නුබේ පතිනියයි මා..02

😘😘දෙවන දිගහැරුම😘😘

දේව්..ඇයි ඩාලිං මේ…”

“ශයිනි..බබා…”

“ඇයි දේව්..මොක්ද්ද අවුල..ඔයා දුකින් “

“අපේ අම්මලා මට හෙට මගුලක් බලන්න යන්න එන්නලු.නුවර.”

“ඉතින්.ඔයා යන්න…”

“වට්..ඔයා කියන්නෙ මට ඒ කෙල්ලව බලන්න යන්න කියලද.ඔයාලට පිස්සු හැදිලද…ඔයා කොහොමද මට එහෙම කියන්නෙ.මම ඔයාටයි ආදරේ කරන්නෙ.මම කොහොමද වෙන කෙල්ලෙක් බලන්න යන්නෙ..ඕ.චික්”දේව් පැවසුවේ අතේ තිබූ බීම වීදුරුවද පොලේ ගසමින්

“ඕ ..මයිගෝඩ්..කූල් ඩවුන් දේව්..කෝ මෙහාට වෙන්න ඔය වීදුරු කටු ඇනෙයි..ඉස්සරල තරහ නොගෙන මම කියනඑක අහන් එන්නකෝ”ශයිනි එසේ පැවසුවේ දේව්ගේ ඔඩොක්කුව මත හිදගමිනි

“දේව්..ඒ ගර්ල් බලන්න ගියා කියලා ඔයා එයාව මැරි කරන්නෑනෙ බබා..ඔයා හෙට ගිය නැති උනොට් අම්මලාට දුක හිතෙයි.”

“ශයිනි ඇයි මැණික ඔයාට තේරෙන්නැත්තෙ..අම්මයි අප්පච්චි දැනටමත් ඒ කෙල්ලව බලල තියෙන්නෙ.එයාලට ඒ කෙල්ලව හිතට අල්ලලා…මට පෙන්නන්න ඕනෙ නිසයි හෙට යන් කියන්නෙ..එයාල දැනටමත් මේ මගුල ගන්න ප්ලෑන් කරල ඉවරයි…එයාල ඔයාට පොඩ්ඩක්වත් කැමතිනෑ ශයිනි”දේව් පැවසූවේ ශයිනිගේ කන්පෙත්තක් සපමින්

දේව් දෙසට හැරුනු ශයිනි
“දේව්..ඔයා ඒ කෙල්ල්ව බැන්දත් මගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ”

“ශයිනි තමුසෙට පිස්සු හැදිලද..තමුසෙට ආදරේ කර කර වෙන එකියක් බදින්න කියන්නෙ”

“දේව් රිලැක්ස්”

“මගුල රිලැක්ස්..ඔයා කියයි මම මේ ගිනිපත්තුවෙලා ඉන්නෙ..”

“ඇයි දේව් ඔයාලගෙ ගෙදරින් මට ඔච්චරටම අකමැති”

“ඔයා අපේ පවුලට ගැලපෙන්නෑලු.ඔයා සංකරයිලු.ඔයා මට නෙමෙ ආදරේ මගෙ සල්ලි.වලටලු”

“දේව්..ඔයා හිතනවද.මන් ආදරේ ඔයාට නෙමෙ සල්ලි වලට කියල”ශයිනි ඇසුවේ දුක් මුසු හඩිනි

“නෑ.මැණික මම එහෙම හිතන්නෙ නෑ.මන් දන්නවා ඔයා මට ගොඩාක් ආදරෙයි කියල…”දේව් පැවසුවේ ශයිනිගේ හිස සිපගමින්

“ශයිනි…අපි බදිමු”

“ඒත් දේව්..ඔයාලගෙ අම්මලා”

“මට ඔයාව ඔනේ මැණික..මන් මගෙ හැමදෙයක්ම අතඇරල ඔයාව බදිනව.මට බෑ.ඔයා නැතුව ඉන්න.අපි පුංචි බිස්නස් එකක් පටන් ගමු.මට අප්පච්චිලාගෙ සල්ලි එපා”

‘”දේව්..ඔයා හිතන තරම් ලේසි නෑ.බිස්නස් කරන එක…ඔයා ඒ ග්ර්ල්ව මැරි කරන්න…ඊටපස්සෙ අප්පච්චි ඔයාට බිස්නස් ලියල දෙයි”

“එතකොට ඔයා..ඔයාට පුලුවන්ද මම නැතුව එන්න”

“බැහැ.ඔයා බැන්දා කියල මම ගාවට එන්න තහනමක් නෑ.බබා…ඒ කෙල්ල ගොඩේ කෙල්ලෙක් කිව්වා නේද..ඔයා එකිව බැන්දට ඒකි ලගට යන්න එහෙම එපා…එතකොට ඒ කෙල්ලටම එපා වෙලා ඩිවෝස් එක ඉල්ලයි..එතකොට අපිට මැරි කරන්න පුලුවන්.”

“ඒත් ශයිනි.ඒ කෙල්ල පව්නේද”

“ඒකිව මැරි කරා කියලා ඔය දෙන්නා අතර කිසිම දෙයක් සිද්ද වෙන්නැත්නම් ඇයි ඒ කෙල්ල පව් වෙන්නෙ..ඒකිට ඔයාගෙන් ඩිවෝස් උනාට පස්සෙ වෙන කොල්ලෙක් බදින්න පුලුවන්නෙ.”

“හ්ම්”..

ඔයා දැන් යන්න දේව්..ගිහින් අම්මලට කියන්න හෙට යන්න එනව කියල”

“හරි බබා.මන් යන්නම්.පරිස්සමින් ඉන්න.”දේව් ශයිනිගෙන් සමුදී නිවසට ආව

“අම්මා”

“පුතේ”

“මම හෙට යන්න එන්නම්..මම ඒ කෙල්ලව මැරිකරන්න කැමතී”

“මගෙ රත්තරනේ.මම දන්නව.උබ මේ අම්මගෙයි අප්පච්චිගෙයි හිත රිද්දන්නෑ කියල”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අනේ මගෙ කෙල්ලට ඇස් වහක්නම් වදින්න එපා.මගෙ දූ අද ඇත්තටම උඩරට මැණිකෙ කෙනෙක් වගේ”තිලකා පැවසුවේ වන්දනා දෙස බලමින්

අපේ මහත්තයා පොඩ්ඩක් එන්නකෝ”

“මොකද හාමිනේ.”

“බලන්නකො දූගෙ ලස්සන..කොල්ලා අදම එක්ක යයිද දන්නෑ”

“මගෙ කෙල්ල කොහොමත් ලස්සනයි තමයි..”සුමනතිලක පැවසුවේ තම දියණියගේ හිස අතගාමින්

“වාහනයක් නවත්තන සද්දයක් නේද ඇහුනේ.අර උදවිය ආව වගේ”තිලකා එසේ පවසද්දී

“ඔව් ඒ වගේ හාමිනෙ..”සුමනතිලක එසේ පවසා එතනිම් ඉවත් උනෙ අමුත්තන් පිලිගැනීමට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *