නිහඬ කටකාර ආදරේ … 08

08 කොටස

ටික දවසක් යද්දි නෙහාරාගේ කකුලත් හොද වුනා. දැන් ඉතින් ආයෙත් පරණ පිස්සු නටන්න ලෑස්ති කෙල්ල .
ගෙදරටම වෙලා ඉදලා කම්මැලි නිසා නෙහාරායි ශෙහාරායි management course එකකටත් යනවා මේ දවස් වල.
දවසක් දෙන්නා මෙහෙම ගිහින් එන අතරේ ,
” ඒහ් අක්කි , අර බලනවකෝ කවුද ඉන්නේ කියලා අතන ” නෙහාරා එහෙම කිව්වම ශෙහාරා හිතුවෙම ධනුශ් කියලා . ඒත් එතන හිටියේ දේවින්ද !
” මෙයා මොකද මෙතන කරන්නේ , අපි දැක්කේ නෑ වගේ යමු . ” ශෙහාරා දේවින්ද දිහා හොරෙන් බලලා කිව්වා .
දෙන්නම දේවින්දව දැක්කේ නෑ වගේ වෙන කතාවක් දාගෙන එතනින් යන්න ගියා.
” දැන් ඉතින් කට්ටියට හරි ගිහින් නේ ” දේවින්දව පහු කරලා ගිය ශෙහාරා දිහා බලලා කොල්ලා ටිකක් හයියෙන් කිව්වා .
ශෙහාරා කට වහගෙන හිටියත් නෙහාරාට නම් ඉතින් එහෙම ඉදලා පුරුද්දක් නෑ නේ.
නෙහාරා ඔරවලා බැලුවා . ආය හැරිලා දේවින්ද ළගට ආපු කෙල්ල ,
” ඇයි මොකක් හරි ප්රශ්නයක් ද ඔයාට ? ” කියලා ඇහුවා .
” oh , plz ! ඔයත් එක්ක කතාවක් නෑ මට ” එහෙම කියපු දේවින්ද , කෙලින්ම ශෙහාරා ළගට ගියා.
” ශෙහාරා , මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ ” දේවින්ද , ශෙහාරාට කිව්වා .
” මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ ” කෙල්ලගේ හිතේ දැන් කොහොමත් තව කෙනෙක්ට ඉඩක් නෑ .
” ඒ වුනාට මට කතා කරන්න දේවල් තියනවා ” ඒ පාර දේවින්ද ටිකක් සැරෙන් කිව්වා .
” සද්දේ නම් දැන් ටිකක් වැඩි වගේ නේද මහත්තයා ? “
පිටිපස්සෙන් ඇහුණ ඒ කටහඩත් එක්ක දේවින්ද බැලුවා මොකාද මේ කියලා .
ධනුශ් ! කැලුම් ඇතුළු මාර සේනාවත් එක්කම මෙන්න ඇවිත් . නෙහාරා නම් ඉන්නවා දැන් හිනා වෙවී මේවා බලාගෙන .
දේවින්දට ළං වෙලා ඉන්න කොල්ලෝ ටික දැක්ක ගමන් දේවින්දගේ යාලුවෝ set එකත් එතන්ට ළං වුනා.
ශෙහාරාව ඇදලා අරන් එතනින් අයින් කරලා නෙහාරා ළගට යවපු ධනුශ් , දේවින්ද ඉස්සරහට ගියා.
” මොකක් හරි අවුලක් තියනවා නම් අපිට පුළුවන් විසඳගන්න . පාරේ යන ගෑනු ළමයින්ට කරදර කරන්න ඕනේ නෑනේ ඉතින් නේද ? ” ධනුශ් කිව්වා .
” ඇයි තමුසේ ශෙහාරාගේ තාත්තා ද ? ” දේවින්ද නෝන්ඩියට හිනා වෙලා ඇහුවා .
” නෑ , තාත්තාගෙන් පස්සේ එයාව බලාගන්න ඉන්නේ මන් ” ධනුශ් කෙලින්ම කිව්වා .
” නංගි , මෙයාලා මෙතන මරාගනීද ? ” ඒ අතරේ ශෙහාරා බය වෙලා නෙහාරාගෙන් එහෙම ඇහුවා .
” මරාගන්නේ නම් නැති වෙයි . හැබැයි අර දේවින්දට දෙකතුනක් අනිනවා නම් මන් කැමති . ” නෙහාරා වලියේ උපරිම රසය විඳින ගමන් කිව්වා .
” ආහ් එහෙමද හිතාගෙන ඉන්නේ , අපි බලමු මොකද වෙන්නේ කියලා ” දේවින්ද , ධනුශ්ට ඇඟිල්ල දික් කරලා තරහෙන් පුපුර පුපුරා bike එකේ නැගලා ගියා . යාලුවෝ ටිකත් ඒ පස්සෙන්ම ගියා ගොන් රැල වගේ .
” අයියෝ අපරාදේ නේ , දෙන්න තිබ්බනේ අරූට හොම්බෙන් යන්න ” නෙහාරා එහෙම කියාගෙන ධනුශ් ළගට ආවා.
” අපිට ගහන්න ආවොත් අපිත් නිකන් ඉන්නේ නෑ තමා ආය “
මෙච්චර වෙලා හැමෝටම පිටිපස්සෙන් හැංගිලා වගේ හිටිය චතුර ටිකක් ඉස්සරහට ඇවිත් කිව්වා .
” ආහ් ඔව්ද , ඒ නිසා වෙන්න ඇති හැංගිලා හිටියේ ? ” නෙහාරා කිව්වා .
” පිස්සුද ? මන් හැංගුනේ නෑ . මන් එක පාරම ඇවිත් එයාලව surprise කරන්න ගියේ ” මූව නම් හදන්න බෑ .
චතුර එහෙම කිව්වම කට්ටිය හිනා වුනා .
” දේවින්ද ගියේ නම් එච්චර හිත හොදින් නෙවෙයි . ඊලඟට මොනා කරයිද දන්නේ නෑ ” තාමත් බයෙන් ඉන්න ශෙහාරා කිව්වා .
” මොනා හරි වුනොත් ඒක ඒ වෙලාවට බලමුකෝ , දැන් යමු අපි ” ධනුශ් , ශෙහාරා ළගට ඇවිත් කිව්වා .
” ම්ම්ම් … යමු ” කට්ටියම එතනින් ආවා.
නෙහාරායි ශෙහාරායි ගෙදර එද්දි වෙනදට එලියේ නට නටා ඉන්න පසිඳු අද පේන්න නෑ . මොකෙක් හරි උස්සගෙනවත් ගිහින්ද ? බය වෙන්න දෙයක් නෑ , ගිහින් ආපහු ගෙනත් දායි කොල්ලගේ තරම දැනගත්තම.
” අම්මා , කෝ කොහෙද ඉන්නේ ? ” ගෙට ගිය ගමන් දෙන්නා අම්මව හොයනවා.
කොහේ හරි ගිහින් ගෙදර ආපු ගමන් ඉස්සෙල්ලාම අම්මව හොයන පුරුද්ද හැමෝටම වගේ තියනවා නේ ඉතින් .
” මොකද දෙන්නා කෑගහන්නේ ආපු ගමන් මූණ හෝදගෙන එන්න කෑම බෙදන්නම් ” අම්මා කුස්සියේ ඉදන් කිව්වා .
” කෝ අම්මා පසිඳු ? ” අම්මගේ බෙල්ල වටේ අත් දෙක දාලා එල්ලෙන ගමන් නෙහාරා ඇහුවා .
” ආහ් , නංගි කතා කරා අද , හවස් වෙලා එන්නම් කිව්වේ පසිඳුව එක්කන් යන්න . ඔන්න bag එක ලෑස්ති කරනවද කොහෙද කාමරේට වෙලා “
” අම්මා එයාලටත් එක්ක කෑම හදනවද ? ” ශෙහාරාත් අම්මට ළං වෙලා ඇහුවා .
” ඔව් , කෝ කෝ දෙන්නම ගිහින් wash එකක් දාගෙන එන්න පසිඳුවත් එක්කන් කෑම කන්න “
නෙහාරා ගිහින් පසිඳු ඉන්න කාමරේට හොරෙන් රබර් ඇහැ දාලා බැලුවා . ම්ම්ම් …. කොල්ලා බරටම වැඩ . ගෙනාපු ඒවා ආය ලෑස්ති කරගන්න එපැයි . හැබැයි ඉතින් ගෙදර යනවට මූණේ නම් එච්චර සතුටක් නෑ වගේ .
” පව් , පොඩි එකාට දුක හිතිලා වගේ , පස්සේ කතා කරන්න ඕනේ ” නෙහාරා එහෙම හිතලා ටිකක් වෙලා බලාගෙන ඉදලා ගියා .
***************************************

ධනුශ් ටිකක් හවස් වෙලා beach එක පැත්තට ගියා . නිදහසේ ඉන්න ඕන වුනාම කොල්ලා යන්නේ එතන්ට තමා . බංකුවක වාඩි වෙලා මුහුද දිහා බලාගෙන ඉන්නවා.
හැමදාම වගේ මේ වෙලාවෙත් ධනුශ් beach එකට ගියේ ටිකක් නිදහසේ කල්පනා කරන්න හිතාගෙන ඉස්සරහට මොකද කරන්නේ කියලා .
හැබැයි මේ දිහා තව කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා කොල්ලා දැනගෙන හිටියේ නෑ .
ධනුශ් හෙමින් සැරේ හෙවණක් තියන තැනක් හොයාගෙන ඉස්සරහට ඇදුනා. ඒ අතරේ හිතුවේවත් නැති වෙලාවක කවුද ඇවිත් ඇඟේ හැප්පුනාම තමා කොල්ලා කල්පනාවෙන් මිදුණේ .
කවුද මේ ඇස් පේන්නේ නැති එකා !
ධනුශ් ඊලඟට බැලුවා කවුද මේ කියලා .
” අනේ sorry , මන් වෙන කල්පනාවක හිටියේ , ඒකයි ඔයාව දැක්කේ නැත්තේ . So sorry ” මෙන්න කෙල්ලෙක් කියවනවා . Short එකකුයි skinny එකකුයි ඇදලා sunglasses දාලා හිටපු කෙල්ල ට්කක් විසේකාරියක් වගේ .
” ආහ් , it’s ok . ඊලඟ පාරවත් කල්පනාවෙන් යන්න ” ධනුශ් වැඩිය ගනන් ගන්නේ නැතුව එහෙම කියලා ආපහු හැරුනා .
” මන් හිතන්නේ අපි දෙන්නම එක වගේ. You know what , නිදහසේ ඉන්න ඕනේ වුනාම මන් එන්නේ මෙහෙට . මට පේන්නේ ඔයත් ඒ වගේ . අන්න අතන bench එකක් තියනවා. අපි එතන්ට යමු “
ධනුශ් මුකුත් කියන්නත් කලින් ඒ පාර මෙන්න මේකි කොල්ලගේ අතින් ඇදගෙන දුවනවා. Bench එක ළගට ආපු කෙල්ල එතන වාඩි වුනේ ධනුශ්වත් එතන වාඩි කරගන්න ගමන් .
” ඉතින් කියන්නකෝ විස්තර ටිකක් . මන් නිශූ , එතකොට ඔයා ? “
මුහුද දිහා බලාගෙන මේ පරාල ඇණෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්න ධනුශ්ගෙන් කෙල්ල ඇහුවා .
************************************

” පසිඳු , මොකද මූණ එල්ලගෙන ” දුකෙන් වගේ ඉන්න පොඩි එකා දිහා බලලා පසිඳුගේ අම්මා ඇහුවා .
” මුකුත් නෑ අම්මා ” පොඩි ඩයල් එකට අක්කලා දෙන්නව දාලා යන්න දුක හිතිලා වගේ .
කෑම කාලා එහෙම ඉවර වෙලා දැන් කට්ටිය යන්න ලෑස්ති .
” අක්කේ අපි එහෙනම් ගිහින් එන්නම්, මෙයාව බලාගත්තට ගොඩක් ස්තූති ” පසිඳුගේ අම්මා , නෙහාරාගේ අම්මට එහෙම කියාගෙන පුටුවෙන් නැගිට්ටා .
” ඕක මොකක්ද නංගි , පිට දරුවෙක් නෙවෙයිනේ ඉතින් මෙයා . පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම් . පසිඳු , පාඩම් වැඩ හොදට කරන්න ඕනේ ” නෙහාරාගේ අම්මා පොඩි එකාගේ ඔලුව අතගාලා ආදරෙන් කිව්වා .
නැන්දාට වැඳලා එහෙම පසිඳු , නෙහාරායි ශෙහාරායි ළගට ගියා .
” ගිහින් එන්නම් අක්කි ” දෙන්නව බදාගෙන පොඩි එකා කිව්වා .
” ම්ම්ම් … පරිස්සමෙන් ගිහින් එන්න . නිවාඩු දවස් වලට ආය මෙහේ එන්න ඕනේ හරිද ? ” ශෙහාරා කිව්වා .
කට්ටියම එලියට බැහැලා gate එක ළගට ගියා . පසිඳු ආපහු පිටිපස්ස හැරිලා නෙහාරාට කතා කරා . නෙහාරා ඉක්මන්ට ළගට ගියා මොකද කියලා බලන්න .
” මෝඩ ජෝඩුව ” පසිඳු එහෙම කියලා දුවගෙන ගිහින් නැග්ගා car එකට .
” මෝඩයා , ඉන්නවා මන් තමුසෙට … ” නෙහාරා හිනා වෙවී car එක ළගට ගියා.
පසිඳුගේ වැඩ නිසා කොහොමහරි දුක නැතුව ඒ වෙලාවත් ගෙවිලා ගියා.
ඒ අතරේ ශෙහාරාගේ 4n එක ring වෙන්න ගත්තා . ම්හ්, දන්නේ නැති no එකක් . Answr නොකර ඉන්නත් ගිහින් ශෙහාරා ආය answr කරලා බැලුවා .
” හෙලෝ “
” හෙලෝ , ශෙහාරා . අඳුරන්න පුලුවන් ද මාව ” ඇහුණ කටහඬත් එක්ජ කෙල්ල ගැස්සිලා ගියා . මෙයාට කොහෙන්ද මගේ no එක ?
” දේවින්ද ? ” ශෙහාරා ඇහුවා .
” ම්ම්ම් … ඔව් . මන් කතා කරේ ඔයා හීන මවාගෙන ඉන්න සමහර අය ඇත්ත ජීවිතේදි එච්චර හොද අය නෙවෙයි කියන්න ” දේවින්ද පොඩ්ඩක් serious විදිහට කිව්වා .
” ඒ කිව්වේ ? මොනාද ඔයා මේ කියවන්නේ ? ” ශෙහාරාට තේරෙන්නේ නෑ මූ මොනා කියවනවද කියලා .
” හෙට උදේ 9 ට විතර මන් එන්නම් . ඔයාම දැකලා තීරණය කරන්න ” දේවින්ද එහෙම කියලා call එක cut කරා .

මොනාද ඒ පාර වෙන්න යන්නේ ?

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *