නුබේ පතිනියයි මාහතලිස් හතරවන දිගහැරුම
නත්තල් බෝනස්
හිරූ..”ඇදේ දිගා වී සිටි දේව් එක්වරම එසේ කියමින් තම කකුල් පොලව මතට දමනු ලැබුවා..
“දේව්..”මේ දෙස වන්දනා බලා සිටියේ පුදුමයෙන්
තමාගෙ කකුල් සෙලවීමට හැකි වීම ගැන දේව්ට දැනුනේද පුදුමයක්..ඔහු අසලට ගිය වන්දනා
“මහත්තයෝ..ඔයාට කකුල් හොලවන්න පුලුවන්.දෙවියනේ..වෙද මහත්තයා….”යැයි වන්දනා කෑගැසුවේ සතුටින්…
“අක්කා..ඇයි මොකද උනේ..”දෙව්මිනී කාමරයට දිව ආවේ කලබලයෙන්..ඇය පසු පසම වෙද මහතා පැමිනියේ වන්දනාගේ කෑගැසීම නිසා
කාමරය තුලය පැමිනි මොවුන් දෙදෙනාට දක්නට ලැබුනේ තම කකුල් බිම දමා ඇදේ හිදගෙන සිටින දේව්වයි..
දේව් දෙස බලාසිටි වෙදමහතාට නැගුනේ සුන්දර සිනහවක්..
වෙදමහත්තයෝ මට දැන් කකුල් හොලවන්න පුලුවන්..ඔබතුමාට පින්.”දේව් පවසද්දී ඔහු අසලට ආ වෙද මහතා
“මට පින් දෙන්න කාරි නෑ මහත්තයො..මහත්තයට තව ටික දවසකින් දෙපයින් ඇවිදින්න පුලුවන්..දැන් කකුල් පන ගහල එනව..”
“ඔබතුමාට ගොඩක් පින් වෙදමහත්තයෝ මගෙ දේව්ව සනීප කරලා දෙනවට ගොඩක් පින්..”වන්දනා පැවසුවේ හඩමින්
“මම කිව්වනේ මට පින් ඕනේ නෑ පුතේ..මේ දේවල් කරන්නෙ මම පින් බලාගන නෙමේ..ඉගනගත්ත වෙදකමෙන් කාටහරි සෙතක් සලසලා ලබන සතුට තරම් මට මොකුත් වටින්නෙ නෑ දරුවෝ..අනික ඔය දරුවත් බඩේ දරුවෙකුත් තියාගන තමන්ගෙ මහත්තයා වෙනුවෙන් කරපු කැපකිරීම සුලුපටු නෑ..දේව් පුතා මේ තරම් ඉක්මනට සුව වෙන්න ඔය දරුවගෙ කැපවීමත් එක හේතුවක්..”
“එහෙමයි..”
මහේන්..මහේන්…ශ්රියානි…”සුමිත්රා එසේ කෑගසද්දී
“අක්කේ මොකද උනේ..”
“නෝනා මොකෝ මේ කෑගහන්නෙ..”එසේ පවසමින් මහේන් හා ශ්රියානි ඇය අසලට පැමිනියෙන් කුතුහලයෙන්
අනේ මහේන් මගෙ දරුවා..”එසේ පවසමින් සුමිත්රා මහේන්ට තුරුල් වී හඩන්නට ගත්තේ මහේන්ව බිය ගන්වමින්..ඇගේ උරහිස් වලින් අල්ලා ඇයව ඈත් කල මහේන්
“සුමී…මොකද මගෙ දරුවට මොකද වෙලා තියෙන්නෙ..”මහේම් ඇසුවේ ගැහෙන හදින්
“අනේ අක්කෙ කියන්නකෝ ..මගේ දේව් පුතා එයාට කරදරයක් නෑ නේද..”ශ්රියානිද එසේ ඇසුවේ දේව් ගැන තම සිතට නැගුනු බිය නිසා
“නෑ නෑ නංගි…මහේන් මගෙ දරුවට..මගෙ දරුවට දැන් කකුල් හොලවන්න පුලුවන්ලු..දුව දැන් කෝල් කරේ…එයා කීවා අද දේව් කාගෙවත් උදව්වක් නැතුව කකුල් දෙක බිමින් තිබ්බලු..”
“මොනවා ඒ කියන්නෙ මගෙ කොල්ලා අද ඇවිදලද..”
“නෑ මහේන්..ඇවිදලා නෑ..”එසේ කියූ සුමිත්රා වන්දනා පැවසූ සියල්ල ඔවුන් ඉදිරියේදී පැවසුවේ සතුටු කදුලු හෙලමින්
“අනේ…දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනට සනීප වෙයි…අක්කේ අපේ පුතා ආයෙ දෙපයින් හිටගන්නවා අපිට ඉක්මනටම බලන්න පුලුවන් වෙයි..’
“ඔව් නංගි..මහේන් ඇයි ඔයා මොකුත් නොකියන්නෙ..”
“මම මොනවා කියන්නද සුමිත්රා …මගෙ අහිංසකයට වෙච්ච දේ නිසා මම මැරුනේ නැති ටික විතරයි..පුංචි කාලෙ අතින් අල්ලගෙන ඇවිද්දපු මගෙ කොල්ලා ඇවිදගන්න බැරුව එක තැන ඉන්නකොට මේ පපුව ගොඩක් රිදුනා .”ඔහු එසේ කීවේ තම පපුවට අතක් තබමින්
“මගෙ කොල්ලගෙ වේදනාව දිහා බලාගන ඊට වඩා වේදනාවක් මම වින්දා සුමිත්රා…කොල්ලව අනුරාදපුරේ දාලා ආවේ මම හිතකින් නෙමේ…මගෙ ඇස් වලින් කදුලු වැටුනෙ නැති උනාට ඔයාලට වඩා මම හිතින් ගොඩක් ඇඩුව..ඒත් අද මේ දේ අහලා මට ඇති උන සතුට කියන්න මට වචන නෑ සුමිත්රා වචන නෑ..”
“අනේ මහේන්..”එසේ පැවසූ සුමිත්රා ඔහුට තුරුල් වූයේ ඇගේ සැමියා ගැන දැනුනු දුක නිසා..ගැහැණියක් තම වේදනාව කදුලු වලින් පිට කලද පිරිමි එසේ නොවේ..ඔවුන්ගේ ඇස් වලින් කදුලු ගලන්නේ කලාතුරකින්..මවගේ ආදරය තම දරුවන් ඉදිරියේ දිග හැරෙද්දී පියාගේ ආදරය ඔහු තම සිතෙහි හිරකරගෙන සිටි…
ගයාන් අයියා ඔයා..”වන්දනා ඇසුවේ සිනාසෙමින් තමා ඉදිරිපිට සිටින ගයාන් ගෙන්
“මොකද බන් කට ඇරගෙන ඔහොම බලන් එන්නෙ..මම ගයාන් අයියා තමයි..යකෝ මේ ටිකට උබට මාව අමතක උනාද ආ..”
“අනේ නෑ අයියා ..මට පුදුම හිතුනා අයියා මේ උදේ පාන්දරම මෙහෙ ඉන්නකොට..”
“නෑවිත් කොහොමද බන්..දේව්ව බලන්න ඕනෙ කියලා හිතුනා ආව..”
“දේව්ව බලන්න විතරමද..”වන්දනා අසද්දී
“ආ ..ඇයි උබ ඒක නිකම් අර මොකද්ද අහනවා වගේ ඇහුවේ ආ…”
“නෑ නිකම්..එක්කෙනෙකුත් ඔයා එනකම් කිය කිය මග බලන් හිටියේ..”
“කවුද දෙව්මිනීද..”
“ඔය පැන්නෙ බල්ලා මල්ලෙන් එලියට..”
“ආ නෑ මම මේ..”
“හරි හරි අයියා…ගොත ගහන්න එපා ඉතින්…දෙව්මිනී කට ඇරියොත් අයියා ගැනමයි කතාව..කෙල්ල හරි අහිංසකයි..”
“හ්ම්…”
කෝ කොල්ලා..”
“බෙහෙත් ඔරුවෙ දාලා අද..”
“හ්ම්..යමුකෝ බලන්න..”
ගයියා..”
“කොහොමද දේව් ඉතින්..”
“ඔහෙ එන්නවා බන්…”
“නංගි කීව උබට දැන් කකුල් හොලවන්න එහෙම පුලුවන් කියලා..”
“ඔව් බම්..දැන්නම් මට හිතෙනවා මට ඇවිදින්න පුලුවන් වෙයි කියලා..”
“පුලුවන් වෙයි නෙමේ පුලුවන්..මේ මහත්තයා දැන්ද ආවෙ..”එසේ පවසමින් වෙදමහතා ඔවුන් දෙදනා අසලට ආවා..
“ඔව් වෙදමහත්තයා..මම මේ දේව්ව බලලා යන්න කියලා ආවා..”
“බොහොම හොදයි..යාලුවටනම් දැන් ටිකක් සුවයි..”
“එහෙමයි..ඔබතුමා හින්දා තමයි..”
“ඔය මහත්තයා අද ඉන්නවද..”
“නෑ වෙදමහත්තයා මම හවස් වෙලා යන්න කියලා ආවේ..”
“හ්ම්…එහෙනම් මහත්තයෝ බේත් ඔරුවෙ හිටියා මදෑ දැන්..අපි දැන් නැගිටිමුකො..”එසේ පැවසූ.වෙදමහතා දේව්ව තමාට වාරු කරගෙන නැගිට්ටවද්දී ගයාන්ද ඔහුට උදවු වූවා..
දේව්ව ඇදේ හාන්සි කල වෙදමහතා
“මහත්තයෝ. පුලුවන්නම් අපේ කෙලීගෙන් බේත් තෙල් එක ඉල්ලගෙන් ආවනම්..”එසේ පවසද්දී
“හා හා මම ඉල්ලන් එන්නම්..”
එසේ පැවසූ ගයාන් නිවසේ පිටුපස පෙදෙසට යද්දී දුටුවේ බෙහෙත් අබරමින් සිටින දෙව්මිනී හා වන්දනාවයි.
“ආ ලමයි වැඩ වගේ..”
“ඔව් අයියා අපි වැඩ…”දෙව්මිනී පැවසුවේ සිනාසෙමින්
“ගයාන් අයියා මොකෝ මේ පැත්තේ..”වන්දනා අසද්දී
“වෙදමහත්තයා වේත් තෙල් එක ඉල්ලන් එන්න කීව..”
“ආ ඉන්න මම දෙන්නම්..”එසේ පැවසූ දෙව්මිනී බේත් කබඩය අසලට ගොස් එයින් තෙල් එකක් ගෙන ඔහුට දෙද්දී එය උදුරාගත් වන්දන
“මම ගිහින් දෙන්නම්..දේව්ගේ දැන් තෙල් ගාන වෙලාවත් හරි. අයියා ඔයා නංගි එක්ක එකතුවෙලා මේ බේත් ටික අබරන්නකෝ..”යැයි පැවසුවේ ඇසකුත් ගසමින්
“අම්මේ උබ නම් දෙයියෙක් නෙමෙ දේවාලයක්..”ගයාන් එසේ සිතුවේ වන්දනාට අනෙක් පසට ඇසක් ගසමින්
වන්දනා ගිය පසු
“කෝ දෙන්න දෙව්මිනී මාත් උදව් කරන්නම්..”
“එපා අයියා ඔය ඇදුම ජරා වෙයි මම මේ ටික කරන්නම්..”
“කමක් නෑ ලමයෝ කෝ ඕක දෙන්න..”එසේ පැවසූ ගයාන් ඇගෙන් බලෙන්ම ඇබරුම් ගල ලබාගත්තා
ගයාන් බෙහෙත් අබරන්නට වූයේදෙව්මිනී සිනාසෙමින් බලාසිටියදී
“අයියෝ..ඔයාට බෑ අයියා..ඔය බෙහෙත් ටික ඔක්කොම බිමට වැටෙනවා..කෝ අහක් වෙන්න මම කරන්නම්..”එසේ පැවසූ දෙව්මිනී ඇබරුම් ගල අල්ලාගද්දී ගයාන් ඇගේ අතින් අලාගත්තා
ඔවුන්ගේ දෑස් පැටලුනේ ආදර කතාවකට මුල පුරමින්..එක්වරම ගයාන්ගේ දුරකතනය නාද වූයේ මොවුන් දෙදෙනාගෙ දැහැනට බාදා කරමින්
“හෙලො…සහස්..”
“මොකක්…”
“කොයි වෙලේද..”
“එතනමද…”
“කොහෙද්ද ඇක්සිඩන් වෙලා තියෙන්නෙ..”
“හරි හරි බන්..මම දැන් අනුරාදපුරේ එන්නෙ..මම කොලබ ආවම උබව හම්බෙන්නම්..”
“ඕකේ..බායි..”
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි වස්තුලා..ආදරෙයි ගොඩාක්
”