….. දෙවියනේ තේමිය අයියා මගේ හිත නිකන් ගැහෙන්න ගත්තා අසාමාන්‍ය විදිහට ….
‘ආ …තේමිය මචං නාට්‍ය බලන්නද ආවේ ..’ මෙයාලා තේමිය අයියා ගේ යාලුවෝ වෙන්න ඕන …තේමිය අයියා දැක්ක ගමන් හැමෝම කට කනේ තියාගෙන හිනාවෙන්න පටන්ගත්තා …
‘උබලා අපේ ෆැකල්ටි එකේ කෙල්ලොනට රැග් කරන්නේ බම්බුවටද …’ තේමිය අයියාට හොදටම කේන්ති ගිහින් වගේ …
‘ අපි දැනගෙන හිටියේ නැහැ මචං අපි හිතුවේ අපේ ජුන්නියක් කියලා ….’
කට්ටිය කතා කර කර ඉද්දි මම තේමිය අයියාටවත් කියන්නේ නැතිව එතනින් එන්න ආවා ..
‘මොණරි ඔහොම ඉන්නවා පොඩ්ඩක් ..’ පි මම පිටිපස්ස හැරිලා බැලුවේ නැහැ … මම දන්නවා තේමිය අයියා ඔය එන්නේ මගෙන් මොනවා හරි දෙයක් අහන්න කියලා
‘මොකද ඇහුනේ නැහැ වගේ යන්නේ …. ’ තවත් ටික වෙලාවකින් මගේ ඉස්සරහා හිටියේ තේමිය අයියා
‘ මට ඇහුනේ නැහැ අයියා …’
මම එයා දිහා බලන්නේ නැතිව අහක බලාගෙනම හිටියේ ඒ ඇස් වලට මගේ ඇස් වල හැගීම් අහුවෙයි කියලා හිතුන නිසා ..
‘තනියම යන්නේ මොකද ඈ …. මාව මග අරිනවාද .. ඔයා …’ එයාට මගේ වෙනස තේරිලා වගේ ….. එයා දැක්කාම හිරිවැටිලා යන හිත රවට්ට ගන්න මම ට්‍රයි කරන බව එයා දන්නවා නම් මොනවා හිතයිද ….
‘නැහැ අයියා මම මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩිවුනා ..’
මම එහෙම කියලා එයාගේ ප්‍රශ්නේ මග ඇරියා …
‘ හ්ම්ම්ම්. .. මනමේ බලන්න ආවාද ….’
‘ඔව් ..’
‘තනියම …’
‘අමාලි ඉන්නවා කිව්වා කිස්බෙන්ඩ් එක ගාව …’
‘තනියම යන්න එපා මාත් එන්නම් …’
එයා තනිකැමැත්තට මගෙත් එක්ක ම ඇවිදගෙන ආවා ….
‘ දන්නවාද මේ නාට්‍ය සතියට කියන්නේ වල සතිය කියලා … එක දිගට දවස් හයක් නාට්‍ය පෙන්නනවා .. . ඉතින් මේ වගේ චාන්ස් එකක් අතාරින්න කැමති නැති අය දවස් හයේම ඇවිල්ලා නාට්‍ය බලනවා … මම නම් වැඩිය නාට්‍ය බලන්න කැමති මිනිහෙක් නෙවෙයි ඔන්න … ’ එයා කියෝනවා ඉවරයක් නැතිව ….

‘අඩෝ තේමිය …උබ කරත්තේ දක්කාගෙන යන්නේ නාට්‍ය බලන්නද … ’ මගදී අපිට හම්බ වුනේ එදා ආර්ට් එකේදී හම්බවුන කොටා ..
‘උබ ඉතින් ඉන්වයිට් කරානේ මනමේ බලන්න එන්න කියලා…. අපි ආවා ඉතින් …අපිට ෂිට් එහෙම අල්ලලා ඇති නේ ’
‘හරි හරි උබ වරෙන්කො …එහෙනම් …මම වල පැත්තට යනවා …’ කොටා එහෙම කියලා අපි ඉන්න තැනින් යන් න ගියා
අපි දෙන්නා කිස්බෙන්ඩ් එක ලග කන්ද නගිද්දී ….. අමාලි යාලුවා එක්ක අපි එනකන් බලන් ඉන්නවා .
‘ ආ මෙන්න මෙයා තනියට කෙනෙක් හොයාගෙන ….. තනියම එන්න බෑ කියලා නහයෙන් අඩලා තව එක්කෙනෙක් හොයාගෙන තියෙන්නේ තනියට ..’
අමාලි ගේ විහිළු වලට මුහුණ රතුවුනත් මම එයාට විරුද්ධව මොකුත් කියන්න ගියේ නැහැ ..
පුංචි කදු බෑවුමක රෝස පාට රොබෝරෝසියා මල් පිරුණු ලොකුම ලොකු ගහ හෙවනේ නිමවෙලා තිබ්බ සරච්චන්ද්‍ර වල පුදුම තරම් සුන්දරයි ….. එහා පැත්තෙන් ගලාගෙන යන මහා වාලුකාව හෙවත් මහවැලිය වගේම මෙහා පැත්තෙන් පෙනෙන හන්තාන කන්ද වලේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරනවා කියලා දැක්ක ගමන්ම මට හිතුනා …
‘ආ ….මෙයාලා කලින්ම ඇවිත් තියෙන්නේ …. කීයටද බන් ආවේ … ’ වල වටේට ළමයි දෙතුන් දාහක් පිරිලා අපේ සෙට් එකත් එතන ඉන්නවා …. තිබුන ආසන ඔක්කොම වගේ ළමයින්ගෙන් පිරිලා
‘කලින් ආවත් වැඩක් නැහැ අපිට ෂිට් නැහැ හිටගෙන තමා බලන්න වෙන්නේ ..’ ජනිත් වට පිට බැලුවේ ඉදගන්න තැනක් හොයන ගමන් …
‘අඩෝ තේමිය … …. ’ කොටා ආවේ අපි ෂිට් හොයා හොයා දගලන වෙලාවේ තමා ..
‘ආ …කොටා …. නැද්ද මචං …ප්ලේස් එකක් සෙට් කරගන්න ..’
‘උබලා කැමති නම් රොබරෝසියා ගහ ලග ෂිට් ටිකක් තියෙනවා මම සෙට් කරන්නම් .. හැබැයි චුට්ටක් පේනවා නම් අඩුයි එතෙන්ට ’
කොටා අපිව එක්කන් ගිහින් ගහ ලග ෂිට් අල්ලලා දුන්නා …. රොබරෝසියා ගහේ මල් වැටිලා පුදුම තරමට ලස්සනක් ඒ අවට තිබ්බේ .. කවදාවත් එළිමහන් රංග පිඨයක ඉදලා මම නාට්‍ය බලලා තබුනේ නැහැ …

අමාලි මලිෂ් ලගින් වාඩිවෙද්දී හිමායා තරිදු ලගින් වාඩිවුනා …බිනුරගේ ගර්ල් දිස්නි එයා ලග වාඩිවුනා ….හැමෝම කපල් හැදිලා ඉද්දි මායි තේමිය අයියයි විතරයි ඉතිරි වුනේ … ආදරවන්තයෝ එයාලාගේ ලෝකවල තනිවෙලා නාට්‍ය පටන්ගන්නකන් පෙම්බස් කියෝනවා … මට එහා පැත්තේ ෂිට් එකේ වාඩිවෙලා හිටිය තේමිය අයියාට මට කතා කරන්න ඕන වුනත් මම වැඩිය ගණන් ගන්නේ නැතිව හිටියා …
හන්තාන කන්ද ස්පර්ශ කරගෙන හමාගෙන ආපු ශීතල සුළග ඇගේ වැදෙද්දී ආනන්දනීය හැගීමක් තමා හිතට දැනුනේ … මේ වගේ වෙලාවක පෙම්වතා එක්ක ලගින් ඉදගෙන නාට්‍ය බලන කෙල්ලෝ කොච්චර වාසනාවන්තද …. .මද අදුරේ ලා සද එළියේ පෙම්වතා ලගින් ඉදගෙන හෙමින් මුමුණ මුමුණ ආදරේ කරන්න මටත් පෙම්වතෙක් හිටියා නම් … ඒත් මට ඒ වාසනාව නැහැ …. මගේ හිතට දැනුනු එකම පිරිමියා ලගින් ඉදලත් එයාට ආදරේ කියලා කියන්න බැරි තරම් මම අසරණ වෙලා …. මම බරට හුස්මක් පහලට දැම්මා

” මොකද මේ හුල්ලන්නේ … ’ තේමිය අයියා ගේ ඇස් මගේ මුහුණේ අතරමන් වෙලා කියලා මම ඇස් කොනින් දැක්කා …

‘මොකුත් නැහැ ..’ මම හිනාවුනා අහිංසක වැඩිද මන්දා ….

‘ මේ බලන්න මගේ දිහා ..’ එයා බලෙන්ම මගේ මුහුණ එයා දිහාවට හරවා ගත්තා …. ඒ ඇස් දෙක ඇතුලේ තිබ්බ මොකක්දෝ නාදුනන හැගීමක් මගේ හිතේ කෙලවරම තැන්පත් වෙද්දී …මගේ හිත ගිනිගන්නවා වගේ මට දැනුනේ …. තවත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරිව මම මගේ මුහුණ එයාගෙන් අයින්කරගද්දී එයා මගේ අතකින් තද කරලා අල්ලා ගත්තා .. …ඒ අත පුදුම තරමට ශීතල වෙලා …

‘ ඇයි මගේ ඇස් දිහා බලාගෙන ඉන්න බැරිද ….’ මගේ කණට ලංවෙලා ගොඩක් හෙමින් තමා එයා එහෙම කිව්වේ

‘ මාව අතාරින්න …’ එයාගේ අතට තද වෙලා තිබ්බ මගේ අත එයාගෙන් ගලවගන්න ට්‍රයි කළා මිසක් මම එයාට උත්තර දෙන්න ගියේ නැහැ …

‘ අත අරින්නම් මම ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නොත් … ’ එයා මුරණ්ඩු ව්දිහට එහෙම කියලා ග්‍රහණය තවත් තද කරා …

‘අනිත් අය දකී …එයාලා අපි ගැන වැරදි විදිහට හිතයි ..’ මට ඕන උනේ එයාගෙන් ඈතට යන්න …. පුළුවන් උනා නම් මෙතන දාලා ගොඩක් ඈතට දුවන්න ..
‘ඉතින් දැක්කදෙන් …… මම ඔයාට ආදරෙයි දේව් ….’ මගේ නමින් කවදාවත් එයා මට කතා කරලා නැහැ ..ඒ හැම වචනයක්ම හදවතින්මයි කියලා ඒ කතා කරන ඇස් දිහා බලපු මට තේරුනා .. මාත් ආදරෙයි ….මට එහෙම කියන්න ඕන උනත් … කටේ කෙල ඔක්කොම හිදිලා උගුර වේලිලා ගිහින් හුස්ම ගන්න අමාරු බවක් විතරමයි දැනුනේ …

මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *