නුබේ පතිනියයි මා විසිපස්වන දිගහැරුම
මොකද්ද..කා එක්කද යනවා කීවේ “
“මම ගයාන් අයියා එක්ක යන්නම්…”
“ඇයි එයා තමුන්ගෙ ඩ්රයිවර්ද…”
“අනේ එහෙම එකක් නෑ..ගයාන් අයියා කීවා හෙට ඔයාට මීටින් එකක් නිසා මාව එක්ක යන්නම් කියලා..ඔයාටත් ඉතින් මා එක්ක යන්න බෑනේ දේව්..අනික මම ඔයාට මොකටද කරදර කරන්නෙ..ඔයාට කොච්චරනම් වැඩ තියනවද…මට පුලුවන් ගයාන් අයියා එක්ක යන්න..”
“ගයාන් එක්ක බැරිනම් ඕනෙ එකෙක් එක්ක යනව.මට බෑ අම්මලාට උත්තර බදින්න..තමුසෙම එයාලට කියනවා යන්නෙ ගයාන් එක්ක කියලා.”
“අම්මා තමයි මට කීවේ ඔයාට වැඩ හින්දා ගයාන් අයියා එක්ක යන්න කියලා.”
“ඒකත් එහෙමද..යනවා ඉතින් මම අල්ලගෙන හිටියයැ..”කෝපයෙන් පැවසූ දේව් ෆෝන් එක අතට ගෙන වන්දනාට ඇසෙන්නටම ශයිනිට කෝල් කරා
“හෙලෝ..ශයිනි..”
“කියන්න දේව්…ඔයාට දැන්ද මාව මතක් උනේ..”
“නෑ මැණික මට ඔයාව ගොඩාක් මතක්වෙනවා ..හැමවෙලේම..”දේව් ශයිනිට එසේ කියමින් හොරැහින් වන්දනා දෙස බැලුවා..
වන්දනා පහලට ගියේ මේ කතා බහ අසා සිටින්නට නොහැකි නිසා
“එහෙනම් හොදයි..මම හිතුවෙ ඔයාට මාව අමතක වෙලා කියලා..”
“ශයිනි මම ඔයාට දෙයක් කියන්න ගත්තෙ..”
“මොකද්ද..”
“අද අප්පච්චි බිස්නස් එක මගෙ නමට
..”
“ශා..නියමයිනෙ…එතකොට හොටෙල් දෙක..”
“නුවර එක නම හසිදුට,”
“එතකොට බදුල්ලෙ..ඒකෙන් නේද ගොඩක් ඉන්කම් එකක් තියෙන්නෙ..”
“හ්ම්..ඒක වන්දනාට පැවරුවා..”
“වට්…නොන්සන්ස්..ඔයාලගෙ තාත්තට පිස්සුද ආ..කොහෙවත් යන කෙල්ලෙක්ට හොටෙල් එක පවරන්න තරම්..”
“ඒකට කමක් නෑ ශයිනි ..වන්දනාටත් පව්නෙ..එයා මගෙන් ඩිවෝස් උනාම එයාටත් හොදක් වෙන්න ඕනෙ නේ..කොහොමත් මම එයාට හොටෙල් එකක් දෙන්න හිටියෙ..”
“අනේ මන්දා දේව්..දේව් අපිට බැරිද ශේප් එකේ වන්දනාගෙන් හොටෙල් එක ලියාගන්න..”
“මොකක්ද ශයිනි ඔයාට මේ ලැබුන ඒව මදිද…තාත්තා අපේ ගාර්මන් පැක්ටි තුනයි.තව colombo hotel දෙකයි මට පැවරුවා..ඉතින් ඒ මදිද ආ..”
“නෑ දේව්..මම කීවෙ මේ..”
“ශටප් ශයිනි…ඔය ඇති හොදටම.”
“නෑ බබා..මම මේ ඔයාට කියන්න ගියෙ..”
“ශයිනි මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්..බායි..”
“ඒත් දේව්..”දේව් දුරකතනය විසන්දි කරේ කෝපයෙන්
වන්දනාගේ දුරකතනය නාද වූයේ මේ මොහොතේ
එහි ස්ක්රීන් එකේ වැටුනු නම දුටු දේව්ට දැනුනේ කෝපයක්
“ගයාන්..මූ මොන මගුලටද දැන් වන්දනාට කෝල් කරන්නෙ..”
“හෙලෝ..”
“ආ මචන් දේව්…කෝ වන්දනා.”
“මොකටද උබ අහන්නෙ..”..
“මට උබත් එක්ක කතාවක් නෑ බන්..වන්දනාට ෆෝන් එක දීපන්..”
“මේ ගයියා..වන්දනා කියන්නෙ කවුද..මගෙ කසාද ගෑනි..ඉතින් මට අයිතියක් නැද්ද උබ මේ මහ රෑ මගෙ ගෑනිට කතා කරන්නෙ ඇයි කියල අහන්න.”
“හයියෙන් සිනාසුනු ගයාන්
“මචන් දේව්..උබමනෙ මට කීවෙ උබ වන්දනාව ඩිවෝස් කරනවා කියලා.අනික උබල දෙන්න අතර කිසිම රිලේශන් ශිප් එකක් නෑනේ..මම වන්දනාට කතා කරේ හෙට මම උදේ නවය වෙනකොට එයාව ගන්න එනවා කියන්න..උබ එයාට ඒක කියපන් ආ..දේව්..මම වන්දනාට ලන් වුනා කියලා උබට අවුලක් නෑනේද..”
එයට කිසිත් නොකී දේව් ඇමතුම විසන්දි කරේ කෝපයෙන්
“මට මොකද මේ වෙලා තියෙන්නෙ..ගයාන් වන්දනාට ලන් වෙනකොට ඇයි මට තරහ යන්නෙ..කොහොමත් මම වන්දනාව ඩිවෝස් කරනවනෙ..ඒත් ඇයි මට ගයාන් වන්දනාට ලන්වෙනවා බලන්න බැරි..”හිසකෙස් ඇදගනිමින් දේව් එසේ සිතමින් සිටියදී වන්දනා කාමරයට ආවා
“වන්දනා..”
“ඇයි දේව්..”
“හෙට මොකටද ගෙදර යන්නෙ..”
“අප්පච්චිට සනිප නෑ.එයාව බලන්න”
“එතකොට එන්නෙ ..”
“අනිද්දා උදේම එන්නම්..”
“එතකොට ගයියත් තමුසෙ එක්ක එහෙ ඉන්නවද ආ..”කෝපය මුසුහඩකින් දේව් එසේ අසද්දී වන්දනා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්
“නෑ ගයාන් අයියා මාව දාල එයි..”
“ඒකත් එහෙමද..දැන් තමුසෙ ගයාන් එක්ක මාර ෆිට් නේ..”
“ගයාන් අයියා හරිම හොදයි…එයා මගෙම සහෝදරයා වගේ මට දැනෙන්නෙ..”
“තමුසෙ එහෙම හිතුවට ඌ එහෙම හිතන්නෑනේ..මේ මෝඩිට තේරෙන්නැද්ද මන්ද ගයානය මේකිට ලව්.කියල..”දේව් එසේ තනියම මුමුනද්දී
“ඔයා මොනවහරි කීවද දේව්. “
“නෑ..මොකුත් නෑ..”පැවසූ දේව් තමපසුම්බිය ගෙන වන්දනාට පන්දහසෙ කොලයක් දිගු කරා
“ඇයි දේව් මේ සල්ලි.”
“මේක ගන්නවා.ගෙදර යනකොට මොනවහරි අරගෙන යනවා “
“හ්ම්..”
වන්දනා..වන්දනා..”
“මේ එනවා දේව්”
“කෝ මගෙ සපත්තු දෙක.”
“ඉන්න මම අරන් එන්නම්..මම ඒක සපත්තු රාක්කෙන් තිබ්බ..”
“ඉක්මනට ගෙන්න.මට පරක්කු වෙනවා..”
සපත්තු දෙක පැමිනි වන්දනා
“ආ දේව්..”
“හ්ම්..දැන් කීයටද ගයියා එනව කීවේ.”
“නමයට.”
“හ්ම්.පරිස්සමින් යනවා..”
“හා..අම්මල හෙට දඹදිව යනවානෙ..මම හෙට උදේම එන්නම්..”
“හ්ම්..එතකොට උදේම එන්නෙ මොකේද..”
“බස් එකේ එන්නම්..”
“ඕනෙ නෑ..මම කැබ් එකක් එවන්නම්..”..
“හ්ම්..”.
පුතා..කෑම ලෑස්තී එන්න..”පහල සිට සුමිත්රා එසේ කියද්දී දේව් පහලට ගියා
වන්දනාද ඔහු පසු පසින් ඇදුනා
“තාත්තා අද ඔෆිස් යන්නැද්ද..”දේව් අසද්දී
“මම ආයෙ ඔෆිස් එන්නෑ පුතා.දැන් අපි නිදහසේ ඉන්න ඕනෙ කාලෙ..නේද සුමිත්රා. “
“ඒක හැබෑව..දැන් පුතයිදුවයි එකතු වෙලා මේ බිස්නස් දියුනු කරන්න ඕනෙ..”
“පුතා..”
“ඇයි තාත්තා.”
“මම මේ කියන්නම හිටියෙ..නරකද වන්දනාවත් බිස්නස් එකට ජොයින් කරගත්තොත්..”
මහේන් එසේ කියද්දී දේව් වන්දනා දෙස බැලුවා
“වන්දනා ඩිග්රියක් තියන ලමෙක්නෙ..අනික මේ දරුවා බෑන්ක් එකට යන එකත් නතර කරා..අපරාදෙනෙ නිකම් ගෙදර ඉන්නෙ…දූ ඔයත් දේව් එක්ක බිස්නස් වලට ජොයින් වෙන්න..ගයාන් පුතා කියන දේ හරි”
“මොනාද ගයාන් කීවෙ..”දේව් අසද්දී
“ගයාන් පුතා තමයි කීවේ වන්දනාවත් බිස්නස් වලට ජොයින් කරන්න කියලා…අකවුන්ට් සෙක්ශන් එකේ වේකන්සියකුත් තියනවා නේ. ගයාශි මැරි කරන නිසා එයාගෙ පොස්ට් එක වන්දනාට දෙන්න..අපේ අලුත් අකවුන්ට් නෝනා අපේ ගෙදරම ඉද්දි පිටින් කට්ටිය ගන්න අවශය නෑනේ..”මහේන් එසේ කියද්දී දේව් පුටුවෙන් නැගී සිටියා
“ඔය කාල ඉවරද පුතා. “ශ්රියානි අසද්දී
“ඔව් නැන්දා..මට ඇති..අම්මා මම යන්නම්..තාත්තා යනවා.පොඩ්ඩො මම යනවෝ..”සියල්ලන්ටම සමු දුන්නත් දේව් වන්දනා දෙස නොබලාම කාරයට නැග්ගේ හිතේ කෝපයෙන්
“මේ ගයියා..“
.
ඇන්ටී…”ගයාන් කෑගසද්දී
“මොකද දරුවො මේ බෙරිහන් දෙන්නෙ..”
“ඇන්ටි කෝ නංගි..”
“අන්න ලෑස්ති වෙනවා.දැන් එයි..ගයාන් පුතා..ඔයාට හිතෙනවද මේ දේ හරියයි කියල…”
“ශුවර් ඇන්ටි..මේ ගයියගෙ ප්ලෑන් කවදාවත් වැරදිලා නෑ..”
“කොහොමහරි මගෙ දරුවා අර නැට්ටිච්චිගෙන් බේරුනොත් ඇති…”
මොවුන් මෙසේ කතා කරමින් සිටියදී වන්දනා සූදානම් වී පැමිනියා
“හරි අයියා..යමු..අම්මා අපි යන්නම්..”
සුමිත්රාට වදිමින් වන්දනා එසෙ කියද්දී
“පරිස්සමින් පුතේ..”හිස අතගා සුමිත්රා එසේ පැවසුවා
“අක්කේ..”හසිදු එසේ කියමින් ඇය අසලට දිව එද්දී
“ඇයි පොඩ්ඩො..”
“මට එනකොට ලොකු චොකො එකක් ගෙන්න”යැයි පැවසුවේ සිනාසෙමින්
“අපෝ චොකෝ පෙරේතයා..හා හා මම ගේන්නම්..”වන්දනා එසේ පැවසුවේ හසිදුගේ හිස අතගාමින්
කාරයට නැගි වන්දනා දිගු සුසුමක් පිටකලේ හිතේ තිබූ නොසන්සුන් බව නැති කරගැනීමටයි
“නංගා..ඔයාට ශුවර් නේද මේ දේ කරන්න පුලුවන් කියල..”
“ඔව් අයියා..මට දේව් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන්..”
“ගුඩ්..එහෙම තමයි ඉන්න ඕනෙ..අපි යමු එහෙනම්..”
හා..”
විනාඩි කිහිපයකින් පසු වාහනය ඇවිත් නිවසක් අසල නතර කරනු ලැබුව
“මේක තමයි ගෙදර..ඔයා කොහොමහරි ගෑනිව ගෙදරින් එලියට ගන්න ඕනේ..ඒ වගේම අර එහා පැත්තෙ තියන ජනේලෙ අරින්නත් ඕනෙ ඕකේ..”
“හරි අයියා..මම එහෙම කරන්නම්..”
“ගුඩ් ලක්..දැන් යන්න..”
“හ්ම්..අයියත් කරන දෙයක් පරිස්සමින්.”
“හරි බම්..මෙ ගයියාට ඕව හොදට පුරුදුයි..”
එයට සිනාසුනු වන්දනා හිතේ ධෛයෙන් නිවස අසලට ගොස් බෙල් එක නාද කරනු ලැබුවා
විවර උනු දොරෙන් එලියට ආවේ….
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි..ඔයාලගෙ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා..ඒ හැම කමෙන්ට් එකකින්ම් මට කතාව ලියන්න තවත් ශක්තිය ලැබෙනව..ඔයාල ඔක්කෝටම තෑන්ක්ස්..ආදරෙයි
”