නුබේ පතිනියයි මා විසි දෙවන දිගහැරුම
සුදු අක්කි ඇයි ඔයා අඩන්නෙ..”හසිදු ඇසුවේ මේසයට හිස තබා හඩමින් සිටින වන්දනාගෙන්
කදුලු පිසදාගත් වන්දනා “මොකුත් නෑ පොඩ්ඩො ..මේ ඇහැට රොඩ්ඩක් ගියා..”
“අපෝ ඔයා පොඩි ලමෙක් වගේනෙ රොඩ්ඩක් ගියාට ඔහොම අඩනවද අප්පා..”
“හරි හරි පන්ඩිතයා …යන්න ගිහින් දැන් පාඩම් කරන්නකෝ..”
“අනේ අප්පා මට බෑ.”
“ඒ මොකෝ පොඩ්ඩො බෑ කියන්නෙ..”
“ඒ ගණන් මට තේරෙන්නෑ අප්පා…කරකෝලා අතඇරල වගේනේ හයියෝ..”
“අපොයි.ඔයා යන්න මම එන්නම්කො කියල දෙන්න…”
“මගෙ හොද සුදු අක්කා”වන්දනාව පිටුපසින් විත් තුරුල් කරගෙන හසිදු එසේ පවසද්දී වන්දනාගේ කැපුනු ඇගිල්ල ඔහු අතින් පෑරුනා
“ආව්..”
“ඇයි අක්කි මොකද උනේ..කෝ බලන්න.”හසිදු එසේ පැවසුවේ ඇගේ ඇගිල්ල දෙස බලමින්
එතනට සුමිත්‍රා ආවේ ඒ මොහොතේ
“නැන්දා මේ බලන්නකෝ අක්කිගෙ අත ගොඩක් කැපිලා”හසිදු කීවේ වන්දනා දෙස බලමින්
“පුතා හසිදු අන්න ෆ්ජ් එකේ අයිස් ක්‍රීම් ඇති ගිහින් කන්නකෝ..මම අක්කට බේත් දාන්නම්..”සුමිත්‍රා පැවසුවේ හසිදුගේ හිස අතගාමින්
දූ අපි යමු කාමරේට..ඔය අතට බේත් දාන්න..”වන්දනා අසලට ගිය සුමිත්‍රා එසේ පවසද්දී වන්දනා ඇගේ කීමට එකග වී ඇය සමග පැමිනියා
“දූ ඔය ඇදෙන් ඉදගන්න..මම බේත් එක අරන් එන්නම්..ඕකට ක්‍රීම් එකක් තියනවා ඒක ගාපුවාම ඉක්මනට අඩුවෙයි..අපි සර්ජිකල් වලින් හෝදල ඒ ක්‍රීම් එක ගාමු “
මුලින්ම සර්ජිකල් ස්ව්ල්පයකින් තුවාලය සේදූ සුමිත්‍රා
“දනවද දූ..”යැයි ඇසුවෙ ඇගේ හිස අතගාමින්.වන්දනා හිස දෙපසට සෙලවූයේ නැතැයි කියන්නට මෙන්
“මේ තුවාලෙ වේදනාවක් නෑ අම්මා..මට වේදනාව තියෙන්නෙ දේව්ගේ වචනවල…‘සිතින් එසේ සිතූ වන්දනා හැඩුම් පාලනය කර ගැනීමට උත්සහ දැරුවේ තම තොල සපාගනිමින්
දැන් හරි දූ..ඔන්න බේත් දාල ඉවරයි..හොද වෙලාවට ගැබුරට කැපිලා නෑ.ඕක දවසින් දෙකෙන් අඩුවෙයි
“හා..අම්මා ගොඩක් ස්තූතියි..”
වන්දනා අසලින් වාඩි වූ සුමිත්‍රා
“දූ ඇයි අම්මට ඔයා ස්තූති කරන්නෙ ආ..ඔයා මගෙම දුවනෙ රත්තරනේ”එසේ පැවසුවේ ඇගේ හිස අතගාමින්.
වන්දනා ඇයට තුරුල් වූයේ දෙපාරක් නොසිතාය..ඇයට දැනුනේ තමා මවගේ උනුහුමේ සිටින්නාක් බදු හැගීමක්.ඇයට මෙතෙක් වෙලා සිර කරන් හිටිය හැඩුම් පාලනය කරගත නොහැකි වූයේ සුමිත්‍රාගේ සෙනෙහස නිසා
“පුතේ..අඩන්න එපා….ඔයා අඩනකොට මේ අම්මට දුකයි පුතේ..”
“මම අඩන්නෑ අම්මා”
“අම්ම කෙනෙක්ට බොරු කරන්න දුවෙකුට බෑ..කෝ බලන්න මම දිහා”සුමිත්‍රා පැවසුවේ වන්දනාගේ මුහුන තමා දෙසට හරවාගනිමින්.ඇගේ දෑසින් ගලා යන කදුලු පිසදැමූ සුමිත්‍රා
“දූ..අපිට සමාවෙන්න දරුවො..”
“ඇයි අම්මාමගෙන් සමාව ඉල්ලන්නෙ. ඔයාල මට වරදක් කරල නෑනේ..”
“අපි ඔයාට දේව්ව මැරි කරන්න කියල කරේ වරදක් කියල මට හිතෙනවා.”
“අම්මා..”
“ඔව් දරුවො..මම ඔය දරුවගෙ සතුට නැති කරාද කියල හිතෙනවා..අම්ම කෙනෙක් විදියට තමන්ගෙ එකම දරුවා නැට්ටිච්චියෙක්ට රැවටිලා විනාස වෙනවා මට බලන්න බැරි උනා..මම මගෙ දරුවව බේරගන්න ඕනෙ නිසයි එහෙම කරේ..මම වැරදිද දූ”සුමිත්‍රා ඇසුවේ හඩමින්
“අම්ම..අඩන්න එපා..අම්මා වැරදි නෑ..ඕනෙම අම්ම කෙනෙක් කර්න්නෙ අම්ම කරපු දේ”
“මම ඔයාට අද හැමදේම කියන්නම් පුතේ..අපේ පුතා යුනිවර්සිටි යනකාලෙ ගර්ල් කෙනෙක් එක්ක යාලු උනා..ඒ කෙල්ල තමයි ශයිනි..ඒ කෙල්ල ගොඩක් දුප්පත්…දුප්පත් උනත් කමක් නෑ දරුවො ගතිගුන හොදයිනම්..ඒකිට ඕනෙ මගෙ පුතාව නෙමේ එයාගෙ සල්ලි..ඒත් මේ.දරුවට ඒක තේරෙන්නෙ ඈ..මගෙ කොල්ලා ඒකි මත්තෙම නැහෙන්න හදනවා..මම කොහොමද මගෙ දරුවා අමාරුවෙ වැටෙනව බලන් ඉන්නෙ..ඒ මගෙ එකම දරුවා..දූ ඔයාව දැක්ක දවසෙ මට තේරුනා ඔයා කොච්චර ගුන යහපත් දරුවෙක්ද කියල..ඒකයි මම මහේන්ට කියලා ඔයාට යෝජනාවක් ගෙනාවෙ .ඒත් පුතේ අපේ කීමට දේව් ඔයාව මැරි කරාට ඔයාල දෙන්නා සතුටින් නෙමේ ඉන්නෙ කියලා මට තේරෙනව..මගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න ගිහින් මම ඔයාගෙ ජීවිතේ විනාස කරා පුතේ”සුමිත්‍රා හඩමින් එසේ පවසද්දී වන්දනාගේ දෑසින් කදුලු කඩා හැලුනි
“අම්මා අඩන්න එපා..දේව් නරක කෙනෙක් නෙමේ අම්මා..එයා මට හොදින් සලකනවා..එයා මට ආදරෙයි..”
“දූ..ඔයා කියන්නෙ බොරු කියලා මම දන්නව දරුවො…වන්දනා මට එක පොරොන්දුවක් වෙන්න”
“කියන්න අම්මා..”
“මගෙ දරුවව කවදාවත් දාලයන්න එපා..එහෙම උනොත් අර ශයිනි මගෙ අහිංසකයව රවට්ටගෙන විනාස කරයි..මගෙ දරුවව බේරගන්න මට උදව් කරනව නේද දුවේ..ඒ දේ කරන්න පුලුවන් දුවට විතරයි..දුවගෙ ගතිගුන දැනෙනකොට දූගෙ ආදරේ දැනෙනකොට දේව් දූට ආදරේ කරයි…අනේ පුතේ මට පොරොන්දු වෙන්න මගෙ පුතාව කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා..”
මේ මොහොතේ දේව් පහලට ආවේ ඔෆිස් එකට පිටත් වීම සදහායි..ඔහුට සුමිත්‍රා කියූ දේ හොදින් ඇසුනි..ඔහු මදක් දොර අසලට වී කන් දුන්නේ වන්දනාගෙ පිලිතුර අපේක්ශවෙනි
“අම්මා..ඔයා බය වෙන්න එපා.මම කවදාවත් දේව්ට කරදරයක් වෙන්න්වත් තනි වෙන්නවත් දෙන්නෙ නෑ..එයාව රවට්ටන්න මම කාටවත් දෙන්නෙ නෑ..දේව් මට ආදරේ නෑ කියලා මම දන්නවා අම්මා..ඒත් මම දේව්ට ගොඩක් ආදරේ කරනවා..මගෙ ආදරේ අපි දෙන්නටම ඇති අම්මා…මම මගෙ මහත්තයට ආදරේ කරන්නෙ අවංකවමයි…එයාට පොඩිම කරදරයක්වත් වෙන්න මම ඉඩ තියන්නෑ..මම අම්මට පොරොන්දු වෙනවා දේව්ව මම කවදාවත් තනිකරන්නෙ නෑ..මම කියන්නෙ නෑ මම මැරෙනකම් එයා එක්ක ඉන්නවා කියල..ඒත් මම දේව් මැරෙනකම්ම එයාගෙ හැම දුකකට සතුටකටම මම ඉන්නව එයා මේ ලෝකෙන් ගිය දාට මමත් යනවා අම්මා..මොකද දේව්ගෙ හුස්මක් නැතුව මට ජීවත් වෙන්න බෑ..”වන්දනා ප්‍රතම වතාවට දේව් ගැන තම සිතෙහි උපන් ආදරය සුමිත්‍රාට හෙලිකරෙ හඩමින්
මෙය අසා සිටි දේව් නලල තෙරපා ගත්තේ තම සිතට දැනුනු පීඩනය නිසා
“මේ කෙල්ල මොනවද මේ කියන්නෙ මට ආදරෙයිලු.චික්…මම දැන් මොකද කරන්නෙ..”
එසේ සිතූ දේව් එතනින් ඉවත් වුනේ හිත නොසන්සුන් වෙද්දී
“අනේ මගෙ වස්තුවෙ..ඔයාට ගොඩක් පින්..දැනුයි මගෙ හිතට සැනසිල්ලක් ආවෙ..”සුමිත්‍රා එසේ පැවසුවේ වන්දනාව බදාගනිමින්
“අම්මා..අම්ම…මට ලේට් වෙනව..”සාලයේ සිටි දේව් එසේ කෑගසද්දී වන්දනා හා සුමිත්‍රා සාලයට ගියා
“පුතා..ඉන්න මම කෑම රෙඩි කරන්නම්..”
“ඕනෙ නෑ..මට බඩගිනි නෑ..අද එන්න මම ටිකක් රෑ වෙයි..මීටින් එකක් තියනවා.”
“ඒත් පුතා අද සුනිල් අංකල්ලා එනවනේ..ඔයා ඉන්න ඕනෙ නේ..”
“මට මීටින් එක කැන්සල් කරන්න බෑ..අනික එයාල අදම යන්නෙ නෑනෙ..මම මීටින් එක ඉවර වෙලා ඉක්මනට ඉන්නම්….”
හා..පුතා බ්‍රෙක්පස්ට් එක අරන් යන්නකෝ.අද වන්දනා ඔයා ආසම නිසා කිරිබත් හැදුව. පොඩ්ඩක් කාල යන්න..”
“මම කාටවත් කිරිබත් හදන්න කීවෙ නෑ..මට ලේට් වෙනවා.මම යනවා..තාත්තා උදේම ගියානේද”
“ඔව්..ඒත් දරුවො පොඩ්ඩක් කාලා.”
සුමිත්‍රාට එය කියා ඉවර කිරීමට ඉඩ නොදුන් දේව් ඇයට වැද පිටත් වූයේ වන්දනා බලාසිටියදී
“දෑසින් කදුලු පුරවාගෙන වන්දනා බලාසිටියේ දේව් යන දිහා
“දුවේ..”සුමිත්‍රා එසේ කීවේ වන්දනා ගැන උපන් දුකින්
“ඒකට කමක් නෑ.අම්මා මට දුක නෑ..මගෙ ඔලුව පොඩ්ඩක් රිදෙනවා.මම රූම් එකට යන්නම්..”
දේව්..මොකෝ බන් උබ අප්සට් මූඩ්..මම උදේ ඉදන් බලාගන හිටියෙ..උබ ඔෆිස් එකේ හිටියට මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ..”ගයාන් ඇසුවේ බැරෑරුම් කල්පනාවක සිටි දේව් දෙස බලමින්
“මොකුත් නෑ.ගයියා”
“දේව්..දේව්…මම උබව දන්නෙ වැලි සෙල්ලම් බත් හදන කාලෙ ඉදන්..මට කියපන් මොකද්ද අවුල ආ”
“මචන් ගයියා.මට හිතෙනව මම වන්දනාව මැරි කරලා කරේ වරදක්.කියලා.”
“මොකක්..ඇයි උබ එහෙම කියන්නෙ..”
“ගයියා මට උබට දෙයක් කියන්න තියනවා”
“මොකද්ද..”
“වන්දනාව මම මැරි කරාට එයාගෙයි මගෙයි අතර කිසිම සම්බන්දයක් නෑ.”.
“තේරෙන්න කියපන් යකෝ සම්බන්දයක් නෑ කියන්නෙ උබල දෙන්න..”
“ඔව්.උබ හිතන එක හරි කොටින්ම කියාවනම් වන්දනා තාම කෙල්ලෙක්..මම ඒකිට කිස් එකක්වත් දීල නෑ.”
“මොනාවද හුත්..තෝ මේ කියන්නෙ..එතකොට චික්..උබ තාමත් අරබැල්ලි ගැනද හිතන්නෙ..”
“ගයියා ශයිනිට බනින්න එපා..ඕකේ..”.
“අනේ මේ දේව්..මට ඔය උඩැක්කිය පේන්න බෑ..තොගෙ ඇස් පෙන්නෙ නැතුවට මට පේනව..බලපන් හරියට ඇදුමක්වත් අදින එකියක්ද.හැම්වෙලේම බාගයක් එලියෙ..උබ නොදන්නවා උනාට ඕකිට තව කොල්ලො කීයක් ඇතිද..තෝ එක්ක ඉන්නෙ තොට ආදරේට නෙමේ සල්ලි වලට කෑදරකමට..”
“ගයියා..ශටප්…තව එක වචනයක්වත් කියන්න එපා..”
“දේව්..මම කියන එක තේරුම් ගනින්..උබ මගෙ සහෝදරයා වගෙ. තෝ අර රත්තරන් වගේ ඉන්න කෙල්ලට රිද්දලා අර උඩැක්කියව එල්ලගන කරන්නෙ වැරැද්දක්..”
“ඉන්ෆ්.. “
“උබට කවදහරි තේරුම් යයි දේව්..ඒත් එදාට පෙරහර ගිහින් ඉවර වෙයි..ඒත් මම හිතනව වන්දනා උබව තනිකරන එකක් නෑ කියල..”.
“ඕ. චික්..මට තේරෙන්නෑ මම මොනව කරන්නද කියලා.මේ වන්දනා මගෙ ඔලුව අවුල් කරනවා බන්.”
“වන්දනා නෙමේ උබගෙ ඔලුව අවුල් කරන්නෙ .අරකි..මට.දැන් කියපන් උබ වන්දනාට මොකද කර්න්නෙ කියලා ආ”
“මම ඒකිව ඩිවෝස් කරනවා..”
“වට්..ආ යූ මෑඩ්…තෝ නම් පොල් බූරුවෙක්..”
“මට ශයිනිව අමතක කරන්න බෑ බන්..අනික වන්දනාව තවත් මෙහෙම රවට්ටන්න මට බෑ තාත්තා මට බිස්නස් එක ලියපු ගමන් මමවන්දනාව ඩිවෝස් කරනව”
“දේව්..උබ මේ වගේ නරුමයෙක් කියල මම හිතුවෙ නෑ..මම දන්නව මේ ඉන්නෙ උබ නෙම්.උබගෙ ඔය හැම ප්ලෑන් එකක්ම අරකිගෙ කියලා.තමන්ගෙ බඩේ තියන දෙයක් හරි වෙන එකෙක්ට දෙන උබ බිස්නස් නිසා අර අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරයි කියලා මට හිතාගන්න බැ.තොට ඩිවෝස් එක ලේසි දෙයක් උනාට වන්දනාට එහෙම නෑ..ඒකි කෙල්ලෙක්..උබ ඩිවෝස් කරත් ඒකිටයි ලොකයාගෙන් වැරදි අහන්න වෙන්නෙ..කෙල්ලෙක්ට කසාදෙ කියන්නෙ ජීවිතේම විශේශයෙන් වන්දනා වගේ කෙල්ලෙක්ට..උබ ඒකිව ඩිවෝස් කරලා ඒකිගෙ ජීවිතෙයි විනාස කරන්නෙ”ගයාන් පැවසුවේ කෝපයෙන්.
“අනේ බන්..ඕක නවත්තපන්.”
“හරි මම නවත්තන්නම්..උබට වන්දනාව එපානෙ..හරි උබ ඩිවෝස් කරපන්. මම ඒකිව මැරි කරනවා..”ගයාන් පවසද්දී දේව් පුදුම වී ඔහු දෙස බැලුවා.
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි වස්තුලා..