නුබේ පතිනියයි මා තිස්අටවන දිගහැරුම

වන්දනාට වෛද්‍යවරායා පැවසූ දෙය ඇසුනේ සිහිනෙන් මෙනි

“දේව් මැරිල.නෑ නෑ ඒක බොරු උබලා ඔක්කොටම පිස්සු..”වන්දනා කෑගැසුවේ හඩමින්

සියලු දෙනාම හඩන්න ගත්තේ මේ සිදු වූ දෙය දරාගත නොහැකිව

“මගෙ දේව් එයා කොහොමද මාව දාල යන්නෙ. එයාට බෑ මාව දාල යන්න..නෑ නෑ..එයාට බෑ..”වන්දනා පවසන්නට වූයේ පිස්සුවෙන් මෙනි

“නංගා…ඇත්ත තේරුම් ගනින් ..”ගයාන් පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්..ඔහුගේ දෑසින් කදුලු ගලා ගියේ තම මිතුරා අහිමිවීමේ වේදනාව නිසා

කදුලු පිසදාගත් වන්දනා

“ගයාන් අයියා. ඇයි ඔයා මේ අඩන්නෙ..මගෙ දේව් එයාට බෑ එයාගෙ සුදු මැනිකෙව දාල යන්න..මම යනව එයා ලගට එයාට බෑ මාව දාල යන්න..”වන්දනා පැවසුවේ දේව් අසලට යන්න උත්සහ දරමින්..ඇගේ අතින් අල්ලා ඇයව වැලැකුවූ ගයාන්

“නංගි එපා..”ගයාන්ගේ අත ගසා දැමූ වන්දනා දේව්ගේ සිරුර අසලට ගියේ කදුලු පිසදමමින්.දෙව්ව්ගේ නලලට හාදුවක් තැබූ වන්දනා

“සුදු මහත්තයෝ. ඇයි ඔයා මාව මෙහෙම බයකරන්නෙ. ඔයාට පුලුවන්ද ඔයාගෙ හිරූව තනිකරල යන්න..බෑ නේද මේ ඔක්කොම කියන්නෙ බොරු ඔයා මැරිලලු..ඒක බොරු..මොක්ද මගෙ දේව්ගෙ හුස්ම නැවතිලානම් වන්දනා ජීවත් වෙන්නෙ නෑ…නේද රත්තරන් කෝ ඇස් අරින්න්..”වන්දනා පැවසුවේ දේව්ව බදාගෙන හඩමින්

මේ දෙස බල සිටි සුමිත්‍රා ඇය අසලට යන්නට හදද්දී

“එපා ඇන්ටි නංගිට ඔහොම පොඩ්ඩක් ඉන්න දෙන්න “ගයාන් ඇයව වැලැක්වූවා.

“ඔයා ඇස් අරින්නැද්ද දේව් ඉන්නකෝ මම ඔයා එක්ක තරහම තරහයි.ඔයා කැමති නෑනේද මගෙ කදුලු දකින්න බලන්න මේ මම ගොඩක් අඩනව දෙයියෝ..ඇස් අරින්න..”

“දේව් ඇස් අරින්න. දේව් ඔයාට ඇස් අරින්නම් වෙනව .ඔයාට ඇස් අරින්නම් වෙනවා..”වන්දනා පැවසුවේ කදුලු පිසදමමින්

දේව්ගේ අත අල්ලා ගත් වන්දනා ඇගේ කුස මතින් ඔහුගේ අත තබා
“දේව් ඔයා බලන් හිටියා නේද එයා අපි ලගට එනකම්…බලන් හිටියා නේද එයා අපි දෙන්නා ගාවට ඇවිත් දේව්. එයා ඇවිත් ඉතින් කියන්න දේව් ඔයා මාව තනිකරලා දාල යනවද..”වන්දනා ඇසුවේ ඉක්ගසමින්..දේව්ගේ සිරුර බදාගෙන ඇය හඩන්නට වූයේ වැලහින්නක් මෙන්…එක්වරම දේව්ගේ හදවතෙහි ගැස්ම වන්දනාට දැනෙන්නට වුනි..ඇය හිස ඔසවා බලන විට දුටුවේ දේව්ගේ හදවතෙහි ක්‍රියාකාරිත්වයට සවිකර තිබූ යන්ත්‍රය නැවත ක්‍රියාකරන බවයි

“දෙව්.. ඔයා ඩොක්ටර්…..”වන්දනා කෑගසන්නට වූයේ සතුටින්.

ගයාන් ඇතුලු පවුලේ සියලු දෙනාත් වෛද්‍යවරයාත් දිව ආවේ ඒ මොහොතේ..

“මේක කොහොමද උනේ…දේව්ගෙ හුස්ම නැවතිලානෙ තිබ්බෙ..මේක නම් හාස්කමක්..”වෛද්‍ය්වරයා පැවසුවේ පුදුමයෙන්

“දෙවියන්ට ස්තූති වේවා මගෙ දරුවා බේරලා දුන්නට..”සුමිත්‍රා හා මහේන් එසේ පැවසුවේ කදුලු පිසදමමින්

..අම්මා මම ඔයාලට කීවනේ මගෙ දේව් මාව දාල යන්නෙ නෑ කියලා..”වන්දනා පවසද්දී තිලකා හා සුමනෙ ඇයව තුරුල් කරගත්තේ හඩමින්

“ඔයාල දැන් පොඩ්ඩක් එලියට වෙලා ඉන්න මහේන්…”වෛද්‍යවරයා පවසද්දී ඔවුන් පිටතට ගියා

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

මෙතැන් සිට දේව්ගේ ඇසින්….

අද උදේ ඉදන් මගෙ හිතට දැනෙන්නෙ මහ අමුත්තක්…හරියට මේ ලෝකෙම දාල යනවා වගේ…ඒත් ඒක එහෙම උනොත් මගෙ කෙල්ල…

වෙනද වගේම අද උදෙත් ඇවිත් මගෙ හිරූ මාව ඇහැරෙව්වා..ඒ සුදු මූන දකින් ගානෙ මට ඉබින්නමයි හිතෙන්නෙ..කොහෙද ඉතින් මේ පිස්සි මාව වොශ් රූම් එකට තල්ලු කරානෙ..නැත්නම්..😀😀😀 දවස් ගානක ඉදන් කෙල්ල මොකක් හරි මගෙන් හන්ගනවා වගේ ඒත් මොකද්ද….අද පන්සක් යමු කීවෙත් ඒ දේ කියන්නදා…මට මග ඇරිලා තිබ්බ මගෙ ජීවිතේ ලස්සන කරපු මගෙ කෙල්ල. .වොශ් රූම් එකේ ඉද්දි එකපාරට ඇහුනේ මොකක් හරි බිදෙන සද්දයක්…ඉක්මනට මම කාමරේට දුවලා ආවෙ කෙල්ල ගැන බයෙන්…මගෙ හිරූ හොදටම අඩනවා ඒකත් මගෙ ෆොටෝ එක බිදුන නිසා…හිරූ අඩනකොට මගෙ පපුවට මේ තරම් වේදනාවක් දැනෙන්නෙ ඇයි…එයාගෙ කදුලු දකින්න මට බෑ…පව් මගෙ කෙල්ල බය වෙලා මට කරදරයක් වෙයි කියලා…එහෙම වෙයිද. .අනේ මන්දා මගෙ හිතටත් මහ අමුත්තක් දැනෙනවා ඒත් මම ඒක හිරූට පෙන්නුවෙ නෑ. කෙල්ල තවත් බය කරන්න බෑනේ..

කාරෙකට නැගපු වෙලේ ඉදන් කල්පනාව..මම ඇහුවත් මේකි කියන්නෙ නෑනෙ…ඒත් මට ඔයාව දැනෙනව මැනිකෙ…කාරෙක පැත්තකට කරල නතර කරේ කෙල්ල තනියම හූල්ලනව බලන්න බැරි නිසා..කෙල්ලව පොඩ්ඩක් ඇවිස්සුවෙ ඒ හිනාව බලන්න ආස නිසා..මොන ප්‍රශ්නෙ තිබුනත් ඒ හිනාවෙන් ඒ හැම ප්‍රශ්නයක්ම මට අමතකවෙලා යනව…

දේව්…”මගෙ කෙල්ල කෑගැහුවෙ ගොඩක් බයෙන්…මම ඉස්සරහ බැලුවෙ ඒ නිසා..මම දැක්කෙ ලොකු ටිපර් එකක් අපි දිහාට එනවා. දෙවියනේ මේ අවසානෙද නෑ නෑ..මට මොනව උනත් මගෙ හිරූට මොකුත් වෙන්න දෙන්නෙ නෑ..ඒ නිසයි පුලුවන් තරම් ඉක්මනට හිරූගේ සීට් එකට පැන්නෙ එයාව කවර්කර ගන්න…

දඩාං….”ඒ සද්දෙ විතරයි මට මතක

මගෙ වටේ ඩොක්ටර්ස්ලා ගොඩක්..මට දැනුනේ මාව ඔහේ පාවෙලා යනව වගේ…
මම මැරිලද..ඔව් මම මැරිලලු…මගෙ අම්මා තාත්තා ගයියා මේ ඔක්කොම අඩනවා..මම ඔහේ අහසෙ පාවෙලා ගියා

“දේව්..දේව්..අනේ එන්න..මාව දාල යන්න එපා..”ඔව් මගෙ කෙල්ල
වන්දනා මගෙ කෙල්ල මාව බදාගෙන හොදටම අඩනව එයා මොකද මේ මගෙ අත බඩට තියාගත්තෙ

“දේව්.ඔයා බලා හිටියා නේද එයා අපි ලගට එනකම්..එයා අපි ලගට ඇවිත්…”වන්දනා මේ කියන්නෙ කා ගැනද…මගෙ දරුවා. නෑ නෑ..ඒක වෙන්න බෑ..මගෙ වස්තුව මගෙ මැනිකගෙ බඩට ඇවිත්…මගෙ කෙල්ල තවත් අඩනවා..මට බලන් එන්න බෑ….කට්ටිය මට කතා කරනවා එයාලා ලගට එන්න කියලා..ඒත් බෑ මට මගෙ කෙල්ලවයි මගෙ පැටියවයි දාලා යන්න බෑ..මට මැරෙන්න බෑ…මම එනවා වන්දනා…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අජියා..”

“බොස්…”

“නියමයි අජියා..දැන් සම්පතා කෝල් කරා දේව් පරලෝකේ ගියා කියලා..”සංජය පැවසුවේ සිනාසෙමින්

“ඒකනේ ලොක්කා.මේ අජියා වැඩක් දුන්නොත්…”

“හරි හරි අද රෑට ඇවිත් මාව හම්බෙයන්කො…ඉතුරු ගාන දෙන්න..”

හරි බොස්…”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
දෙවියන්ට ස්තූතිවේවා..මගෙ මහත්තයා අපහු මට දුන්නට “වන්දනා එසේ දෙවියන්ට ස්තූති කලේ සතුටින්..නමුත් එක්වරම
වන්දනාගේ ඇගට දැනුනේ තෙහෙට්ටුවක්…ඇගේ හිස කරකෙනවා මෙන් ඇයට දැනුනි…

නංගා…”ගයාන් වන්දනාව අල්ලා ගත්තේ ඇය සිහි සුන්ව වැටෙන්නට යද්දී

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඩොක්ටර් මගෙ දරුවට මොකද..”තිලකා එසේ ඇසුවේ බියෙන්

“බය වෙන්න එපා.ඔයාලට සුබ ආරංචියක් කියන්න තියෙන්නෙ..වන්දනා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

කට්ටිය හිතුවා නේ දේව්ව මම මැරුවා කියලා..😁😁😁කෝ දැන් මට වෙඩි තියනවා කියපු කට්ටිය…වරෙන්කෝ දැන් වෙඩි තියන්නෙ මම්…😀😀😀

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි වස්තුලා❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *