නුබේ පතිනියයි මා දහතරවන දිගහැරුම

වන්දනා දෙස බලාසිටි දේව් ඇය අසලට ගොස් ඇය හැද සිටි ගවුමේ ශිපරය ගැලවීමට උදව් කරා

“හොද වෙලාවට උදේ ඉදන් ඉදපු ඔසරිය මාරුකරලා මේ ෆ්‍රොක් එක ඇන්දෙ..නැත්නම් මට ගෑනුන්ගෙ ඔසරිත් ගලවන්නයි වෙන්නෙ..”දේව් හිතින් එසේ සිතුවේ වන්දනා දෙස බලමින්.

“හරිද දැන් තව මොනවද ගලවන්න ඕනෙ ආ”දේව් එසේ අසද්දී

“නෑ.වෙන මොකුත් නෑ..තෑන්ක්ස්..”යැයි පැවසුවේ ලැජ්ජාවෙන්..ඇය ඉන්පසු බාත් රූම් එකට ගියේ නාගැනීමටයි

“චික් .ලැජ්ජාවෙ බෑ…අද පැයක්වත් නාන්න වෙයි මේ කොන්ඩේ ස්ප්‍රේ කරල තියන ඒවා යවාගන්න.”වන්දනා එසේ සිතුවේ තමහිසකෙස් දෙස බලමින්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

දේව් ගාර්ඩ්න් එකට ගියේ එහි සුන්දරත්වය නැරබීම සදහා..

“ලස්සන ගාර්ඩ්න් එකක්…”දේව් එසේ සිතුවේ වටපිට බලමින්

“අද වන්දනා ඉන්න තැන මගෙ ශයිනි හිටියනම් අපිට කොච්චර එන්ජෝයි කරන්න තිබ්බද…දැන් ඉතින් මේ කෙල්ල එක්ක දවස් දෙකක් නුවරඑලියෙ ඉදපල්ලකෝ…චික්”දේව් එසේ සිතුවේ කෝපයෙන්..ඒ අතරතුර ඔහු ශයිනිට ඇමතුමක් ගත්තේ ඇයව මතක් වූ නිසා..

චික් කොයි වෙලේ බැලුවත් ෆෝන් එක බිසී..මේ ශයිනි කා එක්ක මෙච්චර කතා කරනවද මන්දා..😠😠😠දේව් කෝපයෙන් එසේ සිතුවේ ශයිනිගේ දුරකතනය කාර්‍යබහුල වූ නිසා…

දේව් තම කාමරයට ගියේ ඒ තරහ පිටින්මයි..ඔහු කාමරයේ දොර ඇරියේ තවමත් වන්දනා නානවා යැයි සිතා..නමුත් ඔහු කාමරය තුලට යන විට දුටුවේ ඇදුම් මාරු කරමින් සිටින වන්දනාවයි…😱😱

“ඕ..ගෝඩ් ..අයිම් සොරි මම හිතුවෙ ඔයා නානව ඇති කියලා”දේව් පැවසූවේ දෑස් වසාගන..😱😱😱😱

වන්දනා තම ඇදුම් රැගෙන බාත් රූම් එකට රින්ගුවේ ලැජ්ජාවෙන්

“චික්..ලැජ්ජාවෙ බෑ..මේ.දේව් මේ වෙලාවටම ආවනේ😭😭😭මම දැන් කොහොමද මූන බලන්නෙ..අයියෝ..එත් මොකද දැන් දේව්ටනේ මාව අයිති.ඒ මගෙ මහත්තයා..කමක් නෑ..😄😄“වන්දනා එසේ සිතුවේ සිනාසෙමින්

අපොයි..කෙල්ල මම ගැන මොනව හිතුවද දන්නෑ.කවුද දන්නෙ මේ කෙල්ල ඇදුම් මාරුකරන්වා කියල…”දේව් එසේ සිතමින් සිටියදී ඔහුට ශයිනිගෙන් දුරකතන ඇමතුමක් ලැබුනි

“හෙලෝ.දේව්..”

“හෙලෝ දේව් තමයි..තමුන් මෙච්චරවෙලා කා එක්කද කතා කරේ ආ..මම කීපාරක් කෝල් කරාද හැමවෙලේම බිසී..”

“දේව්..ඇයි මේ මට ඔහොම බනින්නෙ..මම ගොඩාක් දුකිම් එන්නෙ “

“බනින්නෙ..😠😠අනේ මේ ශයිනි මගෙ යකා අවුස්සගන්න එප..පැය ගානක් තිස්සෙ මම කෝල් කරනවා..මොකා එක්කද ඔච්චර කතා කරන්නෙ..ආ..”

“බනින්න දේව් බනින්න ඇති තරම් මට බනින්න..ඔයා කවදාවත් මට ඔහොම කතා කරලා නෑ.වන්දනාව මැරි කරාට පස්සෙ ඔයා වෙනස්වෙල…😭😭😭

“මේ ශයිනි මම වන්දනාව මැරිකරේ ඔයා කියපු නිසා.නැතුව කැමැත්තෙන් නෙමෙනෙ..මම ආදරේ කරන්නෙ තමුන්ට නැතුව වන්දනාට නෙමේ..”

වන්දනා මේ කතා බහ අහගන හිටියේ හොරෙන්

“දෙවියනේ මට මොනවද මේ ඇහැන්නෙ..දේව් ශයිනි එයා කවුද..එයාට ආදරේ කරානම් ඇයි අහිංසක මාව මැරි කරේ”වන්දනා එසේ සිතුවේ හඩමින්

“දේව්..මම කියනදේ විනාඩියක් අහන්න.මම අම්මා එක්ක කතා කරේ. ඔයා දන්නවනේ එයාට ඔපරේශන් එකක් කරන්න ඕනෙ කියලා..ඒක ගැන මම අම්මා එක්ක කතා කරේ..මට හෙට ගමේ යන්න වෙනවා දේව්..😞😞මට ඉන්නෙ අම්මයි විතරනේ”ශයිනි හඩමින් එසේ පවසද්දී දේව්ට දැනුනේ ඇය ගැන අනුකම්පාවක්

“ඕ..සොරි ශයිනි..අඩන්න එපා බබා..ඔයා දන්නවනේ මට ඔයා අඩනවා බලන්න බෑ කියල..ප්ලීස් අඩන්න එපා .අම්මා මොක්ද කියන්නෙ ..”

“අම්මට ඉක්මනට ඔපරේශන් එක කරන්න කියලා දේව්…ඒත් ඒකට ලොකු වියදමක් යනවා දේව්..එච්චර සල්ලියක් මම ලග නෑ😢😢😢

“ඩෝන්ට් වොරි බබා..මම ඉන්නවනේ..කීයක්ද ඕනේ දැන්..”

“ඔපරේශන් එකට ලක්ශ 10 විතර යනව දේව්..මම ලග 200000ක් තියනවා තව අටක් ඕනේ.”

“ඕකේ..මම ඔයාගෙ අකවුන් එකට හෙට මනි දාන්නම්..ඕකේ.ඔයා ගන්න මැණික..”

“අනේ ඒත් දේව්..මම කොහොමද ඔයාගෙන් සල්ලි ගන්නෙ..”

“ඇයි බැරි ඔයාගෙ සල්ලි මගෙ සල්ලි කියලා වෙනසක් නෑනෙ…මට සල්ලි වලට වඩා ඔයා වටිනවා මැණික”

“තෑන්ක්ස් දේව්…දේව් ඔයා වන්දනාගෙන් ඈත්වෙලා නේද ඉන්නෙ”

“ඔයා ඒ ගැන බයවෙන්න එපා බබා.මම වන්දනාගෙ ඇගටවත් අතක් තියන්නෙ.නෑ..මම ආදරේ ඔයාට කියලා ඔයා දන්නවනෙ.”

‘ඔව්..දේව්..මම තියන්නම් එහෙනම්…පරිස්සමින් ඉන්න..i love you..take care😘😘

“Bye..tc..love too”

දේව් එසේ කියා දුරකතන ඇමතුම අවසන් කරා..ඔහුගේ මේ ඇමතුම වන්දනා අසා සිටියේ බාත් රූම් එකේ දොර ගාව සිට..දේද් එක්වරම ඇදෙන් නැගී සිටියදී දුටුවේ තමා දෙස කදුලු පිරි දෑසින් බලා සිටින වන්දනාව

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *