නිහඬ කටකාර ආදරේ … 03

03 කොටස

නෙහාරාගේ කෑගැහිල්ලට ශෙහාරාත් ඇවිත් බැලුවා මොකද කියලා 😮 .
” මේ මේ බලනවකෝ අපේ annual trip එක මේ පාරත් යනවලු 🙌 . ගිය පාර නම් සුපිරි . මතකද අක්කි අපි ගිය පාර ගිහින් පාරේ හිටපු කොල්ලෝ ටිකකට වතුර ගහලා බැනුමකුත් අහගත්තේ 😂 .
කොහේ ගියත් ඉතින් මේකිගේ ඳඟ වැඩ වල නම් වෙනසක් නෑ 😛 . කොල්ලොන්ට වතුර ගහලා උන් ටික බස් එක පිටිපස්සෙන් ඇවිත් බැනලා ගිය විදිහ ශෙහාරාට මතක් වුනා 😅 .
” මොකද හලෝ කල්පනා කරන්නේ 😠 , අම්මෝ මගේ යාලුවෝ ටික set වෙනකන් ඉවසිල්ලක් නෑ 😍 . තමුසේ නම් ඉතින් ගියත් නෑ වගේනේ , ඔහේ ඉන්නවා 😒 ” නෙහාරා , ශෙහාරාට තල්ලුවක් දාගෙන බැන බැන ගියා . තව ටිකෙන් විසි වෙලා ගිහින් ඇදගෙන බිම 😝 .
ශෙහාරාට මතක් වුනා , සහෝද ප්රේමය යනු ළගින් යනකොට ඇනගෙන යාමයි කියලා කොහෙද ලියලා තිබ්බා කියලා 😂 .
” ශෙහාරා , ශෙහාරා ” අම්මා කෑගහනවා ඒ අස්සේ 😐 .
” එනවා අම්මා” ශෙහාරා ගියා ඒ පාර මොකද වෙලා තියන්නේ බලන්න . නෙහාරා ඉන්නවා සෙටියේ වාඩි වෙලා tv බල බලා .
” ඒහ් අක්කී , එනගමන් මගේ 4n එක අරන් එනවකෝ 😊 “
” ඊයේ මන් වේලෙන්න දාපු ඇඳුම් ටික අරන් එන්න කිව්වා , ගෙනාවද ? නෑනේ 😠 . ගිහින් ගන්නවා 4n එකත් 😏 ” ශෙහාරා ගස්සගෙන ගියා එහෙම කියලා 😝 .
” යකෝ මේකි බලපන්කෝ , ඉන්නේ නම් 10 ට ගනින්න බෑ වගේ 😤 , පුපුරන්න ගියාම බෝම්බ පරාදයි 😠 . ” නෙහාරා ළග නිදාගෙන හිටපු පූස් තඩියට ගුටියක් දීලා තරහා පිට කරා 😅 . පව් අසරණයා ! ඔරවලා බලලා ආය නිදාගත්තා 😒 .
” ඇයි අම්මා කතා කරේ ? ” ශෙහාරා කුස්සියට ගිහින් බංකුවේ වාඩි වුනා .
” ආහ් දුව , නංගිගේ පොඩි පුතා එනවා කිව්වනේ , දවල් වෙලා එයි. 1 ට විතර දෙන්නත් එක්ක පාරට ගිහින් එන්න පුතේ 😊 ” අම්මා වැඩේ බාර දුන්නා .
” හරි අම්මා , නංගි නම් කැමති වෙයිද දන්නේ නෑ එන්න 😛 ” නෙහාරා ඉතින් ඔය පොඩි එකාට කැමති නෑ කියලා දන්න නිසා ශෙහාරා අම්මට එහෙම කිව්වා .
” අහ් , එයාට මන් කියන්නම් 😠 , මොකද අර ඉස්සෙල්ලා බෙරිහන් දුන්නේ trip කතාවක් කියකියා 😮 . ” අම්මත් රබර් කන දාගෙන ඉදලා තියන්නේ 😂 .
” ආහ් අපේ annual trip එක අම්මා scl එකේ යාලුවොත් එක්ක යන 😍 , ගිය පාරත් ගියානේ . මේ පාරත් යනවලු . ඒකට තමා නංගි කෑගගහා හිටියේ 😝 “
” හ්ම් , තාත්තාගෙන් අහලා ඕන දෙයක් 😊 ” අම්මා කිව්වා .
” අන්න අරයා අද එනවා කියලා , අම්මා කිව්වා පාරට ගිහින් එක්කන් එන්න කියලා 😆 ” ශෙහාරා , නෙහාරා ළගට ඇවිත් කිව්වා .
මේකි tv එක දාගෙන 4n එක ඔබ ඔබා ඉන්නවා 😝 .
” ම්ම්ම් …. කවුද අක්කී ” 4n එක දිහා බලාගෙනම කෙල්ල ඇහුවා .
” පසිඳු අනේ 😒 ” පොඩි එකාගේ නම පසිඳු . ස්කෝලේ 7 වසරේ ඉන්නේ . ඒ වුනාට කට නම් ලෝකෙටම ලොක්කා වගේ 😅 . නෙහාරාටම ගැලපෙන පොඩි ඩයල් එකක් කියලා දැනට හිතාගන්නකෝ 😂 .
” අපොයි !! ඒ බූතයා අද එනවද ? 😮 ” නෙහාරා කලබල වුන විදිහට තව ටිකෙන් 4n එකත් බිම 😝 .
” හ්ම් ඔව් . අම්මා කිව්වා දවල්ට අපි දෙන්නට පාරට ගිහින් එයාව එක්කන් එන්න කියලා 😊 ” ශෙහාරා එහෙම කියලා පූස් බබාව ඔක්කට ගත්තා 😍 . නැත්නම් ඉතින් නංගිගේ ඊලඟ ප්රහාරය ඌට තමා වදින්නේ 😒 .
” අනේ මට නම් බෑ . ආපු ගමන් අක්කේ 4n එකේ game නැද්ද කියලා අහගෙන එයිනේ 😠 , කනට දෙන්නේ කනට 😤 “
” පව් නංගි , එයා තාම පොඩිනේ 😒 “
” හොද පොඩි ! තමුසෙම බලාගන්නවා එහෙනම් ඒ පෝරිසාදයව 😏 “
**************************************

” ඒහ් අපි කොහෙද බං ඉතින් යන්නේ ” දසුන් ඇහුවා .
කට්ටිය set වෙලා මේ පාර නම් සිරාවටම trip එක යයි වගේ 😝 .
” දවස් 3ක් වත් යමු බං . නැත්නම් කිසි ජොලියක් නෑනේ 😐 . ” කැලුම් කිව්වා .
” දැන් එතකොට කෑම එහෙම 😝 ” චතුර වැදගත්ම ප්රශ්නේ ඉදිරිපත් කරා 😅 .
” පොඩ්ඩක් ඉදපන්කෝ ඉස්සෙල්ලා යන්න තැනක් set කරගන්න එපැයි 😠 , උබට ඉතින් කෑම 😒 ” කොහෙද ඉතින් ඔන්න දිලුම් විරෝධය පළ කරා වැදගත්ම ප්රශ්නෙට 😠 .
” හා හා මන් ඉන්නම් 😐 , වරෙන්කෝ කන වෙලාවට . දෙන්නේ නෑ එක පාන් වාටියක්වත් 😝 ” චතුර හෙමීට කුටු කුටු ගෑවා.
” අපි නුවරඑළියේ යමන් 😍 , අනිත් ගොඩක් තැන් වල අපි කලින් ගිහින් තියනවනේ බං , මොකද කියන්නේ ” ධනුශ් එයාගේ idea එක කිව්වා .
” හ්ම් , එහේ නම් අපිට ඇවිදින්න ගොඩක් තැනුත් තියනවා . රෑට camp ගහලා ලෝකාන්තේ එහෙමත් බලලා හොද fun එකක් අරන් එන්න පුළුවන් 😝 ” චේතිය නම් කැමති වුනා .
” අපි උස තැන් බලන්නත් යනවද මචං 😮 ” චතුර හෙමීට ඇහුවා .
කට්ටිය ඔක්කොටම හිනා ගියා , මොකද ඉතින් කාලා කාලා බතලේ වගේ ඉද්දි කොහොම යන්නද 😂 , පව් ඉතින් කොල්ලා 😝 “
” උඩට යද්දි තමා අවුල බං , එද්දි නම් උබට අවුලක් නැති වෙයි 😅 ” දසුන් කිව්වා .
” ඒහ් මොකද 😮 ” චතුර පුදුම වෙලා ඇහුවා.
” උඩ ඉදන් පොඩි තල්ලුවක් දැම්මම ගානට රෝල් වෙලා පහලට එයි උබව 😂 “
” හිතාගෙන ඇති උබ මාව රෝල් කරන්න 😤 ” චතුර නැගිට්ට ගමන් පැන්නා දසුන් දිහාට .
අලියෙක් සමඟ සජීවී ඇටසැකිල්ලක සටන් ජවනිකාව 😂 . කට්ටිය හිනා වෙවී බලාගෙන ඉන්නවා . එකෙක් නෑනේ අර අහිංසකයව බේරගන්න 😠 .
ඒ අතරේ කැලුම්ට call එකක් එනවා . කැලුම් screen එක දිහා බලලා ඒක ධනුශ්ට පෙන්නුවා .
” Rehana ” ඒක තමයි නෙහාරා කොල්ලට කියපු නම . කොහොමද නෙහාරාගේ ටිකිරි මොලේ වැඩ 😝 .
” හෙලෝ ” කැලුම් answr කරා .
” හෙලෝ , කොහොමද ඉතින් 😊 ” නෙහාරා තමා මේ පාර කතා කරන්නේ .
” වරදක් නෑ ” කැලුම්ට හිතාගන්න බෑ මේ එදා ආපු කෙනාද නැත්නම් වෙන කෙනෙක්ද කියලා .
හැබැයි වැඩි වෙලා යන්න කලින් කොල්ලා දැනගත්තා මේ කටකාර කෙල්ල කියලා 😛 . මේකි ඉතින් කටර් එක වගේ කියවනවනේ 😝 .
” උබේ එකී නෙවෙයි 😅 ” කැලුම් , ධනුශ්ගේ කනට කරලා කිව්වා .
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි ! කොල්ලෝ දෙන්නගෙම කෙල්ලෝ කතා කරන්නේ එක කොල්ලෙක්ට 😅 .
කැලුම් 4n එකත් කනේ ගහගෙන එලියට ගියා . මොකද ඉතින් අරුන් දෙන්නගේ වලිය නැගලම යන නිසා ඇහෙන්නේ නෑ මුකුත් 😒 .
ටික වෙලාවකින් අලියෙක්ට යට වෙලා ඇටසැකිල්ල කෑලි කෑලි වෙන සීන් එකක් තියන්නේ 😅 .
**************************************

” අහ් නැන්දේ , ඔන්න මන් ආවා 🙌 ” ඔන්න අඩු වෙලා හිටපු එක්කෙනත් ඇවිත් .
” ආනේ පුතා ආවද ? අක්කලා දෙන්නා ගියානේ පුතාව එක්කන් එන්න ? 😊 ” ශෙහාරාගේ අම්මා පසිඳුගෙන් ඇහුවා .
” දෙන්නා ? දෙන්නෙක් නම් ආවේ නෑ 😒 , මන් ගෙට එද්දී දැක්කා අන්න එක්කෙනෙක් එලියේ බංකුවේ වාඩි වෙලා 4n එක කනේ ගහගෙන ඉන්නවා 😐 “
පොඩි එකා ආපු ගමන් කේලම කිව්වා ඉතින් 😠 .
” හ්ම් , එහෙමද ? 😒 . පුතා wsh එකක් දාලා එන්නකෝ . කෑම කාලා ඉන්න ” අම්මා එහෙම කියලා හැරෙනකොට මූ ගිහිල්ලත් ඉවරයි ඉතින් 😂 . හරියට එයාගේ ගෙදර වගේ 😝 .
” නෙහාරා , මොකද මල්ලිව එක්කන් එන්න ගියේ නැත්තේ 😠 ” පොඩි එකා ගිය ගමන් අම්මා ගිහින් නෙහාරාට යුද්ධය ප්රකාශ කරා 😒 .
” ආහ් , මන් ගියා අම්මා 😊 , අක්කි තමා ගියේ නැත්තේ ” මේකිව නම් උල තියන්න ඕනේ කරන වැඩ වලට 😒 .
” බොරු කියන්න එපා 😤 , ශෙහාරා කිව්වා ඔයා යන්න කැමති නෑ කියලා . අනික පසිඳුත් කිව්වේ දැන් 4n එක කනේ ගහගෙන හිටියා දැක්කා කියලා එද්දි ” අම්මා කෙලින්ම පාවලා දුන්නා දෙන්නවම 😒 .
පොඩි එකා නම් අද මැරුම් කනවා නෙහාරා අතින් 😝 .
” මේකා ආපු ගමන් කේලම කියලනේ 😠 , කරන්නම් හොද වැඩක් ” අම්මා යනකන් ඉදලා නෙහාරා හිතුවා .
නෙහාරා ගියා පොඩි එකා මොනා කරනවද බලන්න 😆 . අම්මෝ ! ගෙනාපු ඇඳුම් අස් කරනවා. බොලේ මේකා සදහටම මෙහේ නවතින්න වගේනේ ඇවිත් තියන්නේ 😮 . ඇඳුම් , සෙල්ලම් බඩු තව අනන් මනන් ගොඩක් ඇඳ පුරාම 😝 .
” ආහ් අක්කී , එන්න එන්න 😛 ” නෙහාරාව දැකලා පසිඳු කතා කරා.
නෙහාරා ගිහින් ඇඳෙන් වාඩි වුනා . ” මොකද අනේ මෙච්චර බඩු ගොඩක් උස්සන් ආවේ “
” මන් එහෙම තමයි 😊 , කොහේ ගියත් මගේ දේවල් උස්සගෙන යන්නේ . මේ ඒක නෙවෙයි අනිත් අක්කිට කොල්ලෙක්වත් set වෙලාද 😝 ? 4n එකත් කනේ ගහගෙන හිනා වෙවී හිටියේ ” පසිඳු ඇහුවා .
” යකෝ මූ මන් ගැන කේලම මටම කියනවද 😠 ” නෙහාරා හිතුවා .
පසිඳුටත් මාර වැඩ තමා වෙන්නේ 😅 . ශෙහාරා කියලා හිතලා ඒකත් කිව්වේ නෙහාරාටනේ . නෙහාරාගේ මූණ දිහා බලාගෙන හිටපු පසිඳුට තේරුනා වැඩේ වැරදුනා කියලා 😅 .
” නෑ , මන් මේ නිකමට වගේ කිව්වේ 😝 . නරකද ඔය දෙන්නා නම් දෙක ලියලා board කෑලි දෙකක් ගහගත්තා නම් 😂 . වෙලාවකට මට හොයාගන්න බෑ “
” ඇයි හිතුවද මේක පෙර පාසල කියලා නම් ගහගෙන ඉන්න , මෝඩයා 😛 ” නෙහාරා පැනපු ගමන් ඇන්නා ටොක්කක් පොඩි එකාට, පව් අප්පා 😝 .
” ඒයි ඉන්නවා මන් කරන්නම් හොද වැඩක් ” පසිඳු කාමරෙන් එලියට දුවගෙන ගියා . ඒ පාර එයා මොනා කරයිද දන්නේ නෑ 😆 . අම්මට මේ දෙන්නව නම් control කරගන්න බැරි වෙයි වගේ 😂 .
ඊලඟට එක පාරම ඇහුනේ වීදුරු මොකක් හරි බිම වැටෙන් සද්දයක් 😮 .
” අපොයි ! මොකක් හරි බින්ඳද කොහෙද , මූ නම් 😠 ” නෙහාරා බැන බැන ගියා මොකද කරේ කියලා බලන්න 😛 .
කෑම කාමරේ ළග ලස්සන වීදුරු පිගානක් පොඩි එකා umbrella powder කරලා බලාගෙන ඉන්නවා 😅 . ( මන් කිව්වේ කුඩේ කුඩු කියලා හරිද 😂 )
” නැන්දේ , මෙන්න නෙහාරා අක්කි පිගානක් බින්දා 😝 ” මූ යකෝ මාර එකෙක්නේ 😤 .
” නෙහාරා මොකද කරේ 😠 ” දැන් හරිනේ ඉතින් , අම්මා ආවා කෑගහගෙන .
” අනේ මන් මුකුත් කරේ නෑ අම්මා , මේ පසිඳු තමා පිගාන බින්ඳේ 😒 ” නෙහාරා කිව්වා .
” පිස්සුද නැන්දේ 😝 , ගෙදරට ආපු ගමන් පිගන් පොලවේ ගහන්නේ ඇයි මන් 😛 ” පොඩිකමටද මුගේ වැඩ 😒 .
” ඔක්කොම පොලවේ ගහනවකෝ 😠 . කිසි අගයක් නෑනේ ඉතින් ඕවගේ . තමන්ගෙම කියලා ගෙදරකට ගිය දවසක තේරෙයි උබලට 😤 ” අම්මා බැන බැන පිගන් කටු ටික අරන් ගියා .
” හූ හූ ඇතිද අහගත්තා 😝 ” පසිඳු නෙහාරාට ඇද කර කර දිව්වා.
” තමුසෙව මන් …. 😠 ” නෙහාරා ආය පොඩි එකා පස්සෙන් දුවන්න යද්දිම 4n එක ring වෙනවා ඇහුනා. පොඩි එකාව අතෑරලා කෙල්ල ගියා කවුද බලන්න 😊 .
” අක්කී මෙහෙ එනවා ඉක්මන්ට , trip එක යන තැන කියන්න 😍 මේ පාර නම් හොදට විනෝද වෙන්න පුලුවන් 🙌 “
ටික වෙලාවකින් ශෙහාරාට ඇහුවා නෙහාරා කෑගහන සද්දේ 😊 .

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *