නුබේ පතිනියයි මා. තිස්හය වන කොටස.
හෙට කතාව දාන්න වෙන්නෙ නෑ වස්තුලා..ඒකයි දැන් දැම්මෙ…
හලෝ මැඩම් බරටම වැඩ වගේ .”ගයාන් ඇසුවේ ෆයිල් ගොන්නකට මැදිවී සිටින වන්දනාගෙන්
“ආ ගයාන් අයියා මම දැක්කෙවත් නෑ එනවා..”
“කොහෙ දකින්නද බන්..උබ මේ ෆයිල් එකට මූන ඔබන් ඉන්නකොට..”
“ඔව් අයියා මම මේ අකවුන්ට්ස් ටික චෙක් කලා..”
“මොකෝ අව්ලක් තියනවද..”
“හ්ම්..පොඩි අව්ලක් තියනවා..”
‘හ්ම් මටත් ඕක අහු උනා…අපි හොයල බලමු…”
“හ්ම්..”
“මොකක් හරි ඕනෙ උනොත් කියන්නකෝ..”
“හා අයියා..”
වන්දනාගේ දුරකතනය නාද වූයේ මේ මොහොතේදී
“හෙලෝ…”
“මේ කෙල්ලෙ මට කම්මැලි බන් පොඩ්ඩක් එනවකො මගෙ කැබින් එකට..”දේව් පවසද්දී ගයාන් වන්දනාගෙන් දුරකතනය උදුරා ගත්තා..
“ඈ යකෝ උබ ඔෆිස් එනනෙ ලව් කරන්නද.ගෙදරදි කරන ටික මදිද.මේ කෙල්ලට වැඩ කරන්න දීපන්..”
“ගයියා උබ…”
“ඔව් මම තමයි මහත්තයො උබේ ගයියා“
“තෝ මොකද මගෙ ගෑනිගෙ ෆෝන් එක උදුරගත්තෙ..”
“මම ගත්තෙ මගෙ නංගිගෙ ෆෝන් එක ඇබලයො..”
“ඇබලයා..කවුද හිපාටුවො ඇබලයා..”
“උබ තමා නැතුව මමයැ…කොයි වෙලෙත් අර පැණි හැලියට ඇදෙන ඇබලයා වගේ මේ කෙල්ලගෙ පස්සෙමයි..”
“ඈ යකෝ මගෙ ගෑනි පස්සෙන් යන්නැතුව තෝ කියන්නෙ මට වෙන ගෑනු පස්සෙ යන්න කියලද..”
“අනේ අනේ පල පල ඇබලයා..”
“මේ ගයියා ජෝක් නැතිව හිරූ එක්ක මගෙ කැබින් එකට වරෙන්..”
“හ්ම්..හ්ම්..එන්නම්..”
දුරකතනය විසන්දි කල ගයාන්
“වන්දනා දේව් කැබින් එකට එන්න කීවා යමු..”
හිරූ..අකවුන්ට්ස් වල අවුලක් තියේද..”
“ඔව් දේව් මට පොඩි කාලයක් දෙන්න මම හරියටම හොයලා කියන්නම්..”
“හරි මැඩම්. “දේව් පැවසුවේ සිනාසෙමින්
“ගයියා..හිරූට හෙල්ප් එකක් දීපන් ආ..”
“උබ ඒක කියන්න ඕනෙ නෑ.මම කොහොමත් මගෙ නංගිට උදව් කරනවා..නේද නංගා..”
“ඒක තමයි අයියා..”වන්දනා පැවසුවේ සිනාසෙමින්
“අහ්..දැන් මම පැත්තක අයියයි නංගියි දෙන්න එක පැත්තක හොදයි හොදයි .”දේව් පවසද්දී ගයාන් හා වන්දනාට සිනහ නැගුනි
“මෙන්න මූ ඉරිසියාවෙ පිච්චෙනවා බන්..”ගයාන් පවසද්දී
“අනේ පල පල..”
හෙලෝ “
“බොස්..”
“මොක්ද්ද බන් දැන් සතියෙන් දවස් තුනක් ගියා..තාමත් අරූ යහතින්..තොපිට ඕකවත් කරගන්න බැයිද..”
“ඇයි බොස් මේ කලබල වෙලා..තව දවස් හතරක් ඉතුරුයි….”
“හරි ඒ දවස් හතර ඇතුලට උබ දේව්ව ඉවරයක් කරලම දාන්න ඕනෙ…උබට තේරුනානේ අජියා..”
“ඔව් බොස්..මම තිතට වැඩේ දෙන්නම්..”
“හ්ම්..”
සංජය දුරකතනය තැබුවේ හිනැහෙමින්
“දේව්..දේව්..උබගෙ කාලෙ ඉවරයි..දැන් තියෙන්නෙ මගෙ වාරෙ..මහේන් බලගනින් උබගෙ පුතාට වෙන දෙ…”සංජය පැවසුවේ වියරුවෙන් සිනාසෙමින්
“සංජය “ශයිනි පිටුපසින් විත් ඇවිත් ඔහුව තුරුල් කරගත්තා
“ශයිනි…”
“දැන් ගොඩක් රෑ වෙලා නිදාගන්නැද්ද ම්..”ශයිනි අසද්දී සංජය ඇයව තමා දෙසට හරවාගත්තා
“සංජය..ඔයා අද ගොඩක් සතුටින් වගේ..”
ශයිනි ඇසුවේ සංජය දෙස බලමින්
‘තාම මට සතුටු වෙන්න හම්බුනේ නෑ ශයිනි..මම සතුටු වෙන්නෙ දේව් මේ ලෝකෙන් ගිය දාට..අන්න එදාට තමයි මේ සංජය ගොඩක්ම සතුටුවෙන දවස….මහේන්ගෙන් පලිගන්න පුලුවන් හොදම විදිය උගෙ පුතාව මේ ලෝකෙන් තුරන් කරන එක..”සංජය පැවසුවේ වියරුවෙන් සිනාසෙමින්
ඒත් අපි කොහොමද දේව්ව ඉවරයක් කරන්නෙ..”
“ඒක ගැන ඔයා හිතන්න එපා බබා..ඒක මේ සංජය කරන්නම්..”
“සංජය…දේව්ව විතරක් නෙමේ මට අර ගෑනිවත් ඉවරයක් කරන්න ඕනේ.මට ඕකිව ඉවරයක් කරන්නම් ඕනෙ සංජය..”
“හරි බබා..ඔයාට ඒකිවත් ඉවරකරන්න ඕනෙනම් අපි ඒකිවත් ඉවරයක් කරමු සුදූ..”සංජය පැවසුවේ ශයිනි දෙසට නැබුරු වෙමින්..සංජයගේ දෙතොල් ශයිනිගේ දෙතොල් මත දගකරේ අනුරාගී හෝරාවක් ආරම්බ වෙමින්..
දේව්….දේව්..නැගිටින්නකෝ..”
“අනේ තාම උදේ පාන්දරනෙ..තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ හිරූ..”
“හොද පාන්දර දැන් හයත් පහුවෙලා..ඔයා කීවා අද මාත් එක්ක බෙල්ලන්විල පන්සලට යන්න එනවා කියලා..”
“හරි හරි එන්නම් තව චුට්ටක් නිදාගන්න දෙන්නකො මැණික..”දේව් පැවසුවේ පොරවනය ඔලුවේ සිට පොරවගමින්
දේව් අසලට නැබුරු වූ වන්දනා ඔහුගේ පොරවනය ඉවත් කර ඔහුට කිති කැව්වේ සිනාසෙමින්
කම්මැලියා නැගිටිනව .”වන්දනා සිනාසෙමින් එසේ පවසද්දී දේව් ඇයව ඇදට පෙරලාගෙන ඇයගේ මුහුනේ රැවුල ඇතිල්ලුවේ වන්දනා කෑගසද්දී
“අනේ දේව් නිකා ඉන්නකෝ..අනේ අප්පා එපා”
“නිකා එන්න..නෑ නෑ ආයෙ මාව උදේ පාන්දර ඇහැරවන්න එනවද. “
“අනේ නෑ නෑ..දැන්වත් නවත්තනකෝ..මගෙ හොද මහත්තයනේ..”වන්දනා පවසද්දී සිනාසෙමින් ඇය දෙස බැලූ දේව් ඇයගේ දෙතොලට කෙටි හාදුවක් තැබුවා
ඇය ලගින් ඉවත් වූ දේව්..
“මැනික..”
“ම්…”
“කවදහරි මම ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නෙ..”දේව් අසද්දී වන්දනා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්
“දේව් ..මොනවද රත්තරන් මේ කියන්නෙ..ඔයා නැතුව මට ජීවත් වෙන්න බැ..අනේ ඇයි මේ උදේම ඔය වගේ කතා කියන්නෙ..මාව එපාද දෙයියො..”වන්දනා ඇසුවේ ඔහුගේ පිටට තම හිස තබාගෙන හඩමින්
වන්දනා දෙසට හැරුනු දේව් ඇගේ කදුලු පිස නලලට හාදුවක් තබා
“අපෝ ඔන්න ඇරගත්තා ටැප් එක..මම ඒක නිකම් කීවේ සුදූ ඔයාව මගෙන් දැන් ඈත් කරන්න පුලුවන් මගෙ මරණෙට විතරයි..”
“ඔයාගෙ මරනෙ මට කලින් කවදාවත් වෙන්නෙ නෑ දේව්..ඇයි මේ මැරෙන කතා කියන්නෙ..”
“අනේ මගෙ පිස්සි මම නිකම් කීවේ මැට්ටියෙ..මම දැන්ම මැරෙන්නෙ නෑ..තව කොච්චර වැඩ තියනවද මට..”
“වැඩ..”
“ඔව් ඇයි බන් මගෙ බබාලා තුන්දෙනා ..තාම මගනෙ බන්. උන් ටික හදන්න ඕනේ ඔක්කෝටම කලින්..”
“අනේ දේව් ඔයානම් හරි නරකයි..”වන්දනා පවසද්දී දේව් හයියෙන් සිනාසුනි…
“මම නරකයි කියලා දැන්ද මැණිකෙ දන්නෙ..”
“අපෝ නෑ දැනගන ගොඩක් කල්…මේ පිස්සො යනවා ගිහින් දැන්වත් වොශ් අරගෙන ලෑස්ති වෙනවා පන්සල් යන්න..”
වන්දනා පැවසුවේ දේව්ව වොශ් රූම් එකට තල්ලු කරමින්
මම මේ නිකමට අහන්නෙ දේව්ට කරදරයක් උනොත් මොකද කරන්නෙ ලමයි…
බකට් එකක් පෙරලන්නැතුව ඉන්න හිතෙන්නම නෑ වස්තුලා