~~~දෙව්දූ~~~~12 කොටස

තේමිය අයියයි මගෙයි අතරේ කිසිම ආදර සම්බන්ධයක් තිබුනේ නැතිවුනත් යාළුවො අපි දෙන්නා සම්බන්ධ කරලා විහිළු කරද්දී මගේ හිතට දැනුනේ සතුටක් …
‘තේමියත් ඉදලා ඉදලා කොක්කක් දාගත්තා එහෙනම් … සිරා කොක්කක් ද නැති නම් මේකත් බත් කොක්කක්ද … ’
තේමිය අයියාගේ යාළුවෙක් අපි දෙන්නා ලගට ඇවිත් එහෙම කිවුවාම තේමිය අයියා මහා හඩින් හිනාවුනා විතරමයි … එයා උත්තරයක් දුන්නේ නැති උනාම මගේ හිත ගොඩක් රිදුනා . …
‘මම යනවා …..එහෙනම් ….’ තේමිය අයියා තවත් විනාඩියක්වත් එතන නැවතුනේ නැහැ … මගේ හිත රිදුනේ එයා කිසිම දෙයක් කියන්නේ නැතිවම ගිය එක ගැනයි …
‘මේ ඇත්ත කියපන් උබ අර හිට්ලර්ට කැමතිද …’
තේමිය අයියාගේ සෙට් එක එතැනින් ගියාට පස්සේ අපේ එවුන් ටික මාව වටකරත්තා …
‘මගුලක් කියනවා නේ උබලා … මට පිස්සු නැහැ …’ මම කට්ටියම පීරාගෙන ඉස්සරහාට ඇවිත් කම්පියුටර් ලැබ් එක දිහාවට යන්න ගියා ….
‘හරි හරි උබ අපිට කියන් නැහැ නේ …..මතක තියාගනින් හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළිපිට කියලා …’
මලිෂ් එහෙම කියලා කෑ ගහනවා මට ඈතට යද්දී ඇහුනා ….මම නැවතිලා ඉන්නේ තේමිය අයියලාගේ ගෙදර කියලාවත් මම කාටවත් කියලා තිබුනේ නැහැ.. . කිවා නම් ඉතින් මම වසලා හමාරයි ….
***
දවස් ගෙවිලා ගියේ කිසිම වෙනසක් නැතිවමයි …. ඔන්න ඉතින් හා හා පුරා කියලා යන බැච් ට්‍රිප් එක සෙට් වුනේ මේ දවස් වල තමයි … කට්ටියම කතාවෙලා යන්න තෝරාගෙන තිබ්බේ හන්තාන කදුකරයට Hike එකක් ….මේ ගමනට දවස් දෙකක් දාගෙන තිබ්බේ දුරම පාරෙන් hike එක යන්න තීරණය කරලා තිබ්බ නිසයි ….
‘මම කවදාවත් හන්තාන කන්ද නැගලා නැහැ …’ මම එහෙම කිව්වේ ඈතින් පේන හන්තාන කන්ද දිහාම බලාගෙන …
‘බැච් එකේ ගොඩක් අය පලවෙනි සැරේට තමා හන්තාන නගින්න සෙට් වෙන්නේ ..’ බිනුර එහෙම කිව්වේ ටිකක් බැරෑරුම් විදිහට මුහුණ හදාගෙන
‘ඔව් මම ගොඩක් අය එක්ක කතා කළා ….. ගොඩක් අය ගිහින් නම් නැහැ තමා …’ බිනුර ගේ කතාව අනුමත කලේ ගගුලි .
‘අපේ ගෙදරින් මොනවා කියයිද දන්නේ නැහැ දවස් දෙකක් නේ ..අනික මහා රෑ කැලයක් මැද ඉන්නේ කොහොමද අනික ඔය කැලේ දිවියෝ ඉන්නවාලු ..’
අමාලි එහෙම කිව්වම මගේ හිතටත් බයක් දැනුනේ …මම වීරයා වගේ ට්‍රිප් එක යන්න හා කිවුවාට ඒ වෙද්දී ගෙදරින් පර්මිෂන් අරන් තිබ්බෙත් නැහැ …
‘අනික කවුරුත් දන්නේ නැතිව කදු නගින්න ගිහින් අතරමන් උනොත් …’ රොනාශාත් ටිකක් බයෙන් හිටියේ ට්‍රිප් එක යන්න
‘මම තරිදුවාගෙන් ඇහුවා ….ඌ කිව්වේ ඌගේ අයියා කෙනෙක් ඉන්නවා කියලා ඒ අයියා එක්කන් යමු කියලා ..’
තරිදු කියන්නේ බැච් එකේ හිටියේ දක්ෂම ළමයෙක් …. උස කෙට්ටු ඇගක් තිබ්බා උනත් එයාගේ තිබ්බේ අමුතු ආකර්ශනයක් …. තරිදුට ගොඩක් කෙල්ලන් ඒ වෙද්දීත් කැමැත්තෙන් හිටියා කියලා මම දැනගෙන හිටියා… අපිත් එක්ක වැඩිය කතා කරේ නැති උනත් ඕනෑම තැනකදී හිනාවෙලා යන පුරුද්දක් එයාට තිබ්බා ….
කොහොම හරි කට්ටියට ට්‍රිප් එක ගැන මගේ හිතේ තිබ්බේ දෙගිඩියාවක් …. මොකද කැම්පස් ජිවිතේ අපි යන පලවෙනි ට්‍රිප් එක මේකනේ …
‘තාත්ති අපේ බැච් ට්‍රිප් එක යනවා මේ වික් එන්ඩ් එකේ මම යන්නද ’ හවස තාත්ති එක්ක කතා කර කර ඉද්දි මම එයාගෙන් අවසර ඉල්ලුවා ….
‘ගියාට කමක් නැහැ පරිස්සමින් ගිහින් එන්න ..ඔයා දැන් ලොකු ලමයෙක් තමන් පරිස්සම් වෙන්න ඕන කොහොමද කියලා ඔයා දන්නවා නේ … කොහේ ගියත් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න ..’
තාත්ති කවදාවත් මට කිසිම දෙයකට එපා කියලා බැච් ට්‍රිප් එක යන්න එයා අවසර දුන්නේ මම ගැන තිබ්බ විශ්වාසය නිසා බව මම දන්නවා …
‘දේව් පොඩ්ඩක් ඉන්න නංගිට කතා කරන්න ඕනලු …’
එහෙම කියලා තාත්ති නංගිට ෆෝන් එක දුන්නා
‘අක්කි දන්නවාද මගේ මස්සිනා ඊයේ අපේ ගෙදර ආවා ඩිනර් එකකට ….’ නංගි එක පාරටම මට මතක් කලේ මම අමතක කරලා හිටපු දෙයක් …
‘ඉතින් ..’ මම උවමනාවට එපාවට එහෙම ඇහුවේ
‘ඔයා ගැන මගෙන් ඇහුවා ගොඩක් දේවල් …ඔයා නැවතිලා ඉන්නේ කොහෙද කියලත් ඇහුවා ..’
‘ඉතින් තමුසේ මෝඩි වගේ කීවද කොහෙද කියලා ..’
මම කතා කරේ මහා සද්දෙට ..මට බය හිතුනේ මාව බලන්න විකුම් එයි කියලා ..
‘අනේ මම කියන්න ගියේ නැහැ …මොකද ඔයාට මේ ඩෝන් ගිහින් …’ නංගිට මම කතා කරා සැර වැඩිද මන්දා ….
‘සොරි …..’ මම එහෙම කියලා ෆෝන් එක රිසීවර් එක උඩ තිබ්බේ කලකිරීමෙන් …කවදා හරි මට විකුම් බදින්න වෙයිද කියන බය මගේ හිතේ හොල්මන් කළා ….

*****
ඔන්න ඉතින් බැච් ට්‍රිප් එක යන දවසත් ආවා …. ඊට කලින් දවසේ අමාලි මාත් එක්ක වසන්තා ඇන්ටිලාගේ ගෙදර නැවතිලා හිටියේ උදේ පාන්දරම ට්‍රිප් එක යන්න අපි කට්ටිය කතා කරගෙන හිටපු නිසා …
මම දණහිස ලගට කොට ඩෙනිම් කලිසමක් ඇදලා අත් දිග ටීෂර්ට් එකක් ඇදගත්තේ ගමන යන්න පහසු විදිහට ඇදගෙන එන්න කියලා ඊයේ හවසම අයියලා අක්කලා අපිව දැනුවත් කරපු නිසා…. අමාලිත් මම වගේම කොට කලිසමක් ඇදලා ටිෂර්ට් එකක් දාගෙන හිටියේ …. උදේ පාන්දර හත වෙද්දී කට්ටියටම කැම්පස් එක ලගට එන්න කියලා තිබුනේ …. අපි ඊයේ හවස ගමනට යන්න ලැහැස්ති කරගත්ත ගමන් මලු කරේ දාගෙන අපි කැම්පස් එක ලගට යද්දී හොස්ටල් වල හිටපු කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම රෙඩි වෙලා බස් වලට නැගලා ෂිට් එහෙමත් අල්ලාගෙන …. හොද වෙලාට ජනිතුයි මලිෂුයි අපි දෙන්නටත් එක්ක ෂිට් එකක් අල්ලාගෙන හිටියේ …
‘මොකද බන් … මෙච්චර ලග ඉදලත් උබලා එන්න පරක්කු උනේ …’ හිමායා අපිව දැක්ක ගමන් වක්කඩේ කැඩුවා වගේ කියවන්න ගත්තා
‘මෙවුන් කවද්ද බන් වෙලාවට වැඩක් කලේ …මම දන්නවා නේ ෂුවර් එකටම මුන් දෙන්නා පස්ස රත්වෙනකන් නිදාගන්න ඇති … ’
කට්ටියම අපිට වදේ ගහද්දි අපි කලේ උන්ට විරිත්තලා ෂිට් එකට ගිහින් වාඩිවෙන එක ….
හරියටම අට වෙද්දී බස් තුනම පිරුනා බැච් එකේ ළමයින්ගෙන් … කොල්ලෝ කෙල්ලොන්ගේ මහා කෑ ගැහීමක් එක්ක බස් එක ස්ටාර්ට් කළා …. සරසවි ගම පැත්තේ පාර තමා අපේ ගමන යන්න තෝරා ගෙන තිබ්බේ … සරසවි ගම ලග බස් වලින් බැහැලා අපි බෑග් කරේ එල්ලගෙන ගමන යන්න පටන්ගත්න ලැහැස්ති උනා …
‘මේ අයියලා තමා අපිට ගයිඩ් කරන්නේ .’ තරිදුගේ කට හඩ ඇහිලා අපි ඒ දිහා බැලුවා … තරිදු ලගින් හිටගෙන හිටියේ තේමිය අයියයි චමත් අයියයි ….
‘කට්ටියම මතක තියා ගන්න අතුරු පාරවල් වල යන්න එපා …. තනි තනියම යන්න එපා …. අතරමන් උනොත් පාරවල් හොයාගන්න ගොඩක් අමාරු වෙයි .. දැන් කට්ටියම උදේ කෑම කාලා ලැහැස්ති වෙන්න ’
තේමිය අයියාගේ උස් කටහඩට හැම ළමයෙක්ම ඇහුම්කන් දුන්නා ..කවදාවත් ගිය නැති ගමනක් යන්න හැමෝම හිටියේ කුතුහලය මුසු වෙච්ච බයකින් …. මගේ හිතට කාන්දු වෙලා තිබ්බ බය නම් තේමිය අයියා දැක්කට පස්සේ අතුරුදහන් වෙලා කොහේ ගියාද නෑ …. එයාට පේන්නත් එක්ක මම එයා ලගින් එහාට මෙහාට ගියත් …. එයා මාව නොදැක්ක ගානට අපේ බැච් එකේ පණ්ඩිතම කෙල්ල අනුත්තරාගේ සෙට් එක ලගට ගිහින් කෑම කද්දී මගේ හිතට ආවේ තරහක් ….
‘මොකද මුහුණ දොදොල් කරන් ඉන්නේ … කාපන් …..පාන් පෙත්තක් ..’ මට ගගුලි දුන්න පාත් පෙත්ත අතට ගත්තත් කන්න තරම් මුඩ් එකක් තිබ්බේ නැහැ ….
‘හරි දැන් කට්ටියම ලැහැස්තිද …’
‘ඔව් අපි ලැහැස්ති ..
ඔන්න ඉතින් හන්තාන කන්ද නගින්න පටන් ගත්තා … ජනිත් මලිෂ් බිනුර හැමවෙලේම අපි ලගින් හිටියේ අපිට උදව්වක් ඕන උනොත් කියලා …. පාන්දර ශීතලේ මිදුම අස්සේ ලස්සන තේ වත්තක් පහු කරලා අපි ගමන පටන් ගත්තේ … තේ වත්ත පහුකරද්දී හම්බවුන මාන කැලේ එක්ක තිබ්බ ලොකු බෑවුමක් … සමහර තැන්වලදී අපිට හිටගෙන යන්න බැරි තරම් බෑවුමක් තිබ්බ නිසා අපිට වුනේ ඒ තැන් වලින් බඩගාගෙන වගේ යන්න .. කොහොම හරි බඩ ගාගෙන දන ගාගෙන කදු මුදුනටම යන්න අපි ටාර්ගට් කරගෙන හිටියේ ……
තේමිය අයියා අනුත්තරා ලගින් ඉදලා එයාට හෙල්ප් කරද්දී මගේ හිතට ආවේ ඉර්ශ්‍යාවක් …. තරහා නිසාම මම අනිත් සෙට් එකත් ඇදගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ….තද අවුව නිසා මහන්සිය දෙගුණ උනත් අපේ ගමන නවත්තන්න ඒක බාධාවක් උනේ නැහැ …
‘ …. අපි ආවෝ ….. ’ බිනුර මහා හඩින් කෑ ගැහුවේ හන්තාන කදු පන්තියේ පලවෙනි කන්ද මුදුනට නැගලා හැමෝටම ඇහෙන විදිහට ….. බිනුර අනුගමනය කරලා හැමෝම කෑ ගහන්න පටන් ගත්තේ කන්ද නැග්ග සතුටට .. . කන්ද මුදුනට පෙනුන වටපිටාවේ තිබ්බ ලස්සන නිසා හැමෝම හිටියේ වශී වෙලා වගේ …..
මම යාළුවන්ගෙන් ඈත් වෙලා කන්ද මුදුනේ එක පැත්තකට ගිහිල්ලා පහලට එබිලා බැලුවා … අඩි දහස් ගානක් ගැබුරු ප්‍රපාතය දැක්කාම මගේ ඇස් නිලංකාර වෙලා වගේ යද්දී මම කෑ ගහන්න ට්‍රයි කරද්දී කාගේ හරි උණුසුම් අතක් මගේ අතක නැවතුනා ..

‘දේව්‍ දේව් …’ වතුර බෝතලයක් අතේ තියාගෙන මගේ මුහුණට එබීගෙන හිටියේ හිමායා . ..කෙල්ලගේ ඇස් වල කදුළු පිරිලා … අපි වටේ හිටිය අනිත් කට්ටියගේත් මුහුණු වල තිබ්බේ බයක් …
‘දන්නවාද තව පොඩ්ඩේන් අර හෙළ පල්ලෙහා ඔයා නවතින්නේ …එහෙම උනා නම් කෑල්ලක්වත් හොයාගන්න වෙන්නේ නැහැ …..’ මගේ මුහුණට එබිලා හිටිය තේමිය අයියා කතා කරේ තරහෙන්
‘ හොද වේලාවට් තේමිය අයියා දෙව්දුව අල්ලාගත්තේ …’ මගේ පපුව උඩ තිබ්බ හිමායගේ අතක් වෙව්ලනවා මට දැනුනා
‘කියන දෙයක් අහනවා නම් ඔහොම වෙනවාද … මෙයා බබෙක්ද …. අර කන්ද අයිනටම යන්න තරම් ..මොලයක් තියෙන්න එපාය තේරුම් ගන්න …’
තේමිය අයියා එහෙම කියද්දී මම එයා දිහා බැලුවේ සමාව ඉල්ලන බැල්මකින් …. මගේ මුහුණේ තිබ්බ අසරණ කම දැකලාද කොහෙද එයා තවත් මොකුත්ම කියන්නේ නැතිව තරිදු ලා හිටිය පැත්තට ඇවිදගෙන ගියා . …

මතු සම්බන්ධයි

කියවලා අදහස් කියන්න අමතක කරන්න එපා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *