නුබේ පතිනියයි මා විසිවන දිගහැරුම

“දේව් මල්ලි ඔයානම් හරිම ලකී..මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක් ලබන්න. බලන්නකෝ අද හරිම ලස්සනයිනේ නංගා..ප්‍රින්සස් කෙනෙක් වගෙ..”වන්දනාව හැඩගන්වන්නට පැමිනි බුයුටීශියන් එසේ කීවේ දේව් දෙස බලමින්..දේව් ඒ මොහොතේ බැලුවේ වන්දනා දෙසය..

“ඇත්තටම අද වන්දනා ගොඩක් ලස්සනයි තමයි…”දේව් එසේ සිතින් සිතුවක් එය ඇයට පැවසුවේ නැත..

වන්දනා අද ඉන්දියානු ක්‍රමයට හැඩගන්වා තිබුනි..ලස්සන ගුජරාටියකින් හැඩගැන්වී ඇති ඇය අද සැබවින්ම සුන්දර යුවතියක් වූවාය..දේව් ඇයටම ගැලපෙන අයුරින් රත් පැහැති කුර්තාවකින් සැරසුනි…

“දේව් මල්ලි මේ කෙල්ල මැරි කරා කියලා හිතන්න බැරි තරම් කියුට් අනෙ..ඔයාට වයිෆ්ගේ පස්සෙන්ම ඉන්න වෙයි ඔන්න…කෙල්ල හරිම හැඩයිනෙ..මම ඩ්‍රෙස් කරපු ලස්සනම බයිට් ඔයා..ඔයාට ගොඩක් මේකප් දැම්මෙත් නෑ මම.”බියුටීශියන් වන්දනාව එසේ වර්නනා කරද්දී දේව්ලගේ රූම් එකේ දොරට කව්රුන් හෝ තට්ටු කලා.

“පුතේ ඔයාල ලෑස්තිද…”ශ්‍රියානි එසේ දොරට තට්ටු කරමින් අසද්දී දේව් ගොස් දොර හැරියා.

කාමරයට හා ශ්‍රියානි දේව් හා වන්දනා දෙස බලාසිටියේ ආදරය පිරි දෑසින්

“අනේ ඇස් වහක් වදින්න එපා මගෙ දරුවො දෙන්නට…දුවේ ඔයා අද හරිම ලස්සනයි පුතේ…”ශ්‍රියානි එසේ පැවසුවේ වන්දනාගේ සුන්දරත්වය බලමින්

“නැන්දා මම කැතයිද එතකොට..”දේව් අසද්දී එතන උන් සියල්ලටම සිනහ නැගුනි

“අනේ නෑ..මගෙ කොල්ලත් අද රාජ කුමාරෙක් වගෙ..”

“අයියා..ඔයාට වඩා අක්ක ලස්සනයි නේද අම්මා.”පුංචි හිරුශ එසේ පැවසුවේ වන්දනා අසලට යමින්

හිරුශගේ හිස අතගෑ වන්දනා

“ඔයත් අද ගොඩක් ලස්සනයි පොඩ්ඩො..නැන්දා ඔයාට ඔය ඔසරිය ගොඩක් ලස්සනට මැච් වෙනවා.”වන්දනා පැවසුවේ ශ්‍රියානි දෙස බලමින්

හිගන්නියක් වගේ හිටපු මට ආයෙ මෙහෙම ඇදුමක් අදින්න ලැබෙයි කියල මම හිතුවෙ නෑ පුතේ..මේ හැමදේම ඔයා නිසයි..”ශ්‍රියානි එසේ පැවසුවේ දෑසට නැගුනු කදුලු පිසදාගනිමින්

දේව්ගේ දුරකතනය නාද වූයේ මේ මොහොතේ

“හෙලෝ.ගයියා.”

“ඒ මචන් උබල රෙඩිද මම හොටෙල් එකේ..”

“අහ්…ඔව් බන්..අපි එන්නම්..”දේව් එසේ කියමින් දුරකතනය විසන්දි කලා

“ගයියා ඇවිත් වන්දනා අපි යමු නේ..නැන්දා පොඩ්ඩා ඔයාල දෙන්න වත්සලා(බියුටීශියන්)අක්ක එක්ක කා එකේ එන්න..”

“හා පුතේ..”

දේව් හා වන්දනා එන පෙරමග බලා සිටි ගයාන්

“වාව්..මුන් දෙන්න නියමෙට මැච් වෙනව..කෙල්ල පට්ට ලස්සනයි..අර උඩැක්කියට වඩා වන්දනා කොච්චර අහිංසක පාටද..මූ මේ කොහෙවත් යන උඩැක්කියකට මැරෙන්න හැදුවනෙ අම්මපා..”ගයාන් එසේ සිතින් සිතද්දී දේව් හා වන්දනා කා එක අසලට පැමිනියා

“ආ මනමාල කුරුල්ලා..කොහොමද පැනි හදේ හොදයිද”ගයාන් ඇසුවේ ඇසක් ද ගසමින්

“මගෙ කුනුහරප නාහා කා එක ගනින් යන්න..”

“හා.හා…කියන්න ලැජ්ජා ඇතිනේ කොල්ලට…නංගි මූ ඔයාට අතුරු අන්තරාවක් කරේ එහෙම නෑනේ..”ගයාන් එසේ ඇසුවේ වන්දනා දෙස බලමින්

වන්දනා එයට සිනාසුනා පමනි…

“නැගපල්ලා..නැගපල්ලා..යමු..”ගයාන් කාරයට නගින්න සදා ආයෙ නැවතුනේ ඈතින් එන රුව දුටු නිසා

“ශ්‍රියානි ඇන්ටි..”ගයාන් පැවසුවේ ඔවුන් දෙසට එන ශ්‍රියානිව පෙන්වමින්

“ඔව් බම්..මට පොඩි නැන්දා හම්බුනා..මම උබට යනකොට විස්තරේ කියන්නම්..තාම කව්රුත් දන්නෙ නෑ..”

දේව් හා වන්දනා ගයාන් සමග කාරයට නගිද්දී ශ්‍රියානි හා හසිදු වත්සලා සමගින් පිටත් වුනි

දේව්..මට කියපන් කොහොමද ශ්‍රියානි ඇන්ටිව හම්බුනේ බන්..අපි එයාව හොයපු නැති තැනක් නෑනේ…උබ ඒ දවස්වල කොච්චර අවුලෙන්ද හිටියෙ..”ගයාන් එසේ ඇසුවේ කාරය පදවන ගමන්

දේව් ගයාන්ටසිදු වූ සියල්ල පැවසුවා

ඔහ්..මයි ගෝඩ් මේක ස්ටෝරියක් වගේ බන්..නංගා ඔයානම් ග්‍රේට් ආ…ඇත්තමයි කියන්නෙ මම කෙල්ලො ඕනෙ තරම් ආශ්‍රය කරල තියනවා ඒත් ඔයා වගේ කෙල්ලෙක් දැකලම නෑ ..සිරාවටම කියන්නෙ බන් වන්දනා උබට ලැබුනෙ පූරුවෙ කරපු පිනකට … උබම පොඩ්ඩක් හිතපන් උබගෙ නැන්දා කියල නොදැන අර පොඩි එකාව දැකල ඒ ගෙදෙරටම ගිය හැටි..වෙන එකෙක්නම් යයිද හා..ගයාන් පවසද්දී

හ්ම්..ඔව් බන්”දේව් එයට පිලිතුරු බැන්දා

“ඔයා ලස්සනයි වගේම තමයි නංගි ඔයාගෙ ගතිගුනත් ඒ වගේම ලස්සනයි..සමහර කෙල්ලො ලස්සන උනාට උන්ගෙ හිත් කැතයි..සමහර කෙල්ලො කැත උනාට උන්ගෙ හිත් ලස්සනයි. ඒත් ඔයාගෙ රූපෙ වගේම හිතත් ගොඩක් ලස්සනයි”ගායන් පැවසුවේ තමන්ට දැනුනු අවංක අදහසයි

වන්දනා එයට සිනාසුනා පමනි

“අයියේ..මම ලස්සන ඇති..ඒත් මම ගොඩාක් අවාසනාවන්ත කෙල්ලෙක්…මගෙ මහත්තයට මම ආදරේ කරාට එයා ආදරේ වෙන කෙනෙක්ට..ගයාන් අයියට දැනුනට මාව ලැබුනෙ දේව්ට් පූරුවෙ පිනකට කියල දේව් එහෙම හිතන්නෙ නෑ…😢😢😢එයා එහෙම.හිතනවනම් කොච්චර හොදද..”වන්දනා එසේ සිතුවේ දේව් දෙස බලමින්..

පැය කිහිපයකින් පසු ඔවුන් හොටෙල් එකට ලගා වුනි..මනාල යුවලව පිලිගැනීම සදහා දේව්ගේ දෙමව්පියන් මෙන්ම ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ද ඔවුන් එන පෙර මග රැස්ව සිටියා..

රියෙන් බැස දේව් වන්දනාට බැසීමට දොර හරිද්දී ඇය ඔහුගේ දෑත අල්ලා කා එකෙන් බැස්සා..

මනාල යුවල හා මනාලියගේ නෑදෑ හිත මිතුරන්ව දේව්ගේ දෙමව්පියන් ඉතා ඉහලින් පිලිගනු ලැබුවා..

උත්සවය පටන් ගෙන පැයක් පමන ගිය පසු දේව්තම පියා අසලටගියේ වන්දනාද සමගින්

“තාත්තා.”

“ඇයි පුතා.”

“මට ඔයාට කෙනෙක් පෙන්නන්න තියනව අපි පොඩ්ඩක් රූම් එකට යමුද..”දේව් එසේ තම පියා කැටුව ඔවුනට වෙන් කර තිබූ රූම් එකට ගියා

එහි සිටි රුව දුටු මහෙන් පුදුම වී බලාසිටියේ දෑසින් කදුලු කඩා හැලෙද්දී

“පොඩී…මගෙ නංගි..”

“අයියෙ…”යැයි පැවසූ ශ්‍රියානි මහේන්ව වැලද ගෙන හඩන්නට වූවා

“කොහෙද පොඩී මෙච්චරකල් හිටියෙ..උබට මේ අයියව මතක් වුනේ නැද්ද..”මහේන් එසේ පැවසුවේ හඩමින්

“මට සමාවෙන්න මගෙ රත්තරන් අයියෙ මට සමාවෙන්න..”

“මේ පුතාද..”මහේන් ඇසුවේ හසිදුව පෙන්වමින්

“ඔව්…මේ මගෙ පුතා..”

“එතකොට ජයෙ..ඌ කෝ..”මහේන් අසද්දී ශ්‍රියානි සිදු වූ සියල්ල හෙලිකලා

සුමිත්‍රාද මේ මොහොතේ කාමරයට ආවා.ඇයද ශ්‍රියානිව දැකපුදුමයට පත් වූවා

“නංගි..”

“අක්කෙ..”

“කොහෙද ලමයො මෙච්චර දවස් හිටියෙ..අපි ඔයාව කොච්චරනම් හෙව්වද..”සුමිත්‍රා පැවසුවේ ශ්‍රියානිගේ හිස අතගාමින්

“මට සමාවෙන්න අක්කෙ..මට ඔයාලට මූන දෙන්න බැරුව හිටියෙ..මගෙ අයියගෙ කීමට පිටින් ගිහින් මම කරේ ලොකු වැරැද්දක්..එයාගෙ කීම ඇහුවනම් අද මට මෙහෙම දුක් විදින්න වෙන්නෙ නෑ.”

“මම උබට කීව පොඩී..මම උබට කීවා ජයේ ව විශ්වාස කරේ නෑ.ඒත් උබට මේ අයියට වඩා ඌව ලොකු උනා..”මහේන් පැවසුවේ කෝපයෙන්

“දැන් ඕක නවත්තන්න මහේන්. උන දේ උනා..දැන් නංගිව හම්බුනානෙ..ඒත් පුතා කොහොමද මෙයාව හම්බුනේ..”සුමිත්‍රා දේව්ගෙන් එසේ අසද්දී දේව් ඇයට සියල්ල හෙලි කලා

වන්දනා අසලට ගිය සුමිත්‍රා
“දුවේ ..මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි..මහේන් මම ඔයාට කීවා නේද මේ වගේ මැණිකක් අපිට කවදාවත් හම්බෙන්නෙ නෑ කියල..දූ ඔයා අපේ ලේලි නෙමේ මගෙම දුව..අද ඔයා ඔප්පු කරා ඔයාගෙ හදවත කොච්චර පිරිසිදුද කියලා..පුතා මගෙ තේරීම හොදයි කියලා ඔයා දැන්වත් පිලිගන්නවද..”සුමිත්‍රා එසේ අසද්දී දේව් කිසිත් නොකියා නිහඩ වුනි..

කාලය මෙසේ ගත වූයේ දහවල් කෑම ලන්කරමිනි

දේව් වන්දනා සමග ආහාර ගෙන එනවිට දුටුවේ තම මිතුරන් සමගින් සිටින ඒ රුවයි..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩක් ස්තූතියි😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *