නුබේ පතිනියයි මා නවවන දිගහැරුම

දේව් එසේ කෑගසද්දී වන්දනා බිය වී ඔහු දෙස බලා සිටියා

“ඇයි දේව්..ඔයාට තරහ ගිහින්”

“බලනවා අයිසේ මේ අරන් තියන නෙක්ලස් එකේ පොඩි…මම දේව්නාශ් රණබාහු…තමුන් මැරි කරන්නෙ හිගන්නෙක් නෙමේ.මේ තරම් සිම්පල් නෙක්ලස් එකක් ගත්තෙ ඇයි…තමුන් හිතුවද මට සල්ලි නෑ කියල..අනික මේ ඉයරින් දෙක බලනවා…චූටියට චූටියෙ…”

“ඒත් දේව්..”

“මොකද ඒත් දේව් කියන්නෙ ආ..තමුන් මැරි කරන්නෙ ලංකාවෙ නම්බර වන් බිස්නස්මන්.. ….තමුන් හිගන්නියෙක් උනාට මට සල්ලි තියනවා..ලෝබකමට මේ වගේ සිම්පල් ඩිසයින් අරන් තියෙන්නෙ..තමුන්ගෙ සල්ලි නෙමේනෙ යන්නෙ මගෙ කාඩ් එක දුන්නනෙ.”

“දෙවියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න දේව් පින්සිද්ද වෙයි…”වන්දනා කීවේ හඩමින්

“ඔව්..ඉතින් තමුසෙට පුලුවන් හොටු පෙරාගන අඩන්න විතරනේ”

“දේව් ..මම සිම්පල් ඩිසයින් ගත්තේ සල්ලි වියදම් කරන්න ලෝබ කමේ නෙමේ..මම කැමතිනෑ බෙල්ල පිරෙන්න නෙක්ලස් දාන්න…නැතුව වෙන ඔයාගෙ තත්වෙ පහත් කරන්න නෙමෙ..අනික ඔයා කීවනේ මම හිගන්නියෙක් කියල…ඔයාට තරම් මට සල්ලි නෑදේව්…ඒත් මම හිගන්නියක් නෙමෙ..ඔයාට ඕව හොද නැත්නම් ඔයාට කැමති එකක් ගන්න..ප්ලීස් ඔහොම මට බනින්න එපා..”වන්දනා පැවසුවේ හඩමින්

මේ තමුසෙගෙ ටැප් එක මෙතන ඇරගන්න එපා..මිනිස්සු බලනව..එනව යන්න..තමුසෙට මේක හොදනම් මට කමක් නෑ.ඒත් මතක තියාගන්නවා තමුන් මගෙ තත්වෙට ගැලපෙන්න ඉන්න ඕනේ..දැන් එනවා කාරෙකට යන්න”දේව් එසේ පවසා යනවිට වන්දනා ඔහු පසු පසින් ගියේ කදුලු පිසදමමින්

“දේව්..ඇයි මේ තරමට නපුරු ඔයා….ඔයා චතුර සර් එක්ක කොච්චර හොදට කතා කරාද..ඒත් මා එක්ක.එක වචනයක් හොදින් කතා කරන්න බැරිද..ඇයි දේව් මේ තරම් දුකක් මට දෙන්නෙ….ඇයි කියන්න…ඔයා මාව මැරි කරන්නෙ කැමැත්තෙන් නෙමේ කියල මට හිතෙනවා.මම මීට කලින් කිසිම කොල්ලෙක්ට ආදරේ කරලා නෑ.ඒත් ඔයා දැකපු මොහොතෙ මගෙ හිතේ ඔයාගේ රූපෙ ඇදුනා…මම දන්නෑ මගෙ ජීවිතේට ඉස්සරහට මොනව වෙයිද කියල…”වන්දනා තම සිත සමග එසේ දොඩමලු වෙද්දී

“මේ හලෝ නගිනවා..ඔතනට වෙලා මනෝ පාර ගහන් ඉන්නැතුව.”දේව් කෑගැසුව

වන්දනා කිසිත් නොකියා කාරයට නැග්ගේ සිතට නැගුනු වේදනාවත් සමගයි…

නිවසට යන තෙක් දේව් වන්දනා සමග වදනක්වත් කතා නොකලා..

වන්දනාගේ නිවස අසල කාරය නැවැත් වූ ඔහු
“මට දැන් ගෙදරටඑන්න බෑ.හවස මීටින් එකක් තියනවා .මම තුන වෙනකොට ඔෆිස් එකට යන්න ඕනෙ…ඇන්ටිට කියන්න…”යැයි පැවසා පිටත්ව ගියේ වන්දනාට වදනක්වත් පැවසීමට ඉඩ නොදී

තිලකා එලියට පැමිනියේ කාරයේ ශබ්දය ඇසුනු නිසා

“දුවේ කෝ පුතා ..මට කාරෙකේ සද්දෙ ඇහුනා”

“අම්මා දේව්ට හදිස්සි මීටින් එකක්ලු..පරක්කු වෙන නිසා එයා ගියා අම්මලාට කියන්න කීවා”වන්දනා එසේ පවසද්ද්දී

“ඒක මිසක් මම බැලුවා මොකෝ මේ ආ පයින්ම ගියෙ කියල…ජුවලරි ගත්තද පුතේ”

“ඔව් අම්මා..ආ..බලන්නකෝ..මට මහන්සියි..මම පොඩ්ඩක් නිදාගන්නවා”යැයි පැවසූ වන්දනා තම කාමරයට ගියේ දුක්මුසු සිතින්.සාරිය පිටින්ම වන්දනා ඇදට වැටුනේ ගතට වඩා සිතට නැගුනු වේදනාව නිසා..දේව්ගේ කුරිරුකම් මතක් වූ නිසා ඇගේ දෑසින් කදුලු වැටුනේ ඇයටත් නොදැනීමයි…ඇඩූ කදුලින් ඇය නින්දට වැටුනේ සිතේ මහන්සිය නිසා.

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *