නුබේ පතිනියයි මා හතලිස් එක්වන දිගහැරුම

( අවසාන කොටස් දහය)

මට මිස්ටර් කීර්ති ගැන පොඩි සැකයක් තියනව බන්..”

“ඇයි උබ එහෙම කියන්නෙ..”

“අර අකවුන්ට් වල කේස් එක ගැන මට මිනිහව සැකයි දේව්..”

“ඒ මොකෝ..”

“ඌ දැන් ටික දවසක ඉදන් වෙනස් බන්..මූ අකවුන්ට් ගැන අහන හැමවෙලේම මගාරිනව..”

“ඒකත් එහෙමද…උබ හොයල බලහන්කො බන්..ඌව අස් කරන්න ඕනෙ උනොත් ඒකත් කරපන්..”

“හ්ම්..මට හිතෙනවා මේක පිටිපස්සෙ සංජය ඉන්නවද කියලා..මම දැක්කා දවසක් මෑන් කීර්තිකාරයා එක්ක කතා කරනව..”

“ඌ ඇති අනිවාරෙන් බල්ලා..”

“හ්ම්..අපි බලමුකෝ..කොහොමත් වැඩි දවසක් යන්න කලින් ඕකව කොටු කරගන්න ඕනෙ…දමිතා වැඩ පටන් ගත්තා කීවා..උබව ඇක්සිඩන්ට් කරපු ටිපර් එක හොයාගත්තා කීවා. ඉක්මනට අපිට ඕක කරපු එකාව හොයාගන්න පුලුවන්. අනිවාරෙන් මේක සංජයගෙයි ශයිනිගෙයි වැඩක්..”

“හ්ම්..මට දුක මම ගැන නෙමෙයි බන් ම්ගෙ කෙල්ල ගැන…මම ඒකිව බලාගන්න ඕනෙ කාලෙ මගෙ අහිංසකී මගෙ හැම වැඩක්ම කරනව බන්…මාව නාවන්නෙ කවන්නෙ ඔක්කොම කරන්නෙ මගෙ කෙල්ල..මට ඒක දරාගන්න බෑ බන්..”

“හ්ම්.. නංගා ඒ හැමදේම කරන්නෙ උබට තියන ආදරේට..අපි ඉක්මනට සනීප වෙමුකෝ..බය නැතුව ඉදපන්. හෙට යමුකො අනුරාදපුරේ..”

“හ්ම්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දේව් ඔයාට අමාරුද…”

“කොන්ද පොඩ්ඩක් ඇදුම් කනව වන්දනා. එහෙම අවුලක් නෑ..”

“හ්ම්..”

පැය ගානක් එක දිගට වාහනයේ ගිය නිසා ටික මොහොතකින්

“ගයාන් අයියා වෑන් එක නවත්තන්නකෝ..”වන්දනා පැවසුවේ අපහසුවෙන්..ගයාන් එක්වරම වෑන් එක නවතා

“ඇයි නංගා..”

“මට වොමිට් වෙන්න වගෙ”යැයි පැවසූ වන්දනා කාරයෙන් බැස්සේ දේව් ඇය දෙස බලා සිටියදී..දේව්ට ඇය අසලට යාමට අවශය වුවත් එය නොහැකි විය .සුමිත්‍රා හා ශ්‍රියානි වොමිට් කරන වන්දනා අසලට ගියේ ඇයව වාරු කරගැනීමට.
“දූ ඔයාට අමාරුවක් නෑනේද..”

“නෑ අම්මා..දැන් හරි.”

“ඔය කාලෙට ඔහොම තමයි පුතේ…ගොඩක් දුර එක දිගට ආවනේ..ඒකයි ඔය..”

“ඔව්..නැන්දා අපි යමු..පැවසූ වන්දනා වෑන් එකට නැග දේව් අසලට ගොස් අසුන් ගත්තා..ඇයව තම පපුවට හේත්තු කරගත් දේව්

“මට සමාවෙන්න මැණික..”

“ඇයි මහත්තයෝ මගෙන් සමාව ඉල්ලන්නෙ..”

“මට ඔයා ලගට එන්න උනත් මට එන්න බෑ..මම මහ කාලකන්නියෙක්..පවුකාරයෙක්..”දේව් පැවසුවේ දෑසින් කදුලු ගලා යද්දී..ඔහු දෙස බැලූ වන්දනා ඔහුගේ කදුලු පිස

“මොනාද ඔයා මේ හිතන්නෙ මහත්තයෝ..මගෙ මහත්තයා කාලකන්නියෙක්වත් පවුකාරෙක්වත් නෙමේ..ඔයා නැත්නම් අද මම නෑ රත්තරන්..එදා අපි හැප්පුන වෙලේ ඔයා මගෙ සීට් එකට පැන්නෙ මාව ආරක්ශා කරගන්න..ඒ නිසයි ඔයාට මෙහෙම උනේ..😢😢

“අපිට මේ මොනවද උනේ මැණික..”

“මිනිස්සුන්ට ප්‍රශ්න එනවා දේව්…හිතන්න මේ අපේ නරක කාලයක් කියලා .ඉක්මනටම මගෙ රත්තරන් ආයෙ කකුල් දෙකෙන් හිටගන්නවා..”වන්දනා පවසද්දී දේව් ඇගේ හිස සිම්බේ ආදරයෙන්

“තාම වොමිට් වෙන්න එනවද මැණික..අමාරුවක් නෑනේද..”

“නෑ මහත්තයෝ ..දැන් හරි…මේ කාලෙට එහෙම තමයි ඔයා බයවෙන්න එපා”

“හ්ම්..ඔහොම නිදාගන්න සුදු මැණික..මම ඔලුව අතගාන්නම්..ඔයාට මහන්සි ගොඩක්. අපේ චන්ඩි පැටියා ඉන්න දෙන්නෙ නෑ වගේ අම්මට..”දේව් පැවසුවේ වන්දනාගේ කුස අතගාමින්..

“තාත්තා වගේ නැතෑ පුතත්…”එසේ පැවසූ වන්දනා දේව්ගේ පපුවට තුරුල් වී දෑස් පියාගත්තා..ඔහුගේ පපුවට කෙට් හාදුවක් තැබූ ඇය
“ඔයා දන්නවද මහත්තයෝ මේ තමයි මම මේ ලෝකේ ඉන්න ආසම තැන “

“මගෙ පිස්සි…මම ආදරෙයි මැණික..ගොඩක් ආදරෙයි…”දේව් පැවසුවේ ඇයව තවත් තුරුල් කරගනිමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වෙද මහත්තයෝ මගෙ පුතාව සනිප කරගන්න පුලුවන් නේද..”මහේන් ඇසුවේ දේව්ව පරීකශා කරන වෙද මහත්තයාගෙන්

“අපි බලමුකෝ මහත්තයෝ ඊට කලින් කොරන්න දෙයක් තියනව. මේ බේත් එකක් තියනව. අපි මේ දරුවගේ කකුලේ ගල්වලා ඉමු…වේදනාවක් දැනුනොත් කියන්න පුතේ ..”එසේ පැවසූ වෙද මහතා

“දෙව්මිනී…කෙල්ලේ. අර බෙහෙත් එක ගෙනාවනම්..”එසේ කෑගසද්දී

“මේ ගේනවා අප්පච්චි..”

“හ්ම්…දුවේ මේ මහත්තයාගෙ කකුල් දෙකේ ඕක ගෑවනම්..”

“හොදයි අප්පච්චි..”එසේ පැවසූ දෙව්මිනී දේව්ගේ කකුල් දෙකේ බේත් ගල්වන්නට වූවා..

මහත්තයා ඕම දිගාවෙලා හිටින්න..කැක්කුම ආවොත් කියන්න ඕනෙ…ඔය මහත්තයලා යමු මාත් එක්ක..”

වෙද මහතා එසේ පවසන විට වන්දන හැර අන් සියල්ලන්ම ඔහු පසු පසින් ගියා

“දේව් කැක්කුමද මහත්තයෝ..”වන්දනා ඇසුවේ දේව්ගේ හිස අතගාමින්

“නෑ හිරූ…තාම කැක්කුම නෑ..”

“හ්ම්..”

“හිරූ..මාව සනීප වෙයිද..මට ඇවිදින්න පුලුවන් වෙයි නේද ආයෙ..”දේව් අසද්දී

“අයියා බයවෙන්න එපා…ඔයාට ඉක්මනට සනීප වෙයි..අපේ අප්පච්චි සනීප කරන්න බැරි නම් ඔයාව බාරගන්නෙ නෑ..”දෙව්මිනී එසේ පැවසුවේ සිනාසෙමින්

“නංගා දෙව්මිනී කීව්ව නේද..මොකද කරන්නෙ ජොබ් එකක් කරනවද..”

“නෑ අක්කි ජොබ් එකක් හෙව්වට හම්බුනේ නෑ.”

“මොනවද ඒ ලෙවල් කරේ..”

“කොමස් අක්කි…මම chartet exsecative level එකත් කරලා තියේ..”

“අයියෝ..දේව් නංගව අපේ කම්පැනි එකට ජොයින් කරගන්න බැරිද..”වන්දනා අසද්දී දේව් අපහසුවෙන් හිස සැලුවා

“දේව් ඇයි රත්තරන් අමාරුද..”

“අනේ හිරූ මටනම් බෑ කකුල කකියනව..”දේව් පැවසුවේ හඩමින්..ඔහුගේ වේදනාව දැක වන්දනාටද හැඩුම් ආවා

“ඔහොම ඉන්න අක්කෙ මම අප්පච්චිට එන්න කියන්නම්..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

බය වෙන්න කාරි නෑ..ඔය කැක්කුම ආවා කියන්නෙ මහත්තයාගෙ කකුල සනීප කරන්න පුලුවන්..ටිකෙන් ටික මහත්තයගෙ කකුලට පන එයි..හැබැයි මහත්තයට මෙහෙ මාසයක් හමාරක් නවතින්න වෙනවා..මට මූලික් ප්‍රතිකාර ටික කරන්න…ඊටපස්සෙ මහත්තයට ගෙදර ඉදන් බේත් කරන්න පුලුවන්..”

“හොදමයි වෙද මහත්තයා..”මහේන් එසේ පවසද්දී

“වෙද මහත්තයා මටත් පුලුවන්ද දේව් එක්ක මෙහෙ නවතින්න..”වන්දනා අසද්දී සියල්ලන්ම ඇය දෙස පුදුමයෙන් බැලුවා

“අනේ පුතේ ඔයා කොහොමද ඉන්නෙ. ඔයා ඉන්න තත්වෙ එක්ක ..”සුමිත්‍රා එසේ ඇගේ විරෝදය දක්වද්දී

“අනේ අම්මා මට දේව් එක්ක එන්න ඕනෙ..වෙද මහත්තයා මටත් පුලුවන් වෙද මහත්තයලට උදව් කරන්න මගෙ මහත්තයාව සනිප කරගන්න..මම ඉන්නද..”

ටික මොහොතක් කල්පනා කර වෙදමහතා
“හොදයි නෝනටත් ඉන්න් හැකි..අපේ කෙල්ලත් ඉන්න එකේ බය වෙන්න කාරියක් නෑ…”

“ගොඩක් පින් ඔබතුමාට .”වන්දනා පවසද්දී

“ඔය දරුවා මහත්තයාට ගොඩක් ලෙන් ගතුයි වගෙ..මේව සංසාරික බැදීමක් වගේ..”වෙදමහත්තයා පැවසුවේ සිනාසෙමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවසාන කොටස් දහය ලමයි…මගෙ අකවුන්ට් එක හැක් කරපු නිසා ටික දව්සක් කතාව දාන්න බැරිඋනා සමාවෙන්න බල්න් ඉන්න සිද්ද උනාට..අද ඉදන් දිගටම දානවා..ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි.😘😘😘මගෙ අකවුන් එක රිපෝට් වෙලා වස්තුලා ඔයාලගෙ කමෙන්‍ට්වලට ලයික් කරන්න බැරිවෙයි..සමාවෙන්න වස්තුලා..මම දන්නෙ නෑ ඇයි මෙහෙම කරන්නෙ කියලා…😢😢😢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *