නිහඬ කටකාර ආදරේ …. 01 – Nethali Ahinsha
නිහඬ කටකාර ආදරේ ….
01 කොටස
” නෙහාරා කෝ කොහෙද ඉන්නේ , මෙහේ එනවා ”
” මොකද අම්මා කෑගහන්නේ ” පේර ගහ උඩ ඉදන් නෙහාරා කෑගහලා ඇහුවා .
” මෙහෙට එනවද නැද්ද ? ” අම්මට ඩෝන් ගිහින් වගේ .
” මන් මුකුත් ගොන් වැඩක් කරාද අක්කි ? ” ගහ පාමුල හිටපු ශෙහාරාගෙන් නෙහාරා ඇහුවා .
” ගිහින් බලනවා , කරොත් ඉතින් කොහොමත් ගොන් වැඩක්නේ “
” මොකද අම්මා වෙලා තියන්නේ “
” මොකද ? මොකද තමා , බලනවා ගිහින් කාමරේ හැටි . පිස්සන් කොටුව වගේ . ගිහින් අස් කරගන්නවද නැත්නම් ඇදලා එලියට විසි කරන්නද ඔක්කොම . “
” අහ් මගේ ඒවා මන් අස් කරලා තියන්නේ , අක්කිගේ ඒවා වෙන්න ඇති ඔය තියන්නේ “
” ඔව් ඔව් අවුරුදු 25 විතර උබලා දෙන්නා එක්ක ඉදලා මට තාම අදුරගන්න බෑ කියලා හිතුවද දෙන්නාගේ වැඩ , යනවා ගිහින් කාමරේ අස් කරගන්නවා “
නෙහාරා බැනුම් අහගෙනම කාමරේට ආවා. අපෝ ! පිස්සන් කොටුව හොදයි වගේ , හැබැයි ඉතින් මේක අස් කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑනේ .
කෙල්ල බිම වැටිලා තියන ඇදුම් අනන් මනන් ඔක්කොම ගත්තා , ඊලඟට කෙලින්ම අක්කිගේ අල්මාරියට එබුවා . හරි අස් කරලා ඉවරයි .
” මොකද අම්මා කෑගැහුවේ ” නෙහාරා වැඩේ ඉවර කරලා හැරෙනකොටම ශෙහාරා කාමරේට ආවා එහෙම අහගෙන.
” අහ් , මුකුත් නෑ . ප්රශ්නයක් නෑ . ” දත් 32 ම එලියට දාලා නෙහාරා කපටි හිනාවක් දැම්මා .
” හ්ම් එහෙමද , බලමුකෝ ” ශෙහාරා දැනගත්තා නංගි මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඇති කියලා .
” මන් library එකට ගිහින් එන්නම් ” ශෙහාරා එහෙම කියලා යන්න ගියා .
*************************************
“ඒහ් ඒහ් අර බලපන්කෝ ” ධනුශ් චතුරට කාවදෝ පෙන්නනවා.
” කවුද , ආහ් කැන්ටිමේ ඇන්ටි නේ බං “
” ඒහ් ඒ මගුලක් නෙවෙයි යකෝ , අර අර පැත්තේ ” ධනුශ් චතුරගේ ඔලුවට එකක් ඇනලා පෙන්නුවා .
” අප්පා ! කවුද බං ඒ සුරංගනාවී ” චතුරත් ධනුශ් පෙන්නපු කෙල්ල දිහා බලාගෙන කල්පනා කරනවා .
” මන් දන්නවා නම් ඉතින් උබෙන් අහනවා ඇයි , බස් එක ආවා යමන් දැන් ” ධනුශ් චතුරවත් එක්කන් ගියා.
ධනුශ් ආයෙත් ඒ කෙල්ල දිහා හැරිලා බැලුවේ දැකපු මුල් තත්පරේම හිතට අමුත්තක් දැනුන නිසා. කෙල්ලත් බලාගෙන ඉන්නවා පුදුමෙන් වගේ .
***********************************
” දැන් උබ කියන්නේ අපි ගෙයින් ගෙට ගිහින් ඒකිව හොයමු කියලද “
” පිස්සුද බං , කොහේ කියලා හොයන්නද එහෙම . මූට පිස්සුනේ එක පාරක් පාරෙදි දැකපු කෙල්ලෙක් හොයන්න. “
පහුවෙනිදා යාලුවො ටික set වෙලා ඊයේ ධනුශ් දැකපු කෙල්ල ගැන මේ කතාව. කොහෙද ඉතින් එකෙක්වත් නෑනේ support එකට .
” ඒහ් බං දැක්ක ගමන් උබට feeling එකක් ආවනම් මචං , මන් නම් කියන්නේ බං හොයමු ” ඇති යන්තන් එකෙක් හරි ඔහොම කිව්වා .
” කැලුම් ,එහෙනම් මචං උබ ධනුශ් එක්ක set වෙලා ඕන මගුලක් කරගනින්. එක දවසක් දැකලා කොහොමද බං හොයගන්නේ ? ” චතුර කිව්වා .
” දෙයක් වෙන්න තියනවා නම් අනිවා ඒක වෙනවා බං , බලපන් කොහෙන් හරි ඕකිව හොයාගන්න පොටක් පෑදෙයි. ” කැලුම් ධනුශ්ට අලුත් බලාපොරොත්තුක් දුන්නා .
” අපි බලමුකෝ බං ” ධනුශ් එහෙම කිව්වේ ආයෙත් එයාව දකින්න ලැබේවා කියලා හිතාගෙන .
” මන් අක්කා එක්ක ටවුන් එකට යන්න ඕනේ බං . උබලා පලයල්ලා එහෙනම් ” කැලුම් එහෙම කියාගෙන ගියා.
************************************
” නෙහාරා , ලෑස්ති වෙනවකෝ shopping යන්න. නෙතූ අක්කිගේ wedding එකට ඇදුම් ගන්නත් එපැයි ” ශෙහාරා කිව්වා .
” අම්මෝ මාත් මේ බල බලා හිටියේ කොයි වෙලාවෙද shopping යන්නේ කියලා . යමු යමු ටින් ගාලා wsh එකක් දාගෙන එන්නම් සුදු අක්කී ” නෙහාරා ,ශෙහාරාවත් පෙරලගෙන දිව්වා. පුදුම දැගලිල්ලක් මේකිට තියන්නේ .
නෙහාරායි ශෙහාරායි දෙන්නම ටවුන් එකට ආවා.
” මේ අර කඩේට යමු ඉස්සෙල්ලාම ” ශෙහාරා මුකුත් කියන්නත් කලින්ම නෙහාරා කෙල්ලව ඇදගෙන ගිහිනුත් ඉවරයි . මේකි වයසින් නංගී වුනාට වැඩ කරන්නේ නම් ලොකු අම්මා වගේ .
” නංගි , ඔයා අර පැත්තේ බලන්න. මන් මෙහේ බලන්නම් , දෙන්නම එකම විදිහට අදිමු ” ශෙහාරා එහෙම කියලා නෙහාරාව යැව්වා.
” ම්ම්ම්ම් … දැක්කම ඔක්කොම ගන්න හිතෙනවනේ . මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ . ” ශෙහාරා එහෙම හිත හිතා ඇදුම් තෝරනවා.
දන්නවනේ ඉතින් කෙල්ලෝ ඇදුම් තෝරන්න ගියාම .
” Excuse me , මේ dress එකේ වෙන colour එකක් නැද්ද ? “
” මොකාද යකෝ ඒ , මාව මේකේ වැඩ කරන girl කෙනෙක් වගේද පෙන්නේ ” ශෙහාරා හැරිලා බැලුවා කවුද මේ කියලා .
” ආහ් , මාත් ආවෙ ඇදුම් ගන්න තමයි , වෙන කෙනෙක්ගෙන් අහනවද ? ” කෙල්ල පොඩ්ඩක් ඔරවලා වගේ ඒ කොල්ලට කිව්වා .
” අපොයි ! විනාසයි . ” කොල්ලට ලැජ්ජාවේ බෑ.
” අහ් , sorry ” කොල්ලා එහෙම කියලා ගියා. අඩි දෙකයි තිබ්බේ තිබ්බ කලබලේට ඊලගට හැප්පුනේ ඩමියක .
” sorry ” මේන් මූ ඒකටත් sry කියනවා .
ශෙහාරාට බකස් ගාලා හිනා ගියා ඒකට නම් , ” පිස්සු කොල්ලෙක් ” .
” අයියෝ අක්කේ , ඔයත් එක්ක ආවොත් නෝන්ඩි වෙන වැඩක්මයි වෙන්නේ . ” කැලුම් අක්කා ළගට ගිහින් චුරු චුරු ගානවා .
” මොකද හලෝ , මන් ඉතින් තමුසෙට කිව්වද ඇදුම් තෝරන්න කියලා . මන් තෝරගන්නම් ” අක්කත් ඒ පාර මගුලක් කියවනවා .
” අහ් , එහෙමද . මටත් එයිනේ අවස්තාවක් . අපෝ මේ කෙල්ලොත් එක්ක ඇදුම් තෝරන්න එනවට වඩා හොදයි බෙල්ලේ ගලක් ගැටගහගෙන මුහුදේ පනිනවා ” කැලුම් බැන බැන පැත්තකට වෙලා හිටියා. නිකන් නෝන්ඩි වෙන්න බෑනේ ආය අක්කට උනත් .
ඒ අතරේ කොල්ලා බැලුවා අර කෙල්ල කෝ කියලා . කාලය අපතේ යවන්න හොද නෑනේ ඉතින් .
“ඈහ් , මේකි ඉස්සෙල්ලා ඇදන් හිටියේ නිල් පාට ගවුමක්නේ , දැන් කොහොමද යකෝ රෝස පාට ගවුමක් ඇදන් ඉන්නේ . “
කැලුම්ව දැක්කේවත් නෑ වගේ පහු කරගෙන ගිය කෙල්ල දිහා බලාගෙන කොල්ලා කල්පනා කරනවා.
” හායි , ඇදුම් තෝරනවද ? ” කොල්ලා ගිහින් කෙල්ලව පොඩ්ඩ්ක් chat එකට අල්ලගන්න බැලුවා.
” නෑ , එලවළු තෝරනවා. පේන්නේ නැද්ද ? ” අපොයි ! ආයෙත් නෑවනේ ඉතින් .
” මොකාද බොලේ මේ වදුරා . ම්ම්ම්ම් …. වදුරා කිව්වට ඉතින් පොඩි ලස්සනකුත් තියනවා. සැබෑ ආදරේ ඇදුම් කඩේකදි වුනත් හම්බවෙන්න පුළුවන් නේ ඉතින් ” ඔහොම හිත් හිතා නෙහාරා බලාගෙන හිටියා මූ මොකාටද මේ එන්නේ කියලා .
” නෑ ,මේ මන් කතා කරේඑ ඉතින් නිකන් . මන් ඉස්සෙල්ලාත් ඔයාට වැරදිලා කතා කරානේ , මෙතන වැඩ කරන කෙනෙක් කියලා හිතලා . ඒ ටිකට අමතක වුනාද මාව ” කොල්ලා එහෙම කිව්වව නෙහාරා බැලුවා මූ මොනාද මේ කියවන්නේ කියලා .
” ඕහ් , sure එකටම මූ අක්කිට තමා කතා කරලා තියන්නේ . කොහේ අදුරගන්නද ඉතින් දෙන්නම එක වගේනේ . දෙන්න ඕනේ හොද බයිට් එකක් ” නෙහාරාටත් ඉතින් මේක මදැයි , කෙල්ල ඕවට නම් දක්ශයි .
” අහ් , ඔව්නේ . මතකයි මතකයි . ඉතින් ඔයාගේ වැඩේ ඇදුම් තෝරන කෙල්ලොන්ට help කරන එකද .
” හේ , නෑ නෑ . මන් අපේ අක්කා එක්ක ආවේ. දෙවනි පාර ඔයාව දැක්කම මට පොඩි ප්රශ්නයක් ආවා. ඒකයි ඉතින් කතා කරේ ” කැලුම් කිව්වා .
” මේකා ප්රශ්න පත්තරයක්ද කොහෙද , අක්කිත් එක්ක එකතු වෙලා කරන්න ඕනේ හොද වැඩක් . ” නෙහාරා දැන්මම plan එක ගහනවා වැඩේට .
” අහ් , මොකක්ද ප්රශ්නේ “
” ඔයාව ඉස්සෙල්ලාම දකිද්දී ඇදන් හිටියේ නිල් පාට ගවුමක්නේ , දැන් ඒක රෝස පාට වුනේ කොහොමද ” දීපන්කෝ උත්තර .
” අහ් , මේකේ පාට මාරු වෙනවනේ . නිල් , රෝස පාට දෙකම තියනවා . ” මේකිත් ඒ පාර මාර කතාවක් තමා කිව්වේ .
යකෝ එහෙම ඇදුමුත් තියනවද , ඔව් ඉතින් කෙල්ලොන්ට තියන ඇදුම් කන්දරාවේ හැටියට එහෙම ඒවා තියෙන්න බැරි කමකුත් නෑ තමා .
” මේකිට නම් පිස්සු ” කැලුම් එහෙම හිතලා හිනා වෙවී , ” ආහ් එහෙමද , මේ මගේ no එක . මන් කැලුම් , පස්සේ දවසක ආය meet වෙමුකෝ ” කියලා no එකත් shep එකේ දීලා යන්න ගියා .
” අම්මෝ හොද වෙලාවට මූ ඉද්දී අක්කි ආවේ නැත්තේ මෙතන්ට , නැත්නම් ඉවරයි . ” නෙහාරා දෙයියන්ට පින් දිදී ගියා ශෙහාරාව හොයාගෙන .
” අක්කී , ඇදුමක් ගත්තද ? ඉක්මන්ට යමූ , වැඩක් තියනවා අපි දෙන්නට කරන්න . ” මේකිටත් ඉතින් හදිස්සිය අර කොල්ලව මෝඩයා කරන්න .
******************************************
” හයියෝ බං , උබ එහෙනම් ඩමියකටත් sorry කිව්වා එහෙනම් ” කැලුම් කියපු කතාවට චතුර එහෙම කියද්දි කට්ටියම හිනා වුනා .
” ඩමිය කෙසේ වෙතත් බං කෙල්ල නම් පට්ට . කටකාර හැඩකාර කෙල්ලෙක් ” කැලුම්ට හිත ගිහින් වගේ .
” එහෙනම් උබත් ධනුශ් වගේ හොයන්න පටන් ගනින් ඒකිව රට පුරා “
” පිස්සුද බං , මන් ඒකිට no එකත් දීලා ආවේ , ඕකි අනිවා කතා කරයි බලපන්කෝ . ඒත් බං මට තාම ගවුමේ පාට වෙනස් වුන එක හිතාගන්න බෑනේ බං ” කැලුම් කල්පනා කරන්න ගත්තා .
” උබට වර්ණ අන්ධතාවෙනේ බං කොහොමත් ” චතුරට ඒකත් ඇති ඉතින් කොල්ලව බයිට් කරන්න .
” අඩෝ සිරාවට ඒකද දන්නෙත් නෑ බං ” දැන් ඒකත් සැකයි මෙයාට .
ඒ අතරේ කැලුම්ගේ 4n එක ring වෙනවා . ම්හ්, දන්නේ නැති no එකක් .” ඒහ් බං අර කෙල්ලද දන්නේ නෑ බං “
” කතා කරපන් , කතා කරපන් ” චතුර කිව්වා .
” හෙලෝ “
” හෙලෝ , මේ කැලුම්ද ” කෙල්ලෙක් කතා කරේ “
” අහ් , ඔව් මේ අර ඊයේ shop එකේදී meet වුන නංගි නේද ? ” කැලුම් කෙලින්ම ඇහුවා . නංගි කිව්වට මේකි අක්කා කෙනෙක්ද දන්නෙත් නෑ . විනාසයි එහෙම වුනොත් .
” අහ් ඔව් ඔව් , ඔයා අදුරගත්තා නේද ? ” නෙහාරාත් ගානට වැඩේ දෙනවා වගේ .
යාලුවො set එකම මීයට පිම්බා වගේ සද්දයක් නැතුව ඉන්න නිසා දෙන්නගේ කතාව හොදට ඇහෙනවා කට්ටියටම.
මුන්ටත් ඉතින් ඕනේ නැති මගුලක් නෑනේ .
” ඒහ් මගුලත් හරි වගේ බං , අපි party යක් දාමු ” චතුර අනිත් උන් ටිකට හෙමීට කිව්වා.
” අපි බොමු ” ඔන්න ඒ පාර තව එකෙක් . එකෙක් මැරුනත් කමක් නෑ මුන්ට party දාන්න ඉතින් **********************************************
” අක්කී , ඔන්න මන් call කරලා පලමු අදියර සාර්ථකව කරා . ඊලගට ඔයා ! ” නෙහාරා එයාගේ කුමන්ත්රණය ශෙහාරාට පැහැදිලි කරනවා මේ වෙලාවේ .
” පිස්සුද නංගි , පව් ඒ කොල්ලා . මන් දැක්කනේ අහිංසකකම . ” ශෙහාරා ඊලඟ පියවර කයි වගේ .
” අපෝ ඔය ඉතින් , මන් කියන විදිහට කරනවකෝ හලෝ . තමුසෙට එපා නම් මට හරි set වෙයිනේ . ” මේකි බලන්නකෝ කියන කතා . පව් අර කොල්ලා .
” හරි දැන් මොනාද කරන්න ඕනේ ” ඔන්න දැන් තමා ශෙහාරාත් වැඩේට බැස්සේ .
” ඔය තියන්නේ , මන් වෙනුවට අක්කි යන්න ඕනේ එයාව meet වෙන්න , ඉතුරු ටික පස්සේ ” නෙහාරා කිව්වා .
” අපෝ මට නම් බෑ ” ආයෙත් බෑලු ඉතින්
” අනේ මොකක්ද අක්කි , පොඩ්ඩක් බයිට් කරමු ඉතින් ” නෙහාරාට නම් පිස්සු .
” හ්ම් , හාකෝ ” ශෙහාරා කැමති වුනා.
***************************************
“දැන් මචං ඕකි අද එයි කියලා sure ද උබට ” ධනුශ් ,කැලුම්ගෙන් ඇහුවා.
” ඔව් බං , උබේ එකීව ආය දැක්කේවත් නැද්ද බං “
” නෑ බං ” ධනුශ් එහෙම කිව්වේ මාර අවුලෙන් .
” දැන් මචං අපිටත් උබේ කෑල්ලව බලාගන්න chance එකක් එහෙම නැද්ද බං ” චතුරටත් ඉතින් එහෙම හරි කමක් නෑ කෙල්ලෙක් නම් .
” coffee shop එකේදි meet වෙමු කිව්වේ . උබලත් ඔය ළග තියන මේසෙක වාඩි වෙලා ඉදපල්ලකෝ “
ඒ මදැයි ඉතින් මෙයාලටත් . පිළිවෙලකට හිටියොත් හොදයි ඉතින් කට්ටිය .
වෙලාව 10ට විතර ඇති . කැලුම් coffee shop එකට වෙලා බලාගෙන ඉන්නවා කෙල්ල එනකන් .
ඉතුරු මාර සේනාවත් ඊට පිටිපස්සේ මේසෙක ඉන්නවා ඉතින් film එකක් බලන්න වගේ .
” මචං අපි මොනාහරි කමු ” පටන් ගන්නකොටම කෑම ඉතින් .
” මූට ඉතින් කන බනේමයි ” ධනුශ් එහෙම කියලා කෑම order කරා කෝකටත් කියලා .නැත්නම් මූ අරකි ආපු ගමන් කෑගැහුවොත් ඉවරයිනේ ඉතින් .
ටිකක් වෙලා යද්දි කැලුම් යාලුවන්ට ඇහෙන් පෙන්නුවා පාර පැත්ත .
කට්ටියම බැලුවා කවුද කැලුම්ගේ සුරංගනාවී කියලා .ධනුශ් එකපාරටම පුටුවෙන් නැගිට්ටුනේ හිතාගන්නවත් බැරුව.
” මොකද බං උබට වුනේ , වාඩිවෙයන් ” චතුර කිව්වා.
” යකෝ මේ අර කෙල්ල “
මතු සම්බන්ධයි .
godak lassanai
Hello! Do you know if they make any plugins to assist with
Search Engine Optimization? I’m trying to get my site to rank for
some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Cheers! You can read similar blog here: Blankets