නුබේ පතිනියයි මා හතලිස් දෙවන දිගහැරුම
ඔව් වෙද මහත්තයා මේ ඉන්නෙ මගේ ජිවිතේ..අනේ මෙයාව කොහොමහරි සනීප කරලා දෙන්න..ඔබතුමාට පින්සිද්ද වෙයි..වන්දනා පැවසුවේ දෑසින් කදුලු කඩා හැලෙද්දී…ඇගේ හිස අත ගෑ වෙදමහතා
‘බයවෙන්න කාරි නෑ දුවේ.මේ යන්නෙ මේ දරුවගෙ නරක කාලයක්..මාරක අපලයක් තිබිලා බේරිලා තියෙන්නෙ..මම ඔය ලමයි දෙන්නගෙම කේන්දර බැලුවා….තව දෙපෝයකින් මේ දරුවගේ අපල කාලය හමාර වෙනවා.”.
“එතකොට මගෙ දරුව සනීප වෙයි නේද වෙදමහත්තයෝ.”සුමිත්‍රා අසද්දී
“අපි බලමුකෝ නෝනා…”
“හොදමයි වෙදමහත්තයෝ…අපි එහෙනම් ගිහින් එන්නම්…දුවේ පුතේ අපි යනව…පරිස්සමින් ඉන්න..”මහේන් පැවසුවේ ඔවුන් දෙදෙනාගේ හිස අතගාමින්
වන්දනා අසලට ගිය සුමිත්‍රා
“අපි යනවා දුවේ. පරිස්සමින් ඉන්න …”යැයි පැවසුවේ ඇගේ හිස සිබිමින්
“හා අම්මා.ඔයාලත් පරිස්සමින් යන්න..”
“දේව් මගෙ පුතේ..මගෙ පුතා පරිස්සමින් ඉන්න..”
“හා අම්මා..”
අපේ මහත්තයා අපේ දුව හිතුවක්කාරවෙලා වගේ..”
“ඇයි තිලකා ඔයා එහෙම කියන්නෙ..”
“සුමිත්‍රා කෙල්ලට එයාල එක්ක ආපහු එන්න කීවම මෙ කෙල්ල බෑම කියලානෙ..”
“එහෙම තමයි නෝනා..අපේ දූ දේව් පුතාට දැන් පන ඇරලා..”
“ඒ උනාට මහත්තයා පොඩ්ඩක් හිතන්න තිබ්බා..බඩදරු අම්මා කෙනෙක් නේද කියලා..”
“නෝනා..දුවගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා තමයි ඒ අසනීප වෙලා ඉන්නෙ..තමන්ගෙ ස්වාමියට විපතක් උන වෙලාවට පිහිට වෙන එක තමයි බිරිදකග්‍ර් යුතුකම වෙන්නෙ..අපේ දූ කරේඅන්න ඒක..ඒක හිතුවක්කාරකමක් නෙමේ…අනික ඉන්නෙ වෙදමහත්තෙක් ලගනෙ..බයවෙන්න දෙයක් නෑ…කොහොමත් ඔය ගම්වල මිනිස්සු ගුනයහපත්…”
“හ්ම්…”
“තිලකා බය නොවී ඉන්න…”
මාසෙකට පසු…
දරුවො..”
“වෙද මත්තයා…”
“කකුලෙ දැන් වේදනාවක් එහෙම දැනෙනවද..”
“ඔව් වෙද මහත්තයා…එක වෙලාවකට ඉවසගන්න බැරි කැක්කුමක් එනවා…”
“හ්ම්..බොහොම හොදයි…ඒ කියන්නෙ සුව අතට හැරෙනවා කියන එක..කකුලෙ අප්‍රාණික ගතිය නැතිවෙලා ආයෙ ඔය දරුවට දෙපයින් හිටගන්න පුලුවන්..”
“එහෙමයි වෙදමහත්තයා…ඔබතුමාට පින්සිද්දවෙනවා…”
හොදයි…ඔහොම ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ..තව ටිකකිම් බේත් වගයක් තියනවා ඒක ගාමු..”
“එහෙමයි..වෙදමහත්තයා..මගේ නෝනා කෝ..”දේව් ඇසුවේ විනාඩි කිහිපයකින් වන්දනාව නොදැකපු නිසා..
“මහත්තයාට නෝනා නොදැක ඉන්නම බෑ වගේ නේද..අන්න කුස්සියෙ අපේ කෙල්ල එක්ක එකතුවෙලා මහත්තයාගෙ කකුල තවන්න ඕනෙ කරන ඖශද ටික සූදානම් කොරනව..”වෙදමහත්තයා පැවසූ විට දේව්ට සුසුමක් හෙලුනේ ඇය තමා වෙනුවෙන් කෙතරම් කරදර විදිනවාදැයි සිතමින්
“මහත්තයා දුක් වෙන්න කාරි නෑ..ඒ දරුවෝ යශෝධරාව වගේ දරුවෙක්..ඔය දෙන්නගෙ බැදීම සාංසාරික බැදීමක්…තව තුන් පෝයක් තියනවා නොවැ දරුවා ලැබෙන්න..ඊටකලින් මම මහත්තයව සනීප කොරන්නම්…”වෙද මහත්තයා පැවසුවේ දේව්ගේ හිස අතගාමින්
අක්කේ කෝ එහාට වෙන්න මම.ඔය බේත් ටික අඹරන්නම්..”දෙව්මිනී පැවසුවේ බේත් අඹරන්නට සූදානම් වී සිටින වන්දනාට
“නෑ නංගි මට පුලුවන්..”
“අක්කට පිස්සුද..මේ පැටියත් උස්සගන ඕව අබරන්න බෑ..කෝ කෝ එහාට වෙන්න මගෙන් ගුටි නොකා..”දේව්මිනී පවසන විට වන්දනා සිනාසෙමින් පසෙකට වුනි
“නංගිට මම හින්දා වදේ නේද..”
“අනේ මොන වදයක්ද අක්කෙ..මාත් පාලුවෙන් හිටියේ..අම්මා නැතිඋන දා ඉදන් අප්පච්චි මායි තනි උනා..ඇත්තමයි කොච්චර ලෙඩ්ඩු ඇවිත් හිටියත් අයියයි අක්කයි තරම් මට කවුරුත් හිතට ඇල්ලුවෙ නෑ…ඔයාල දැන් මට මගෙම සහෝදරයෝ වගෙ…”
“ඔයාට ගොඩක් පින් නංගි මේ කරන උදවු වලට…අපි කොලබ යනකොට ඔයත් යමු..අපේ ඔෆිස් එකේ ඔයාට ජොබ් එක කරන්න පුලුවන්..සති අන්තෙ අපිට පුලුවන්නෙ අප්පච්චිව බලන්න එන්න..”
“හා මම නම් කැමතී අක්කෙ..මම අප්පච්චිගෙන් අහල කියන්නම්..”
“අක්කගෙ කකුල් දෙක හොදටම ඉදිමිලා නේද..”
“ඔව් නංගි..ඒක ගානක් නෑ…මේ කාලෙට කොහොමත් එහෙමනෙ..”
“අපි අයියගෙ කකුල් තවලා අක්කගෙත් තවමු..”
“අනේ ඕනෙනෑ කෙල්ලෙ…මගෙ දේව් ඉක්මනට සනීප වෙයි නේද නංගා..”
“ඔව් මම අහගන අප්පච්චි කියනවා අයියගෙ කකුල දැන් පන ගහල එනවා කියලා..තව ටික දවසකින් අයියට නැගිටින්න පුලුවන් වෙයි..”
“එහෙම උනොත් කොච්චර දෙයක්ද දේව් මෙහෙම ඉන්නව බලන එක මට මහ දුකක් නංගි…එයාගෙ හිත හදන්න එයා ඉස්සරහ හිනා උනාට මට දුකයි..ඉස්සර පිස්සු නටපු මගෙ කොල්ල මෙහෙම එකතැන් වෙලා ඉන්නකොට .”වන්දනා පැවසුවේ හඩමින්..
ඇය අසලට ආ දෙව්මිනී
“ඔය ඉතින් නාඩා ඉන්නකෝ සුදු අක්කනේ මගෙ..අයියට හොද උනාම ඔයාට වෙනදා වගේම එයා එක්ක ඉන්න පුලුවන්…අර ගයාන් අයියා කියනවා වගේ මෙයා මහ ටැප් එකක්නේ අප්පා..”දෙව්මිනී පවසද්දීසිනාසෙමින් ඇයට පහරක් ගැසූ වන්දනා
“ගයාන් අයියා කෙල්ලට ගොඩක් දේවල් කියලා වගේ මේ ආපු ටික දවසට”
පොඩි කොටසයි අද..හෙට දිග කොටසක් දෙන්නම් වස්තුලා…ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි..ගොඩාක් ආදරෙයි —