නුබේ පතිනියයි මාවිසිඅටවන දිගහැරුම

වන්දනා දෙස මොහොතක් බලා සිටි දේව් ඇයව ඔසවා ඇදෙන් තැබුවා

“වන්දනා මම තීරණයක් ගත්තා..මම ඔයාව මේ බොරු කසාදෙන් නිදහස් කරනව..මම ඔයාට මේ කරන්නෙ වරදක්..ගයාන් කියන්නෙ මටත් වඩා හොද එකෙක් ..ඒත් මට ඔයා ගයියට ලන්වෙනවා බලන් ඉන්න බැරි ඇයි..😢😢😢මට තේරෙන්නෑ මට මේ මොනවද වෙන්නෙ කියලා…”
දේව් එසේ සිතුවේ වන්දනා දෙස බලමින්

ඔහුගේ සිත නොසන්සුන් වී තිබුනි…ඔහු ඇදුමක් දා පහලට ගොස් කාරයට නැග්ගේ යන තැනක් තීරණය කර නොමැතිවයි

දේව් අවසානයේ නැවතුනේ බාර් එකෙයි

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව් උදෑසන අවදු වූයේ දැඩි හිසේ කැක්කුමක් දැනෙද්දී

“වන්දනා..”ඔහු සිතින් එසේ මිමිනුවා..නමුත් ඔහු එක්වරම දුටුවේ තමාට එහා පසින් නිදා සිටින ශයිනිවයි

“ශයිනි..”දේව් උස් හඩින් කෑගසද්දී ශයිනි අවදි වූවා

“ඇයි බබා මේ..ම්ම්…”ශයිනි ඇසුවේ ඈනුමක්ද යවන ගමන්…දේව්ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ශයිනි සිටි ආකාරය දුටු නිසා

“ශයිනි..ඊයේ රෑ මොකද උනේ..ආ..”දේව් ඇසුවේ ඇයව සොලවන ගමන්

“කූල් බබා..ඇයි මේ…”

“ශයිනි මට කියනව මම කොහොමද තමුසෙගෙ ගෙදර..ඊයේ රෑ මගෙ අතින්…”

“ඔව් දේව් ඊයෙ රෑ මම ඔයාගෙම උනා මහත්තයො..”ශයිනි පැවසුවේ දේව්ව තුරුල් කරගන්නා ගමන්

“වට්…”

“ඇයි දේව් මේ…කොහොමත් ඔයා මගෙනෙ..මට ගොඩක් සතුටුයි මහත්තයො…”

“නෑ..නෑ ඒක වෙන්න බෑ”දේව් කෑගසද්දී

“ඇයි වෙන්න බැරි ඔයාට මොකුත් මතක නැද්ද දේව්.”ශයිනි අසද්දී දේව් හිස දෙපසට වැනුවා

“ඊයෙ රෑ මම ඔයාට කෝල් ගොඩක් ගත්තා..ඒත් ඔයා එකක්වත් ආන්සර් කරේ නැ..ආයෙ මම කෝල් කරනකොට වෙන කෙනෙක් ආන්සර් කරේ..ඒ මනුස්සයා කීවා ඔයා හොදටම බීල බීලා බාර් එකේ කියල..ඉතින් ඒ වෙලේම මම එතනට ගියා..ඔයා හොදටම වෙරි වෙලා හිටියෙ..මම කවදාවත් දැකලා නෑ ඔයා එහෙම බීල ඉන්නව.. පස්සෙ මම ඔයාව ගෙදර එක්ක ආවා. ඔයාව මම ඇදෙන් හාන්සි කරල යන්න හදනකොට ඔයා මාව ඇදලා ගත්තා..මම යන්නහැදුවත් ඔයා මට හෙලවෙන්නවත් දුන්නෙ නෑ..මාව කිස් කරා කිස් කරා..දේව් මාත් ගෑනියෙක් ඔයා ඉස්සරහ මටත් මගෙ හැගීම් පාලනය කරගන්න බැරිඋනා සුදූ..ඔයා ඊයේ මාව ඔයාගෙම කරගත්තා..”ශයිනි පැවසුවේ දේව්ගේ පපුව සිබිමින්

“ඇයි ශයිනි ඔයා මාව නතර නොකලෙ..ඇයි ඔයා මම ලගට ආවෙ..”

“ඇයි දේව් මම ඔයාව නතර කරන්නෙ..ඔයා කොහොමත් මගෙනෙ..අපි මැරි කරේ නැති උනාට නීතියෙන් නොවුනත් මමයි දැන් ඔයාගෙ ගෑනි…ඔයා ඉක්මනට වන්දනාව ඩිවෝස් කරන්න දේව්..කවුද දන්නෙ ඊයෙ රෑ අපේ පැටියා මගෙ බංඩියට ආවද කියලා..”ශයිනි පවසද්දී දේව් පුදුම වී ඇය දෙස බැලුවා

“මොකක් බබෙක්..”

“ඔව් ලමයො…කියන්න බෑනේ..ඊයෙ රෑ කරපුවා හැටියට ඊයෙම අපේ පැටියා මගෙ බංඩියට ආවද දන්නෑ..”ශයිනි පැවසුවේ දේව්ගේ දෙතොල සපමින්

දේව් නැගී සිටියේ කිසිවක් සිතා ගත නොහැකිව…ඔහු කිසිත් නොකියා බාත් රූම් එකට ගොස් නා ගත්තේ හිත නොසන්සුන් වෙද්දී

“මම මේ මොනවද කරේ..මෙච්චර කාලයක් මම ශයිනිව ආශය කරාට කවදාවත් එයාට මෙහෙම ලන්වෙලා නෑ…ශයිනිට ඒ ගැන ගානක්වත් නෑ..ඇයි මට හිතෙන්නෙ මම වන්දනාට ලොකු වරදක් කරා වගේ කියල..මම දැන් මොකද කරන්නෙ..මම හින්දා ශයිනි ඊයේ ගෑනියෙක් උනා..මැරි නොකලත් දැන් මගෙ ගෑනි එයා..මට වන්දනාව ඩිවෝස් කරන්නම වෙනව…”දේව් එසේ සිතුවේ දෑස් වලින් කදුලු වැටෙද්දී

“ඇයි මේ මගෙ ඇස් වලින් කදුලු එන්නෙ..මට ඕනෙ උනේ ශයිනිව මගෙ ලගට ගන්න නේද…😞😞😞

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව්..දේව්..”

නමුත් ඔහුට එය නොඇසුනේ ඔහු ඒ වන විටත් දිගු කල්පනාවක සිටි නිසා

දේව්…”වන්දනා ඔහුගේ උරහිසට තට්ටුවක් දැමුවේ ඔහුට තමා කතා කරන දෙය නොඇසුන නිසා

“ඇයි..ඇයි..”දේව් අසද්දී

“දැන් ගොඩක් දවල් වෙලා..කෑම මේසෙට ඇරියා…ගිහින් කන්න..”

“මට ඕනෙ කෑමක් නෑ ඕයි..මෙතනින් යනවද වද නොදී..”

“ඒත් දේව්..”

“මම එක පාරක් කියපු දේ ඇහුනෙ නැද්ද ගෑනියේ ..පලයන් මෙතනින්..”දේව් කෑගසද්දී වන්දනා යන්නට හැරුනේ දෑස් වලින් කදුලු ගලද්දී

“වන්දනා . ඔහොම පොඩ්ඩක් ඉන්නව..”
දේව් නැවතත් ඇයට කතා කරද්දී ඇය බියෙන් ඔහු දෙස බැලුවා
අල්මාරිය අසලට ගිය දේව් එයින් කොල වගයක් ගෙන වන්දනා දෙසට දිගු කලා.

“මේ…මොනාද..”

“ඩිවෝස් පේපර්ස්..”දේව් පවසද්දී වන්දනා පුදුමයෙන් ඔහු දෙස බැලුවේ තම පපුව රිදුම් දෙද්දී

“ඩිවෝස් පේපර්ස්..දේව් අනෙ..”වන්දනා හඩමින් එසේ පවසද්දී

“ඔව්..ඩිවෝස් පේපර්ස්..අපි මේ ගෙවන ලයිෆ් එක කිසිම තේරුමක් නෑ වන්දනා..ඒ නිසා ඔයා මගෙන් නිදහස් වෙලා යන්න..ඕකට සයින් කරලා මට දෙන්න..ප්ලීස්..”දේව් පවසද්දී

“මට බෑ දෙයියනේ මට බෑ”වන්දනා හඩමින් පහලට දිව ගියේ එසේ කියමින්

නිවසේ බෙල් එක වැදුනේ වන්දනා හොදටම හඩමින් සිටියදී
දෑසින් ගලන කදුලු පිසදාගත් ඇය දොර හැරියා

“ආ කෙල්ල..කොහොමද .”

“ගයාන් අයියා..”වන්දනා පැවසුවේ ගයාන් දෙස බලමින්

“නංගා..මොකෝ උනේ..උබ අඩල නේද..ඇයි මේ”

“අනේ අයියා..”වන්දනා ඉකිගසමින් ගයාන් ඉදිරියේ හඩද්දී ගයාන් ඇය අසලට පැමින ඇයව තම පපුවට තුරුල් කරගෙන හිස අතගෑවේ සහෝදර හැගීමෙන්

“නංගි..ඇයි කියපන් මේ උබ අඩන්නෙ..ආ..ඇයි මේ..මොකද උනේ..කතා කරපන් බන්..”ගයාන් ඇසුවේ වන්දනාගේ හිස අතගාමින්

“අයියා..දේව්..”

“ඔව් දේව්..ඇයි දේව් මොකද කීවෙ..”

“දේව් මට ඩිවෝස් පේපර්ස් දුන්නා සයින් කරන්න කියලා..”වන්දනා එසෙ පවසද්දී ගයාන් ඇයව තමා අසලින් ඉවත් කලේ පුදුමයෙන්

“මොකක්..”

“ඔව් අයියා..දේව්ට මගෙන් ඩිවෝස් වෙන්න ඕනෙලු..”

“මූට පිස්සුද..ඕකට මම..”ගයාන් උඩු පහලට යන්න ගියේ කෝපයෙන්..ඔහුව නැවැත්තූ වන්දනා

“එපා අයියා එයාට බනින්න එපා..දේව් මට ආදරේ කරයි කියලා මම ලොකු බලාපොරොත්තුවකින් හිටියා. ඒත් එහෙම නෑ..එයාගෙ සතුට ශයිනි අයියා ශයිනි..මම නෙමේ..ඉතින් ඇයි මම එයාගෙ සතුට ගාවට යන්න ඉඩ නොදෙන්නෙ..ඇයි…”
වන්දනා පැවසුවේ ඉකිගසමින්

“අඩන්න එපා නංගා..උබ දන්නවා.ශයිනි කියන්නෙ කපටි ගෑනියෙක් කියලා..ඒක මේ මීහරකට තේරෙන්නෙ නෑ..ඉවසන් ඉන්න නංගා..ඔයාගෙ දේව්ව ඔයාගෙන් වෙන් කරන්න මම දේව්ටවත් ඉඩ තියන්නෙ නෑ..”ගයාන් පැවසුවේ ස්තීර හඩකින්

“මම දේව්ට පොඩ්ඩක් කතා කරල එන්නම්..”එසේ පැවසූ ගයාන් උඩු මහලට ගියේ කෝපයෙන්

දේව්..”ගයාන් කතා කරේ දිගු කල්පනාවක සිටි දේව්ට

ගයියා..”

“ඔව් ගයියා තමයි මට උබත් එක්ක කතා කරන්න ඕනෙ..”

“කියපන්..”

“මොකද්ද අර වන්දනා කියන කතාව..උබ ඒකිව ඩිවෝස් කරනවා කියල..”

“ඔව්.ඒක ඇත්ත..මම වන්දනාව ඩිවෝස් කරනව..”

“මොකද්ද කීවේ. ආයෙ කියපන්..”

“උබට ඇහුන දේ හරි..ආයෙ කියන්න ඕනෙ නෑනෙ…”

“දේව්…උබ ඔය සිරාවටමද කියන්නෙ..”

“ඔව්..”

“උබනම් මහ මී හරකෙක්..”

“ඔව් මම මී හරකෙක්..”

“තෝව මරන්න හිතෙනව මට..”

“ඉතිම් මරපන්..මාවා මරපන්..”දේව් කෑගසද්දී වන්දනා දිවා ආවෙ බියවී

“ආ වන්දනා ඔයත් ආවද..මූ කියනවා මාව මරන්න හිතෙනවලු..”දේව් පැවසුවේ ගයාන්ව පෙන්වමින්

“දේව්…මොකද හුත්..තොට වෙලා තියෙන්නෙ..”

“මට මොනව වෙන්නද යකූ..මට මොකුත් වෙලා නෑ..මම මේ හොදින් ඉන්නෙ…අනික උබ ගයියා.උබට මේකි ගැන ගොඩක් දුකයි නේද..වන්දනා …මම ඔයාව ඩිවෝස් කරාම ඔයා මූව මැරි කරන්න..මූ හොද එකා..”

“දේව්..මොනවද ඔයා මේ කියන්නෙ..”වන්දනා ඇසුවේ හඩමින්

“ගයියා..උබ මේකිව බලාගනින්..මට මේකිව එපා…එපා එපා”දේව් පවසද්දී ගයාන් පැමින ඔහුට කනට ගැසුවේ වන්දනා කැගසද්දී

“තෝ….😠😠😠😠අර පට්ට බැල්ලි හින්දා මේ කෙල්ලට කරන දේවල්වලට උබට විදව න්න වෙයි දේව්..”ගයාන් කීවෙ කෝපයෙන්

“උබ කියන්නෙ මට ගෑනු දෙන්නෙක් තියාගන්න කියලද ආ…උබ දන්නවද ඊයෙ ශයිනි මගෙ අතින් විනාස උනා යකෝ..විනාස උනා..”දේව් පැවසුවේ හඩමින්

එය ඇසුනු වන්දනා බිත්තියේ රූටා විත් බිම ඉදගත්තේ හඩමින්

“මොකද්ද..”

“ඔව් ගයියා ඔව්..ඊයෙ රෑ මම හොදටම බීල හිටියේ..මගෙ අතින් මම ඊයෙ..චික්..”දේව් පැවසුවේ තම හිසකෙස් ඇදගමින්

“දේව් උබට හොදටම ශුවර්ද..”

“ඔව් බම්..”දේව් ඊයෙ සිදු වූ සියල්ල ගයාන්ට පැවසුවා
කිසිත් නොකී ගයාන් දිගු කල්පනාවකට වැටෙද්දී වන්දනා අසලට ගිය දේව්

“වන්දනා මේක ගන්න..මේ ඩිවෝස් පේපර්ස් වලට සයින් කරන්න..මට කවදාවත් ඔයාට ලන්වෙන්න බෑ..මට ශයිනිව මැරි කරන්න වෙනව..ඉක්මනටම..ඒ කෙල්ල මම හින්දා විනාස වෙලා ඉවරයි..ඔයාට මගෙ අතින් කිසිම දෙයක් වෙලා නෑ…ඔයාට හොද කොල්ලෙක් හොයාගන්න පුලුවන්..ප්ලීස් මේකට සයින් කරන්න..”දේව් පවසද්දී ඩිවෝස් පේපර්ස් අතට ගත් වන්දනා එයට අත්සන් කරේ හඩම්න්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි😘😘😘

” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *