නිම්හිම් සේයා 01 – Thathsarani Vithanage

####නිම්හිම් සේයා##
1
අනේ ,අනේ යසයි ගෑනූ ලමෙක් හැදෙන අපූරූව..දැන් කීයද වෙලාව?ගවුමත් උඩ දාගෙන පස්ස පැත්තට ඉර වැටෙන කම් මෙහෙමත් නිදියනවද හා මන් කියන්නෙ..
ඕන් ඉතින් උදේ පාන්දරම හැමදාම යන අපේ සුදු අම්මිගේ සින්දුව..ඔන්න දැන් ඊලග ටික මටම කීවෑකී කට පාඩමින්..
“බැදලා ගිය දාක නැන්දම්මා ඒවී මෙතන ආඩපාලී කියන්න ඔහොමද ගෑනූ ලමෙක්ව හැදුවෙ කියලා.මේවා කියනවට වඩා හොදයි මගේ කට උලා ගන්නවා..”
අනේ මගේ කට..හා ඉතින් දූ නැගිටින්න..
“මට තා දෝ මතයි අම්මියෝ..ඊයේ අයියත් එක්ක මැච් එක බලලා නිදාගත්තේ රෑ වෙලානේ අම්මියෝ..ඉන්න දෙන්නකෝ..මයේ සුදු අම්මියා නේ”
මන් අම්මියාගේ උකෙලෙන් ඔලුව තියාන ඒ බඩවටේ අත දාන් ආයේත් දොයි ගත්තා..අම්මි මගේ හිසකේ අතගානවා..හරිම සනීපයී..
අපෝ නාකී හුරතලේ උදේ පාන්දරම ..ඉන්නවකෝ මාත් එනවා.අපේ අයියා මාව තල්ලු කරලා එයත් ඇවිත් උකුලෙන් දොයි..අම්මි මාවයි අම්මිවයි දෙන්නවම ඇදට තල්ලු කරලා හිනාවීගෙනම නැගිට්ටා..
“තමුසේ නම් ඉරිසියාකාරයා,මැට්ටා..ගල් ඉබ්බා..”
මැට්ටි මගේ අම්මා..
අයියයි මමයි ඇදේ තිබුනු කොට්ට වලින් ගහගත්තා..ඒකත් බැරිම තැන අපි හෑන්ඩ් ෆයිට් එකක් ස්ටාර්ට් කලා..පේන විදියට වැඩේ යන්න පාඩූ විදියට.මට වඩා අවුරුදු තුනක් වැඩිමල් අයියා උසින් මහතින් ඇගපතින් හොදට හැදිලා තිවුනා..ඒ පිරිමි අත් එක්ක ෆයිට් කරන්න මට බෑ.
“අහ්,කේතකී..
කෝ කෝ
කේතකී කීව ගමන් අයියගේ අත් බුරුල් උනා..ඒ ලද අවසරෙන් මන් අයියගෙ අත් පහත් කරා..
“ඉයේ මන් දිනුම්,හූ මැට්ටා පරාදයි,හූ මැට්ටා පරාදයි..”
ඔහොම ඉන්නවා නරි පැටික්කී.අද මන්..
අයියා මගේ පස්සෙන් ගහන්න එලවද්දි මන් වොශ් රූම් එකට ඇවිත් දොර වහගෙනත් ඉවරයී..හික්ස් ඉතින්..
වොශ් රූම් එකේ ශවර් එක අස්සෙන් එන වතුර බින්දු පාන්දර තියෙන කම්මැලිකම සේරම නැති කරනවා..පැයක් විතර වොශ් රූම් එකේ රින්ගන් ඉදලා අලුත් ඇදුමකුත් ඇදන් මන් පල්ලෙහාට ගියා..අන්තිම පඩි පහ බහින්නෙ නැතුව උඩ ඉදන් බිමට පැන්නා..
හනේ හපොයි මෙහෙමත් කෙල්ලෙක්..
ඒ අපේ සුදු ආච්චී..තාත්තගෙ අම්මා..බැලුවොත් ඇත්නම් වැරද්දක් හොයන්න බලන් ඉන්නෙ..අද තාත්ති ගෙදර නිසා කෑම මේසේ ජයටම තියෙනවා..වාව් මන් ආසම කෑම..කිරිබතුයි කට්ට සම්බෝලයි..මාලූ ඇබුල් තියලුකුයි..වාව් වාව් වාව්..
නියමයි සුපර් අම්මියෝ..
මන් සුදු අම්මිට උම්මා එහෙකුත් දීගෙනම තාත්තිගේ පුටුවෙ පත්තෙන් වාඩි වුනා..තාත්ති මට කිරිබත් කෑල්ලක් කැවුවා..
ම්ම්..නියමය

ම්ම් නියමයි සුපර් ..පබ්ලිස් අන්කල් ආවොත් තරගෙට අපේ සුදු අම්මියට පරදිනවා ..මේවා දීලා නේ තාත්තී සුදු අම්මි ඔයාව රවට්ටගත්තේ..

මන් තාත්තිගෙ කර වටේ අතක් දාගෙන ඇහුවා..සුදු අම්මි බොරු තරහක් අරන් ගස්සලා කුස්සියට ගියා..මායි තාත්තියි පහක් දැම්මා..ඒ මදි වෙලා දහයකුත්..තාත්තිගෙයි මගෙයි දවස ගෙවෙන්නෙ සුදු අම්මිව අවුස්සලා..කොහොමත් කවදාවත් මන් උදේ කෑම මේසේ ඉදන් කාලා නෑ..කට්ටියගෙම පුටු ගාවට ගිහින් කුරුලු පැටියා වගේ කට අරිනවා..ඉතින් වටයක් යද්දි බන්ඩි පිරිලා ඉවරයි..

අද අයියා චූට්ටක් මන් එක්ක තරහින්..මන් කේතකීගේ නම කියලා එයාව රැවට්ටුවානේ..ඒකේ වාඩූවට එයා මාව දෙපාරක්ම කවනවා වගේ රැවට්ටුවා..තුන්වෙනි පාර එහෙම කරන්න යද්දි මන් එයාගේ අත් අල්ලන් බලෙන්ම කවා ගත්තේ ඇගිල්ලකුත් හපන්..

ඌහ් ආව් අම්මි..

අනෙ අනේ හැපුවා නේ සුදු මහත්තයගෙ අත..මේ මාලී මන් නොකිව්වයි කියන්න එපා කවදාහරි මේ පෝරීසාද කෙලී හින්දා මාලිට අඩන්න වෙනවා..

සුදු ආච්චි කොච්චරවත් අයියගෙ පැත්තෙ..හිටින්කෝ උන්දා ඒවීනේ රෑ වෙලා චූටී මැනිකේ මගේ කකුල් චුට්ටක් මසාජ් කරන්න කියලා..කරවන්නම්කෝ මසාජ්..අඹරවනවා ගල් රෝල වගේ අද..

“බලන්නකෝ මාලී..ඔයාගේ ප්‍රේමවතී මනම්පේරී මට බනිනවා..”

මන් බොරුවට අඩාගෙන තාත්තිගෙ බෙල්ල බදාගත්තා..

දැක්කනේ අනේ කාලේ..කොයි රටේද තමන්ගේ තාත්තට නම කියලා කතා කරන දරුවෝ හිටියේ..

කමෝන් ආච්චම්මා කමෝන්..

අයියා ආච්චිට සප් එක දෙනවා..ඉන්නවකෝ මන් මැට්ටටත් කරවන්නම් වැඩේ..කෝමත් මගේ තාත්තියා මගේ පැත්ත ගන්නෙ..ගෙදර බෙල් එක වැදුනු නිසා යනගමන් අයියා මැට්ටව කොනිත්තන්ම මන් සාලේට ගියා..

අහ් මෙන්න ඇවිත් මගේ බොකූ..අපේ අයියගෙ කැච් එක කේතකී..

ගුඩ්මෝනින් සුදෝ..ඔයා කුකුලත් අතින් අරන්..එන්න එන්න..අපි කන ගමන්..

මන් කේතකීවත් ඇදන් මේසෙ ලගට ආවා..මෙච්චර වෙලා කිසි හික්මීමක් නැති කෙනෙක් වගේ කාපු අපේ අයියා මැට්ටා ඕන් සන්වර විදියට කෑම කනවා..ඉහි ඉහි..පව් ඉතින් ප්‍රේමය නිසා විදින දුකක්..

කේතූ ඔයා ඉදගන්න..මන් ටාර් ගාලා ඇදන් එන්නම්..

කේතුව එතනට සෙට් කරලා මන් ඉක්මනට ඇදගත්තා..අද ග්‍රවුන්ඩ් එකට චිලී තිවන්ක එනවා..අහ් මගේ එක හීරෝ කෙනෙක්..ඩෙනිම් එකයි රෝස මල් වැටූනු අත් දිග බල්වුස් එකයි ඇදන් කොන්ඩෙට් යාන්තම් පීරන් මන් පල්ලෙහාට ආවා..

අයැම් රෙඩී..යමුද කේතූ..

මේ කිරිඑක වත් බීලා යන්න ලමයෝ..

අම්මා කුස්සියේ ඉදන්ම කෑ ගැහුවා..

තාත්තියෝ රුපියල් පන්සීයක් ගත්තෝ..මන් යනවා.. කෑම මේසේ ඉදන් උන්නු සේරමල්ලට උම්මා එක ගානේ දීලා කේතු එක්ක පාරට ආවා..කේතුයි මායි අද ආවේ චිලී බලන්න..කේතුගේ බයික් එකෙන්..හැබයි කේතූ පිටිපස්සෙ..ගෙදර අය දැනගත්තොත් විසුමක් වෙන්නෙ නෑ..මට තාම ලයිසන් නැති නිසා එයාලා බයයි..

අපි යද්දිත් ග්‍ර්වුන්ඩ් එකේ සෙනග..සූ ගාලා නෑ ඉතින්..මන් වගේම සම වයසේ කෙල්ලො රෑනයී..කොහොමහරි පොරකාලා චිලීගෙන් සයින් එහෙකුත් අරන් සෙල්ෆි පාරකුත් දැම්මා..දැන් කෙලින්ම මේවා එෆ්බී..වාව් අද සෙට් එක ඉරිසියාවෙ පැලෙයි..ලයික් වැටෙයි සට සට ගාලා..

කේතූ යන්ද අයිස්ක්‍රීම් කන්න..

ම්ම් හා..

අද මන් ගානේ..හරිය..

හරි හරි බන්..

කේතුයි මමයි අයිස්කීම් දෙකකුත් අරන් ග්‍රවුන්ඩ් එකේ බෙන්ච් එකක ඉදගත්තා..එනකොට අපේ අයියා කීව දෙයක් මතක් වෙලා මට තනියෙන් හිනා ගියා..අයියා කේතුට ෆුල් ට්‍ර්‍යී..කෝමත් කේතු හරි ලස්සනයි ..අපේ ස්කූල් එකේ උන්නු මගේ හිත ගත්තු එකම කෙල්ල..කේතුගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටස්ලා..ඒ වගේමයි සල්ලිත්..කේතූගේ අයියා මේ පාර චන්දේ ඉල්ලලා පලාත් සබාවට ගියා..කේතු හරිම නිහතමානීයී..කවදාවත් කිසිම කෙනෙක්ට ආඩම්බර පෙන්නන කෙල්ලෙක්නෙමී..කෙල්ලෙක් කියන්න කෙල්ලෙක්.

හී ඉතින් ඒකටත් එක්ක මන්..රූපෙන් හැඩරුවින් කෙල්ලෙක් උනාට කරන්නෙම කොලු වැඩ..අයියා කරන හැමදේම මමත් අයියට වඩා හොදට කරනවා..ආච්චම්මා කීවේ දෙන්නව මාරු වෙලා හම්බෙලා කියලා..

මොකෝ සේයා තනියෙන් හිනා වෙන්නෙ..

හී හී මුකුත් නැ..

බොරු කියන්න කෝ..

අයියව මතක් උනා ඒකයී..

එහෙම කියලා මන් කෙල්ලගෙ මූණ බැලුවා..ආව් මූණට ආපූ පෙම් පාට..නොදන්න ගානට හිටියට මෙයත් අපේ අයියට ලව්..මන් දන්නානෙ මගේ බොකූ ගැන..

ඒක නෙමී කේතු ඔයා කවදාහරි මැරි කරන කෙනා කොයි වගෙ වෙන්නි ඕනීද..

ම්ම්..එයා ලස්සන උගත් ආදරේට ආදරේ කරන හොද කෙනෙක් වෙන්න ඔඉනී..මගේ සල්ලි වලට නැතුව මට ආදරේ කරන කෙනෙක්..

ම්ම් හරි සේරම සුදුසුකම් අපෙ අයියට තියෙනවා..

ඔන්න ආයෙත් හිනාව කියනවකෝ සේයා..ඔයා කැමති කොයි වගෙ කෙනෙක්ටද..

ම්ම්ම්ම්ම්.මන් නේ..මන් කවදාහරි බදින්නෙ කලු කොල්ලෙක්ව..එතකොට මට වඩා උස ම්ම් දැක්කම පිස්සු හැදෙන ලන්කාවෙම ප්‍ර්සිද්ද කෙනෙක්ව..

ඇහ් ඒ කියන්නෙ නලුවෙක්..සුපර්ස්ටාර් කෙනෙක්..ඒ වගේද..

අයියෝ නැ බන්..ඒත් ඒ මැට්ටා ලන්කාවෙම ෆේමවුස් කෙනෙක් වෙන්නම ඕනී..අයි වෝන්‍ට් දැට්..

එහෙම කියලා මන් හයියෙන් කෑ ගැහුවා..

උඹට නම් පිස්සු සේයා .හා යමන්..මන් ගෙදරින් දාන්නම්.. කෙතූ මාව ගෙදරින් දාලා යන්න ගියා..වටේටම සර්ච් කරලා බැලුවා..එක්කෙන්ක් වත් නෑ අවුස්සන්න වත්..ටොම්සියාගේ ඔලුව චුට්ටක් අතගාලා මාලූන්ට කෑමත් දාලා මන් රූම් එකට ගියා..

මුලු ගේම පාලූයී..තාත්ති නිදි..අම්මි මැශින් එක ලග මොනාද මහනවා..අයියා කොයිද ගිහින්..ආච්චම්මා බණ පොතක් දිග ඇරන් කටත් ඇරන් නිදි..පුන්චි කාලේ දවසක් ඔහොම්ම කට ඇරන් නිදන් උන්නු ආච්චම්මගෙ කටට පුහුල්දෝසී ඔබලා ආච්චම්මා නිවන් යන්නෙ නැතුව බේරුනේ අනූ නවයෙන්..ආච්චම්මා නැගිට්ටෝලා අවුස්සන්න හිතුනත් ඔය දත් නැති ලොබු කට අවුස්සගත්තොත් කනක් ඇහිලා ඉන්න බැරි නිසා මන් ඒ අදහස උපන්ගෙයිම ඩිලිට් කරලා දැම්මා..

කම්මැලි කමට අතපය හතර සතරාතේ විහිදෝලා මගේ ටෙඩී බෙයාවත් ලගට අරන් කල්පනා කරන්න පටන්න ගත්තා..

ම්ම්..මන් සේයා නිම්නාදී ..අවුරුදු විස්සක් වෙන්න තව සතියක් තියෙනවා..ස්කූල් ගිහින් ඉවර වෙලා ගෙදරට වෙලා ඔහේ ඉන්නවා..අම්මි තාත්තී අයියයි මාව ජොබ් එකකට යවන්න කැමති නැ..හැබයි හිතට හරියන එකක් හම්බුනොත් මන් යනවා..තාත්තා මාලක සමරසිංහ ..එයා සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්..අම්මි කාසල් එකේ ෆාමසිස්ට් කෙනෙක්..එතකොට මගෙ හැම එකටම බකට් අදින සප් එක දෙන ආරක්ශාව දෙන දුකට සැපට රන්ඩුවට මේ හැම දේකටම උදව් දෙන වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රෝ නිසල් ආකාශ් සමරසිංහ එයා කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ..ගෙදර ඉදන්ම තමයි කැම්පස් ගියෙත්..ඩිග්‍රි එක කරන ගමන්ම එය දුරකථන සමාගමක වැඩ..

අහ් අමතක උනා..සුදු ආච්චම්මා ..එයා තමයි අපේ තාත්තගෙ අම්මා..තාත්තලා ගාල්ලෙ..ආච්චම්මාට දූලා එක්කෙනයි පුතාලා තුන්දෙනයි..එක ගෙදරක වත් මාසෙකට වඩා ඉන්න බැරි ලෙඩක් එයාට තිබුනා..මොකද ලේලිලා එක්ක පුන්චි පුන්චි රන්ඩූ අදින එක එයාගේ හොබී එක..අපරාදේ කියන්න බෑ අපේ අම්මිට නම් පණ ඇරලා..මේ පාර අපේ දිහා ඇවිත් දැන් අවුරුද්දකටත් කිට්ටුයි..

ඉතින් කැමතිද සේයා නිම්නාදී එක්ක සීන ලෝකේ පියාඹන්න..

(මේ මගේ අලුත් කතාව..මොකෝ කියන්නෙ හොදයිද ..හාද..ලස්ස්සනයිද..අදට නවත්තනවා…) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *