නිහඬ කටකාර ආදරේ … 05

05 කොටස

” මන් හිතන්නේ මචං ළගදිම අපිට අහක යන bucket එකක් පෙරලෙයි වගේ ” දසුන් කිව්වා .
දිය ඇල්ල ළගදිම කට්ටිය කෑම කාලා ටිකක් විවේක ගත්තා.
” ඇයි උබ එහෙම කියන්නේ 😮 ” චතුර ඇහුවා .
” අර බලපන් අතන ඉන්න කොල්ලෝ දෙතුන්දෙනා අපි දිහා බලාගෙන කුටු කුටු ගානවා ” දසුන් කිව්වම කට්ටියම බැලුවා කවුද කියලා .
දේවින්ද , චාමර එක්ක කවීශ වගේම කෙල්ලෝ ටිකත් එක්ක ආපු කොල්ලෝ ටික දෙනෙක් ධනුශ්ලා දිහා බලාගෙන බර කතාවක් . නෙලයිද දන්නේ නෑ ඇවිත් 😅 .
” එහෙනම් අපි වැඩක් කරමු 😝 ” චතුර වීරයා වගේ කිව්වා .
” මොකක්ද ? 😐 “
කැලුම් හිතුවා මේ පාරවත් වැදගත් දෙයක් කියයි කියලා . හැබැයි ඒකත් වැරදුනා 😅 .
” අපි අර කෙල්ලව ආය වතුරට දාමු 😉 ” ඔය කිව්වේ ඉතින් .
” ඒ මොන මගුලකටද 😠 “
” ,ඉතින් බං එතකොට අරුන්ටත් පුලුවන් නේ වතුරට පැනලා කෙල්ලව බේරගන්න . ප්රශ්නේ ඉවරයි 😊 “
” මේ ඒක නෙවෙයි . අද දවසම මෙතන ඉන්නද කල්පනාව . දැනටමත් අපි ගොඩක් වෙලා හිටියා මෙතන . යමන් දැන්වත් ” කැලුම් කිව්වා .
” මට බෑ වගේ බං . මන් කියන්නද උබලා ගිහින් වරෙල්ලා. මන් ඔය එන බස් එකක නැගලා ගෙදර යන්නම් ” ඒ පාර ධනුශ් මගුලක් කියවනවා 😠 .
” අනේ මේහ් යමන් පිස්සු කියවන්නේ නැතුව . අරකි දැන් හොදින් ඉන්නවනේ ” දිලුම් එහෙම කියලා කොහොමහරි ධනුශ්වත් එක්කන් van එක ළගට ගියා .
කෙල්ලෝ ටිකත් බස් එකට නගින්න ලෑස්ති දැන් .
” අන්න බලාගෙන ඉන්නවා උබලා දෙන්නගේ කුමාරයෝ දෙන්නා 😍 ” රිශිනි , නෙහාරාටයි ශෙහාරාටයි කිව්වා .
කැලුම් ධනුශ්වත් එක්කන් නෙහාරලා ඉන්න තැනට ආවා.
” පරිස්සමෙන් යන්න එහෙනම් 😘 ” ධනුශ් ,ශෙහාරා දිහා බලලා කිව්වා . කෙල්ල හිනා වෙලා බලාගෙන හිටියා .
” ඔව් ඔව් ආය වතුරට පනින්නේ එහෙම නෑ . පුලුවන් නම් මෙන්න මෙයාව පොඩ්ඩක් නාවලා ගන්න 😂 ” කැලුම් , නෙහාරා දිහා බලාගෙන කිව්වා .
” ආහ් හිතාගෙන ඇති මාව වතුරට දාන්න 😒 , මෝඩයා ” නෙහාරා නම් ශෙහාරා වගේ කට වහගෙන ඉන්නේ නෑ ඉතින් .
” කට්ටිය යමු නේද දැන් ” මොකාද බොලේ ඒ හෝතඹුවා 😠 !
දේවින්ද !! 😒 මූටත් ඉතින් මේක අස්සෙම රින්ගන්න ඕනේ .
” අපි යනවා එහෙනම් ” ධනුශ් කෙල්ලෝ ටිකට එහෙම කියලා දේවින්ද දිහාත් බලලා ගියා .
” මෙයා හිතාගෙන ඇති කට්ටිය මෙයාට බයේ ඉන්නේ කියලා ” 😏 නෙහාරා එහෙම හිතලා දේවින්දට ඔරවලා , ” යමු අක්කී ” කියලා ශෙහාරාවත් ඇදගෙන ගියා. නෙහාරා නම් ඉස්සර ඉදන් දේවින්දට වැඩි කැමැත්තක් තිබ්බේ නෑ .
කට්ටියම වාහන වලට නැගලා ආයෙත් ගමන යන්න පිටත් වුනා.
**********************************

” අපි මෙහේද බං අද නවතින්නේ , අපෝ පුදුම සීතලක්නේ යකෝ තියන්නේ 😦 ” චතුර ගැහි ගැහී කිව්වා .
” ඔබ් , අද මෙහේ නවතිමු . හෙට camp ගහන්න පුළුවන් ” කැලුම් කිව්වා .
දසුන් අදුරන යාලුවෙක් හොයලා දුන්න ගෙදරක තමා කට්ටිය අද නවතින්නේ . ටිකක් පාලු තැනක් හැබැයි 👻 .
” දිලුම් bags ටික අරන් වරෙන් ඇතුලට . මේ ළග කඩයක්වත් නෑ බං , ටිකක් දුර යන්න වෙනවා කෑම ගේන්න ” ධනුශ් කියපු කතාවට චතුරගේ නම් පපුව හෝස් ගාලා ගියා 😧 .
දෙයියනේ කෑම නැතුව ඉන්න හිතන්නවත් පුළුවන් ද කොල්ලට 😛 .
” හරි මචං , bags තියලා ගිහින් කෑම අරන් එමු ” දිලුම් එහෙම කියලා ගියා .
” ගොඩක් දුර යන්න ඕනද බං කෑම ගේන්න 😊 ” චතුර ඇහුවා .
” හා හා බය නැතුව ඉදපන් , අපිට නැතත් උබට කන්න දෙන්නම් ” දසුන් හිනා වෙවී කිව්වා .
” කෑම තමා , බලපන්කෝ මේ ගෙදර තියන මූසල පාට 😰 . කාලෙකින් කවුරුත් ඉදලත් නෑ වගේ ” චේතිය හතර වටේ බල බලා කිව්වා.
” ඒක නම් ඇත්ත බං , ගෙයක්වත් නෑනේ ළගක “
” මූ ඉතින් හොයලා දුන්නොත් මෙහෙම තැනක් තමා ” චතුර , දසුන්ට ඇහෙන්න කිව්වා 😝 .
” අනේ පලයං , මේකවත් හොයාගත්තේ නැත්නම් පාරේ තමා ඉන්න වෙන්නේ 😠 ” කොල්ලට තරහා ගියා වගේ.
” හරි හරි නවත්තගනින් උබලා දෙන්නා ඕක. තියන දෙයින් සතුටු වෙන්න බලපන් ” දෙන්නා කොයි වෙලාවෙත් මරාගන්න හදනවා කියලා දන්න නිස ධනුශ් පොඩ්ඩක් සැර වුනා .
ඔන්න එතකොටම current එකත් ගියා 😱.
” අපොයි , ඒ මොකද වුනේ ” කට තිබ්බට චතුර කළුවරට බයයි වගේ 😅 .
” අපේ ඔරලෝසුව නම් හොද නෑ වගේ මචං අද ” චේතිය කිව්වා .
” එහෙනම් අලුත් බැට්රියක් දාලා ගනින් , මේ හොල්මන් ගුහාවේ කළුවරේ ඉන්න බෑ යකූ 👻 , උදේට උබලට මගේ මළකඳ තමා ගෙනියන්න වෙන්නේ , ඔන්න මන් කිව්වා 😧 . ” චතුර එක දිගට කියවනවා.
” වහගෙන හිටපන්කෝ ඔය බෙලෙක්කේ 😠 , දැන් current එයි ” කැලුම් කෑගැහුවා .
එතකොටම , ” දඩ – බඩාස් ” !!!! අපොයි , ඒ මොකක්ද ?
ළග ළගම ඇහුණ සද්දෙත් එක්ක කොච්චර පණ්ඩිතකම් තිබ්බත් ඒ පාර නම් කට්ටියම බය වුනා .
ඒ අතරේ දසුන්ගේ කකුලේ ලොම් ගුලියක් වගේ දෙයක් ගෑවිලා ගියා 👻 .
” බුදු අම්මෝ !!! ” දසුන් කෑගහගෙන කළුවරේ කොහෙට දිව්වද දන්නේ නෑ , ඊලඟට හැප්පුනේ ඉතින් චතුරගේ ඇඟේ තමා 😂 .
ඒ වෙනකොටත් බයේ ගැහි ගැහී හිටපු එකාට මේක මදැයි . දැන් එතන වෙනම කාලගෝට්ටියක් .
කළුවරේම දොර හොයාගෙන එක එකා එලියට පැනගත්තා.
” ඒහ් මොකක්ද බං අර ඇඟේ ගෑවිලා ගියේ 😨 ” චතුරත් හති ඇර ඇර ඇහුවා .
” හොල්මන් ද දන්නේ නෑ 👻 ” දිලුම් කිව්වා .
” ඒහ් මොකක්ද ඔය උබේ අතේ තියන්නේ 😮 ” හඳ එලියෙන් ලාවට වගේ දිලුම් අතේ තියන එක දැකලා ධනුශ් ඇහුවා .
” ආහ් , ටෝර්ච් එක මචං , මන් එලියට එන්න හිතාගෙන අතට ගත්තේ 😊 ” ගානක් නැතුව කියන ලස්සන විතරක් 😠 .
” නොදකින් මී හරකා ! ඕක අතේ තියාගෙනද මෙච්චර දැගලුවේ 😤 ” චතුර පැනපු ගමන් ටෝර්ච් එක අතට ගත්තා.
” බයට ඒකත් අමතක වුනා බං 😅 “
චතුර ටෝර්ච් එක පත්තු කරන්න යද්දිම current එකත් ආවා.
කට්ටියම නිර්භීත ලෙස ගෙට රිංගුවා 😉 .
සූදානම් ශරීරේ කියලා චතුර කෝකටත් අන්තිමට ගියා 😝 . හොල්මන ඇඟටවත් පැන්නොත් කාට කියන්නද ? දැන්ම මැරෙන්න බෑනේ ඉතින් , තව කොච්චර වැඩ තියනවද කරන්න 😉 .
ධනුශ් ඉතින් ඉස්සර වෙලා ගියා .
” ඤෑව් 😽 ” මේන් පූස් බෝලයක් එනවා දුවගෙන 😅 . මූට ද මේ කට්ටිය බය වුනේ , අපෝ !!! අපරාදේ කියන්න බෑ හැබැයි ශොයි පූස් පැටියා 😝 .
” ඒහ් මේකද මේ අපිට දෙයියෝ සිහි කරේ 😠 . උඩ දාලා පයින් ගහන්න හිතෙනවා , දුප් යන්න 😤 ” චේතිය බැන බැන කිටියව එලෙව්වා .
” මන් නම් හොල්මන් වලට බය නෑ කොහොමත් ” චතුර වීරයා වෙලා ඉතින් ( current ආවට පස්සේ 😂 )
” එහෙනම් ඉස්සෙල්ලා මැරෙන්න හැදුවේ උබ 😒 ” දසුන් කිව්වා .
” මන් බය නෑ , ඒත් මන් උන්ට කැමති නෑ , ඒකයි 😊 “
ආහ් , ඒකනේ . කැමති නැති නිසා ඉතින් කෑගහලා තියන්නේ . නැතුව බයට එහෙම නෙවෙයි හරිද ? 😉 .
” හා හා දැන්වත් යමන් කෑම ගේන්න ” ධනුශ් කිව්වා .
**********************************

” ඇති ඇති දැන් නිදාගත්තා , ගෙදර නෙවෙයි ඉන්නේ . නැගිටින්න හැමෝම ඉක්මන්ට ” දේවින්ද කෑගහලා කට්ටියටම කතා කරා .
සැපට නිදි ඉතින් රෑ තිස්සේ පිස්සු නටලා 😍 .
” දැන්ම නැගිටින්න ඕනද , තාම 8 යිනේ 😪 ” නෙහාරා නිදිමතේ ඇහුවා .
ගෙදර ඉද්දි මළාට මේ වෙලාවට නැගිටින එවුන් ඇයි ඉතින් .
කට්ටියව අමාරුවෙන් නැගිට්ටවගෙන කොහොමහරි බස් එකට දාගත්තා .
සිංදු එක දෙක කියාගෙන යද්දි නම් නිදිමතත් නැති වුනා . බස් එක වේගෙන් ඉදිරියට ඇදුනා. ඒත් වැඩි දුර යන්න වුනේ නෑ . හැමෝම සිංදු කිය කියා ඉද්දි , එකපාරටම …………. 😱 .
***********************************

” ඒහ් අද අපි camp ගහනවද බං ” දිලුම් ඇහුවා .
” හ්ම් ඔව් , අද camp ගහලා හෙට දවසත් ඉදලා , හෙට හවසට යමු නේ ” කැලුම් කිව්වා .
” චතුර , මොකෝ උබ සද්දයක් නැත්තේ 😒 ” දසුන්ටත් ඉතින් චතුරව අවුස්සගත්තේ නැත්නම් කෑවේ නෑ වගේ 😅 .
Bag එක පෙරල පෙරලා මොනාදෝ හොයනවා කොල්ලා .
” මන් ඊයේ මේකට දාගත්ත choco එක නෑනේ බං 😭 “
අනේ ඉතින් වෙලාවකට ළමා මානසිකත්වේ තියන්නේ තාම 😂 .
” ඒක තියෙන්න විදිහක් නෑ මචං 😉 ” දසුන් අමුතු හිනාවක් දාලා කිව්වා . ඒකටත් වැඩේ දීලා වගේ මූ .
” ඒ මොකද ? ” චතුර ඔරවලා බැලුවා .
” මන් ඒක …………………. කෑවා 🙌 ” අපෝ මූ නම් .
” උබ ඒකත් කෑවද ? , ඉදපන් උබට මන් 😠 ” van එකත් පෙරලයි වගේ දෙන්නා.
” මොකද බං , පොඩි උන් වගේ දගලන්නේ නැතුව ඉදපන්කෝ ” චේතිය කිව්වා .
” අර මොකද බං ඉස්සරහ මිනිස්සු ගොඩක් වට වෙලා ” කැලුම් ඈතින් පේන කට්ටිය දිහා බලලා කිව්වා.
” ඒහ් , ධනුශ් ඉක්මන්ට වාහනේ නවත්තපන් . අර බලපන් මොකද වෙලා තියන්නේ කියලා 😱 ” van එක එතන්ට තවත් ළං වෙද්දි කැලුම් කලබලෙන් කෑගැහුවා.

ඒ පාර මොකද වෙලා තියන්නේ ???

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *