~~~දෙව්දූ~~~~~38 කොටස

තේමිය අයියාගේ ඇදේ ෂිට් එක උඩ රක්ත වර්ණයෙන් මගේ පිරිසිදුකමේ ලාංජනය සලකුණු වෙලා …. මගේ ඇස් දෙක වගේම තේමිය අයියාගේ ඇසුත් එතැන නතරවෙලා තිබුනා …. මිට පැයකට කලින් යුවතියක් උන මම ගැහැණියක් බවට පත්වෙලා … මට දුක්වෙන්න දෙයක් නැහැ …ඒ මම ආදරේ කරපු කෙනා නිසා මම ගැහැනියක් වුන නිසා …..
‘ ඔයා මගේ විතරයි ….. දැන් කාටවත් ඔයාව මගෙන් උදුරගන්න බෑ …’ තේමිය අයියාගේ ඇස් සතුටින් දිලිසෙනවා ..
‘ මම ඔයාගේ විතරයි අයියා … ඊයේවත් අදවත් ඒකෙ වෙනසක් නැහැ ….හෙටටත් එහෙමයි ….. දැන් ඔයාට සතුටුයි නේද … ආයේ කවදාවත් මගෙත් එක්ක තරහා වෙන්න එපා .. ’
මම එයා දිහා බලලා ඒ ඉල්ලීම කලාම …එයා හිනාවෙලා මගේ දිහා බලාගෙන හිටියේ කිසිම දෙයක් නොකියා …
මම මගේ මුළු ආත්මයම එක පිරිමියෙක් ලග පුජා කලා කියන කියන දුක වෙනුවට මගේ හිතේ තිබ්බේ සතුටක් ඒ මගේ පිරිසිදුකම එයා ඉස්සරහා ඔප්පු කළා කියන එකයි …. ඒත් රෑ වෙද්දී ඒ හැගීම හෙමින් හෙමින් දියවෙලා ගිහින් මුළු හිත පුරාම කලකිරීමක් පැතිරිලා ගියා …. මාව කෙලෙසුවා කියලා තේමිය අයියාට දොස් කියන්න බැහැ …මොකද මේ දේ සිද්ද වුනේ අපි දෙන්නාගේම කැමැත්තෙන් .. ඉතින් මට කරන්න පුළුවන් එකම දේ හිත හදාගැනීම විතරයි ඒ දැන් අපි දෙන්නාව වෙන්කරන්න කාටවත්ම බැරි බව හිතලා ….
‘ දේව් දැන් ඔයා ලොකු ළමයෙක් …. දැන් ඔයා පරිස්සම් වෙන්න ඕන …ගැහැණු ළමයෙක් විදිහට රැකගන්න ඕන දෙයක් ඔයා ලග තියෙනවා …. ඒ ඔයාගේ පිරිසිදුකම …කවදාවත් ඒක නැති කරගන්න එපා … ’ අම්මි මගේ ඔළුවෙන් අතගාලා ගොඩක් දේවල් මට කියලා දුන්නා .. නොදන්න කමට උනත් අම්මි කියන දේවල් මම හිතේ ධාරණය කරගත්තා …
‘ බදින්න කලින් ඔයා කිසිම පිරිමියෙකට ඔයාගේ ශරීරයේ තියෙන රහස් තැන් නිරාවරණය කරන්න එපා …. පිරිමීයෙක් කෙල්ලෙකුට ලංවෙලා ගොඩක් දේවල් ඉල්ලාවි …ඒ උනාට ගැහැණු අපි දැනගන්න ඕන තමන්ව ආරක්ෂා කරගන්න ….. ගැහැණු ළමයෙක් තමන්ගේ වර්ජින් එක නැතිකරගත්තා කියන්නේ අවලංගු කාසියක් උනා කියන එක …’
‘මම පරිස්සම් වෙන්නම් අම්මි ..ඔයා කිව්ව විදිහටම වැඩ කරන්නම් ..’ මම ඒ විශේස දවසේ අම්මිගේ ඔලුවේ අත තියලා පොරොන්දු වුන විදිහ මට මතක් වුනා …
මම ඒ රෑ එක දිගට හින දැක්කා ….. ඒවා මගේ හිතට කරදරයක් වුනා ….. ඇස් දෙක පියාගත්ත ගමන් මට අම්මිව පේන්න ගන්නවා …. ලොකු ලමයෙක් වුන දවසේ අම්මි කිව්වා දේවල් අකුරක් නෑර මගේ කන්දෙක ඇතුලේ දෝංකාර දෙනවා …. එයායේ දුව එයාට දුන්න පොරොන්දුව කැඩුවා කියලා දැනගත්තොත් අම්මිගේ පපුව පැලෙයි කියලා මට හිතුනා …
‘මට සමාවෙන්න අම්මි …ඔයාගේ දුව සමාව දෙන්න බැරි වැරද්දක් කළා …’
මුළු රෑ පුරාම සිය දහස් වාරයක් මම ඒ වචන ටික කියවන්න ඇති ……
‘මම තේමිය අයියාට ආදරේ …. දැන් අපි දෙන්නාව වෙන්කරන්න කාටවත් බැහැ …’ අර වරදකාරී හැගීම මතුවෙද්දී මම එහෙම හිතලා හිත සනසා ගත්තා …
‘මොකද මේ දේව් ඇස් ඉදිමිලා … උබ ඇඩුවාවත්ද …’ කැම්පස් එකේදී හිමායා මගේ වෙනස අදුනාගෙන තිබුනා …. ඒත් ඉතින් එයාට කියන්නද මම කරගත්ත දේ ගැන …එහෙම උනොත් හිමායාගෙන් ලුණු දෙහිත් එක්ක මදි නොවෙන්න අහගන්න තිබුනා මට …
‘ නැහැ බන් මේ දවස්වල මට නින්ද යන්නේ නැහැ …. හිනේනුත් එක්සෑම් පේනවා…’ මට හිමායාටවත් ඇත්ත කියන්න ඕන උනේ නැහැ
‘ උබටත් එක්සෑම් භීතිකාව හැදිලාද අනිත් උන්ට වගේ …. බයවෙන්න එපා….. මට ෂුවර් උබ ෆර්ස්ට් ක්ලාස් එකක් ගන්නවා කියන එක නම් ’ හිමායා මගේ පිටට තට්ටුවක් දාලා මාව දිරිමත් කරද්දී මම හිනාවුනා හරි අහිංසක විදිහට …

********
ඊට පස්සේ ගොඩක් දවස් යනකන් තේමිය අයියාව මම දැක්කේ නැත්තේ එයා ගෙදරින් පිට ගිහිල්ලා හිටිය නිසා … මේ දවස් වල එයා ස්පෙෂල් එකකට මහන්සි වෙන නිසා ගෙදර ආවත් එයා වැඩිපුරම හිටියේ ගෙදරින් පිට යාලුවන්ගේ ගෙවල් වල ….
ඒ ඉරිදා තේමිය අයියා ගෙදර ඉන්නවා කියලා කියලා මම දැනගත්තේ එයාගේ කාමරේ දොර සම්පුර්නයෙන්ම ඇරලා දාලා තිබුන නිසා …. එයාව දකින්න ඕන නිසාම මම සාලෙට ගියේ එයාගේ කාමරේ දිහා හොරෙන් බලන ගමන් ….
‘මොකක්ද ෆිල්ම් එක ..’ සදෙව් මල්ලි ටීවී එකේ ෆිල්ම් එකක් බලනවා
‘මේක හොරර් එකක් ….ඔයාට නම් බලන්න බය හිතෙයි ..’ මල්ලි නොන්ඩියට වගේ එහෙම කියුවේ ටීවී එක දිහාම බලාගෙන ..
‘අනේ මෝඩයෝ මම බය නැහැ ඔය ඩිජිටල් මායාවන්ට … ’ සදෙව් මල්ලිට ටොක්කක් ඇනලා මම එයා ලගින්ම සෙටියේ වාඩිවුනා …
‘ඌයි රිදුනා මෝඩි … ’ සදෙව් මල්ලි කෑ ගහනවා ලොවෙත් නැතිව …
‘රිදෙන්න තමා ටොක්ක ඇන්නේ …. හිතුවද ආදරෙන් ඔළුව අතගෑවා කියලා …’
මම එහෙම කියලා ටීවී එක දිහා බැලුවා ඒ වෙලාවේ ෆිල්ම් එකේ කෙල්ලව මරන්න ඇදගෙන යනවා යකෙක් වගේ මිනිහෙක් ඇවිල්ලා … බය නැහැ කිව්වාට මගේ හිත බයෙන් ගැහෙන්න ගත්තා ඒ වෙලාවේ …. හිතට ආපු බය නිසා මම ඇස් දෙක තද කරලා පියාගත්තේ සදෙව් මල්ලි ඉන්නවා කියලා අමතක වෙලා
‘දැන් කිව්වා නේද බය නැහැ කියලා …මෙන්න බය නැති කෙනා ඇස් දෙකත් වහගෙන .. හු ….හු ..’
සදෙව් මල්ලි හු කියද්දී මම කොල්ලගේ කනින් අල්ලලා මිරිකුවා … මගෙන් බේරිලා ඈතට පැනගත්ත සදෙව් මල්ලි හු කියා කියා හිනාවෙනවා ..

‘සදෙව් ….සදෙව් ….’ තේමිය අයියා ඉස්සරහට ආවේ ඒ වෙලාවේ ..එයාව දැක්ක ගමන් අපි දෙන්නාම හිනාව නවත්තා ගත්තා … තේමිය අයියාගේ කටහඩේ තිබ්බේ නපුරුකමක්
‘ කව්ද මේක ඇන්දේ ….. ’ තේමිය අයියා අතේ තිබ්බ ෂර්ට් එකක් පෙන්නලා සදෙව් මල්ලිගෙන් ඇහුවේ මුහුණත් අමුතු කරගෙන
‘ අයියේ ….මම එදා යාලුවෙක්ගෙ ෆන්ෂන් එකකට ඕක ඇදගෙන ගියා ….සොරි ඔයාට කියන්න බැරිවුනා ..’ පොඩි එකා හොදටම භයවෙලා …. අඩන්න ලංවෙලා වගේ එයා කතා කලේ ..
‘මම කියලා තියෙනවා නේද මගෙන් අහන්නේ නැතිව මගේ දේවල් අල්ලන්න එපා කියලා …’
‘තේමිය අයියා ….පව් මල්ලි ….බනින්න එපා එයාට …’ තේමිය අයියා කෑ ගහන නිසා බයවෙලා හිටිය සදෙව් මල්ලි වෙනුවෙන් මම කතා කරේ තේමිය අයියා ඉවරයක් නැතිව බනින නිසා
‘දෙව්දු ….ඔයා …ඔයා මගේ කතාවලට කටදාන්න එන්න එපා … ..දන්නවාද මේක මට කොච්චර වටිනවද කියලා …මගේ හොදම යාළුවා රට යද්දී මට දීලා ගිය ගිෆ්ට් එක මේක …. මම ආදරෙන් පරිස්සම් කරන දේවල් මගේ එකෙක් උනත් අරගෙන පාවිච්චි කරලා දාලා යනවා නම් මට එකෙන් කිසිම වැඩක් නැහැ … මගේ දේවල් අයිතිය තියෙන්නේ මට විතරයි ….. කවුරු හරි මගේ දෙයක් දිහා බලලා හරි තිබ්බොත් මට එකෙන් කිසිම වැඩක් නැහැ ….. මම ඒක පාවිච්ච් කරන්නේ නැහැ …පාවිච්චි කරත් මට ඉස්සර තිබ්බ ආශාව ආදරය ඒ දේ ගැන ඇතිවෙන්නේ නැහැ ..’
සම්ච්චලේට වගේ මගේ දිහා බලාගෙන තේමිය අයියා කියවාගෙන යද්දී මට දැනුනේ හුස්ම හිරවෙලා යනවා වගේ ….තේමිය අයියා ඒ කියන කතාව තේරුම් යද්දී මට එකම එක තප්පරයකදී දැනුනා මම පැරදුනා කියන එක …. ෂර්ට් එක ගැන විතරක්මද එයා ඒ විදිහට කිව්වේ කියන එක මගේ හිතේ ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතිරි වෙද්දී …ගල් ගැහිලා වගේ මම එයා දිහා බලාගෙන හිටියා
අතේ තිබ්බ ෂර්ට් එක සදෙව් දිහාවට විසිකරලා තේමිය අයියා ගියාට පස්සේ මම කපලා දැම්ම ගහක් වගේ එතන තිබ්බ පුටුව උඩට වැටුනා … හරියට උල් පිහියකින් හදවතේ සියුම්ම තැනට ඇන්නා වගේ වේදනාවක් මට දැනුනේ
‘අක්කි ඕවා ගණන් ගන්න එපා ..අපේ ලොකු වෙලාවකට හරිම නපුරුයි ….. හිට්ලර් වගේ ….ඉස්සරත් ඔයා ඔය විදිහමයි …. එයාට අයිති දෙයක් දිහා කවුරුත් ඇහැක් ඇරලා බලනවාටවත් කැමති නැහැ …. දවසක් තාත්තා එයාට ගෙනත් දුන්න සෙල්ලම් කාර් එක මම ගත්තා කියලා උදුරලා කෑලි කෑලි වලට කඩලා දැම්මා … ඔය එක දෙයක් විතරයි …… ඊට පස්සෙත් ඔය වගේ දේවල් ගොඩක් උනා .. අක්කි එයා කියන දේවල් ගණන් ගන්න එපා …’
සදෙව් මල්ලි තේමිය අයියා ගැන ගොඩක් දේවල් කියවද්දී මම ගල් ගැහිලා වගේ අහගෙන හිටියේ ..තේමිය අයියා කියන්නේ මම හිතුව කෙනා නෙවෙයිද … එයාගේ ඇතුලේ පිටට පෙන්නන කෙනා නෙවෙයිද ඉන්නේ ….. කොහොම වුනත් තේමිය අයියා සුදු කළු චරිතයක් කියලා මගේ හිත නම් පිළිගන්නේ නැහැ ….
එක අතකට තේමිය අයියා කොයිවගේ මිනිහෙක් වුනත් දැන් මට එයාව අමතක කරන්න බැහැ …. මම මගේ මුළු ආත්මේම තේමිය අයියා නමට ලියලා දීලා ඉවරයි … දැන් ඉතින් කරන්න තියෙන්නේ තේමිය අයියාව කොහොමහරි මගේ කරගන්න එක …. එහෙම නොවුනොත් මට ලෝකයට මුහුණ දෙන්න බැරිව යයි …..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *