නුබේ පතිනියයි මාහතලිස් හත් වන දිගහැරුම
මාසයක් ගෙවී ගියේ දේව්ගේ කකුල සුව කරමින්..වන්දනාට දරුවා ලැබීමට ඇත්තේ තව එක් මසක් පමනි…මේ වන විට තම අප්පච්චිගේ අවසරයද ඇතුව දේව්ගේ නිවසෙහි නැවතී ඔහුගේ කාර්‍යාලයේ කටයුතු වල නිරතවුනා..
“ආ සුදූ වැඩ වගේ…”
“ඔව් අයියා”
“ඉතින් වැඩ අමාරු නෑ නේද මැණිකෙ..ම්…”ගයාන් අසුවේ දෙව්මිනීගේ කෙහෙරැල්ලක් පිටුපසට කරමින්
“නෑ අයියෙ…අමාරුවක් නෑ”
“හ්ම්..සුදු මැණික…”
“ම්….”
“චුට්ටක් මම දිහා බලපන්කෝ බන් බිම බලන් ඉන්නෙ නැතුව..”ගයාන් පැවසුවේ දෙව්මිනීගේ නිකටින් ඔසවමින්
ගයාන්ගේ දෑස් දෙස බලා සිටි ඇය
“මොකෝ සුදු මහත්තයෝ..මට වැඩ කරන්න දෙන්නෙම නැද්ද…”දෙව්මිනී ඇසුවේ සිනාසෙමින්
“අහ් හා හා..එහෙනම් මම යන්නම්කෝ…“ගයාන් යන්නට යද්දී දෙව්මිනී ඔහුගේ දෑතින් අල්ලාගත්තේ සිනාසෙමින්
“කෝ බලන්න මූන..මගෙ කොල්ලට තරහ ගියාද ම්…”
“නෑ ඉතින් මොකටද වැඩ කරන අයට කරදර කරන්නෙ..මම මේ ආවෙ වෙඩින් එකට ඩේට් දාගත්තා කියන්න ඕනෙ නෑ..මම ඒක අර රිසෙප්ශන් එකේ ඉන්න හශිනිටවත් කියන්නම්කෝ..”
“හශිනිට…ආස ඇති නේ…“
“ඔව් ඉතින් මගෙ ෆියුචර් වයිෆ්ගෙන් නෑනෙ මට ආදරේ..උම්මා එකක්වත් නෑ..මම ඉතින් අර හශිනිගෙන්වත් කිස් එකක් අරන් එන්නම්කෝ..”ගයාන් එසේ පැවසුවේ දෙව්මිනීව තරහ ගස්වන්නටයි
“මොකද්ද කිව්වෙ..ඔහොම හිටු අද මම..”පිටුවෙන් නැගිටි දෙව්මිනී ගයාන් අසලට ලන්වී ඔහුගේ පපුවට ගසා ගෙන ගසා ගෙන යද්දී ඇගේ දෑත් අල්ලා ගත් ගයාන්
“අම්මෝ මාව මරන්නද හදන්නෙ බන්..ඔහොම ගහලා..”
“මරනව නෙමේ හමගහන්නෙ..වෙන කෙල්ලන්ගෙන් කිස් ගන්න ගියොත්..“දෙව්මිනී පවසද්දී ඇගේ දෙතොල් ගයාන් තම දෙතොලින් අල්ලා ගත්තේ ආදරයෙන්….
සුදු මැණික…
ම්….”
“මොකුත් නෑ රත්තරන් ආදරෙයි ගොඩක්..”දේව් පැවසුවේ වන්දනාගේ පපුවට තුරුල් වෙමින්
“මාත් ගොඩක් ආදරෙයි මගෙ මහත්තයෝ..”
වන්දනාගෙ පපුවෙන් ඉවත් වූ දේව් ඇගේ කකුල් දෙස බලා
“ඉදිමිලා නේද රත්තරන්…මම චුට්ටක් තවන්නම්..”
“අනේ එපා දෙයියෝ. “
“ඇයි එපා කියන්නෙ ඔයා මේ දුක් විදින්නෙ ඔයාගෙයි මගෙයි පැටියා මේ ලෝකෙට ගේන්න..ඉතින් ඇයි එපා කියන්නෙ..ඔයා මගෙ පැටියා බඩට ආපු වෙලේ ඉදන් මම හින්දා ගොඩක් දුක් වින්දා මගෙ මැණිකව බලාගන්න ඕනෙ කාලෙ ඔය මැණික මාව බලාගත්තා..ඉතින් මේ මාසෙවත් මට මගෙ රත්තරන් බලාගන්න දෙන්නකෝ..”
“ඒත් දේව්..”
“ශ්…”දේව් එසේ කීවේ වන්දනාගේ දෙතොලට තම ඇගිල්ලක් තබමින්
“මොකුත් කියන්න එපා මම ඉක්මනට වතුර එකක් උනු කරලා තවන්න අරන් එනකම් ඔහොමම ඉන්න ඕනෙ..ඇදෙන් බහින්න බෑ..”
“අනේ මහත්තයෝ දැන් රෑ දහයත් පහුවෙලා..තවන්න ඕනෙ නෑ නිදාගන්න. හෙට උදේම ඔෆිස් යන්නත් ඕනෙනෙ..”
“අනේ මැට්ටි කටවහන් හිටු මම එනකම්..”එසේ පැවසූ දේව් වන්දනාගේ දෙතොලට කෙටි හාදුවක් තබා පහලට ආවේ වතුර රත් කරගැනීම සදහා
තමාට පිටුපා යන දේව් දෙස බලාසිටි වන්දනා
“දේව් ඔයාගෙ මේ ආදරේ මට බර වැඩි රත්තරන්…”
ටික මොහොතකට පසු වතුර බේසමක්ද රැගෙන දේව් පැමිනි වන්දනාගේ කකුල් තවන්නට ගත්තේ ඇය එපා කියද්දී
“අනේ එපා මහත්තයෝ…”
“හිරූ..වහන්න කිව්වෙ කට ඇයි එපා කියන්නෙ.ම්…”
“මට දුකයි රත්තරන් ඔයා මේ දේවල් කරනකොට…”
“ඇයි මගෙ මැණික දුක් වෙන්නෙ ආ..මම මේ දේවල් කරන්නෙ ගොඩාක් ආසාවෙන්..”
“ඒත් මහත්තයෝ..”
.
“හිරූ මේ අහන්න මැණික මේ එන්නෙ අපේ දරුවා.කකුල් ඉදිමිලා හරියට ඇවිදගන්න බැරුව හරියට නිදාගන්න බැරුව ඔයා මේ දුක් විදින්නෙ අපේ දරු පැටියා ගේන්න…හිරූ මගෙ මැනික ඔයාගේ වේදනාව මට ගන්න බෑ ඒත් මට ඒක පොඩ්ඩක් හරි අඩුකරන්න ඉඩ දෙන්න..”දේව් පැවසුවේ ඇගේ හිස අත්ගාමින්
වන්දනා ඔහුදෙස බලාසිටියේ තව තවත් ඔහු ගැන තම සිතෙහි සෙනෙහස දලු ලා වැඩෙද්දී
දේව් වන්දනාගේ කකුල් තවන්නගත්තේ හරි පරිස්සමට…කකුල් තවා අවසානයේ ඇගේ නයිටිය මදක් ඉහලට එසවූ දේව් ඇගේ කුසට හාදුවක් තැවරුවේ ආදරෙයෙන්
“මගෙ පුතු…මගෙ පුතු අම්මයි අප්පච්චි ලගට ඉක්මනට එනවා නේද..අප්පච්චි බලන් ඉන්නවා රත්තරන්..”එසේ පවසා නැවතත් වන්දනාගේ කුස සිප ගෙන ඇය අසලින් දිගා වූයේ ඇයව තම පපුවට තුරුල් කරගනිමින්
තව කොටස් තුනයි වස්තුලා..ලයික් කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ආදරෙයි..අද පොඩි කොටසයි ටයිප් කරන්න පුලුවන් උනේ..හෙට දිග කොටසක් දෙන්නම්…