~~~~දෙව්දූ ~~~~37 කොටස

එක්සෑම් එක ලග නිසා අපි කට්ටියම එකතු වෙලා හොස්ටල් වල ඉන්න යාළුවො එක්ක එකතු වෙලා පාඩම් කළා …. පාඩම් කරන නිසා ඒ දවස් ටිකේ බෝඩිමට යන එක එක පවා නතර කරලා දාලා තිබ්බේ … හොස්ටල් එකේ වෝඩන්ට හොරෙන් තමා අපි ගොඩක් වෙලාවට ගජයකට සෙට් වුනේ …. මමයි අමාලියි නැවතුනේ හිමයාගේ රූම් එකේ …… එයාගේ රූමා සෙහාලි වැඩිය අපිත් එක්ක ෆිට් එකක් නැති නිසා පාඩම් කරන්න ගියලා එයාගේ යාලුවෙක්ගෙ රූම් එකකට ගියා … අපි පාඩම් කර කර ඉද්දි ගගුලියි රොෂානායි ආවා .. කට්ටියම එකතු වෙලා පැය ගානක් එක දිගට පාඩම් කරා ..
පාඩම් කරලා හෙම්බත් වුනාම අපි කලේ මහා රෑ කියලා බලන්නේ නැතිව සිංදු කියපු එක … එදාත් පාඩම් කරන අතරමග අපි කට්ටිය සිංදුවක් කියන්න සෙට් වුනා ….
‘කවුද මේ සද්දේ දාන්නේ …’ අපේ වෙලාව කියන්නේ කාමරේ දොර ඇරගෙන කාමරේට එබුනේ වෝඩන් …. කට්ටියම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා ඒ පමාවට ..
‘කවුද දැන් කෑ ගැහුවේ …’
‘අපි දන්නේ නැහැ ….’
‘මේ කාමරේ ඇතුලෙන් නේ සද්දේ ආවේ …’
‘මනෝ විකාර වෙන්නඇති ….’ මම එහෙම කිව්වම වෝඩන් මගේ මුහුණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා
‘ ඔය ළමයා මේ හොස්ටල් එකේ ළමයෙක්ද ..’
‘ඔව් ඇයි මීට කලින් දැකලා නැද්ද …’ මම එහෙම ඇහුවාම වෝඩන් රවලා එතනින් යන්න ගියා ..
‘අපෝ අනු නවයෙන් බේරුනේ …හේ හේ …’ කට්ටියම ඊට පස්සේ කලේ සද්ද කරන්නේ නැතිව පාඩම් කරපු එක ආපහු වෝඩන් ආවොත් ලෙඩක් වැටෙන බව හැමෝම දැනගෙන හිටිය නිසා ….කොහොම හරි රෑ දෙක තුන වෙද්දී එක එකා පාඩම් කරපු තැන්වල එහෙම්ම නිදි ..
‘මේ නැගිටපල්ලා නැගිටපල්ලා …උදේ වෙලා … ’ පහුවදා අපි ඇහැරුනේ හිමයාගේ ගෙරවිල්ල නිසා
‘ උදේ පාන්දර කවුරු හරි මෙතෙනට ආවා නම් හිතන්නේ විශාලා මහනුවර කියලා ..ඒ තරම් ලස්සනට වැටිලා හිටියා කෙල්ලෝ ටික …’
‘මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ උබේ ගෙරවිල්ල නිසා …. උබ අපිට බොරුවට ඇද කලාට ….’
කට්ටියම මහා හයියෙන් කෑ ගහගෙන ඇදගෙන ලැහැස්ති වුනේ ලෙක්චර් එකට යන්න …
‘මේ දේව් මම උබගේ ඩෙනිම අදිනවා ..’ ඊයේ ඇදලා හෝදන්න දාපු ඩෙනිම අතට අරන් රොෂානා නහයට ලංකරලා සුවද බලනවා
‘මම ඊයේ ඕක ඇදලා හෝදන්න දාලා තිබ්බේ .. උබ කැමති නම් ඇදගනින් ’
‘අවුලක් නැහැ බන් එක දවසකට ශේප් කරගන්න පුළුවන් … මගේ ඩෙනිම් දෙකම මගේ රුමා එක්ක පාඩම් කරන්න ආපු එවුන් ඇදගෙන ගිහින් …’
‘පානුයි පරිප්පුයි මතුවට බුදුවේවා කියන්න තමා තියෙන්නේ …..’
පරිප්පු හොදි එක්ක එක්ක පාන් කෑල්ලක් කාලා ලෙක්චර් එකට යන ගමන් අමාලි නහයෙන් අඩනවා …
‘චායා අක්කි …’
කම්පියුටර් ලැබ් එකේ ඉදලා එලියට ආපු චායා අක්කි අපිව දැකලා නැවතුනා ..
‘කොහොමද අක්කි එක්සෑම් …’ මට උවමනාව තිබ්බේ තේමිය අයියා ගැන තොරතුරක් දැනගන්න …. ආර්ට් ෆැකල්ටියේ ළමයෙකුට ගහලා පන්ති තහනම් වෙලා මාස තුනක් හිටිය තේමිය අයියාට එක්සෑම් ලියන්න පර්මිෂන් දීලා තිබ්බේ එයා ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් වුන හින්දා …
‘මට නම් පොඩ්ඩක් අවුල් වගේ රිපීට් කරන්න වෙයි …’
‘ඒ මොකෝ ගිරවා දාලා නේ අක්කි හිටියේ …’
‘ම්ම්ම් ….ඔව් මේ දවස් වල ගෙදර ප්‍රශ්න නංගි …තාත්තා අසනීප වෙලා කුබුර උගසට සින්න වෙලා …මල්ලිලාට ඉස්කෝල පොත් ගන්න සල්ලි නැහැලු .. ඔය ප්‍රශ්න ගැන හිතලාම මම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ …’
කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට හැටකට එහා මේ වගේ ප්‍රශ්න වලින් පිඩා විදිනවා …චායා කියන්නේ ඒ ලමයින්ගෙන් එක් කෙනෙක් විතරයි …ඒ වගේ ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක්ගෙන් මගේ ප්‍රශ්නේ අහන එක හරි මදි කියලා මට හිතුනේ
‘තේමිය අයියාට එහෙම ලේසිද දන්නේ නැහැ එක්සෑම් ..’ මගේ හිත අදුන ගත්තා වගේ අමාලි ඒ ප්‍රශ්නේ ඇහුවේ
‘තේමිය කොහොමත් ගොඩ …..හැම සෙමෙස්ටර් එකේම අපේ බැච් ටොප් ඌනේ .. ‘’
තේමිය අයියා ගැන මට දැනුනේ සතුටක් . …මාත් එක්ක අමනාපෙන් හිටියත් එයාට හොදක් වෙනවා නම් ඒ තමා මගේ සතුට ….
තේමිය අයියා එක්සෑම් එකෙන් පස්සේ පැක්ට්‍රිකල් වලට කොළඹ සයිට් එකකට ගියා කියලා මම දැනගත්තේ මාසයක් විතර ගෙවුනාට පස්සේ … මේ වෙද්දී අපි ඉගෙනගත්තේ කැම්පස් එකේ අවසාන අවුරුද්දේ …

****

ගොඩක් දවසට යාළුවො එක්ක එකතු වෙලා කුප්පියක් දාන නිසා …මම බෝඩිමට ආවේ ඉදලා හිටලා වගේ … තේමිය අයියා ගෙදර ඉන්න දවසක වුනත් මට එයාව මග ඇරෙන්න ඒ කාරණේ බලපාන්න ඇති … දවස් ගානකට පස්සේ මම බෝඩිමේ හිටිය දවස නිසා එකතුවෙලා තිබ්බ රෙදි ගොඩ ඔක්කොම හෝදලා දාලා …. මම රෝස පාත්තිය පැත්තේ ගියා ….
අවුරුදු හතකරට කලින් මම මෙහෙ නවතින්න ආව දවසේ හිටවපු රෝස පැල ලොකු වෙලා මල් පිරිලා තියෙන විදිහ දැක්කම මට ආවේ පුදුමාකාර සතුටක් … මට සාත්තු කරන්න බැරි වුනාට වසන්තා ඇන්ටි ඒ දේවල් කරලා ….රෝස පැල අස්සේ අතරමන් වෙලා පැය ගානක් ගෙවිලා යනවා මට දැනුනේ නැහැ …. මම ගේ ඇතුලට ආවේ එක එක පාටින් රෝස මල් ගොඩක් කඩාගෙන …
‘රෝස කුමාරි වගේ බරටම රෝස මල් ගොඩක් කඩාගෙන කොහේ යන්නද දරුවෝ …’
වසන්තා ඇන්ටි කිරි තේ එකක් හදාගෙන මගේ ඉස්සරහට ආවා
‘කොහෙවත් යන්න නෙවෙයි ඇන්ටි .. වාස් එකට දාන්න කියලා කැඩුවේ’
‘අද කොහෙවත් යන්නේ නැහැ නේ …මට ගොඩක් දේවල් තියෙනවා කියන්න ….’ මගේ පස්සෙම කාමරේට ආපු වසන්තා ඇන්ටි එහෙම කිව්වේ මගේ ඇදේ වාඩිවෙන ගමන්මයි …
‘කියන්නකෝ ඉතින් මම අද ගෙදරමයි ඉන්නේ …’ මල් වාස් එකට මල් එකින් එක දාන ගමන් මම හැඩ බැලුවා ….
‘මෙතැනින් වාඩිවෙන්නකෝ …’ මම වසන්තා ඇන්ටි ලගින් වාඩිවෙලා එයා දුන්න තේ එක අතට ගත්තා
‘ කියන්න ඉතින් … ’ මම වසන්තා ඇන්ටි දිහා බැලුවේ එයා කියන්න යන්නේ මොනවාද කියලා හිතාගන්න බැරිව
‘ඔයාලාගේ ෆැකල්ටි එකේ ඉන්නවාද අනුත්තරා කියලා ගර්ල් කෙනෙක් ..’ ඇන්ටි අනුත්තරා ගැන දැනගත්තේ කොහොමද …..ඇයි එයා එකපාරම අනුත්තරා ගැන අහන්නේ ….මට හිතාගන්න බැරිවුනා
‘ඉන්නවා …ඔයා කොහොමද එයා ගැන දන්නේ ..’ මම ඇස් ලොකු කරලා පුදුමෙන් වගේ බැලුවේ
‘ බයවෙලා වගේ ඔහොම බලන්නෙපා …. කියන්නකෝ එයා හොද ගර්ල් කෙනෙක්ද ..’
‘වරදක් නැහැ හොදයි ..’ හේතුවක් නැතිව ඇන්ටි අතින් කියන්න යෑ අනුත්තරා කියන්නේ නල්ල මලේ අම්මණ්ඩි කෙනෙක් කියලා
‘එහෙනම් කමක් නැහැ ..’ එයා ලොකු හුස්මක් අරන් ලස්සනට හිනාවුනා
‘ඇයි ඔයා අනුත්තරා ගැන ඇහුවේ …’ මම ඉවසිල්ලක් නැතිව හිටියේ ඒ ගැන දැනගන්න ….
‘අනුත්තරාගේ ගෙදරින් මෙහෙ ආවා ..’
‘ඒ මොකටද …’
‘ප්‍රපෝසල් එකක් අරන් …’
‘කාටද …’
‘අපේ ලොකුට ..’ උගුරට ගත්ත තේ එක එකපාරටම නහයෙන් කටෙන් එද්දී අතේ තිබ්බ තේ එක මහා හඩින් බිම වැටිලා කැඩිලා බිදිලා ගියා … ඇස් වලින් කදුළුයි නහයෙන් හොටුයි ගලද්දී මම මෙසේ උඩ තිබ්බ ලේන්සුව අරන් පිහලා දැම්මා
‘මොකද උනේ දරුවෝ … පිට උගුරේ ගියා නේද ..’ ඇන්ටි මගේ පිට අතගානවා ….
‘ඔව් ….දැන් හරි ඇන්ටි … ඉතින් ඔයාලා මොනවද කිව්වේ ’ මට දැනගන්න ඕන වුනේ තේමිය අයියා කැමති උනාද කියන එක
‘ පුතාගෙන් අහන්නේ නැතිව උත්තරයක් දෙන්න බැරි නිසා මම මොකුත් කිව්වේ නැහැ ..අද පුතා ගෙදර ආවාම එයාගෙන් අහලා උත්තරයක් දෙනවා … එහෙම හොදයි නේද ’ වසන්තා ඇන්ටි උත්තරයක් බලාපොරොත්තුවෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා
‘ හොදයි ඇන්ටි …’ මම හිනාවෙන්න හැදුවත් මගේ මුහුණට හිනාවක් එන්න නැතිව ඇති
තේමිය අයියා අනුත්තරාව බදින්න කැමති වෙන්න එපා මම හිතින් සිය දහස් වාරයක් එහෙම පැතුවා … හිතලා හිතලා අන්තිමේට ඔළුව පුපුරන්න තරම් වේදනාවක් විතරයි මට ඉතිරි වුනේ ..
හවස් වෙනකන්ම මම කලේ ඇදට වෙලා නිදාගන්න එක … නිදාගත්තා කිව්වාට නින්ද නම් මගේ ඇස් මානෙකවත් තිබ්බේ නැහැ මම කලේ ඇද උඩ වැතිරිලා ඉන්න එක විතරයි … මම එලියට ගියේ කෑම කන්න කියලා වසන්තා ඇන්ටි කරපු ඉල්ලීම අහක දාන්න බැරි නිසා විතරයි ..
තේමිය අයියා ගෙදර එද්දී රෑ දොළහටත් ලංවෙලා තියෙන්න ඇති … නින්දත් නොනින්දත් අතර හිටිය මට හීනෙන් වගේ එයා කතා කරන හැටි ඇහුනා …
***
‘ පුතා , ඔය මොනවාද කියන්නේ .. ඔයාගෙත් දැන් මැරී කරන වයස හරි ….අපිට නම් කැමති නැති වෙන්න කිසිම හේතුවක් පේන්න නැහැ ..’
වසන්තා ඇන්ටිගේ උස් කටහඩ සාලේ පැත්තෙන් ඇහුනා …
‘මට දැන්ම මැරී කරන අදහසක් නැහැ අම්මා ..’
තේමිය අයියාගේ උත්තරේ මගේ හිතට ගෙනාවේ සැනසීමක් …මේ උත්තරේ තමා මම එයාගෙන් බලාපොරොත්තු වුනේ … ඊයේ ඉදලා සැනසීමෙන් හුස්මක් ගන්න මට පුළුවන් වුනේ දැන් …මම ටවල් එකත් අතට අරන් එලියට ගියේ හිතට ආව සැනසීමත් අරන්ම ලිද ළග ටැංකියට ගිහින් මුහුණ හෝදන බලාපොරොත්තුවෙන් ……
‘ඔයාලා තව අවුරුද්දකින් දෙකකින් මැරී කරන්න … එයාලා කරපු යෝජනාවාට අපි උත්තරයක් දෙන්න ඕන දරුවෝ ..’
වසන්තා ඇන්ටියි අන්කලුයි ගමනක් යන්න ලැහැස්ති වෙලා හිටියේ ….මම එයාලා ලගින් යන ගමන් තේමිය අයියා දිහා බැලුවා …තාම ඒ ඇස් වල මගේ නමින් තියෙන්නේ ද්වේශයක් කියන එක මට ඒ වෙලාවේ තේරුණා …
‘මම ප්‍රපොසල් එකට කැමති කියන්න …’ එයා මගේ දිහා බලාගෙනම ස්ථිර හඩින් එහෙම කියද්දී …. හදාගෙන හිටපු මගේ හිත හත් කඩකට කැඩිලා යනවා වගෙයි මට දැනුනේ … මට අඩන්න ඕන උනත් යටි තොල විකාගෙන ඒ හැගීම පාලනය කරගෙන මම එලියට බැස්සා …
අඩන්න එපා දේව් …. ඔයාව රිද්දන මිනිහෙක් වවෙනුවෙන් අඩන්න එපා .. ඇස් වලින් ගලන උණු කදුළු අස්සේ මම මගේ හිතට තේරුම කරලා දෙන්න ට්‍රයි කළා ..

‘දේව් …අපි නුවර ගිහින් එන්නම් …’ අංකලුයි ඇන්ටියි සදෙව් මල්ලියි තුන්දෙනාම ගේට්ටුවෙන් එලියට ගියේ මට අත වනාගෙන
මේ ප්‍රශ්නේ විසදගනින් දේව් ….. අද දෙකින් එකක් තීරණය කරපන් …කතා කරපන් දේව් අන්තිම සැරේට උබේ ආදරේ වෙනුවෙන් සටන් කරපන් …මගේ හිත එහෙම කියද්දී මම හිතට ශක්තිය අරන් තේමිය අයියාගේ කාමරේ පැත්තට ගියා අඩවන් කරලා තිබ්බ දොර තල්ලු කරගෙන මම ඇතුලට යද්දී තේමිය අයියා කන්නාඩිය ඉස්සරහට වෙලා ඇදුම් මාරු කරනවා …… කන්නාඩියෙන් මාව දැක්ක තේමිය අයියා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ …
‘ලැජ්ජා නැද්ද ඔහොම කොල්ලෙක්ගේ කාමරේට එන්න ආ …’ තේමිය අයියා නපුරු මුහුණක් හදාගන්න ට්‍රයි කලත් එයාට එහෙම කරන්න අමාරු වුනා
‘ඔයා මට ආදරේද නැද්ද … අන්තිම සැරේට මම අහන්නේ ….’ මම එයා ඉස්සරහා හිටගෙන ඒ ඇස් ඇතුලේ මාව හෙව්වා …
‘ දේව් මට වදයක් නොවී යන්න මෙතැනින් … කරුණාකරලා යන්න …’ ගෙදර දෙවනත් වෙන්න තේමිය අයියා කෑ ගැහුවා …හොද වෙලාවට ගෙදර කවුරුත්ම නැත්තේ
‘මම යන්නේ නැහැ මට උත්තරයක් ඕන …’ මම මුරණ්ඩු විදිහට එයාට දෙවෙනි නොවෙන්න කෑ ගැහුවා
‘මට ඉන්න දීලා යනවා යන්න …’
‘මට උත්තරයක් දෙන්න මම යන්නම් ..’ මම එයා දිහා බලාගෙන හිටියා එක ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව
‘මට තමුසෙව එපා ….. මාව රැවට්ටුවා …මට වංචා කළා …’ තේමිය ලග තිබ්බ බිත්තියේ ඔළුව ගහගෙන ගහගෙන ගියා …..
‘තමුන්ට වද දිගන්න එපා අයියා …ප්ලීස් ඕක නවත්තන්න …. ‘’ මම තේමිය අයියා ලගට පැනලා එයාගේ බෙල්ලේ එල්ලුනා …
‘ මාව රැවට්ටුවා ….මාව රැවට්ටුවා …කොච්චර ආදරේ කලාද මම … ’ එහෙම කියපු තේමිය අයියා හිතාගන්න බැරි වෙලාවක මාව තුරුළු කරගෙන අඩන්න ගත්තා ….. එයාට නොදෙවෙනි වෙන්න මාත් අඩන්න ගත්තා …
‘මම විදෙව්වා …දේව් …මැරී .. මැරී ඉපදුනා … කොහේ හරි මුල්ලකට වෙලා ඔයා දිහා පැය ගණන් බලාගෙන හිටිය දවස් තිබ්බා …ඔයා හිනාවෙලා ඉද්දි මට හිතුනා මම නැතිව ඔයා සතුටින් කියලා … දහස් වතාවක් හිතුනා ඔයා ලගට ඇවිත් මම ආදරෙයි දේව් කියලා කෑ ගහලා කියන්න ..ඒ උනාට මට එහෙම කරන්න බැරි වුනා .. ’
‘මම කොච්චර බලාගෙන හිටියාද ඔයා ඇවිත් … මට ඔයාව ඕන දේව් ..කියලා කියනකන් ….මම බය වුනා කවදාවත් ඔයා එන්නේ නැති වෙයි කියලා …. ඒත් දැන් මම දන්නවා ඔයා ආදරෙයි කියලා ..කවදාවත් මම ඔයාව දාලා යන්නේ නැහැ .’
තේමිය අයියාගේ ඇස්වල තිබ්බ බැල්මට මාව දියවෙලා යන්න වගේ …මම තව තවත් ඒ උණුසුමට තුරුළු වුනේ පුසී පැටියෙක් වගේ …
‘මම ඔයාගේ විතරයි අයියා … මොන දේ සිද්ද වුනත් මම ඔයාගේ විතරමයි .. ඔයාව විතරමයි මට ඕන ’
තේමිය අයියාගේ උණුසුම් අත් මගේ පිට දිගේ එහා මෙහා වුනා …. එයාගේ හුස්ම මගේ මුහුණට ගොඩක් ලගින් දැනුනේ …. ජිවිතේ පලවෙනි පාර කොල්ලකුගේ දෙතොල් පහසක් මගේ තොල් පෙති අතරේ සැරිසැරුවා … එකින් එක වස්ත්‍රයක් අපි දෙන්නාගේ පාමුල වැටෙද්දී අපි දෙන්නා එක්කෙනෙක් වුනා කියන එක විතරමයි මට දැනුනේ ….
පෝරු මස්තක ආශිර්වාද මංගල යහනක් නැතිවම මම තේමිය අයියා අතින් ගැහැණියක් වුනා කියන එක මට මතක් වුනේ හැමදෙයක්ම ඉවරවුනාට පස්සේ …අම්මි …තාත්ති මට ආදරේ කරන හැටි මතක් වුනෙත් පස්සේ …. මේක දැනගත්තාම තාත්තිට කොච්චර දුක හිතෙයිද ….
‘මොකද දැන් අඩන්නේ ..’ තේමිය අයියාගේ පපුවේ මුහුණ හංගගෙන හිටිය මගේ ඇස් වලට කදුළු ආවේ නතර කරගන්න බැරිද …
‘මට ගෙදර අය මතක්වුනා ..’
‘ ඒ හැමදෙයක්ම එපා කියලා නේද මගේ ලගට ආවේ ..දැන් නාඩා ඉන්න ..’ තේමිය අයියාගේ ඇගිලි තුඩු මගේ කොන්ඩේ අස්සෙන් එහා මෙහා වුනා …
‘මට බයයි අයියා …’
‘මම ඔයා ලග ඉන්නවා නේ …. බය වෙන්න එපා . … හැමදෙයකටම සතුටින් මුහුණ දෙමු ..දැන් ඔයාව මගෙන් වෙන්කරන්න කාටවත්ම බැහැ …. ඔයා මගේ විතරමයි …..’
තේමිය අයියාගේ කටහඩේ ලොකු සතුටක් තිබ්බේ ….ඒ ඇස් දිලිසෙනවා … දැන් ඉතින් වුන දේවල් ගැන හිත හිත ඉන්න එකෙන් වැඩක් නැහැ …කරන්න තියෙන්නේ වෙන දෙයකට ඉඩ දීලා බලාගෙන ඉන්න එක …අවුරුදු විසි හතරක් පරිස්සම් කර ගත් වටිනාම දෙය තේමිය අයියාට දීම ගැන දුකක් නැතත් මට දුක පණ මෙන් ආදරේ කරන දෙමව්පියන් ගැන … මම බරට හුස්මක් පා කරලා ඇරලා තේමිය අයියාගේ උණුසුමෙන් මිදුනා ඒ ඉස්සරහට වෙන ඕනෑම දෙයකට ශක්තිමත්ව මුහුණ දෙන අධිෂ්ඨානයෙන් ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *