නුබේ පතිනියයි මා විසිතුන්වන දිගහැරුම

“ගයියා..මොකද්ද උබ කීවේ..”

“උබට ඇහුනනෙ බන් මම කියපු එක..උබ වන්දනාව ඩිවෝස් කරපුවාම මම ඒකිව මැරි කරනව..”

“මොකක්..”..

“ඇයි උබ මොකක් ගාන්නෙ..උබට ඒකෙ ප්‍රශ්නයක් නෑනෙ බන්..උබට වන්දනා ගැන ආදරයක් නෑනේ..”

“ඒත් බන්…”

“ඇයි උබ ඒත් මේත් ගාන්නෙ..උබ මැණිකක් අයින් කරල තිරිවාන ගලක් තියාගන්න හදනවනම් උබ අයින් කරන මැණික මම ලගට ගන්න එකේ වරදක් නෑනෙ දේව්..වන්දනා කියන්නෙ දාහකින්වත් හොයාගන්න බැරි උතුම් ගතිගුන තියන කෙල්ලෙක්…උබට ප්‍රශ්නයක් නෑනෙ මම ඒකිව මැරි කරා කියලා”

මොහොතක් ගයාන් දෙස බලා සිටි දේව්
“හ්ම්..අවුලක් නෑ..”

“ගුඩ්..උබ මට එහෙනම් හෙල්ප් කරපන් වන්දනාට මට ලන්වෙන්න ..ඕකේ..’

දේව් හිස සැලුවේ හා කියන්නට මෙනි

“හරි මචෝ..එහෙනම් මම ගියා..”ගයාන් කැබින් එකෙන් පිටව යන්නට සැරසෙද්දී

“ගයියා..අද මීටින් එක කැන්සල් කරපන්..”

“ඒ මොකද..”

“අද වන්දනාලගෙ අම්මලා එනවා කීවා. ඒ නිසා මම යන්න ඕනෙ..”

“ඕකෙ…එහෙනම් අනාගත නැන්දම්මලාව හම්බෙන්න මම හවස උබලගෙ පැත්තෙ එන්නම්..”පැවසූ ගයාන් පිටව ගියේ සිනාසෙමින්

“ගයාන් මේ මොනවද කියන්නෙ..ඌ වන්දනාව මැරි කරන්න..ඕ චික්..ඇයි මට ඒක අහපුවාම අප්සට් ගියෙ..මට නම් තේරෙන්නැ.මම වන්දනා ගැන හිතන්න පටන් අරන්ද..නෑ නෑ එහෙම වෙන්න බෑ..මම ආදරේ ශයිනිටනෙ..😞😞..ඒත් වන්දනාව දකිනකොට මට අමුත්තක් දැනෙනවා. ඕ..නෝ…”දේව් තම සිතත් සමග එසේ තර්ක කරද්දී ශයිනිගෙන් ඔහුට ඇමතුමක් ලැබුනි

“හෙලෝ..”

“හෙලෝ දේව් බබා..”

“කියන්න ශයිනි.”

“මම ඔයාගෙ ඔෆිස් එකේ ඉන්නෙ..”

“වට්…”

“ඔයාව ගොඩක් දවසකින් දැක්කෙ නෑනෙ ඩාලින් ඉතින් මට ඔයාව බලන්න හිතුනා..ඒ නිසා මම ආවා..”ශයිනි දුරකතනය විසන්දි කරේ දේව්ට කිසිත් කීමට ඉඩ නොතියා

දේව්ගේ කැබින් එකට ආ ශයිනි ඔහුව ඇවිත් බදාගත්තා

“දේව්..ඩාලින් කොහොමද බබා..”

“ඕ..ශයිනි..අහකට වෙන්න..මේ ඔෆිස් එක..මම මේකෙ බොස්..කවිරුහරි දැක්කොත් ඒක මට හොද නෑ”දේව් පැවසුවේ ශයිනිව තමාගෙන් ඉවත් කරමින්

දෑසේ කදුලු පුරවාගෙන දේව් දෙස බලාසිටි ශයිනි

“දේව් ..ඔයා ගොඩක් වෙනස් වෙලා”යැයි පවසමින් හඩන්නට ගත්තා..දේව්ට දැනුනේ තමා වරදක් කලා බදු හැගීමක්..ශයිනි අසලට ගිය දේව් ඇගේ නිකටින් ඔසවා නලලට හාදුවක් තබා ඇයව තුරුල් කරගත්තා

“අඩන්න එපා මැණික..මට සමාවෙන්න..ඔයා දන්නවනෙ මම ඔෆිස් එකේ ඉන්න විදිය .මම මෙතන බොස් බබා.ඉතින් මම කැමති නෑ කවුරුත් අපි ගැන දැනගන්නවට…මම වෙනස් වෙලා නෑ මැණික..කෝ දැන්වත් අඩන එක නවත්තන්න”

දේව්ව තවත් තදින් තුරුල් කරගත් ශයිනි
“දේව් මට බයයි ඔයා මගෙන් ඈත්වෙයි කියලා..එහෙම උනොත් මම මැරෙනවා.”

“නෑ ශයිනි ඒක කවදාවත් වෙන්නෙ නෑ..මම ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ….ප්‍රොමිස්..”

“දේව් අපි ලන්ච් එකට යමුද ප්ලීස් බෑ කියන්න එපා..මට ඔයාව ගොඩක් දවසකින් මීට් වෙන්න බැරි උනා..”

“හ්ම්..යමු…”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හෙලෝ..අම්මා”

“දූ…”

“ඔයාල අද එනව නේද අම්මා..”

“අනේ පුතේ ඒක කියන්න තමයි කෝල් කරේ..අප්පච්චිට කොන්දෙ අමාරුවක් හැදිලා දුවේ අද එන්න වෙන්නෙ නෑ..”

“ඇයි අම්මා අප්පච්චිට ගොඩක් අමාරුද..”

“නෑ එහෙම අමාරුවක් නෑ..බේත් ගත්තා..වාතයක් වගේ..පොඩ්ඩක් කැක්කුමලු..”

“කෝ අම්මා දැන් අප්පච්චි..”

“දැන් නින්ද ගිහින් පුතේ..වන්දනා දුවේ ඔයා අඩලද. “

“අනේ නෑ අම්මා මට මේ උදේ ඉදන් හෙම්බිරිස්සාව.වගේ.”

“ඒක මිසක්..කටහඩ බරවෙලා වගේ ..ඒකයි මම ඇහුවෙ..මගෙ දුව සතුටින් නේද දේව් පුතා හොදයිද.”

“ඔව් අම්මා මම ගොඩාක් සතුටින්..දේව් හරිම හොදයි අම්මා මට හොදට සලකනව…එයා මට ගොඩාක් ආදරෙයි..”

“එහෙනම් එච්චරයි පුතේ..මගෙ දුව සතුටින් ඉන්නවනම් මට ඒ ඇති.”

“අම්මා අප්පච්චිට වෙලාවට බේත් දෙන්න…මම අප්පච්චිව බලන්න එන්නම්.”

“හා පුතේ මම තියන්නම් එහෙනම් දේව් පුතාව මතක් කරා කියන්න..කට්ටියම “

“හා අම්මා ඔයාලත් පරිස්සමින්..බුදු සරනයි…”

දූ වන්දනා”සුමිත්‍රා මුලිතැන්ගෙයි සිට ඇයට කතා කරා

“මේ එනවා අම්මා”

“ඇයි අම්මා..”

“අනේ පුතේ මේ බත් එක දේව්ට ගිහින් දෙන්නකෝ…උදේට බ්‍රෙක්පස්ට් අරන් ගියෙත් නෑනේ..”

“ඒත් අම්මා මම්”

“ඔව් ඔයා තමයි…ඔයා පුලුවන් තරම් දේව්ට ලන් වෙන්න ඕනෙ පුතේ..එතකොට එයාට ඔයා ගැන ආදරයක් හිතෙයි..”

“හා අම්මා මම ගිහින් දෙන්නම්..අම්මා අද අපේ අම්මලට එන්න වෙන්නෙ නෑ කීවා”

“ඔව් නේද දරුවෝ..මට තිලකා කෝල් කරා..දූ දැන් අප්පච්චි බලන්න යනවද…”..

‘යන්න ඕනෙ අම්ම..ඒත් දේව් බිසී නේ..”

“දේව්ට අපි කියමුකො..දැන් සුනිල් එක්ක ඕක ගිහින් දීල එන්නකෝ..”

“හා..”

වන්දනා කාමරයට ගොස් සූදානම් වීදේව්ගේ කෑම පාර්සලයත් අරගන ඔහුගේ ඔෆිස් එකට යාමට පිටත් වුනා

“සුනිල් අංකල්.”

“පුංචි නෝනා”

“අපි මහත්තයට මේ කෑම එක දෙන්න යමුද..”

“හොදමයි නෝනා..නගින්නකෝ වාහනේට”

කාරයට නැගි වන්දනා කල්පනා කලේ දේව් තමාගේ පැමිනීම කෙසේ පිලිගනීද යැයි සිතමින්

“පුංචි නෝනා”

“ආ අංකල්..”

“අපේ දේව් මහත්තය වගේ දරුවෙක් නෝනට ලැබුනෙ වාසනාවට..”

“ඔව් අංකල්.දේව් හරිම හොදයි “
.

“ඔව්..වැඩකාරයෝ කියල නෑ අපිට හොදට සලකනවා.රත්තරන් මනුස්සය.මගෙ කෙලිත් දේව් මහත්තයගෙ ඔෆිසියෙ වැඩ කරන්නෙ..”

“අහ්..එහෙමද නංගි මොනද කරන්නෙ..”

“දේව් මහත්තයගෙ ඔෆිසියෙ ඔය ගනන එහෙම හදන්න තියෙන්නෙ..අන්න ඒකෙ.”

“Account section එකේ ද..”

‘අන්න ඔව්..ඒකෙ තමයි..අපි ඉතින් ඔය ඉංගිරීසි වචන දන්නෑ නොවැ..”

“නංගිගෙ නම මොකද්ද අංකල්..”

“පාරමී…නෝනා අපි ඔන්න ඔෆිසියට ආවා..”

හරි අංකල්..මම එන්නම්..ඔයා ඔහොම එන්න..”

වන්දනා ඔෆිස් එකට ඇතුලු වූයේ හිතේ චකිතයෙන්

“දේව්..මොනව කියයිද දන්නෙ නෑ.බයත් හිතෙනව.බැනල එලවගනීද…කමක් නෑ..එයාට මේ කෑම එක දීලම තමයි මම යන්නෙ..”

“Excuse me mis.”

“Yes..”

“මට දේව්ව මීට් වෙන්න පුලුවන්ද..එයාගෙ කැබින් එක කොහෙද තියෙන්නෙ.”

“මිස් අපොයිමන්ට් එකක් දාලද තියෙන්නෙ..”..

“නෑ”

“එහෙනම් සොරි මිස්..සර්ව මීට් වෙන්න බෑ…මිස්ට සර්ව මීට් වෙන්න ඕනෙ නම් අපොයිමන්ට් එකක් දාන්න වෙනව”

“ඒත්..මට ඕනෙ මේ කෑම එක.”වන්දනාට එය කියා නිම කල නොහැකි උනේ ගයාන් එතනට පැමිනි නිසා

“නංගා.කොහෙද බන් මේ.පාර වැරදිලාද”

“අනේ නෑ අයියා..අම්මා කීව දේව්ට මේ කෑම එක දෙන්න කියලා..”

“අහ්…යමු යමු මම ඔයාට කැබින් එක පෙන්නන්නම්..ආ තිසුරි”ගයාන් යන්නට ගොස් ආප්සු හැරුනේ රිසෙප්ශන් එකේ උන්නු කෙල්ලට කතා කරමින්

“සර්.”

“දන්නවද මේ කවුද කියලා”

“නෑ සර්..”

“මේ දේව් සර්ගේ වයිෆ්.”

“අනේ සොරි මැඩම්..මම දන්නැතුව කියපුවට සමාවෙන්න.”

“ඒකට කමක් නෑ නංගා..”
වන්දනා ඇයට කීවේ සුහදව සිනාසෙමින්

“අයියා..ඔයාට බැරිද දේව්ට මේක දෙන්න”

“පිස්සු නැතුව මෙන්න මෙහෙ එනවා..මෙච්චර දුරක් ආවෙ ඕක දෙන්නනෙ..යමු..”
ගයාන් පවසද්දීවන්දනා ඔහු පසු පසින් ආවේ හිතේ චකිතය තවත් වැඩි වෙද්දී

“නංගා..මේක තමයි දේව්ගේ කැබින් එක…යන්න ඇතුලට..”

“අනේ අයියෙ.ඔයත් යමුකො..මට බයයි..”

“මොකක් බයයි..අනෙ බන් උබ උගෙ ගෑනි නේද..හා හා යමන්කො..”

ගයාන් පැවසුවේ සිනාසෙමින් කැබින් එකට ඇතුලු වෙමින්..
නමුත් ඔහුගේ සිනහව අතුරුදන් වූයේ දුටු දසුන නිසා..ඔහු දුටුවේ දේව්ව බදාගෙන සිටින ශයිනිවයි

“ශයිනි”ගයාන් කෑගැසද්දී ශයිනි දේව්ගෙන් ඉවත් වූවා

මේ සියල්ල දුටු වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනේ ඇගේ පපුවත් රිදුම් දෙද්දී

දේව් අසලට ගිය ගයාන්
“තෝ මොකද්ද හුත්..මේ කරන අමන වැඩ..තෝ කසාද බැදපු එකෙක්. අර එන්නෙ තොගෙ කසාද ගෑනි.”ගයාන් පැවසුවේ වන්දනා දෙසට ඇගිල්ල දිගු කරමින්

“එතකොට..උබ..ශයිනි මම තොගෙ කැරැට්ටුව හොදටම දන්නවා..දේව් මෝඩයෙක් වගේ තොට රැවටුනාට උබ බඩුවක් කියල මම දන්නවා”ගයාන් පැවසුවේ කෝපයෙන්

“ගයියා.නවත්තපන් ඕක..උබ කොහොමද කියන්නෙ මගෙ කෙල්ල බඩුවක් කියලා ආ ..උබ මගෙ යාලුවා උනා කියලා තෝ කියන හැමදේම මම අහන් ඉන්න ඕනෙද ආ..උබ දැන්ම ශයිනිගෙ සමාව ගන්න ඕනෙ.”

“සමාව..අනේ මෙ..තොගෙ ඇස් පොට්ට උනාට මගෙ නෑ..තෝව මේකි රවට්ටනවා..උබ මහ පොල් බූරුවෙක්..කොටින්ම කියනවන්ම් මේකි වේ…”ගයාන් පවසද්දී දේව් ඔහුගේ කනට ගැසුවේ කෝපයෙන්

පුදුමයෙන් දේව් දෙස බලා සිටි ගයාන්

“උබ එහෙනම් මට අත ඉස්සුවා දේව්..ඒකත් මේකි හින්දා..උබ මාව විශ්වාස කරන්නෑනෙ..හරි මම උබට මේකිගෙ ඇත්ත පෙන්නන්නම්..ශයිනි උබ පරිස්සම් වෙලා ඉදපන්..යමු නංගා..”ගයාන් වන්දනාවත් අතින් ඇදගෙන් එතනින් ඉවත් වුනේ කෝපයෙන්
“නංගි ඔය කදුලු පිහදාගන්න..එලියට ගිහින් ඇති තරම් අඩන්න..මේක ඔෆිස් එකකවුරුහරි දැක්කොත් හරිනෑ..”ගයාන් පවසද්දී වන්දනා කදුලු පිසදාගත්තා

“යමු..මම.ඔයාව ඩ්‍රොප් කරන්නම්..”

“කමක් නෑ අයියේ මම සුනිල් අංකල් එක්ක ආවෙ එයා එක්ක යන්නම්..”

“යමුකො..මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..”

ගයාන් වන්දනා සමග පිටතට ආවේ දේව් ගැන නැගුනු කෝපයත් සමගයි…

කාරය ලගට ආ වන්දනා
“සුනිල් අංකල් ඔයා යන්න.මම ගයාන් අයියා එක්ක එන්නම්..”

“හොදමයි පුංචි නෝනා”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

නංගි දැන් ඇති තරම් අඩපන්..”ගයාන් පැවසුවේ කාරය නතර කරමින්

වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනේ සිතේ වේදනාව දරාගත නොහැකි නිසා..ඇයට ඉකි ගැසෙමින් හැඩුනා

ගයාන් ඇය දෙස බලා සිටියේ දුකින්

“චික්..මේ.දේව්නම්..”ඔහු සුක්කානමට අතින් ගැසුවේ තාමත් පහව නොගිය කේන්තිය නිසා

“නංගි…උබගෙ දුක ඉවරවෙනකම් අඩපන්..මේ ඉන්නෙ උබගෙම අයියා කියලා හිතාගනින්..”

“අනේ අයියෙ…”

“නංගි….දේව් කියන්නෙ ජරා කොල්ලෙක් නෙමේ..ඌ අහිංසකයි. අර පට්ට බැල්ලි ඌව රවට්ටගන..”

“අයියේ දේව් ශයිනිට ගොඩක් ආදරෙයි මම මේ දෙන්න මැද්දට ඇවිත් කරේ වරදක්..”

“නෑ..නෑ වන්දනා..එහෙම නෑ..ශයිනි කියන්නෙ.කපටි අම්මන්ඩියක්..ඕකි දේව්ගෙන් සල්ලි හූරන් කනව…ඒ විතරක් නෙමේ ඒකිට තව අෆෙයා තුන හතරක්ම තියනවා..ඒත් දේව් අපි කියන දේවල් විශ්වාස කරන්නෙ.නෑ..”

“ඉතින් අයියෙ අපි කොහොමද දේව්ට මේව තේරු ම් කරන්නෙ..”

“මම ගාව ඒකට ප්ලෑන් එකක් තියනව.. “ගයාන් පැවසුවේ කට කොනකින් සිනහ වෙමින්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *