නුබේ පතිනියයි මා හතලිස් තුන්වන දිගහැරුම

අනේ එහෙම නෑ අක්කා..ගයාන් අයියා හරි හොදයි..විහිලුයි..”
දෙව්මිනී පැවසුවේ ලැජ්ජාවෙන්

“ඔව් නංගා ගයාන් අයියා නැත්නම් අද දේව් මම ලග නෑ”වන්දනා පැවසුවේ සුසුමක් හෙලමින්

“ඇයි අක්කා…අයියයි ඔයායි එකතු උනේ යාලුවෙලා නෙමේද..ඔය දෙන්න දැන් ඉන්න විදියට මට හිතුනේ ඔයාලගෙ මැරේජ් එක ලව් මැරේජ් එකක් කියලා..”

“නෑ නංගා.දේව් මමයි මැරි කරේ ප්‍රපෝසල් එකකින්.”යැයි පැවසූ වන්දනා ඇගේ අතීතය දෙව්මිනීට පැවසූවා

එය අසා සිටි දෙව්මිනී

“අනේ අක්කා ඔයා ගොඩක් දුක් විදලා මට හිතන්නවත් බෑ දේව් අයියා එහෙම ඔයාට කරා කීවම..එයාට දැන් ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බෑනේ..”

“දේව් වැරදි නෑ නංගා..එයා කරේ එයාගෙ ආදරේ ආරක්ශ කරගන්න හදපු එක..එයා ශයිනිට ගොඩක් ආදරේ කරා..ඒ නිසයි එයා මට වෙනස්කම් කරේ..”

“මට පුදුමයි අක්කා..ඔයා කොහොමද ඉවසන් හිටියෙ..”

“ඒක මමවත් දන්නෙ නෑ නංගි..දේව්ට තියන ආදරේ නිසා මම ඒ හැමදෙයක්ම දරාගත්තා..අන්තිමට මට මගෙ මහත්තයගෙ ආදරේ හම්බුනා..එයාගෙ ආදරේ එක්ක මට අතීතෙ හැමදේම අමතක කරන්න පුලුවන් නංගි..දේව් කියන්නෙ මගෙ ජීවිතේ මගෙ හුස්ම ටික..මම දන්නවා දේවටත් මම නැතුව දැන් ඉන්න බැහැ කියලා..”

“ඔව් අක්කා දේව් අයියගෙ හැමවෙලේම කටේ තියෙන්නෙ මගෙ හිරූ තමා..”

“ඔව් නංගි..ඒක නෙමේ ඔයාට බෝයි කෙනෙක් නැද්ද..”

“අනේ නෑ අක්කා.මට ඒව ඕනෙ උනේ නෑ..”

“නංගි..මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා ගයාන් අයියා ගැන ඔයාගෙ හිතේ විශේශ තැනක් තියනවා කියලා මට හිතෙනවා..”වන්දනා ඇසුවේ දෙව්මිනීගේ දෑස් දෙස බලමින්

“මම දන්නෙ නෑ අක්කා..ඒත් ගයාන් අයියගෙ කතාවට හැසිරීමට සරල කමට මම ගොඩක් කැමතී..”දෙව්මිනී තම අවංක හැගීම වන්දනාට පැවසුවේ එලෙසින්

“හ්ම්..මටත් ඔය ටිකම එක්කෙනෙක් කිව්වා..ඔය විදිහටම..”වන්දනා පැවසුවේ සිනාසෙමින්

“කවුද අක්කා..”දෙව්මිනී ඇසුවේ පුදුමයෙන්

“ගයාන් අයියා..පෙරේදා මෙහෙ ආපු වෙලේ මම බලාගන කොල්ලගෙ ඇස් හෙව්වෙම ඔයාව..මම අයියගෙන් දැන් ඔයාගෙන් අහපු ප්‍රශ්නෙම ඇහුවා..මට හම්බුනේ ඔය උත්තරේමයි..”වන්දනා පැවසුවේ සිනාසෙමින්

“අක්කා දැන්නම් බේත් ටික හරි. අපි යමුනේද..”දෙව්මිනී පැවසුවේ සිනාසෙමින්

“යමු යමු..කෙල්ලට ලැජ්ජා හිතිලා වගේ..”

“අනේ නෑ අක්කා..”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

හෙලෝ සහස්…මොකද වැඩේ..”

“හරි මචන් තව දවස් තුනක් මට කල් දීපන් ..අජියාව කොටු කරගන්න ..ඊටපස්සෙ ඌ මාර්ගයෙන් සංජයයි ශයිනිවයි අල්ල ගත්තැකි..”

“හරි මචන්..මට කොහොමහරි උන් දෙන්නට ගේම දෙන්න ඕනෙ..ආයෙ හිරෙන් එලියට එන්න බැරිවෙන්නම උන්ව ජීවිත කාලෙටම හිර කරන්න ඕනෙ..”

“උබ බය නොවී ඉදපන්..කොහොමතොය සංජය කියන එකා අපිටත් ඕනෙ වෙලා තියන එකෙක්..”

“හරි මචන්..එහෙනම් මම තිබ්බා..”

“ඕකේ ගයියා..බායි..ආ මේ ඒක නෙමේ දේව්ට මොකද දැන්..”

“දැන්නම් කකුල පොඩ්ඩක් හොලවගන්න පුලුවන්..ඒත් තාම ඇවිදින්න බෑ බන්..දෙයියන්ගෙ පිහිටෙන් ඌට ඉක්මනට හොද වෙයි..”

“ඔව් බන්..කෙල්ලත් ඌ එක්කනේද..”

“ඔව් බන්..ඒකිනම් දේව්ට පන ඇරලා..”

“හ්ම්…නැත්නම් ඔහොම තත්වයකුත් තියාගන කෙල්ල දේව් ගාව නවතීද බන්. මොනව උනත් අර ශයිනිගෙන් ගැලවිලා වන්දනා වගේ කෙල්ලෙක් ලැබුනේ වාසනාවට..”

“ඔව් මචන් සහස්..ඒක ඇත්ත..”

“හරි මචන් මම උබට එහෙනම වැඩේ කරලම කෝල් කරන්නම්කො..සී යූ බායි..”

“හරි බන් බායි..”දුරකතන තැබූ ගයාන්

“සංජය..උබ මෙච්චරකල් නැටුවා වැඩී..උබ දේව්ට කරපු දේට බලපන් මම උබට කරන දේ..”

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

සංජය…මොක්ද්ද අපි දැන් කරන්නෙ..”

“මොනව කරන්නද ගෑනියෙ..චික් අරකට වැඩේ හරියට කරගන්න බැරිඋනානෙ..මම මේ බයේ ඉන්නෙ ඌ පොලිසියට අපිවත් කොටු කරලා දෙයි කියලාඅ..”

“එහෙම උනොත් අපි මොකද සංජය කරන්නෙ..”

“චික්..ඔක්කොම ප්ලෑන් අවුල් උනානෙ..අර දේව් ඒක මැරිලා ආයෙ ඉපදිලානෙ…දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි ශයිනි..”

“මොකද්ද..”

“අපි රටින් පනිමු..”

“ඒත් සල්ලි කෝ..”

“සල්ලි මම ගාව තියනවා. පොඩි බිස්නස් එකක් සෙට් උනා…මට හෙට ලක්ශ පනහක් ඒකෙන් හම්බෙනව..”

“ලක්ශ පනහක්..😱😱😱එච්චර ගානක් හම්බෙන්න ඔයා කරන බිස්නස් එක මොකද්ද. “

“මේ තමුන්ට හැම මගුලම ඕනෙ නෑනේ. යනවා ගිහින් මට කිරි එකක් හදාගන එනව..”සංජය පැවසුවේ කෝපයෙන්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ආ .දෙන්න මොකෝ මෙච්චර වෙලා කරේ…”

“අප්පච්චි අපි මේ බෙහෙත් කොල ටික තම්බලා මේ.මේ..බේත් ටික අබරලා..”දෙව්මිනී පවසද්දී

“හා හා..දැන් මෙතන ගොත ගහන්න ඕනෙ නෑ..වන්දනා ඔයාට පුලුවන්ද පුතේ දේව්ගේ කොන්දෙ එදන් පල්ලෙහාට ඔය බේත් කොල තම්බපු වතුරෙන් තවලා මේ බේත් ටික ගාන්න..නැත්නම් මම කරන්නද..”

“මම කරන්නම්.වෙද මහත්තයා..”

“හොදයි මම එහෙනම් බේත් ඔරුව සූදානම් කොරන්නම්..දෙව්මිනී ඔයත් එන්න මට උදව්වට..”

“හොදමයි අප්පච්චි..”

ඔවුන් දෙදනා ගිය පසු දේව් අසලින් හිද ගත් වන්දනා ඔහුගේ හිස අතගෑවේ ආදරයෙන්

“මොකද මගෙ මහත්තයා තරහෙන් වගේ..”

“මෙච්චර වෙලා කොහෙද හිටියේ…”

“අම්මෝ ඒකටද මේ ඩෝන් ගිහින් තියෙන්නෙ…”

“ඔව් ඉතින් අර කෙල්ල එක්ක කයියට වැටුනාම මාව මතක නෑනේ”දේව් කීවේ මූන හකුලුවාගෙන..ඇදේ හාන්සි වී සිටින දේව්ගේ හිස සිබ

“අනේ නෑ මගෙ රත්තරන්..මම ඔයාට ඕනේ බේත් ටික හැදුවේ..මේ කෙල්ලට මගෙ මහත්තයව එක විනාඩියකටවත් අමතක වෙන්නෙ නෑ.”

වන්දනා දෙස බැලූ දේව්
“හිරූ.”

“ම්ම්ම්..”

“අර දොර පොඩ්ඩක් වහල එන්නකො.”

“ඒ මොකටද..”

“පොල් ගාන්න..වහල වරෙන් බන්..”

දේව්ට සිනාසුනු වන්දනා ගොස් දොර වසා ආවා…

දේව් අසලින් හිදගත් ඇය

“ඉතින්…”යැයි පවසද්දී ඇගේ අතින් ඇද දේව් ඇයව තම පපුවට තුරුල් කරගත්තා..

ආහ්..”

“අනේ ඇයි මැනික මොක්ද උනේ..ඔයාට අමාරුද..”දේව් ඇසුවේ ඇගේ කුස අතගාමින් බියෙන්

“නැහැ දේව් මේ කොල්ලා පයින් ගැහුවා..මේ බලන්නකෝ..”එසේ කියූ වන්දනා දේව්ගේ අත තම කුසට තිබ්බේ ඔහුගේ දෑස් දෙස බලාගෙන

“අනේ ඔව්…මගෙ චන්ඩි කොල්ල..අම්මි තාත්තා හින්දා ගොඩක් දුක් විදිනවා පුතු..ඔයත් අම්මිට රිද්දනවා අම්මි පව් “දේව් පැවසුවේ ඇගේ කුස අතගාමින්දේව් දෙස බලා සිටි වන්දනා ඔහුගේ හිස තම පපුවට තබා ගත්තේ හිස අතගාමින්

“ඔයා හින්දා මම දුක් විදින්නෙ නෑ රත්තරන්…එහෙම කියන්න එපා”

“නෑ මැනික ඔයා මම හින්දා දුක් විදිනවා…ඔයා බලාගන්න ඕනෙ කාලෙ ඔයා මාව බලාගන්නවා.මට සමාවෙන්න..”දේව් පවසද්දී

“ආයෙ ඔහොම කීවොත් මම තලනවා කට…සුදු මහත්තයෝ ඔයා ඉක්මනට සනීප උනාම මට අපේ දෙවනි බබා හම්බෙන්න ඉන්නකොට මේවගෙ ඇරියස් ගන්නම් හොදේ..”වන්දනා පැවසුවේ සිනාසෙමින්

ඇය දෙස බැලූ දේව්..

“අම්මේ මේකි හැදිලා ඉවරයි…”කියමින් ඇගේ දෙතොලට බර උනා..විනාඩි කිහිපයක් ඇගේ දෙතොල් මත දග කෙරූ ඔහු

ආදරෙයි මැනික..”

“මගෙ පිස්සු කොල්ල..දැන් වෙද මහත්තයා ආවම බලයි කකුල් තැව්වෙ නැතුව මොනවා කරාද කියලා..”

😁😁😁තවන්නම් කොච්චර දේවල් තියනවද සුදූ “දේව් පැවසුවේ ඇසක් ගසමින්

“අනේ යන්න ඔයා හරි නරකයි අප්පා..කෝ ඉන්න කොන්ද තවන්න..”එසේ පැවසූ වන්දනා ඔහුගේ කොන්ද තවන්නට වුනි

“අහ්..”එක්වරම තම කුස අල්ලගත් වන්දනා එසේ කියද්දී

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා ලමයි..❤❤❤ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩක් ආදරෙයි…😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *