නුබේ පතිනියයි මා 04

හිතෙන්නෙ..පුදුම නපුරෙක් කියලා..අම්මෝ ඇස් දෙකෙන් නපුරුකම බේරෙනවා”වන්දනා සිතින් සිතුවත් එය කීවෙ නම් නැහැ

“මේ හලෝ මගෙ මූණෙ පෙරහරක් යනවද ඔහොම බලාගන ඉන්නෙ”දේව් එසේ අසද්දී වන්දනාගෙ මුහුන රතු උනේ ලැජ්ජාවට..

ඉතින් වන්දනා මම කියන්නද ඔයා දැන් මගෙ මූන දිහා බලාගන හිතපු දේ…ඔයා හිතුවෙ මේක මහ නපුරෙක් කියලනේ”දේව් එසේ කියද්දී වන්දනාගේ දෑස් වල වූයේ පුදුමයක්

”ඈ..මේ කොල්ලට හිත් කියවන්නත් තේරෙනවද”සිතින් සිතූ වන්දනා

“නෑ.මම එහෙම හිතුවෙ නෑ”වන්දනා එසේ කියද්දී

“නෝ ප්‍රොබ්ලම්..ඔයා මම ගැන මොනව හිතුවත් කමක් නෑ.කොහොමත් මම නපුරුයි තමයි..ඔයාට මා එක්ක ජීවත් වෙනවනම් ඒවට පුරුදු වෙන්න වෙයි…තව දෙයක් මැරි කරා කියල මම මගෙ ලයිෆ් එක චේන්ජ් කරගන්න කැමති නෑ…අනික පොඩි දේටත් හොටු පෙරාගන අඩනවට මම කොහොමත් කැමති නෑ…ඩූ යූ අන්ඩස්ටෑන්ඩ්”දේව් ඇසුවේ වන්දනා දෙස බලමින්

හ්ම්..”

“ගුඩ්…දැන් ඔයා මම ගැන දැන්ගන්න ඇතිනේ..ඉතිම් මම කැමති ඔයාගෙන් දැනගන්න මාව මැරි කරන්න කැමතිද “

“අම්මයි අප්පච්චි කැමතිනම් මමත් කැමති”

“වට්….එතකොට ඔයා මාව මැරි කරන්නෙ අම්මයි අප්පච්චි හින්දද…ඒක මහ පුදුම කතාවක්නෙ….මමයි ඔයයි ජීවත් වෙන්නෙ නැතුව අම්මයි අප්පච්චි නෙමෙනෙ..තමුන්ගෙ කැමැත්ත නැතුව මැරේජ් ලයිෆ් එක කොහොමද ගෙවන්නෙ.”දේව් ඇසුවේ වන්දනාගේ දෑස් දෙස එක එල්ලෙ බලමින්

“මම කවදාවත් මගෙ අම්මයි අප්පච්චී කියන දේකට පිටින් ගිහින් නෑ.එයාලගෙ සතුට තමයි මගෙත් සතුට..මම දන්නවා එයාලා කවදාවත් මට වැරදි දෙයක් කරන්න කියලා නෑ..අන්න ඒ නිසයි කිවේ මම අම්මයි අප්පච්චි කැමති නම් කැමතී කියල”වන්දනා එසේ පැවසද්දී දේව් ඇය දෙස බලා සිටියේ පුදුමයෙන්

”හ්ම්..අපි එහෙනම් මැරි කරලම බලමු නේ.”

දූ…දේව් පුතත් එක්ක එන්න කෑම කන්න”තිලකා එසේ ඔවුනට කතා කරද්දී ඔවුන් නිවස තුලට ගියා

“ඉතිම් දෙන්නා කතා කරාද..දේව් පුතා ඔයාට මොකද හිතෙන්නෙ නංගා ගැන”මහේන්ද්‍ර දේව්ගෙන් එසේ ඇසුවේ සියල්ලන් ඉදිරියේ

“හොදයි…අහිංසකයි වගෙ..මම කැමතී තාත්තා වන්දනාව මැරි කරන්න”දේව් එසේ පවසද්දී වන්දනා ඔහු දෙස බැලුවා

“අහ්…ඔන්න සුමනෙ අපේ පුතා නම් කැමතී ..දුව මොකද කියන්නෙ”මහේන්ද්‍ර එසේ ඇසුවේ වන්දනා දෙස බලමින්

“අම්මයි අප්පච්චී කැමතිනම් මාත් කැමතී..”වන්දනා එසේ කියද්දී

“බලන්න තිලකා ඔයාගෙ දුව කොච්චර හොද්ද කියලා.මට නම් මේ කෙල්ල මගෙ ලේලි වගේ නෙමේ දුව කියලයි හිතෙන්නෙ දැන්..ඇස්වහක්නම් වදින්න එපා මේ කෙල්ලට..”සුමිත්‍රා එසේ පැවසුවේ තිලකා දෙස බලමින්

“ඉතින් සුමනෙ අපේ යාලුකම නෑදෑකමකට හරවගන්න කැමතිද..මොකද කියන්නෙ”

“මේ මොනව අහනවද මහේන්….මම කැමතී..මම හිතනව දේව් පුතා මගෙ දුවව හොදට බලාගනී කියලා..නේද පුතේ”සුමනතිලක දේව් දෙස බලමින් එසේ අසද්දී

“ආ.මේ ඔව් අංකල්…මම වන්දනාව හොදට බලාගන්නම්”

“එහෙනම් සුමනෙ මේ සුබ කටයුතු කල් දාන්න ඕනෙ නෑනේ.අපි ලගම තියන නැකතක් බලලා දෙන්නව පිලිවලක් කරල දාමු.එහෙම හොදයිනෙ.දැන් කලවයසත් හරි එකේ තව මොකටද කල් දාන්නෙ”

“ඔව් ඒක හොදයි මහේන්..එහෙම කරමු.”

“අපි කෑම ටිකක් කාල ඉමු නේද..දැන් දොලහත් පහුවෙලානේ”තිලකා එසේ පවසද්දී

“ඔව්.ඔව්..යමු කෑම ටිකක් කාලම ඉමු…මහේන්,සුමිත්‍රා,පුතේ යමුනේද “සුමනතිලක සියල්ලන්ටම එසේ කෑම සදහා ආරාදනා කරා..

සියල්ලන්ම කෑම මේසයෙන් වාඩි උනා
“අම්මේ…ගමකට හදලනේ…තිලකා නන්ගි ගොඩක් මහන්සි වෙන්න ඇති”මහේන්ද්‍ර එසේ පැවසුවේ තිලකා දෙස බලමින්

“ඕක මොකද්ද මහේන්ද්‍ර අයියෙ…”

“අපේ තිලකාට ඉතින් කාටහරි කෑම වේලක් දෙන්න තියනවනම් වෙන මොකුත් ඕනෙ නෑ…”සුමනෙ සිනා සිසී එසේ පවසද්දී
සියල්ලන්ම ආහාර බෙදා ගත්තේ සතුටු සිතින්

“දූ ඔයත් කමුකො අපි එක්ක”සුමිත්‍රා එසේ පැවසුවේ වන්දනා දෙස බලමින්

“මම අම්ම කනකොට කන්නම් නැන්දා.ඔයාල කන්න”

සියල්ලන්ම ආහර ගත්තේ සතුටු සිතින්

“සුමිත්‍රා මට ඔය පොලොස් ඇබුල ටිකක් දෙන්නකෝ..ගොඩ කාලෙකින් මේ වගේ රහට පොලොස් ඇබුලක් කෑවෙ..තිලකා නංගිගෙ අත් ගුනේනම් පංකාදුයි”මහේන්ද්‍ර එසේ පැවසුවේ පොලොස් බෙදා ගනිමින්

“ඕක හැදුවෙ අපේ හාමිනේ නෙමේ මහේන්..දුව තමයි පොලොස් ඇබුල හැදුවෙ අම්මට වඩා රසට එයාට උයන්න පුලුවන්”සුමනෙ එසේ පවසද්දී

“හැබෑට..එහෙනම් අපිට ඉස්සරහට කටට රහට කන්න පුලුවන්”මහේන්ද්‍ර එසේ පැවසුවේ වන්දනා දෙස බලමින්.දේව්ගේ දුරකතනය රින් වූයේ මේ අතරතුර.

“Excuse me…ඔෆිස් එකෙන් කෝල් එකක්”යැයි පැවසු දේව් අත සෝදා ගෙන එලියට ගියා

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි..😘😘😘😘 — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *