නුබේ පතිනියයි මා..දහඅටවන දිගහැරුම..

දේව් කාමරයට එනවිට වන්දනා සිටියේ සුව නින්දකය..ඇයට නිදාගන්නට දුන් දේව් බාත් රූම් එකට ගොස් නා ගත්තේ ගතේවිඩාව නිවා ගැනීමටය..ඔහු තුවාය පමනක් හැද
කාමරයට එද්දී වන්දනා අවදි වී සිටියා..
වතුර බේරෙමින් තිබූ දේව්ගේ කඩවසම් රුව දකින විට වන්දනාට දැනුනේ අමුතුම හැගීමක්..ඇය මොහොතක් ඔහු දෙස බලාසිටියේ ආදරය පිරුනු දෑසින්..

“මේ හලෝ..අම්මෝ ඔහොම බලන්න එපා..මාව ඇස් දෙකෙන් අනුභව කරනවා වගේනෙ”දේව් පවසද්දී වන්දනා පියවි සිහියට ආවේ ලැජ්ජාවෙන්..කිසිත් නොකී ඇය ඔහුට සිනාසුනේ ඒ කෝලබවත් සමගින්මයි..

“වන්දනා අද පහලට යමුනේද ලන්ච් එක ගන්න..අද පාන්දරම කොලබ යන්න ඕනෙනෙ…”

“හා යමු…”

“හ්ම්..ඔයා එහෙනම් වොශ් එකක් දාගන එන්නකෝ..”

“හා දේව්..”වන්දනා බාත් රූම් එකට ගියේ සිනාසෙමින්..ටික මොහොතක් ගිය පසු වන්දනාගෙ දුරකතන නාද වුනි..දේව් එය අතට ගත් විට දුටුවේ ඇගේ අම්මාගෙන් ඇමතුමක් බවයි

“හෙලො…”

“හෙලෝ පුතේ…”

“අම්මා..කොහොමද ඉතින්..”

“අපි හොදින් පුතේ..වන්දනා කෝ දරුවො..”

“එයා බාත් රූම් එකේ අම්මා..”

“අහ්…අනේ පුතේ කෙල්ල හොදින් ඉන්නව නේද..ගෙයින් පිට ඉදලම නෑ..දූලගෙ අප්පච්චිත් කෙල්ල ගිය වෙලේ ඉදන් නොකා නොබී බලාගත්ත අත බලාන ඉන්නව…ඊයෙ කෝල් කරේ නැත්තෙ පුතාලට කරදර කරන්න හොද නැති නිසා..”තිලකා පැවසූවේ හඩමින්

“අම්මා වන්දනා හොදින් ඉන්නවා..බය වෙන්න එපා..එයා සතුටින්…තාත්තට කියන්න දුක් වෙන්න එපා කියලා..වන්දනා කියන්නෙ මගෙ වයිෆ් දැන්..සෝ..මම එයාට වරදක් වෙන්න දෙන්නෑ..”

“අපි දන්නවා දරුවෝ…අපේ කෙල්ල පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගන්නවා..අනේ පුතේ කෙල්ලගෙන් වැරැද්දක් උනොත් බනින්න යන්න එපා..හොදින් කියලා දෙන්න…”

“හරි අම්මා…ඔයාල බය වෙන්න එපා…තාත්තා කෝ..පොඩ්ඩක් තාත්තටත් ෆෝන් එක දෙන්නකෝ..”

“ආ..ඉන්න මම දෙන්නම්…”යැයි පැවසූ තිලකා සුමනෙ අතට දුරකතනය දුනි..

“හෙලෝ…තාත්තේ..”

“දේව්..පුතේ..මගෙ කෙල්ල “

“තාත්තා වන්දනා බාත් රූම් එකේ..තාත්තා බයවෙන්න එපා වන්දනා හොදින් ඉන්නවා..අපි හෙට එනවනෙ..”

“ඒ උනාට දරුවෝ..මට මගෙ කෙල්ල නැතුව ගෙදරම පාලුවට ගිහින්..මගෙ අහිංසකී..අනේ පුතේ ඔය මගෙ පන ටික..එයාව හොදින් බලාගනින්…”සුමනෙ පැව්සුවේ හැඩුම්බරව..

“හරි තාත්තා..මම වන්දනාව හොදින් බලාගන්නම්…”යැයි දේව් පැවසුවේ සුමනතිලකෙගෙ හිත හැදීමටයි…

වන්දනා නා අවසන් වී කාමරයට ආවේ මේ මොහොතේදීය..

“තාත්තා වන්දනා ආවා..ඉන්න මම එයාට ෆෝන් එක දෙන්නම්..”යැයි පැවසූ දේව් වන්දනා අතට දුරකතනය ලබාදුනි..

“හෙලෝ..අප්පච්චී..”

“මගෙ රත්තරනෙ…”

“අනේ අප්පච්චී ..අඩන්න එපා..”යැයි වන්දනා පැවසුවේ හඩමින්

“මම අඩන්නෙ නෑ.දුවේ.මගෙ පුතා සතුටින් ඉන්නවා නේද..දේව් පුතා දූට හොදට සලකනවා නේද..”සුමන්තිලක අසන විට වන්දනා දේව් දෙස බලා

“ඔව් අප්පච්චි…දේව් මාව ගොඩක් හොදින් බලාගන්නවා..එයා මට ගොඩක් ආදරෙයි..හරියට ඔයාල වගේ…”

“මගෙ හිතේ සැනසීමකට තියෙන්නෙ දේව් වගේ හොද කොල්ලෙක් මගෙ දූගෙ මහත්තයා උන එක..මම බයේ හිටියේ දේව් පුතා මොන වගේ වෙයිද කියල..”

“දේව් ගොඩක් හොද කෙනෙක් අප්පච්චි..මහේන් අංකල් වගේම දේව් ගොඩක් හොදයි..ප්‍රපෝසල් එකකින් මැරි කරා කියලා හිතන්න බැරි තරමටම එයා මට ගොඩක් ආදරෙයි..”වන්දනා පැවසුවේ දැසට නැගුනු කදුලු පිසදමිමින්..

“අනේ වාසනාවන් පුතේ..මගෙ කෙල්ලට කවදාවත් වරදක් වෙන්නෙ නෑ..මගෙ පුතා සතුටින් ඉන්න ඕනෙ.”

“අප්පච්චි අම්මා කෝ..”

“අම්මා වත්ත පහලට ගියා පුතේ..”

“හා..අප්පච්චි වෙලාවට කනවා බොනව නේද..වෙලාවට බේත් ටික බොනවනේ..”

“ඔව්..ඔව් පුතෙ..”

“හොදයි අප්පච්චි අනේ වරද්දන්නැතුව වෙලාවට බේත් බොන්න..”

“හා හා දරුවෝ..ඔයාල හෙට කීයටද පිටත් වෙන්නෙ..”

“හෙට පාන්දර එකට විතට එනව බියුටීශියන් එනවා කීව අප්පච්චි…ඩ්‍රෙස් කරල ඉවර වෙලා පාන්දර හතරට විතර මෙහෙන් පිටත් වෙනවා ගයාන් අයියා එනවා කීවා අපිව පික් කරන්න..”

“හා පුතේ එහෙනම්..මම තියන්නම්..බුදුසරණයි..මගෙ කෙල්ලට..පරිස්සමින් ඉන්න..”

“හා අප්පච්චි..ඔයාලත් පරිස්සමින් ඉන්න..බුදුසරණයි..”
යැයි පවසමින් වන්දනා ඇමතුම විසන්දි කරේ කදුලු පිස දමමින්..වන්දනා අසලට ආ දේව්

“ඇයි අප්පච්චිට ඔච්චර බොරු කීවෙ ආ..”යැයි අසද්දී

“මොන බොරුද දේව්..”

“මම තමුන්ට ගොඩක් ආදරේ කරනව. ප්‍රපෝසල් එකකින් මැරි කරා කියලා හිතන්න බැහැ කියල..”දේව් අසන විට කිසිත් නොකී වන්දනා ඔහු අසලින් ඉවත් වීමට ගියා..නමුත් දේව් ඇගේ දෑතින් අල්ලා ගෙන.

“කියනවා.මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා..”

දේව්ගේ දෑස් දෙස බලාසිටි වන්දනා
“නැත්නම් මම මොනවද කියන්නෙ දේව්…මම කියන්නද අප්පච්චි ඔයාගෙ දුව මැරි කරේ වෙන කෙල්ලෙක්ට ආදරේ කරන මනුස්සෙක් කියල..අපි අතර නීතිමය බැදීමක් ඇර වෙන කිසිම බැදීමක් නෑ කියල..ආ දේව් මම එහෙම කියන්නද…”වන්දනා ඇසුවේ හඩමින්

“දේව් මගෙ අප්පච්චි හාට් පේශන් කෙනෙක්..ඔයා ඒක හොදටම දන්නවා..මට බෑ මේ දේවල් කියලා එයාව මරාගන්න..මම පොරින්දු වෙනවා ඔයාගෙ ලයිෆ් එකට මම කිසිම බලපෑමක් කරන්නෙ නෑ කියල..ඒත් දේව් මම ඔයාට වැදල කියන්නම්..මගෙ අහිංසක අප්පච්චිට මේ දේවල් දැනගන්න දෙන්න එපා..එයාට මේ වගේ දුකක් දරාගන්න.බෑ.”වන්දනා පැවසූවේ අත්දෙක එක් කරමින් දේව්ට වදිමින්

වන්දනා දෙස මොහොතක් බලාසිටි දේව්
“මට සමාවෙන්න වන්දනා…”යැයි පැවසූවේ ඇය ගැන දැනුනු දුක නිසාය..ඔහුට ඒ වෙන විට තමා කර වරදේ බරබතලකම වැටහී තිබුනි

“ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕනෙ නැ.දේව්..මේක මගෙ දෛවය..මේ දුක මම තනියම දරාගන්නම්..ඔයාගෙන් මම ඉල්ලන්නෙ එකම ඉල්ලිමයි මේ දේවල් මගෙ අම්මටවත් අප්පච්චිටවත් දැනගන්න දෙන්න එපා..”වන්දනා පැවසූවේ කදුලු පිස දමමින්

“හ්ම්…යමු දැන් ලන්ච් ගන්න”

“හා..”

දේව් වන්දනා සමගින් පහලට ආවේ දහවල් ආහරය ගැනීම සදහායි . වන්දනා මේ වනතෙක් හොටෙල් රූම් එකෙන් පිටතට පැමිනියේ නැත..ඇය දුටුවේ ගාර්ඩන් එකේ වවා ඇති රෝස මල් පාත්තියයි…ඇයට මල් අසලට යාමට දැඩි ආසවක් දැනුනි

“දේව්..”

“ම්…ඇයි..”

“මම චුට්ටක් ගාර්ඩන් එක බලල එන්නද”වන්දනා ඇසුවේ බැගෑපත් ස්වරයෙන්..වන්දනා දෙස බලා සිටි දේව්

“හ්ම්..යමු..එන්න..”යැයි පවසද්දී වන්දනාට සතුටු සිතුනි..ඇය දේව්ගේ අත අල්ලාගත්තේ සතුටින්…දේව් ඇය දෙස හෙලුවේ දැඩි බැල්මක්..ක්ශනිකව තම අත ඉවත් කර ගත් වන්දනා

“සොරි .මම හිතල නෙමේ ඒක කරේ “යැයි පැවසූවේ දුක් මුසු ස්වරයෙන්

ගාර්ඩ්න් එකට ආ වන්දනා එහි ඇති රෝස මල් ආදිය අත ගාමින් දිව ගියේ සතුටින්..මේ දෙස බලාසිටි දේව්ට නැගුනේ සුන්දර සිනහවක්

“අහිංසකයි වගේ හිටියට මේ කෙල්ලට පොඩි දාංගලේකුත් තියනව..පොඩි එකෙක් වගේ මල් අත ගගා දුවන හැටි….ශයිනි තාම කෝල් කරේ නෑනෙ…”දේව් ශයිනිට කෝල් එකක් ගත්තත් ඇය ඇමතුමට සම්බන්ද නොවිනි..
ඉන්පසු දේව් වන්දනාව බැලුවත් ඇය එහි නොසිටියා දේව් ගාර්ඩන් එක පුරා සෙව්වත් ඇයව හමු නොවුනි

“චික්..මේ කෙල්ල කොහෙ ගියාද.. ඕ ගෝඩ් මේ ටිකට කොහෙ අතුරුදහන් උනාද මන්දා.”දේව් සිතින් බනිමින් ඇයව සොයන්නට වුනි

ඕ..මේ කෙල්ල රූම් එකටවත් ගියාද..”යැයි සිතූ දේව් ඉහල මාලයට දිව යන්නට වූව..ඔහු කාගෙ හෝ ඇගේ හැප්පී විසිවුනේ ඒ මොහොතේ

“ඕ..චික් තමුන් කොහෙ බලාගනද යන්නෙ..”එසේ කියමින් දේව් ඇය දෙස බලද්දී

“වන්දනා…”

“දේව්..”

“මම තමුන්ව කොච්චර හෙව්වද..”

“අනේ දේව්…ඔයා පස්සෙ බනින්නකෝ..මම විනාඩියෙන් එන්නම් ඔයාගෙන් බැනුම් අහන්න..”
එසේ කිවූ වන්දනා දේව් බලාසිටියදීම පහලට දිව ගියා.

“කොහෙ දුවනවද මන්දා..මම මේ බයවෙලා මෙයාව හොයනවා.අම්මපා මේ ගෑනුනම්..”දේව් එසේ බනිමින් වන්දනා පසු පසින් ගියේ ඇය මේ කොහෙ දුවනවාදැයි බැලීමට..ඇය හොටෙල් එකෙන් පිටත ගේට් එක අසලට යනවිට දේව්ද ඇය පසු පසින් දිව ආවා..ගේට් එක ලග සිටියේ වැරහැලි ඇදගත් කුඩා පිරිමි ලමයෙකි..වන්දනා ගියේ ඔහු අසලටය..ඔහු අසලට ගිය වන්දනා ඔහු අසලින් වාඩි වී

“පුතේ..ආ මේක තියාගන්න…”යැයි පවසා ඔහු අතට රුපියල් පන්දහසේ නෝට්ටුවක් දුනි

“නෝනා..ඔයාට ගොඩක් පින්..”

“පුතා ඉස්කෝලෙ යන්නෙ නැද්ද..”වන්දනා ඇසුවේ කුඩා දරුවාගේ හිස අතගාමින්

“ඉස්සර ගියානෝනා..අම්මාට අසනීප උනාට පස්සෙ එයාට වැඩ කරන්න බෑනෙ..ඒ නිසා මම ගියෙ නෑ..”වන්දනා මේ කුඩා දරුවා දෙස බලාසිටියේ කදුලු පිරි දෑසින්

පුතේ ඔයා ඔහොම පොඩ්ඩක් ඉන්න “යැයි පැවසූ වන්දනා දේව් අසලට ගොස්

“දේව්..බලන්න අර දරුවා දිහා..පව්..ඒ ලමයා හරිම පුංචි..ඒත් හිගාකනවා.එයාගෙ අම්මව සනීප කරගන්න..අනේ දේව් අපි ගිහින් ඒ ගෑනු කෙනාව බලලා ඉමුද..”

“තමුන්ට පිස්සුද වන්දනා..මේ කොහෙවත් යන ගෑනුන්ව බලන්න යන්න..අනික කවුද දන්නෙ කොහෙද ඉන්නෙ කියල.”..

“එහෙම කියන්න එපා දේව්…අර දරුවා තනියම කොහොම ඉන්නව ඇතිද අසනීප අම්ම එක්ක..හරි හුරතල් කොලු පැටිය..ප්ලීස් දේව්..මේ ලගලු ගෙවල් තියෙන්නෙ අපි ගිහින් ඉක්මනට එමු..අනේ…”වන්දනා දේව් ඉදිරියෙව් බැගෑපත් වුනි..

දේව්ට එක්වරම මතක් වූවේ අතීතයේ සිදුවීමකි.ඔහු දිනක් ශයිනි සමග සාප්පු සවාරියේ යෙදිනි..ඔවුන් ඇදුම් අරගන කාරයට එනවිට කුඩා දරුවෙකු ඇවිත් ශයිනිගේ ඇගේ එල්ලුනේ කෑමටයමක් දෙන්න යැයි පවසමින්..නමුත් ඇය සිදුකලේ ඒ දරුවාට බැන වදිමින් ඒ කුඩා දරුවාව පාරට තල්ලු කර දැමීමයි…නමුත් අද වන්දනා…දේව්ට සුසුමක් හෙලුනේ ඉබේටමය..

“දේව්..දේව්..’වන්දනාගේ හඩින් දේව් වර්තමානයට ආවා

“ඇයි..”

“අනේ අපි යමු..මට මේ දරුවව මෙහෙම යවන්න හිතෙන්නෙ නැ..”

“හ්ම්..යමු..මම කැබ් එකකට කෝල් කරන්නම්..”.

“හා..ඉන්න මම පර්ස් එක අරගෙන ඉන්නම්..”යැයි පැවසූ වන්දනා කාමරයට දිව යන්නට සූදානම් විය

“ඕනෙ නෑ..මම සල්ලි දෙන්නම්.”දේව් ඇයව වලක්වාලමින් එසේ පවසද්දී වන්දනා අහිංසක සිනාවක් පෑවාය..

විනාඩි කිහිපයකින් පසු කැබ් එක ආ පසු වන්දනා හා දේව් අර කුඩා දරුවා සමග ඔහුගේ නිවසට පිටත් වුනි…ටික දුරක් ගිය පසු

“දේව්..”

“ඒ ගමන් මොකද..”

“අපි මොනාහරි අරගන යමුද..මම පර්ස් එක ගෙනාවෙ නෑ..මට සල්ලි ටිකක් දෙනවද..මම ගිහින් දෙන්නම්..”

“ආ..මෙන්න.”යැයි පැවසූ දේව් ඇයට රු..20000ක් දුනි…

“අන්කල්..food city එක ගාවින් නවත්තන්න.”වන්දනා පැවසුවේ රියදුරාටය..

කැබ් රියෙන් බැස ගත් වන්දනා food city වෙත ගියේ එලවලු පලතුරු ටිකක් ගැනීම සදහාය..

දේව් බලාසිටියේ තමාට පිටුපා යන වන්දනා දෙසය

“මහ පුදුම කෙල්ලෙක්..කවුරුත් නොකරන වැඩ තමයි මේ කෙල්ල කරන්නෙ..”

“මහත්තයා..”කුඩා දරුවා දේව්ට කතා කරේ බියෙන්

“ඇයි පුතේ..”

“මහත්තයට පුලුවන්ද මගෙ අම්මව සනීප කරලා දෙන්න..මට එතකොට ආයෙ ඉස්කෝලෙ යන්න පුලුවන්..”

“අම්මට මොක්ද්ද තියන අසනීපෙ “

“අම්මට පපුවෙ අමාරුවක්..”අර දරුවා පැවසුවේ දුකිනි

“හ්ම්..අපි ගිහින් බලමුකො..පුතාගෙ නම මොකද්ද..”
.

“හසිදු..”

“හ්ම්…දැන් ඉස්කෝලෙ කීයෙද ඉන්නෙ..”

“මම තුනේ පන්තියට එනකම් ගියා..ඊටපස්සෙ අම්මට අසනීප නිසා යන්න සල්ලි තිබ්බෙ නෑ… අම්මා පවුනෙ..ඒ නිසා මම හිගාකනවා..”අර දරුවා පවසන වදන් දේව් අසා සිටියේ දුකිම්

වන්දනා කැබ් රතයට ගොඩ වූයේ අතින් කටින් බඩු උස්සාගන

“මොනවද හලෝ මෙච්චර.ගමකට කන්න වගේනේ..”දේව් ඇසුවේ පුදුමයෙන්

“පවුනේ දේව්..මම ගෙදරට ඕනෙ කරන හැමදේම වගේ ගත්තා ..හාල් තුනපහ..එලවලු..කිරි තේ. .ඔක්කොම…”

“නෝනා මේ ඔක්කොම අපිටද..”කුඩා දරුවා ඇසුවේ සතුටින්

“ඔව් පුතේ ඔයාලටතමයි .”

“ශෝක්..එහෙනම් අද මට බත් කැවැහැකි..”දරුවා පැවසූවේ අත්පුඩිගසමින්

ඇයි පුතේ ඔයා වෙනදට කන්නෙ නැද්ද..”වන්දනා අසද්දී

“ගොඩක් දවස්වලට කන්න නෑ නෝනා..අම්මයි මායි තේ බීලා බිස්කට් කනවා.”දේව් හා වන්දනා මුහුනට මුහුන බලාගත්තේ දුකින්
වන්දනා පුංචි දරුවාගේ හිස අතගෑවේ දෑස්වල නලියමින් තිබූ කදුලු කැට පිසදාගමිනි.

ටික මොහොතකට පසු ඔවුන් එම දරුවාගේ නිවසට ලගා වුනි
පොල් අතු සෙවිලි කල එම නිවස ඉතා දුගී පැල්පතක් විය..

“මේක තමයි අපේ ගෙදර..”කැබ් රියෙන් බැස හසිදු එසේ පැවසූවේ තම නිවස දෙසට දෑත දිගුකරමින්

නෝනා මහත්තයා එන්න ඇතුලට…”පුංචි දරුවා නිවස තුලට ඔවුනට කතා කරද්දී වන්දනා හා දේව් ඇතුලටගියා..

එහි ඔවුන්ට ඉදගන්නවත් පුටුවක් නොතිබුනි..

අම්මෙ..අම්මේ…මේ නෝනෙකුයි මහත්තේකුයි ආවා..”පුංචි හසිදු එසේ පැවසුවේ පැදුරුකඩමල්ලක් එලා බිම නිදා සිටින කාන්තාවකටයි…

එම කාන්තාව අමාරුවෙන් නැගී සිටියදී දේව් ඇය දෙස බලා සිටියේ පුදුමයෙන්

“නැන්දා..”දේව් එසේ කෑගසද්දී වන්දනාද පුදුම වී ඔහු දෙස බැලුවා..
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඊයෙ කතාව දාන්න බැරි උනාට සොරි ලමයි…ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි..ආදරෙයි. ❤❤❤ඔන්න අද දිගට දුන්නා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *