නුබේ පතිනියයි මා තිස් දෙවන දිගහැරුම

දේව්..”

“වන්දනා..”දේව් එසේ කියමින් වන්දනා අසලට යද්දී

“හෝව්..හෝව්..පොඩ්ඩක් ඉදපල්ලා..මට උබලට තව දෙයක් කියන්න තියනව..ඊටපස්සෙ උබල දෙන්නා කතා කරගන්න දෙයක් කරගනිල්ලා..”ගයාන් එසේ පවසද්දී වන්දනා හා දේව් ඔහු දෙස බැලුවේ පුදුමයෙන්

ගයියා..මොකද්ද…කියපන්..”දේව් පවසද්දී ගයාන් ඔහුගෙ පෝන් එක ගෙන දේව් අතට දී

“උබල දෙන්නම ඔය වීඩියෝ එක බලලා ඉදපම්..”

දේව් හා වන්දනා ගයාන්දුන් වීඩියෝ එක බැලුවේ කුතුහලයෙන්

වීඩියෝ එක බලා අවසානයේ දේව්

“චික්..මේකි මාව මේ තරම් රැවැට්ටුවද..පට්ට බැල්ලි..😠😠😠“දේව් පැවසුවේ කෝපයෙන්

“උබට දැන් තේරෙනව ඇතිනේ ශයිනි කියන්නෙ මොන තරම් ජරා කෙල්ලෙක්ද කියල…වන්දනා මම දන්නවා ඔයාගෙ හිතට මේ දේ ගොඩක් වද දුන්නා කියලා..ඔයත් දැන් ඇත්ත දැක්කනේ….නංගා දේව් අතින් ශයිනිට කිසිම දෙයක් වෙලා නෑ..ඔයා දකින්න ඇතිනේ..”

“ඔව් අයියා..ඔයාට ගොඩක් පින් මේ කරන හැමදේකම..”

“මට පින් එපා බන්..මොකෝ මම රහත් වෙන්නයැ..උබල ප්‍රාර්තනා කරපල්ලා මටත් ලස්සන අහිංසක කෙල්ලෙක් සෙට් වෙන්න කියල..😁😁😁

ගයාන් පවසද්දී වන්දනාට හා දේව්ට සිනහ නැගුනි

ගයියා..මේ වීඩියෝ එක කොහෙන්ද..”

“උබට අමතක උනාද දේව් මම ඒකිගේ රූම් එකේ කැමරාවක් හයි කරල තිබ්බෙ කියලා..මගෙ පෝන් එකට ඒක කනෙට් කරල තිබ්බෙ..එදා රෑ උබ හොදටම බීලා ඒකි එක්ක ගියෙ..පස්සෙ උබගෙ ඇදුම් ඔක්කොම ගලවලා ඒකි තුරුල් වෙලා හිටියෙ හරියට උබගෙ අතින් ඒකිව විනාස උනා වගෙ..ඒත් එදා එහෙම කිසිම දෙයක් උනේ නෑ..උබ ඒක දැක්කනෙ..”

“මට හිතාගන්න බෑ ගයියා මේකි මාව මේ තරම් රැවැට්ටුවා කීවම.😠😠

“මම උබට මුල ඉදන්ම ඕකිගෙ හැටි කීවනෙ…”

“හ්ම්..ඒත් මම ඒකිට ඇත්තටම ආදරේ කරා බන්..මම මොනවද ඒකි වෙනුවෙන් නොකලෙ..ඒ හුත්..ඔනෙ උනේ මගෙ සල්ලි..😠😠😠මම මගෙ කසාද ගෑනිටත් පිටුපෑවා වන්දනා මට සමාවෙන්න මම ඔයාව ඩිවෝස් කරන්නත් හැදුව..”

!”උබ ඩිවෝස් පේපර්ස් දුන්නත් උබට ඩිවෝස් වෙන්න බෑ බම්..මොකද ඒ පේපර්ස් ඔක්කොම බොරු ඒව…උබ තරුශයට ඩිවෝස් වෙන්න ඕනෙ පේපර්ස් එවන්න කීවම ඌ මට කෝල් කරා..මම දන්නවනෙ උබගෙ හැටි..මමයි කීවේ තරුශයට බොරු පේපර්ස් යවපන් කියල”ගයාන් පවසද්දී වන්දනා දිවවිත් ඔහුව බදාගත්තා

ගයාන් අයියේ..ඔයාට ගොඩක් ගොඩක් පින්..සහෝදරෙක් නැති මට ඔයා මගෙම සහෝදරයෙක් උනා..මේ කරපු හැමදේකටම ඔයාට ගොඩක් පින් මගෙ අයියෙ..”යැයි පැවසුවේ හඩමින්

“ඒ..ඔහොම අඩන්න එපා මැට්ටි..උබ මගෙම නංගි තමයි බන්…මේ උබ මාව ඔහොම බදාගන ඉන්න එපා යකෝ..මොක්ද්ද පිච්චෙන ගදක් එනව…”ගයාන් පවසද්දී ඔහුගෙන් ඈත් දූ වන්දනා

“පිච්චෙන ගදක්..”යැයි අසද්දී

“ඔව්…මෙන්න මුගෙ හාට් එක ඉරිසියාවෙන් පිච්චෙනවා..”ගයාන් පැවසුවේ දේව්ව පෙන්වමින්

අනේ පලඩෝ යන්න කින්ඩිය නොදා..”දේව් පැවසුවේ සිනාසෙමින්

‘ආ ඇයි මල්ලි මට ඉතින් උබ බොරුව දාන්නෙ..මම දන්නවනෙ උබගෙ හැටි..හරි එහෙනම් ම්ගෙ ඩියුටිඑක පිනිශ්..එහෙනම් මම කැපුනා..උබලට මිස් උන මාස ගානෙ වැඩත් ඇතිනෙ”ගයාන් එසේ පැවසුවේ සිනාසෙමින්

“අනේ පල පල..”ගයාන්ගේ පිටටගසා දේව් එසේ පවසද්දී

“ආව් යකෝ..එක රිදුනා..”

“රිදෙන්න තමයි ගැහුවෙ ..”

“එහෙමද මල්ලි හිටපන් උබට එහෙනම්”යැයි පැවසූ ගයාන් දේව්ව ඇදට පෙරලාගෙන ඔහුට ගසන්නට විය

“ඇති ඇති ගයියා..අම්මෝ හුස්මත් හිරවෙනව ..නවත්තපන් ගෙම්බො..”දේව් කෑගසද්දී වන්දනා මොවුන් දෙදෙනා දෙස බලාසිටියේ සිනාසෙමින්

දේව්ගෙන් ඉවත් වුනු ගයාන්
“හරි එහෙනම් මම ගියා…මේ හෙටවත් ඔෆිස් වරෙන්..”

“හරි බන් හෙට එන්නම්..”

“හ්ම්..මම යනවා නංගා..”

“හා අයියෙ බුදුසරණයි. පරිස්සමින් යන්න..”වන්දනා පවසද්දී ගයාන් ඇගේ හිස අත ගා එතනින් ඉවත් වුනා

ගයාන් ගොස් විනාඩි කිහිපයක් ගත වුවත්වන්දනා හා දේව් ඔවුන් දෙදනා මුහුනට මුහුන බලා සිටිනවා මිස වදනක්වත් පැවසුවේ නෑ..දේව් වන්දනාට හිසින් සන් කලේ තමා අසලින් ඇවිත් වාඩිවෙන ලෙස

දේව් අසලට ගිය වන්දනා ඔහු අසලින් හිදගත්තා

“වන්දනා…”

“ම්…”

“මට සමාවෙන්න. “

දේව් එසේ ඇගෙන් සමාව ගත්තත් ඇය එයට කිසිදු පිලිතුරක් ලබා නොදුනි

“වන්දනා මම දන්නවා ඔයාට මට සමාව දෙන්න බෑ කියල..මම ඔයාට කරේ සමාව දෙන්න පුලුවන් වරදක් නෙමෙයි…ඒත් පුලුවන් නම් මට සමාව දෙන්න..මම ඔයාව රිද්දන්න හිතුවෙ නෑ..ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරන්න හැදුවෙ ඔයාගෙම හොදට..මොකද ඔයා ගොඩක් අහිංසක කෙල්ලෙක්..මම ආදරේ කරේ ශයිනිට..එතින් මම හිතුවා ඔයා මා එක්ක හිටියොත් ඔයාගෙ මුලු ජීවිතේම විනාස වෙනවා කියලා..ඒ නිසයි මම ඔයාට මගෙන් ඩිවෝස් වෙන්න කීවේ…ඒත් ශයිනි ඒකි මාව රැවැට්ටුවා…මම ඔයාට දීපු දුකට මම දැන් විදෝනව වන්දනා…😢😢😢“දේව් පවසද්දී ඔහු දෙසට හැරුනු වන්දනා

“දේව්..ඔයා දන්නවද මගෙ ජීවිතේ මගෙ අප්පච්චි ඇරෙන්න කිසිම පිරිමියෙක් ඉදලා නෑ…කැම්පස් එකේදි මගෙන් බෝයිස්ලා යාලුවෙන්න ඇහුවත් මම ඒ කිසිම කෙනෙක් එක්ක අෆෙයා එකක් ඇති කරගත්තෙ නෑ..ඒ කිසිම කෙනෙක් ගැන මට හැගීමක් ඇතිවෙලා නෑ…අනික මට එහෙම උවමනාවක් තිබුනෙත් නෑ..මොකද මට මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේ ඕනෑවට වඩා තිබුනා.. ඒත් ඔයා දැකපු දවසෙ මගෙ හිතට මොකද්ද උනා…ඒ මොකද්ද කියලා මට තේරුනේ නෑ..ඒත් ඔයා වෙනස්කම් කරනකොට ඔයා ශයිනි ගැන හිතනකොට මගෙ පපුවට ලොකු වේදනාවක් දැනුනා..ඔයා මට ඩිවෝස් පේපරස් වලට සයින් කරන්න කියනකොට මට දැනුනෙ මගෙ ජීවිතේම මට නැති උනා වගේ …ඒත් ඔයාගෙ සතුට ගැන හිතලා මම ඒකට සයින් කරා..මට ඔයාගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න බැරිඋනත් මම ඔයාගෙන් ඈත්වෙන්න හිතුවා..ඒ ඔයාගෙ සතුට ශයිනි ලග තියන නිසා…ගෑනියෙක් විදියට මම ආදරේ කරන පිරිමියා වෙන කෙනෙක්ට ආදරේ කරනකොට ඒ වේදනාව මම කොහොම දරාගන්නද දේව්..ගයාන් අයියා එයා නොහිටින්න මට මොනව වෙලාද කියලා මමවත් දන්නෑ..ශයිනි ගැන් හැම ඇත්තක්ම එයා මට පෙන්නලා දුන්නා..ඔයා ශයිනිට රැවටෙනව බලන් එන්න බැරි නිසයි අපි එදා හොරෙන් එහෙ ගිහිම් කැමරාව හයිකරේ..මම මේ හැමදේම කරේ මගෙ ආදරේ රැකගන්න දේව් මගෙ ආදරේ රැකගන්න..”වන්දනා පැවසුවේ හඩමින්

වන්දනා දෙස මොහොතක් බලා සිටි දේව් ඇයව තම දෑතට මැදිකර තුරුල්කරගත්තා..

ප්‍රථම වතාවට දේව් තම බිරිදගේ නලලතට හාදුවක් තබනු ලැබුවා

විවාහ වී මාස කිහිපයක් ගත වුවත් දේව් මේ වනතෙක් වන්දනාට ලන් නොවිනි..ඒත් අද ඔහු ඇයව තම තුරුලට ගෙන අවසන්ය

“වන්දනා.මට සමාවෙන්න මැණික…මට සමාවෙන්න..”දේව් පැවසුවේ ඇගේ හිස සිබිමින්

“එපා දේව්..ඔයා මගෙන් සමාව ඉල්ලන්න එපා..ඔයා කරේ ඔයාගෙ ආදරේ රැකගන්න හදපු එක..මාත් එක්ක එක කාමරේ එක ඇදේ මාස ගානක් ඉදලත් ඔයා අතින් මට කිසිම වරදක් වුනේ නෑ..ඔයාට ඕනේ නම් තිබුනා මම ඔයාගෙ නීත්‍යානුකූල බිරිද විදියට ඔයාට මට ලන් වෙන්න..ඒත් ඔයා එහෙම කරේ නෑ..මොකද ඔයා ශයිනිට අවංකවම ආදරේ කරා..ඔයා ආදරේට අවංකයි දේව්..ඉතින් ඇයි ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ..”

“ඒත් මම ඔයාට කොයි තරම් නපුරු විදියට සැලකුවද. ඒවට මම කොහොමද වන්දි ගෙවන්නෙ..”

“දේව් මම දෙයක් ඉල්ලන්න මට ඒ දේ කරමවද…එතකොට ඔයාට පුලුවන් මට වන්දි ගෙවන්න”

‘කියන්න වන්දනා මොක්ද්ද මම කරන්න ඕනෙ..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සරහට මොනව වෙයිද ඔන්න මම නම් දන්නෑ..😁😁😁ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි..ගොඩක් අය අහනව දැන්ම කතාව ඉවරකරනවද කියලා..හිතේ පුංචි අදහසක් තියනවා..ඒ නිසා දැන්ම කතාව ඉවරකරන්නෙ නෑ..ඒත් ගොඩක් දිගට ගෙනියන්නෙත් නෑ..කොටස් පනහක් විතර යාවි..😁😁😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *