නිහඬ කටකාර ආදරේ … 09

09 කොටස

ශෙහාරා 4n එකත් අතේ තියාගෙන කල්පනා කරා දේවින්ද කියපු කතාවේ තේරුම මොකක්ද කියලා .
” මොකද අක්කි මේ ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන්නේ ” නෙහාරා , ශෙහාරා ළගට ඇවිත් ඇහුවා .
” දේවින්ද කතා කරා දැන් ” ශෙහාරා කිව්වා .
” ඒ මොකටද ඒ උගුඩුවා කතා කරේ , අනික එයාට කොහෙන්ද ඔයාගේ no එක ? ” නෙහාරා ඇහුවා .
” ඒක මන් දන්නේ නෑ අනේ , ඒත් ළගදිම මොකක් හරි වෙයි “
” ඇයි එහෙම කියන්නේ , මොනාද ඌ කිව්වේ ” නෙහාරා එහෙම ඇහුවම ශෙහාරා දේවින්ද කියපු දේවල් ඔක්කොම ටික කිව්වා .
” ම්ම්ම් … වැඩිය හිතන්න එපා , හෙට බලමුකෝ මොනාද එයාට කියන්න තියන්නේ කියලා . ” නෙහාරා එහෙම කියලා ගියා .
පහුවෙනිදා කෙල්ලෝ දෙන්නා course එකට යන්න හිතාගෙන පාරට ආවා .
” අරයා අද මොන නාඩගමක් නටන්නද දන්නේ නෑ එනවා කිව්වේ ” නෙහාරා , ශෙහාරාට කිව්වා .
” අනේ මන්දා , හැබැයි ඒක අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි මන් හිතන්නේ “
දෙන්නා කතා කර කර යන අතරේ bike එකක් ඇවිත් එකපාරම කෙල්ලෝ දෙන්නා ඉස්සරහින් නැවැත්තුවා .
නෙහාරායි ශෙහාරායි බලාගෙන ඉද්දි දේවින්දයි තව කොල්ලෙකුයි bike එකෙන් බැහැලා ආවා.
” කියන්න තියන දෙයක් ඉක්මන්ට කියන්න . අපිට පරක්කු වෙනවා . ” ශෙහාරා කිව්වා .
” ඔච්චර හදිස්සි වෙන්න එපා මැඩම් , ඉක්මන්ට අඬන්න වෙයි ” දේවින්ද අමුතු විදිහකට එහෙම කියලා 4n එක අරන් ශෙහාරා දිහාට දික් කරා.
ශෙහාරා 4n එක අරන් screen එක දිහා බැලුවා . කෙල්ලට එතකොට නම් ඔලුවත් කැරකෙන්න ගත්තේ දැකපු දේත් එක්ක . ධනුශ් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ඉන්න 4to එකක් තමයි ඒකේ තිබුනේ .
” ඕක විතරක් නෙවෙයි , තව තියනවා හොදට බලාගන්න “
දේවින්ද නිකන් ලෝකෙම දිනාගත්තා වගේ සතුටකින් ශෙහාරාට කිව්වා .
දැන් නම් ශෙහාරාගේ අත් දෙකත් වෙව්ලනවා . කෙල්ල කවදාවත් හිතුවේ නෑ ධනුශ් එයාට මෙහෙම කරයි කියලා . කම්මුල් දිගේ කදුලු බිංදු ගලාගෙන යද්දි කෙල්ල තාමත් ඒ 4to එක දිහා බලාගෙන ඉන්නවා .
මෙච්චර වෙලා පාඩුවේ මේ දේවල් බලාගෙන හිටපු නෙහාරා ඊලඟට 4n එක ශෙහාරා අතින් ඇදලා අරන් බැලුවා . දැකපු දේත් එක්ක කෙල්ලත් පොඩ්ඩක් ගැස්සිලා ගියා . තිබ්බ 4to එක එහාට මෙහාට කරලා නෙහාරා අනිත් 4to ටිකත් බැලුවා . ශෙහාරාට නම් තවත් ඕවා බලාගෙන ඉන්න තරම් හයියක් තිබ්බේ නෑ . ධනුශ් කෙල්ලෙක් එක්ක beach එකේ හිටපු 4toz පහක් හයක් ඒ අතරේ තිබුනා .
නෙහාරා ඊලඟට 4n එක දේවින්දට දීලා ශෙහාරාවත් ඇදගෙන එතනින් ඉක්මන්ට ආවා මුකුත්ම නොකියා .
වචනයක්වත් කියන්නේ නැතුව එතනින් ගිය කෙල්ලෝ දෙන්නා දිහා බලලා ,
” කෝ බං කිසිම ප්රතිචාරයක් නෑනේ ” කියලා දේවින්දත් එක්ක ආපු අනිත් කොල්ලා දේවින්දට කිව්වා .
” අවුලක් නෑ මචං , ඉවසලා ඉදපන් . මේ පටන් ගත්තා විතරයි ” දේවින්ද එහෙම කියලා හෙල්මට් එක දාගෙන bike එකට නැග්ගා .
ටික දුරක් සද්දයක් නැතුව ආපු නෙහාරා පිටිපස්ස හැරිලා බැලුවා වැරදිලාවත් දේවින්ද ආපහු එනවද කියලා .
ශෙහාරාට නම් තාම කදුලු වැටෙන එක නවත්තගන්න බැරුව ඉන්නේ .
” මෝඩි , අඬන එක නවත්තගන්නවා ” නෙහාරා ඒ පාර ශෙහාරාට සැර කරා .
” ඔයාට මොනා වෙලාද ඒ පාර , ඒ ඔක්කොම දේවල් දැකලත් තවත් මට අඬන්නේ නැතුව ඉන්න කියනවද ඔයා , මන් අඬනවා ඇර වෙන මොනා කරන්නද ? ” ශෙහාරා පිස්සුවෙන් වගේ කියෙව්වා .
” අක්කි , මන් ඒ හැමදේම දැක්කා තමයි . හැබැයි ඒ දේවල් ඇත්ත වුනත් බොරු වුනත් අපි ඊටත් වඩා හොදට දේවින්ද කියන්නේ කවුද කියලා දන්නවා . එයා මොන වගේ කෙනෙක්ද කියලා මන් වගේම ඔයත් හොදට දන්නවා . පොඩ්ඩක් හිතන්න ” නෙහාරා කලබලයක් නැතුව ශෙහාරාට කියලා දුන්නා .
ඒත් ශෙහාරාට නම් මේ කියන මුකුත් අහන්න ඕනේ වුනේ නෑ දැන් . ප්රශ්නේ තමන්ගේ නොවෙන තාක් විසඳුම දාර්ශනිකයි කියනවනේ . ඒ නිසා ශෙහාරාට නෙහාරා කියන දේවල් ගැන හිතුනෙත් එහෙමයි. කෙල්ලට ආය ආයෙත් මතක් වුනේ දේවින්ද පෙන්නපු 4toz .
” ඒත් ඒවා ඇත්ත නම් . එතකොට මන් මොකද කරන්නේ ? ” ශෙහාරා අඬ අඬාම ඇහුවා .
” මන් නම් හිතන්නේ නෑ . අපි මේ ගැන …. ” නෙහාරා කියන්න ගිය එක නැවැත්තුවේ ඉස්සරහින් එන කෙනාව දැකලා .
ධනුශ් , කැලුම් එක්ක කෙල්ලෝ දෙන්නා ඉන්න තැනට එනවා .
නෙහාරා බලාගෙන ඉන්නේ මොනා දිහාද කියලා බලපු ශෙහාරාත් ඒ පැත්ත බැලුවා .
ධනුශ්ව දැකපු ගමන් ශෙහාරා අනිත් පැත්ත හැරිලා යන්න ගියා කොල්ලව දැක්කේ නෑ වගේ .
” ඇයි බං අර ශෙහාරා අපිව දැක්ක ගමන් යන්නේ ? ” කැලුම් , ධනුශ්ගෙන් ඇහුවා .
” ඒක තමා මචං , මොකක් හරි වෙලා තියනවා ” ධනුශ් එහෙම කියලා තාමත් එතන නැවතිලා ඉන්න නෙහාරා ළගට ආවා.
” මොකක්ද අරයට වෙලා තියන්නේ ? ඇයි එයා මාව දැකලා ගියේ? ” ධනුශ්ට මාර අවුල් ශෙහාරා කරපු වැඩේට .
” පොඩි අවුලක් ” නෙහාරා කිව්වා .
” ඇයි අරූ ආය ඇවිත් කරදර කරාද ? ” කැලුම් ඇහුවා .
” ම්ම් … ඉන්නකෝ මන් කියන්නම් ඔක්කොම විස්තරේ ” ශෙහාරා දිහා හැරිලා බලපු නෙහාරා කොල්ලෝ දෙන්නට එහෙම කිව්වා .
ශෙහාරාව පේන දුරින් එයාට පිටිපස්සෙන් නෙහාරායි කොල්ලෝ දෙන්නයි ඇවිදගෙන යන අතරේ නෙහාරා වුනේ මොකක්ද කියලා කිව්වා .
” හරි මට හිතාගන්න පුලුවන් දැන් මෙතන දේවින්ද ගහලා තියන plan එක මොකක්ද කියලා ” ධනුශ් ඊයේ හවස beach එකේදි වුන සිද්ධිය මතක් වෙලා එහෙම කිව්වා .
” ඒ කිව්වේ ? මොකක්ද වෙලා තියන්නේ මෙතන ? ” කැලුම් ඇහුවා .
ධනුශ් ඊලඟට beach එකේදි වුන දේවල් ටික කිව්වා .
” ඕහ් , එතකොට මේ ඔක්කොම අර උගුඩුවාගේ වැඩ ” නෙහාරා කිව්වා .
” දැන් කොහොමද එතකොට අපි මේවා බොරු කියලා ශෙහාරාට තේරුම් කරන්නේ ? මන් හිතන්නේ නෑ ඒකි උබව විශ්වාස කරයි කියලා , දැක්කනේ ගස්සගෙන ගිය විදිහ ” කැලුම් කිව්වා .
” ඒකට එක විදිහක් තියනවා . ඒක මන් බලාගන්නම් ” 4n එකට ආපු msg එකක් දිහා බලාගෙන හිටපු නෙහාරා ඊලඟට එහෙම කිව්වා .
” ඒ මොකක්ද ? ” ධනුශ් ඇහුවා .
” මන් කිව්වනේ මන් ඒ ගැන බලාගන්නම් කියලා . මන් යනවා , නැත්නම් අරයා මොනා කරගනීද දන්නේ නෑ අර යන විදිහට ” ඈතින් යන ශෙහාරා දිහා බලලා නෙහාරා එහෙම කියලා ඒ පැත්තට ගියා ඉක්මන්ට .
” මේකි මොනාද කරන්න යන්නේ ? ” ධනුශ් , කැලුම් දිහාට හැරිලා ඇහුවා .
” දෙයියෝ තමා දන්නේ ඉතින් , අපිට වෙන්නේ බලාගෙන ඉන්න ” කැලුමුත් එහෙම කියලා නෙහාරා දිහා බලාගෙන හිටියා .
ටික දවසක් ඔහොම ගෙවිලා ගියත් ශෙහාරා කලින් තරම් ධනුශ් එක්ක හිතවත්කමක් තවත් තිබුනේ නෑ .
ධනුශ් මේ ගැන හිටියේ ගොඩක් හිතේ අමාරුවෙන් . නෙහාරා එදා ඒ ගැන බලාගන්නම් කිව්වත් තාම මුකුත් කරලා නෑ වගේ ඒකට .
” අක්කි , යමුද shopping පාරක්වත් . කම්මැලි ඕයි . අම්මත් නෑනේ ” නෙහාරා දවසක් ශෙහාරාගෙන් ඇහුවා .
” තියන ඇඳුම් මදිවටද අනේ . මට බෑ ” ශෙහාරා බෑ කියලත් ඉවරයි ඉතින් .
” අයියෝ මදි මදි අනේ . යමුකෝ සුදු අක්කී ” නෙහාරා ඇවිත් ශෙහාරාගේ ඇඟේ එල්ලුනා.
” හරි හරි යමු එහෙනම් ” නංගිගේ වදෙන් බේරෙන්න බැරි තැන ශෙහාරා කැමති වුනා.
” හොද අක්කි මගේ ” අම්මෝ මේකිගේ ආදරේ ඉතින් අක්කා ගැන .
කෙල්ලෝ දෙන්නා ලෑස්ති වෙලා ගෙදරින් එලියට බහිනකොටම van එකක් ඇවිත් මිදුලේ නැවැත්තුවා .
වාහනෙන් එලියට බැස්සේ දසුන් එක්ක චේතිය .
” ආහ් ඔයාලා මේ hospital එකට යන්නද ? කලින්ම ආරංචි වුනාද , අපි ආවෙත් ඔයාලව එක්කන් යන්න ” දසුන් කිව්වා .
මූ මොනාද මේ කියවන්නේ ??
” hospital ?? ඒ මොකටද ? කවුද එහේ ඉන්නේ ? අපි මේ town යන්න ලෑස්ති වුනේ ” ශෙහාරා කිව්වා .
” අයියෝ town නෙවෙයි දැන් යමු අපිත් එක්ක hospital එකට . අන්න අරුන් දෙන්නා බීලා car එකේ ගිහින් accident වෙලා, දැන් hsptl admit කරලා ” චේතිය කලබලෙන් කිව්වා .
” මොකක් ?? කවුරු ගැනද ඔයාලා මේ කියවන්නේ ? ” ශෙහාරා බය වෙලා ඇහුවා .
” වෙන කවුද ඉතින් , කැලුමයි ධනුශයයි තමා ඉතින් . ධනුශ් මාර අවුලෙන් හිටියේ මේ දවස් ටිකේ . ඉක්මන්ට නගිනවා වාහනේට , උන් දෙන්නා මැරෙනකන්ද බලාගෙන ඉන්නේ ඔතන්ට වෙලා ” දසුන් කෑගැහුවා .
” අනේ දෙයියනේ ! ඇයි එයාලා කොහෙද ගියේ ? කොහොමද එහෙම දෙයක් වුනේ ? ” නෙහාරා ඇහුවා .
” ඒවා පස්සේ බලාගමු . දැන් නගින්න ඉක්මන්ට ” චේතිය කිව්වම දෙන්නම ඉක්මන්ට van එකට නැග්ගා.
” එයාලට ගොඩක් අමාරු නෑ නේද ? හොදින් ඉන්නවා නේද ? අනේ මන් ධනුශ්ට sry කියන්නනේ හිටියේ . ඇයි එයා මෙහෙම වැඩ කරගන්නේ ? ” ශෙහාරාට දැන්මම ඇඬිලා.
” ගිහින් බලමුකෝ අපි ” දසුන් drive කරන ගමන් serious විදිහට කිව්වා .

කොල්ලෝ දෙන්නා මොනා කරගෙනද මේ ??

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *