නුබේ පතිනියයි මා දහවන කොටස
දුවේ..නැගිටින්න…’තිලකා වන්දනාට කතා කරේ තම දියණිය සාරිය පිටින්ම තවමත් නිදාගන සිටි නිසා…
“අම්මා මගෙ ඔලුව රිදෙනවා..”වන්දනා පැවසුවේ තම හිස අතගාමින්..වන්දනාගෙ නලලට අත තැබූ තිලකා
“දෙවියනේ සහලෝලා උනනෙ දරුවෝ..කෝ නැගිටින්න..බේත් ටිකක් ගන්න යන්න.ඇයි පුතේ කීවෙ නැත්තේ උන කියලා..බලන්නකෝ ගිනි කබල වගේ රස්සෙයිනෙ…”
“අනේ බේත් බොන්න බෑ අම්මා..සමහන් එකක් බීවම අඩු වෙයි”වන්දනා එසේ පැවසූවේ ඇය බේත් බීමට ඉතාමත් අකමැති නිසා
“නෑ..නෑ..සමහන් බීවට ඔය උන අඩු වෙන්නෑ..කෝ නැගිටල ලෑස්තිවෙන්න බේත් ගන්න යන්න…මම අප්පච්චිට කියලා එන්නම්”
අපේ මහත්තයා”
“ඇයි මැණිකෙ”
“කෙලීට සහලෝලා උන.බේත් ටිකක් ගන්න ගියානම් තමයි හොද”
“උදෙත් හොදට හිටියනේ..මොකෝ එකපාරට දරුවට උන ගැනුනෙ..දැන් දේව්පුතා එක්ක ජුවලරි ගන්න ගිහිනුත් ආව නේද…”
“ඔව් මහත්තයා..ආ පයින්ම ඔලුව රිදෙනවාකියලා නිදාගත්තා..මම දැන් බලනකොට හොදටම උන..ගිනි කබල වගේ රස්නෙයි..”
“එහෙනම් සුනංගු නොවී දෝණිට ලෑස්ති කරානම්..”
වන්දනා බේත් අරන් ඇවිත් කිසිත් නොකාම ඇදට වැටුනේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් දැනුනු නිසා..
තිලකා තම දියණියට නින්ද යනකම් හිස අතගෑවා…
වන්දනාගේ දුරකතනය නාද් වූවේ මේ මොහොතේ…තම දියණියගේ නින්දට බාදාවක් වන නිසා තිලකා එය ක්‍රියා විරහිත කර දැමුවා…
පසුදා පාන්දර වන්දනා අවදි වූයේ උන ටිකක් අඩු වී තිබූ නිස..ඇය බෑන්ක් එකට යාම සදහා අමාරුකම් මැද වුව්ත් සූදානම් වූවේ ඊයෙත් තමා රාජකාරි සදහා නොගිය නිසා..කාමරයට ආ තිලකා දුටුවේ සාරියහැද සිටින තම දියණියවයි
“ආ..දරුවෝ..ඔය කොහෙ යන්නද”
“වැඩට යන්න අම්මා “
“මේ උණ තියාගන වැඩට යන්න පුලුවන්ද”අදත් ගෙදර ඉන්න…”
“බෑ..අම්මා මට ඊයෙත් යන්න බැරිඋනා..තව ටික දවසයිනේ අම්මා මට යන්න තියෙන්නෙ..මම අයින් වෙනකොට මගෙ වැඩ ටික හරියට කරල සර්ට බාර දෙන්න ඕනේ”
“අනේ මනද පුතේ..බේත් ටික බීලා යන්න..බස් වල.යන්න එපා..මම සුනිමල් අයියට කියන්නම් වීල් එක අරන් එන්න කියල..ඒකේ යන්න”
“හා අම්මා…”
“චික්..මේ කෙල්ල ෆෝන් එක ඕෆ් කරගන මොකද..මම ඊයේ කතා කරා සැර වැඩිද…පව්…ඒත් අහිංසකී වගේ හිටියට පුදුම හිතුවක්කාරකමක් තමයි තියෙන්නෙ..ඊයේ රෑ ඉදන් තාම ෆෝන් ඕෆ්..”දේව් එසේ සිතුවේ වන්දනාගේ දුරකතනයට කිහිපවරක ඇමතුම් ගත්තද එය තාමත් ක්‍රියා විරහිත කර තිබූ නිසා
චතුරයටවත් කෝල් එකක් අරන් බලන්න ඕනේ.කෙල්ල මේ වෙලේ බෑන්ක් එකේ ඇති..එසේ සිතූ දේව් චතුරට කෝල එකක්ගත්තා
“හෙලෝ..”
“ආ මචන් මම.දේව්..උබ මේ වෙලේ බිසීද”
“පොඩ්ඩක් විතර බිසී..කමක් නෑ කියපන්කො..”
“චතුර වන්දනා ඔෆිස් ආවද බන්..ඒකිගේ ඊයෙ ඉදන් ෆෝන් ඕෆ්..”
“ඇයි ගොනෝ උබ දන්නැද්ද ඒකි හොස්පිටල් ඇඩ්මිට් කරා කියල..”
“මොකක් …මට කීවෙ නෑනේ.ගෙදර ෆෝන් එකත් කවුරුත් ආන්සර් කරන්නෑ..ඒකයි මම උබට ගත්තේ..ඇයි බම් කෙල්ලට..”
“කෙල්ලට ඊයෙ ඉදම් හොදටම උනලු.අද වැඩට ආවෙත් උන පිටින්..අද කෙල්ල සිහි නැතිවෙලා වැටුනා..ඊටපස්සෙ මමයි ගිහින් ඇඩ්මිට් කරේ..”
“ඕ..චික්…හරි මම දැන්ම එන්නම්”
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි.