නුබේ පතිනියයි මා…01 – Anjel
පලමුවන දිගහැරුම
“දේව් ..මන් තමුන්ට කිව්වා.මේ සම්බන්දෙට අපි කවදාවත් කැමතිවෙන්නෙ නෑ.තමුන් වහාම ඕක නවත්තන්න ඕනේ..ආයෙ මම නොකිව්වයි කියන්න එපා”
“බැහැ.මට මේක නවත්තන්න බැහැ.ඇයි අප්පච්චි ඔයාලට තේරෙන්නැත්තෙ..මම ශයිනිට ගොඩක් ආදරෙයි..ඇයි ඔයාල එයාට ඔච්චරටම අකමැති..මොක්ද්ද එයාගෙ තියෙනෙ වරද”
“වරද…බලන්නකෝ හාමිනේ…පුතණ්ඩියා අහනවා වරද මොකද්ද කියල”
“අම්මා ඔයාවත් කියන්න..ශයිනිගෙ තියන වරද මොක්ද්ද ආ…”
“දේව්..පුතේ.ඒ කෙල්ල අපේ පවුලට ගැලපෙන්නෑ.
“අම්මා මමයි කසාද බදින්නෙ..එයා ගැලපෙන්න ඕනෙ මට..පවුලට නෙමෙයිනෙ..”
“දේව්නාශ්..ඔහොමද අම්මට කතා කරන්නෙ..අපි තමුන්ට හොදක් කරන්නෙ..ඒ කෙල්ල මහ සංකර කෙල්ලෙක්..උබට ඒකිව ගැලපෙන්නෑ.ඇයි උබට තේරෙන්නැත්තේ ඒ කෙල්ල උබේ ඇගේ එල්ලෙන්නෙ උබගෙ සල්ලි වලට ආසවට මිසක් උබට ආදරේට නෙමෙයි කියල…මහ ලොකු ඩිග්‍රි ගැහුවට වැඩක් නෑ.උබට තාම මේ සමාජෙ ගැන තේරෙන්නෑ..අපේ කෙස් පැහුනේ නිකම් නෙමෙයි….උබට වඩා අපි ජීවත් වෙලා තියනවා.අන්න ඒක මතක තියාගනින්”
“ඒත් අප්පච්චි”
“ඇති.ඔය හොදටම ඇති ..උබ හෙට අපි කතා කරගත්ත ගමන් යන්න එන්න ඕනේ..ඒ දැරිවි හරි අහිංසක කෙල්ලෙක්..ඒ කෙල්ල තමයි උබට ගැලපෙන්නෙ..නැතුව අර උඩැක්කිය නෙමෙයි”
“මට බැහැ..මන් කැමති නෑ..මට ඕනෙ ශයිනි විතරයි”
“පුතේ මේ අහන්න මගෙ රත්තරනේ අපි ඔයාට කවදාවත් වැරැද්දක් කරන්නෑ පුතේ.අපිට ඉන්න එකම දරුවා ඔයා..අද ඔයා අපි එක්ක මෙහෙම තරහෙන් හිටියත් ඔයාට කවදහරි තේරෙයි මේ අම්මයි අප්පච්චි ඔයාට වැරැද්දක් කරේ නෑ කියල..”රම්‍යා එසේ පැවසුවේ දේව්නාශ්ගේ හිස අතගාමින්
“ඔයාල මට මේ කරන්නෙ වැරැද්දක් තමයි අම්ම…මන් ආදරේ කරන්නෙ ශයිනිට..මට බැහැ වෙන කෙල්ලෙක් එක්ක පවුල් කන්න..”
“දේව්…නවත්තගන්නව..තමුන් හෙට අපි එක්ක නුවර යනව..තමුන් කසාද බදිනව නම් බදින්න ඕනෙ වන්දනා…ඒ දරුවා හොද ගුණ යහපත් ලමෙක්..අර නැට්ටිච්චි වගේ නෙමෙයි..තමුන්ට ඕනෙනම් අපේ කීමෙන් පිට ගිහින් ශයිනි කියන උඩැක්කියව බදින්න පුලුවන්..හැබැයි තමුන් මතක තියා ගන්නව.එහෙම කරොත් තමුන්ට තබ සතේක දෙයක් දෙන්නෑ..මන් මගෙ හොටෙල් ඔක්කොම විකුනල ඒ සල්ලි පිනට දෙනව…අනික තමුන් හෙම කරොත් අම්මයි අප්පච්චි මැරුනා කියලා හිතා ගන්නවා”මහේන්ද්‍ර එසේ පැවසුවෙ කෝපයෙනි
“ඕ.චික්…මම කරන්නෙ මට ඕනෙ දේ”තරහින් එසේ පැවසූ දේව් නිවසින් පිටව ගියා..
“අනේ මහේන් මගෙ දරුවා..මේ කෙල්ලෙක් හින්දා දෙවියනේ එයා අපෙන් ගොඩක් ඈත්වෙලා”රම්‍යා එසේ පැවසුවේ හඩමින්
“අඩන්න එපා රම්‍යා.ඔය තරහෙන් ගියාට එයාට ඔයා නැතුව එන්න බෑ..අරකි තමයි අපේ පුතාව නරක් කරන්නේ..කොහෙද මේ පොල් බූරුවත් ඒකි කියන හැමදේම හරියි කියලා හිතනවනේ
අපේ මහත්තයා.දැන් හෙට අපේ දරුවව බලන්න මහේන්ද්‍ර මහත්තයලා එනව කිව්වා නේද”
“ඔව් හාමිනේ…ඇයි හාමිනේ එහෙම ඇහුවෙ”
“නෑ.මහත්තයා..මහේන්ද්‍ර මහත්තයාගෙ ගති ගුන හොද උනාට ඒ දරුවා කොහොමද දන්නෑ”
“හාමිනේ ඒ ගැන බය වෙන්න එපා.ඒ දරුවවත් ගුණ යහපත් දරුවෙක් වෙන්න ඇති”
“එහෙම උනොත් හොදයි..”
වන්දනා තම දෙමව්පියන්ගේ කතාව අසාගන සිටියේ ගැහෙන හදින්
“එයා මොන වගේ ඇත්ද…නපුරුද දන්නෑ.කවදාවත් දැකලත් නෑ..අනේ මන්ද..හෙට ආවම බලනව…අනේ බුදු සාදු එයා හොද කෙනෙක් කරන්න..මට බයයි..ඒත් අම්මයි අප්පච්චි මට වරදක් කරන්නෙ නෑනේ”වන්දනා සිතින් එසේ දොඩමලු වූවේ තමා බැලීමට හෙට පැමිනෙන මනමාලයා ගැන සිතමින්
දේව්නාශ්..වන්දනා…ආදර කතාව කෙසේ වේවිද…වන්දනා නැමති අහිංසක යුවතියට දේව්නාශ්ගේ ආදරය දිනා ගැනීමට හැකිවේවිද…