නුබේ පතිනියයි මා දාහත්වන දිගහැරුම

වන්දනා දෙස බැලූ දේව්
“උන තියාගන නෑවෙ මොකද ආ …තමුන් අසනීප උනාම ඒකත් වදේ මටමනෙ..චික්..මේ ගෑනු ඔක්කොම එකයි..”ශයිනි ගැන සිතේ තිබුනු තරහ දේව් පිටකලේ වන්දනාගෙන්

“මම..මේ දේව්..”

“මම මේ.දේව් තමයි දැන් ඉතින් නාල ඉවරනෙ…”යැයි පැවසූ දේව් බාත් රූම් එකට ගොස් දොර වසා ගත්තේ කෝපයෙන්

“අනේ මනදා මේ දේව්වනම් මට තේරුම් ගන්න බෑ…ඊයෙ මට කොච්චර කරුනාවන්ත විදියටද සැලකුවෙ..අද..😞😞😞යකෙක් වගේ බනිනව..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වන්දනා මම ටවුන් එකට ගිහින් එන්නම්..ඔයා කවුරු කතා කලත් දොර අරින්න එපා..ඕකේ.මම ඉක්මනට එනවා.අම්මල කෝල් කරොත් මම බාත් ර එකේ කියන්න “දේව් එසේ පැවසුවේ වන්දනා දෙස බලමින්

“හා.දේව්….ඒත් ඇයි ඔයා ටවුන් යන්නෙ..”
වන්දනා එසේ අසනවිට ඇයදෙසට හැරුනු දේව්

“වන්දනා..වන්දනා..තමුන්ට මම කිව්වා මගෙ ලයිෆ් එකට ඇගිලි ගහන්න එපා කියලා..ඕකේ…මම යන්නෙ කොහෙද මම ඉන්නෙ කා එක්කද මම මොකද කරන්නෙ මේවා තමුන්ට අදාල නෑ..තමුන් මගෙ ලීගලි වයිෆ් උනාට මගෙ හිතේ තමුන් නෑ…ඩූ යූ අන්ඩර්ස්ටෑන්ඩ්…”දේව් පැවසුවේ වන්දනා දෙසට ඇගිල්ලක් දිගුකරමින්

කිසිත් නොකී වන්දනා හිස වැනුවේ අඩමින්

“ඕකේ..ගුඩ්..”යැයි පැවසූ දේව් පිටත්ව ගියේ වන්දනා බලාසිටියදී

❤❤❤❤❤😘😘😘😘😘

හිමි නැති බව දැන දැන…
නුබට පෙම් කරමි මා…
වේදනාවක් බව දැන දැනම….

නුබේ ආලය…
නුබේ සිනහව…
නුබේ සෙනෙහස…
අයිති නැති මුත්…

නුබේ වියරුව…
නුබේ ගැරහුම්…
අයිති ඇත මට….

නමුදු කම්නැත…
මගේ සෙනෙහස…
නුබ පුදදී …
අවසන්ය…

බලාසිටින්නම්…
කල්ප කාලයක් උවත්…
නුබේ ආලය…
ලැබෙන තුරු මට…
❤❤❤❤❤❤❤❤❤

ගැහැනියකගේ ආදරය මහ පුදුමාකාරය…තමන් ආදරය වෙනුවෙන් ඇයට ඕනෙම දුකක් විද දරා ගැනීමට ශක්තිය ඇත…

වන්දනා දිගු සුසුමක් පිටකලේ කදුලු පිසදාගෙන.

“දේව්.ඔයා මට ඇතිතරම් රිද්දන්න..ඒත් මම කවදාවත් ඔයාට වෛර කරන්නෙ නෑ..මම ආදරේ ඉගනගත්තේ ඔයාගෙන්…ඔයා මට ආදරේ කරන්නෙ නෑ කියල මම දන්නවා ඒත් අපිදෙන්නටම හරියන්න ආදරේ මම ලග තියනව.. ඔයා දන්නවද දේව් ඊයෙ මට දැනුනු සතුට වචන කරන්න මම දන්නෙ නෑ…ඔයා ගොඩක් කරුනාවන්ත කෙනෙක් කියලා මට ඊයෙ හිතුනා..ඔයා ඊයෙ මාව බලාගත්තෙ මගෙ අප්පච්චි වගෙ…ඒත් අද ඔයා මට නපුරු වෙන්න හදනව.මට මෙහෙම හිතෙන්නෙ ඇයි දන්නෑ දේව්..මට හිතෙනව කවදමහරි ඔය හිතේ මම ඉදියි කියල….මට මගෙ ආදරේ ගැන විශ්වාසයි දේව්. “

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

“හෙලෝ..”

“හෙලෝ..කව්ද මේ කෝ ශයිනි..”දේව් ඇසුවේ ශයිනිගේ දුරකතනය වෙන පුද්ගලයෙක් ප්‍රතිචාර දැක්වූ නිසා..

“ඔයා කවුද..”

“මම කවුද කියන එක තමුන්ට අදාල නෑ..ශයිනි කෝ..”දේව් පැවසූවේ කෝපයෙන්..

“ශයිනි බාත් රූම් එකෙ…මම කියන්නම් කෝල් බැක් කරන්න කියල”යැයි පවසමින් එම පුද්ගලයා දුරකතනය විසන්දි කලා

ශයිනි අද ගමේ යනවා කීවනෙ..කව්ද ඒ කතා කරපු මිනිහා..අනික ශයිනිගෙ රූම් එකේ..”දේව් එසේ සිතුවේ ඔහුගේ සිතට ශයිනිගැන නොපැහැදීමක් එක් වෙද්දී

විනාඩි කිහිපයකින් පසු ශයිනිගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනි

“හෙලෝ දේව්.”

“ශයිනි තමුන් කොහෙද හිටියෙ කලින් මම කෝල් කරන්කොට..කවුද ඒ ෆෝන් එක ආන්සර් කරේ..”දේව් ඇසුවේ කෝපයෙන්

“කූල් බබා..මම බාත් රූම් එකේ හිටියෙ…ඒ මගෙ අයියා..”

“වට්..අයියා.තමුන් කියල තියෙන්නෙ තමුනුයි අම්මයි විතරයි ඉන්නෙ කියලනෙ…කොහෙන්ද අයියෙක්..”

“දේව් ඔයාට මාව සැකයිද බබා…”

“ශයිනි මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුව…ප්‍රශ්නෙකට ප්‍රශ්නයක් නෙමේ ආන්සර් එකක් ඕනෙ මට..”

“දේව්..ඒ විමුක්ති …එයා මගෙ ලොකු අම්මාගෙ පුතා..මගෙ අයියා..මාව විශ්වාස කරන්න…”

“හ්ම්…කොහෙද ඉන්නෙ.දැන්..”

“මම තව කොලබ…අයියා ඇවිත් තියෙන්නෙ මාව ගමේ එක්ක යන්න…”

“හ්ම්..මම ඔයාගෙ අකවුන්ට් එකට මනි ට්‍රාන්සර් කලා..800000 ක් ඇති..”

“දේව් එච්චර..”

“ඔව්..කමක් නෑ.අම්මගෙ අසනීපෙට ඔයා ගාව තියන මනි වියදම් කරන්න එපා..ආයෙ උවමනාවක් උනොත් මට කියන්න..”

“හරි දේව්…තෑන්ක්ස්..”

“මම පිටකෙනෙක් ගානට දාල තෑන්ක් කරන්න එපා ශයිනි…”

“සොරි…”

“හා..එහෙනම්.පරිස්සමින් යන්න…ගිහින් මට කෝල් කරන්න…බායි..take care..”

“ඕකෙ බායි..පරිස්සමින් ඉන්න..”
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *