නුබේ පතිනියයි මා දොලොස්වන දිගහැරුම
“වාව්…නංගා ඇත්තමයි මම අන්දපු ලස්සනම බ්‍රයිට් ඔයා..”වන්දනා දෙස බලමින් එසේ පැවසුවේ ඇය හැඩගන්වන්නට ආ කුමුදුනී..
“තෑන්ක්ස් අක්කා”
“තෑන්ක්ස් කරන්නෙ මොකටද නංගා..”
“ඔයා මාව මෙච්චර ලස්සනට ඇන්දුවට”
“පිස්සු කෙල්ල..මම අනිත් අයට අන්දන විදියටමයි ඔයාටත් ඇන්දුවේ..ඒත් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් මම දැකලාම නෑ..හරිම ලස්සනයි..දේව්ට් ඔයා දැක්කාම මොනව හිතෙයිද දන්නෑ”කුමුදුනී එසේ පවසද්දී
“ඒක ඇත්ත අක්කී..දේව් අයියට වෙඩින් එක ඉවර වෙනකම් ඉන්න බැරිවෙයිද දන්නෑ”දෙවනි මනාලිය ලෙස හැඩගැන්වී සිටි සදුනු එසේ පවසද්දී වන්දනා සිනාසුනේ ලැජ්ජාවෙන්
කාමරයට ආ තිලකා වන්දනා දෙස බලාසිටියේ ඇසි පිල්ලන් නොගහා.
“අනේ ඇස් වහක් වදින්න එපා මයෙ අම්මට..හරිම ලස්සනයි මගෙ දුවේ”තිලකා පැවසූවේ තම දියණියගේ සුන්දරත්වය දැක දෑසට ඉනූ කදුලැලි පිසදමමින්..වන්දාඅ අද උඩරට මනාලියක් ලෙස හැඩ වෙද්දී දේව් නිලමේ ඇදුමෙන් සැරසුනි
“අම්මො බන් මේ උලව්ව කීය වෙනකම් ඇදගන් ඉන්න ඕනෙද”දේව් එසේ ඇසුවේ තම මිතුරා ඌ ශෙනාල්ගෙන්.
“ඉවසපන් යකෝ තාම ඇන්දා විතරයි..යකෝ උබගෙ පරිප්පුනේ මාත් කන්නෙ…බලපන් මාත් මේක ඇදන් ඉන්න එපායැ..කොහෙද හොයාගත්තනේ උඩරට මැණිකෙක්ම..”
“අනේ නිකා ඉදපන්…මම හොයාගත්ත මගුලක් නෑ..උබ දන්නවනෙ ශෙනා..”
“මේ මේ..දැන් ඕක නවත්තගනින්..ඇන්ටිලා උබට වරදක් කරන්නෑනෙ..වන්දනා අර ශයිනිට වඩා දහස් ගුනේකින් හොදයි..”
“උබලා ඔක්කොම එකයි.මට තේරෙන්නෑ උබල ඇයි ඔච්චරටම ශයිනිට අකමැති ඇයි කියලා”
“ඒක උබ තේරුම් ගනී පුතෝ පස්සේ.දැන් යමන් පොටෝ ශූට් ගන්න..”
දේව්..බලපන්කෝ අද කෙල්ලගෙ හැඩ..ඇත්තමයි බන් මම මේ තරම් ලස්සන කෙල්ලෙක් දැකලම නෑ..”ශෙනාල් පැවසද්දී දේව් වන්දනා දෙස බැලුවා..
“ශෙනා කියන එක ඇත්ත…මෙයා අද ගොඩාක් ලස්සනයි”දේව් එසේ සිතුවේ වන්දනා දෙස බලමින්
පෝරුවේ චාරිත්‍ර නිමා වීමෙන් පසු මනාල යුවල ආ නෑදෑ හිත මිතුරන් පිලිගැනීම සදහා සූදානම් විය..
වන්දනා දේව්ට ඇයගේ හිත මිතුරන් හදුන්වාදෙද්දී ඔහු ඔවුන් සමග සුහදව කතා කිරීම ඇගේ සිතට සැන සීමක් ගෙන ආවා…
ඉන්පසු වන්දනා ඇයගේ බෑන්ක් එකේ මිතුරු මිතුරියන් හදුන්වාදීම සදහා ඔවුන් සිටි ටේබල් එකට ගියේ දේව් සමගින්
“දේව් මේ මගේ ස්ටාෆ් එකේ අය..මේ චතූ..ලහිරු.දීපිකා..යනාදී වශයෙන් ඔවුන්ව හදුන්වා දුනි..අවසානයට ඇය මේ ඉන්නෙ පවන් යනුවෙන් කෙනෙක් හදුන්වා දුනි..
දේව් පවන් දෙස දෑත දිගු කර
“හායි පවන්.නයිස් ටු මීට් යූ”යනුවෙන් පවසද්දී
පවන්
“කොහොමද දේව්…ඔයා හරිම වාසනාවන්තයි….වන්දනා වගේ කෙල්ලෙක් ලබන්න මචන්…මට ඒ වාසනාව නැති උනාට උබට තිබ්බා..වන්දනාව පරිස්සමින් බලාගනින් බන්..එයාට දුකක් දෙන්න එප…”යැයි පැවසූවේ සියල්ලන් ඉදිරියේ..දේව් ඔහුට සිනාසී එතනින් ඉවත් වුනේ හිතේ පුංචි තරහක් සමගයි
“වන්දනා..පවන් මොකද එහෙම මට කීවෙ ආ.ඌ ඔයා ගැන බලාපොරොත්තු තියන් හිටියද ආ”දේව් අසද්දී
“ඔව් දේව්…පවන් මගෙන් යාලුවෙන්න අහල තියනවා.එයා ගොඩක් හොද කෙනෙක්..ඒත් එයා ගැන මට කැමැත්තක් ඇති උනේ නෑ”යැයි වන්දනා පවසද්දී
“එහෙමද..තමුන් ඔය වගේ මට කොච්චර දේවල් හන්ගලා තියනවද ආ”දේව් ඇසුවේ කෝපයෙන්
“මම ඔයාට හැන්ගුවෙ නෑ දේව්..මට ඒකෙ කියන්න තරම් ඔයාට දෙයක් තිබ්බෙ නෑනේ”වන්දනා කීවේ කදුලු පුරෝගන
“අනේ මේ දැන් තමුසෙගෙ ටැප් එක මෙතන ඇරගන්න එපා..මොන මගුලක්ද මේක..හිනා වෙලා ඉන්නවා.නැත්නම් ඒකමටයි හොද නැත්තේ”දේව් පවසද්දී වන්දනා කදුලු පිසදාගත්තා
විවාහයේ වැඩ කටයුතු අවසාන වී මනාල යුවල පිටත් වීමේ මොහොත උදා වුනි..
“අනේ අම්මා අප්පච්චී”වන්දනා තම දෙම්ව්පියන්ව බදාගන හඩන්නට වූයේ කාගෙත් ඇස් වලට කදුලු පුරවමින්
“පුතේ මේ ඉන්නෙ මගෙ පණ ටික..අනේ එයාව හොදින් බලාගන්න.මගෙ හුස්ම ටික අද ඉදන් ඔයාට බාරයි”සුමනෙ දේව්ට පැව්සුවේ හඩමින්
“හරි අප්පච්චි ඔයා බය වෙන්න එපා..මම වන්දනාව හොදින් බලාගන්නම්..”යැයි දේව් පැවසුවේ වන්දනාගේ දෑතින් අල්ලාගනිමින්..සියල්ලන්ටම සමුදී මනාල යුවල නුවර එලිය බලා පිටත් වුනේ මදුසමය සදහාය..
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩක් ස්තූතියි
”