නුබේ පතිනියයි මා දාසයවන දිගහැරුම
වන්දනා…”දේව් වන්දනාට කතා කරත් වන්දනා අවදි වූවේ නැත
“වන්දනා..වන්දනා…”දේව් වන්දනාව සොලවමින් කතා කරේ ඇය අවදි කර යුතු නිසා..සෙමින් දෑස් ඇර දේව් දෙස බැලූ වන්දනා හිස අල්ලා ගත්තේ වේදනාව දරාගත නොහැකි නිසා
“වන්දනා..ඔයාට හොදටම උන…බත් චුට්ටක් කාලා බේත් බොමු…හිස් බඩට බේත් බොන්න හොදනෑනේ..”
“බෑ දේව් මට කන්න බෑ..”
“එහෙම කියලා හරියන්නෑනේ..කන්නම ඕනේ..”
“අනේ බෑ කන්න අප්පිරියයි මට..”‘
කිසිත් නොකී දේව් බත් පිගාන රැගෙන වන්දනා අසලට ගොස්
“මන් කවන්නම්..කට අරින්න”එසේ කියමින් ඇයට බත් කටක් මුවට ලන්කරා..වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනේ දේව්ගේ මේ ක්‍රියාව දරාගත නොහැකි නිසා
“වන්දනා මට සමාවෙන්න හවස මම ඔයාට කතා කරපු විදියට..ඒත් ඔයා ඇත්ත තේරුම් ගන්න..මට ඔයාට ලන්වෙන්න බෑ..මම ආදරේ ශයිනිට…ඔයා මට වෛර කරනව ඇති…දැන් මේ බත් කට කන්නකෝ…”දේව් එසේ පවසද්දී වන්දනා බත් කට කෑවා
කටවල් දෙක තුනක් කෑ පසු
“දේව් මට ඇති..මට කන්න බෑ..වොමිට් වෙන්න එනවා. “
“හ්ම්..දැන් ටිකක් කෑවනේ…බේත් ටික බොමු දැන්.”එසේ පැවසූ දේව් අතසෝදාගෙන ඇවිත් වන්දනාට බෙහෙත් ටික දිගු කරා
බෙහෙත් දෙස බලා සිටි වන්දනාගේ මුහුණ දුටු දේව්
“ඇයි මොකෝ…මූන ඇබුල් කරගත්තේ ආ..”දේව් ඇසුවේ සිනාසෙමින්
“දේව්..අනේ බේත් බොන්න බෑ..“
“බේත් බොන්නෙ නැතුව කොහොමද උන අඩු වෙන්නෙ ආ..”
“අනේ….”
“ඇයි බේත් දියකරලද බොන්නෙ..”දේව් අසද්දී වන්දනා හිස වැනුවේ ඔව් කියන්නට මෙනි..දේව් සිනාසුනේ බඩ අල්ලාගෙනය
“යකෝ…දැන් 25 නේද ..අලි බබෙක් බේත් කුඩු කරල දිය කරලා බොන්නෙ..“දේව් සිනාසෙමින් එසේ කියනවිට වන්දනා බිම බලාගත්තේ ලැජ්ජාවෙන්
ඉන්පසු බේත් ටික ගත් දේව් එය කුඩු කර වතුර ටිකක් දමා දියකරගෙන වන්දනාට බොන්නට දුන්නේ සිනාසෙමින්
“ඔයා ඇදෙන් නිදාගන්න.මම අර සෝපාවෙ නිදාගන්නම්..ගුඩ් නයිට්..”යැයි පැවසූ දේව් වන්දනාට බෙශ්ශීට් එක පොරවා කොට්ටයක් රැගෙන සෝපාවට ගියා
“ඔයා කොච්චර නපුරු මනුස්සෙක් කියලා පෙන්නන්න හැදුවට් ඔයා හොද හදවතක් තියන කෙනෙක් දේව්…ශයිනි ගොඩක් වාසනාවන්තයි ඔයාගේ ආදරේ ලබන්න..ඔයා නීත්‍යානුකූල බිරිද වෙලත් ඔයා ලග ඉදලත් මට ඔයාගේ හදවතේ ඉඩක් නෑ දේව්..ඒත් කිලෝමීටර් ගානක් ඈතින් ඉදලත් ශයිනි ඉන්නෙ ඔයාගෙ හිතේ..මට කවදාවත් ඔයාගෙ ආදරේ දිනා ගන්න බැරි වෙයිද දේව්…ඒත් මම ඔයාලා දෙන්නට බාදාවක් වෙන්නෑ දේව්..ඔයාගෙ සතුට ශයිනි ලග තියෙන්නෙ..මම ලග නෙමෙයි….ඒත් මට දුකයි දේව්…“වන්දනා එසේ සිතුවේ නිදා සිටින දේව් දෙස බලමින්
වන්දනාගෙන් දේව්ට
හිමි නැති නුබට…
ආදරේ කරන්නෙමි මා…
ලගා විය නොහැකි …
මිරිගුවක් බව දැන දැනම…
පුදකෙලෙමි මා..
මගේ හදවත…
අන්සතු වූ නුබෙ නමට…
වන්දනාට නින්ද ලගා නොවුනේ ඇගේ හිසේ කැක්කුම වැඩි වූ නිසා..ඇගෙන් සිහින් කෙදිරියක් පිටවූයේ වේදනාව දරාගත නොහැකි නිසා.දේව්ට ඇගේ මේ කෙදිරිය ඇසුනේ ඔහු අඩ නින්දෙ පසු වූ නිසා..වන්දනා අසලට ගිය දේව් ඇය අසලින් හිද
“මම නින්ද යනකම් ඔලුව අතගාන්නම්..ඔයා නිදාගන්න..”යැයි පැවසූවේ ඇය ගැන දුකක් දැනුනු නිසා..කිසිත් නොකී වන්දනා දෑස් පියාගත්තේ දේව් ඇගේ හිස අතගාද්දී…විනාඩි කිහිපයකින් වන්දනාට නින්ද ලගා වූවා..නිදා සිටින වන්දනා දෙස බලා සිටි දේව්
“මම මේ තරම් දේවල් ඔයාට කියලත් ඔයා මට එක වචනයක්වත් කීවෙ නෑ..ඔයා ගොඩක් අහිංසක කෙල්ලෙක් වන්දනා. සමහරවිට ශයිනිට කලින් ඔයාව මට ලැබුනනම් මම ඔයාට ආදරේ කරන්න තිබ්බා..ඒත් ශයිනි කියන්නෙ මගෙ ජීවිතේ වන්දනා..එයාට මම ආදරේ කරන්නෙ පිස්සුවෙන් වගෙ…ඔයාට මට ලන්වෙන්න බෑ වන්දනා..ඒත් ඔයා මෙහෙම අසනීප වෙලා ඉන්නකොට මම දන්නෑ ඇයි මට දුක හිතෙන්නෙ කියල…ඔයාගෙ ඇස් වල කදුලු දකිනකොට මට ගොඩක් තරහ එනවා වන්දනා ..ඒ ඇයි කියලා මම දන්නෙ නෑ…ඉස්සරහට මොනව වෙයිද මම දන්නෙ නෑ..ඒත් මම ඔයාට කවදාවත් වරදක් කරන්නෙ නෑ..ඔයාට මගෙන් ඩිවෝස් උනාට පස්සෙ හොද කොල්ලෙක්ව මැරි කරන්න පුලුවන්..ඔයා ගොඩක් හොද ගතිගුන තියන කෙල්ලෙක්…”දේව් එසේ සිතුවේ වන්දනාගේ හිස අතගාන ගමන්
වන්දනා දෑස් හැර බලන විට ඇයට දැනුනේ තමන්ගේ බද පෙදෙස යමක් තදින් අල්ලා ගෙන ඇති බවයි..ඇය දුටුවේ තමා අසල නිදාසිටින දේව්ගේ දෑත තමන්ගේ බද පෙදෙසේ එතී ඇති ආකාරයයි..වන්දනාගේ මුවට සිහින් සිනාවක් නැගුනත් ඇයට එක්වරම මතක් වූවේ දේව් තමාගේ නොවන බවයි..දේව්ගේ දෑත සෙමින් ඉවත් කල වන්දනා ඔහුට බැල්න්කට්ටුව පොරවා බාත් රූම් එකට ගියා..
“දෙවියනේ දේව්..ඔයා මට ඔහොම ලන්වෙන්න එපා..මට ඒක දරාගන්න බෑ..“වන්දනා එසේ සිතුවේ නානගමන්..
“වන්දනා..වන්දනා”දේව් හයියෙන් කෑගැසුවේ බාත් රූම් එකේඑ දොරට ගහන ගමන්..
දොර ඇර තම හිස පමනක් එලියට දැමූ වන්දනා
“ඇයි දේව්”යැයි ඇසුවේ බියෙන්
“ඇයි දේව් කියලා අහන්නෙ..තමුන්ට පිස්සුද නාන්න ආ..ඊයෙ රෑ මට නින්දකුත් නෑ..සහලෝල උන..දැන් මෙතන උදේ පානදර නානවා..හෙට හෝම් කමින් එක..තමුන් අසනීප උනාම මටයි කරදරේ..”දේව් එසේ පැවසූවේ කෝපයෙන්..කිසිත් නොකී වන්දනා ඔහු දෙස බලා සිටියේ බියවූ දෑසින්
“දැන් මම දිහා බලන් ඉන්නෙ නැතිව ඉක්මනට නානාවා…වතුරෙ ඉන්නෙ නැතුව..”එසේ පැවසූ දේව් එතනින් ඉවත් වුනේ කෝපයෙන්
“අනේ අම්මපා මේ ගෑනුනම්..මුන්ගෙ මොලේ කොහෙ තියනවද මන්ද..ඊයේ රෑ හොදටම උන..දැන් නානවා..මේකි නම් අම්මපා මාවම කන්න ආපු කෙල්ලෙක්..”දේව් එසේ වන්දනාට සිතින් බැන්නා. ඔහුට එක්වරම මතක් වූයේ තමා ඊයේ රෑ දුරකතනය ක්‍රියා විරහිත කල බව..
ඔහු ඉකමනින් ෆෝන් එක ඔන් කලේ.ශයිනි කෝල් අරන් ඇතිදයි සිතමින්
ෆෝන් එක ඔන් කල දේව්ට දක්නට ලැබුනේ ශයිනිගෙන් ලැබී තිබුනු මිස් කෝල් තොගයයි.
“හරි පුතේ..උබ අද ඉවරයි..ශයිනිගෙන් කෝල් 25…”දේව් එසේ සිතමින් ශයිනිට කෝල් එකක් ගත්තේ ඇගෙන් බැනුම් ඇසීමට සිදුවන බව දැනගෙනමයි
“හෙලෝ..මගෙ මැණික..”
“ආ.මහත්තයට දැන්ද මාව මතක් වුනේ..හනිමූන් එක ඉවර වුනේ දැන්ද. “
“ශයිනි ඔයා හිතන විදියෙ දෙයක් උනේ නෑ..”
“අනේ මේ දේව්.නිකම්.බබා වෙන්න එපා..මොන මගුලටද එහෙනම් ඊයෙ මම කෝල් ගන්නකොට කට් කරල ෆෝන් එක ඕෆ් කරේ“
“වන්දනාටහොදටම උන ශයිනි..ඒ නිසයි මම ඊයෙ ඕෆ් කරේ..”
“ඒ ගෑනිට උන කියලා ඔයා මොකටද ෆෝන් ඕෆ් කරන්නේ..ඒකි මැරුනත් අපිට මොකද..”
“ශයිනි..ශටප්…තමුන් මම ගැන මොනව හිතනවද දන්නෙ නෑ..ඒ කෙල්ල අමාරුවෙන් ඉන්නකොට මට අහක බලන්න බෑ..මම එ වගේ නරුමයෙක් නෙමේ ශයිනි…අනික තමුන්ට මාව සැකයිද දැන්..හොදට මතක තියාගන්නවා මේ.දේව් කියන්නෙ වචන දෙකේ මිනිහෙක් නෙමෙයි..මම තමුන්ට කීවා මම වන්දනාට ලන්වෙන්නෙ නෑ කියලා…ඒ වචනෙ මම.රකිනවා..ඕකේ..”දේව් පැවසූවේ කේන්තියෙන්
“දේව්..i”m sorry..මට ටිකක් දුක හිතුනා ඔයා ඊයේ මට කෝල් කරේ නැති උනාම.නැතුව ඔයාව අවිශ්වාස කලේ නෑ..”
“හ්ම්ම්….”
“I love you babaa….ඔයා තමයි මගෙ හැමදේම..ඉතින් ඔයා වෙන ගෑනියෙක් එක්ක ඉන්නකොට මට පොඩ්ඩක් දුකයි දේව්…”
“ඒ කෙල්ල එක්ක හිටියා කියලා මම ඒකි එක්ක මගුල් නැටුවෙ නෑ “
“I know…i “m really sorry..”
“It’s ok…අද ගමේ යනවා කීව නේද…මම තව ටිකකින් සල්ලි දාන්නම්..”
“Ok දේව්..තෑන්ක්ස්..මම ආයෙ කෝල් කරන්නම්…බායි…”
“හා..පරිස්සමින් යන්න…ගිහින් මට කෝල් කරන්න..”
“හා.”
“හ්ම්..බායි. “
දේව් දුරකතන ඇමතුම විසන්දිකරද්දීම ඔහුට ඔහුගේ අතිජාත මිතුරා දූ ගයාන් හෙවත් ගයියාගෙන් ඇමතුමක් ලැබුනි
“හෙලෝ..ගයියා..”
“ආ මනමාල කුරුල්ලා..කොහොමද මල්ලි ඊයෙ රෑ.. “
“අනේ මේ පලයන් බන් යන්න..”
“කෝ අපේ නෑනා පොඩ්ඩ ආ..තාම මහන්සියට නිද්ද..උබ කෙල්ලට ගොඩක් වද දුන්නෙ නෑනේ..”
“ගයියා.උබ මගෙන් අහගන්න එපා..“
“හරි හරි මල්ලි උබලට කරන්න හොදයි..අපි කියනකොට නරකයි..”..
“උබ මගුලක් කතා කරනවා.වන්දනාට හොදටම උන බන්..”
“යකෝ..උබ ඒ අහිංසකීට උන ගැනෙන්නම….”
“අම්මපා..තෝ ලග හිටියනම්…මරාගන කනව…මම මගුලක් කරේ නෑ..ඒ කෙල්ලට හවස ඉදන් උන….”
“හරි හරි කෝ දැන් කෙල්ල.”
.”
“අන්න නානවා..”
.
“මොකක්…යකෝ උන තියාගන නාන්නෙ..”
“කියල වැඩක් නෑ බන්..මම නැගිටිනකොට බාත් රූම් එකේ..“
“උබට මම ඊයේ කෝල් කරා..ෆෝන් ඕෆ් කරේ මල්ලි වැඩ පටන් ගත්තහින්දද…”
“මේ ගයියා.ඕක නවත්තගනින්..උබ දන්නව මම මැරි කරේ කැමැත්තෙන් නෙමේ කියලා..මම ආදරේ ශයිනිට..වන්දනාට මගෙන් ඊයෙ කිසිම දෙයක් උනේ නැ…එයාගෙයි මගෙයි මැරේජ් ලයිෆ් එක කොලේකට විතරයි බන් සීමා වෙන්නෙ”
“දේව්..තොට අන් ඇවිද්ද..යකෝ..මම උබට කීවා උබගෙ ඔය මගුල් වලට ඔය කෙල්ලව පටලවගන්න එපා.කියලා..අනික ශයිනි..මට ඒකිව දිරවන්නෙම නෑ..මම උබට ලගදිම ඒකිගේ යටිකූට්ටු වැඩ අල්ලලා දෙන්නම්..එතකොටවත් උබ පිලිගනී”
“ගයියා..අපි ඔය කතාව නවත්තමු..මම උබට පස්සෙ කෝල් කරන්නම්..බායි”යැයි පැවසූ දේව් ඇමතුම විසන්දි කරේ කෝපයෙන්..
වන්දනා බාත් රූම් එකෙන් පිටතට ආවේ ඒ මොහොතේ..
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි
”