නුබේ පතිනියයි මා 19
දහනවවන දිගහැරුම
එම කාන්තාව දේව් දෙස බලාහිද
“දේව්නාශ්..මගෙ පුතේ..”යැයි පවසද්දී දේව් දිව ගොස් ඇය බදාගෙන හඩන්නට වූවා..
“
“ඔයාව මම කොච්චර හෙව්වද නැන්දා. ඇයි ඔයා මාව දාල ගියේ..”දේව් පැවසුවේ හඩමින්
“අනේ අඩන්න එපා රත්තරනේ ..මට සමාවෙයන්..මට උබලට මූන දෙන්න බැරිඋනා..මගෙ අයියාගෙ මූන මම බලන්නෙ කොහොමද පුතේ..”..
“තාත්තා අපි කොච්චර ඔයාව හෙව්වද ඔයා දන්නවා මම ඔයාට මගෙ අම්මට තරම් ආදරෙයි කියලා..ඇයි ඔයා එහෙම කරේ..”දේව් ඇසුවේ ඇයව සොලවමින්
“දේව් ..කවුද මේ..”වන්දනා ඇසුවේ පුදුමයෙන්
“අම්මෙ..ඇයි මේ මහත්තයා අඩන්නෙ..මේ කවුද..”හසිදු එසේ අසද්දී
‘”පුතේ මේ උබේ අයියා..”
“අයියා..මට අයියෙක් ඉන්නවද..”හසිදු එසේ ඇසුවේ දේව්ගේ දෑතින් අල්ලාගනිමින්..
වන්දනා තාමත් බලාසිටියේ පිදුම වූ දෑසින් යුතුවයි…
වන්දනා අසලට ගිය ශ්‍රියානි
“දුවේ මේ ඉන්නෙ මගෙ ලොකු අයියගෙ පුතා..මම මෙයාගෙ පොඩි නැන්දා.”යැයි පවසද්දී වන්දනා දේව් දෙස බලාසිටියා
“ඒත් පුතේ ඔයාල ඇයි මෙහෙ ආවේ “ශ්‍රියානි අසද්දී දේව් සිදුවූ සියල්ල පැවසුවා
“දුවේ. ඔයා හරිම ගුන යහපත් දරුවෙක්..මම දේව්ගෙ නැන්දා කියලා නොදැන අසරන දරුවෙකුට ඔයා පිහිට වුනා..දේව් පුතේ ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ කෙල්ලෙක් ලබන්න..දූට කවදාවත් වරදින්නෙ නෑ..”ශ්‍රියානි පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්
නැන්දා..ඔයාල මෙහෙ ඉන්න ඕනෙ නෑ..අපි යමු හොටෙල් එකට..හෙට අපි කොලබ යනව..අපි එක්ක කොලබ යමු..මල්ලිව එහෙ ස්කූල් එකකට දාමු.”දේව් එසේ පැවසුවෙ හසිදුව වඩාගනිමින්
“ඒත් පුතේ මට බෑ..මගෙ අයියගෙ මූන බලන්න..තාත්තෙක් වගේ හිටපු මගෙ අයියට මම දුන්නෙ ලොකු ගින්දරක්..”
“චූටි නැන්දා..තාත්තට සතුටු හිතෙයි ඔයාව දැක්කාම..එයා ලොකු නැන්දට වඩා ආදරේ ඔයාට ..මට ඔයාලව මෙහෙම දාල යන්න බෑ..අපි යමු..”
“ඔව් නැන්දා..දේව් කියනඑක හරි..අපි කොලබ ගිහින් හොද ඩොක්ටර් කෙනෙක්ගෙන් බේත් ගමු..ඔයාට සනීප වෙන්න…දැන් අපිත් එක්ක හොටෙල් එකට යමු…”
මොවුන්ගේ පෙරැත්ත නිසාම ශ්‍රියානි ඔවුන් සමග හොටෙල් එකට ඒමට පිටත් වුනි.
“දේව්..නැන්දටයි මල්ලිටයි ඇදුම් ටිකක් අරන් යමුනේ..හෙට වෙඩින් එකටත් එක්කම..”
“ආ..ඔව්නෙ..මට ඒක අමතක වුනා..ඩ්‍රයිවර් ශොප් එකක් ගාවින් වාහනෙ නවත්තන්න”
“අනේ මට ඇදුම් ඕනෙ නෑ පුතේ..”
“චූටි නැන්දා කටවහගන ඉන්න..හෙට ඔයාගෙ පුතාගෙ හෝම් කමින් එක..මගෙ චූටි නැන්ද හෙට ලස්සනට ඉන්න ඕනේ..”දේව් පැවසුවේ සිනාසෙමින්.
දේව් වන්දනාට ක්‍රෙඩිට් කාඩ් එක ලබා දුන්නෙ මොවුන්ට ඇදුම් රැගෙන එන ලෙස පවසමින්..ශ්‍රියානි ශොප් එක තුලට නොයා වන්දනාට කැමති දෙයක් රැගෙන එන ලෙස පැවසුවේ තමන් හැද සිටින්නේ කඩමලු නිසා…පුංචි හසිදු වන්දනා සමග ගියේ සතුටු සිතෙන්
“දේව් පුතෙ..කොහෙන්ද මේ කෙල්ල හොයාගත්තේ…”ශ්‍රියානි ඇසුවේ ශොප් එක තුලය යන වන්දනා දෙස බලමින්
.”ඇයි නැන්දා එහෙම අහන්නෙ.”
“සීදේවි දරුවා..අනික වෙන කෙල්ලෙක්නම් මේ වගේ ගමනක් ඒවිද…හිගන දරුවෙක්ට උදව් කරන්න..”
“ඒකනම් ඇත්ත..”
“පුතේ අයියා හොදින් ඉන්නවද..”
“ඔව්..අප්පච්චි හොදින්..නැන්දා මොකද්ද ඔයාට තියන අසනීපෙ ආ.”
“මගෙ පපුවෙ කැක්කුමක් එනව දරුවො සැරෙන් සැරේට. “..
“ඉතින් බේත් ගත්තෙ නැද්ද..”
“මහ ඉස්පිරිතාලෙන් ගත්තා ..ඒවට අඩු නෑ..”
“ඉතින් ඇයි ඩොක්ටර් කෙනෙක් චැනල් කරේ නැත්තේ..”
“ඒවට කොහෙන්ද දරුවො සල්ලි..”
“අපි කොලබ ගියාම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බේත් ගමු..”
“මම කොහොමද පුතේ ඔයාලට කරදර කරන්නෙ..”
“ඔයා මට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ..මට අද කියන්න බැරි තරම් සතුටුයි නැන්දා…නැන්දා ජයේ අංකල් කෝ..”
දිගු සුසුමක් පිට කර දේව් දෙස බැලූ ශ්‍රියානි
“ඒ මිනිහා ගැන මතක් කරන්න එපා පුතේ..මගෙ අයියා කියනදේ අහන්නෙ නැතුව ඌත් එක්ක ගිය කරුමෙ තමයි මම අද විදවන්නෙ ….බදින්න කලින් ආදරේ කරනව වගේ නෙමෙ පුතේ බැන්දට පස්සෙ ප්‍රශ්න එනකොට ඒ ආදරේ පිටිපස්ස දොරෙන් පැනලා යනව.. ජයේට තියන ආදරේ නිසාම මගෙ තාත්තා වගේ හිටපු මගෙ අයියවයි ඔයාලවයි දාලා මම පැනලා ආවා .ඇවිත් මාස 5 විතර යනකොට මගෙ බඩට හසිදු ආවෙ..මුලින් මුලින් මට ජයේ ගොඩක් හොදට සැලකුවා..එයා කුලී වැඩ කරා මම කඩයප්පන් තැම්බුවා. හරියටම පුතා ඉපදිලා මාස දෙකෙන් ඌ වෙන ගෑනියෙක් එක්ක ගියා..මම දරුවා එක්ක තනිඋනා..මගෙ කොල්ලව උස් මහත් කරන්න මම නොවිදිනා දුක් වින්දා…ඒත් මගෙ කරුමෙට මට මේ හතිය එක්ක පපුවෙඅමාරුවක් ආවා..“ශ්‍රියානි පවසන වදන් දේව් අසා සිටියේ කදුලු පිරි දෑසින්
“නැන්දා ආයෙ ඔයාටවත් මල්ලිටවත් දුක් විදින්න මම ඉඩ තියන්නෑ”දේව් පැවසුවේ අවංකවමය…
වන්දනා හා හසිදු ඇදුම් අරන් කැබ් රියට නැග්ගේ ඒ මොහොතේදී
“අම්මේ මේ බලන්නකෝ අක්ක මට ඇදුම් ගොඩක් අරන් දුන්නා.”හසිදු සිනාසෙමින් ශ්‍රියානිට තමා ගත් ඇදුම් පෙන්නන්ද්දී
“අනේ ඔයාලට ගොඩක්පින් පුතේ..”යැයි ශ්‍රියානි පැවසුවා
“එහෙම කියන්න එපා නැන්දා..දේව්ගේ නැන්දා කියන්නෙත් මගෙත් නැන්දා..”වන්දනා පැවසුවේ සිනාසෙමින්.ඔවුන් තමන් නැවතී සිටින හෝටලයට පිටත් වූවේ ඉන්පසුවයි..
ශ්‍රියානිට හා හසිදුට කාමරයක් වෙන් කරදුන් දේව් වන්දනා සමග තම රූම් එකට ආවා
“වන්දනා.”
“ම්ම්..”
“ඔයාට ගොඩක් පින්.”දේව් පවසද්දී වන්දනා ඔහුදෙස බැලුවා..ඇය දුටුවේ ඔහුගේ දෙනෙතේ පනින්නට පොරබදිමින් තිබූ කදුලු කැටයි…
“ඇයි දේව් මේ..”
“ඔයා දන්නවද වන්දනා.පොඩි නැන්දට මම ගොඩක් ආදරේ කරා..පොඩි කාලෙ ඉදන් අම්මට වඩා මාව හැදුවෙ එයා..ලොකු නැන්දා ගොඩක් අහංකාර කෙනෙක් ඒත් පොඩි නැන්දා එහෙම නෑ.එයා හරිම හොදයි.එයා අපේ ඩ්‍රයිවර් එක්ක සම්බන්දයක් පටන් ගත්තෙ මම al කරනකොට. පොඩි නැන්දා අපේ තාත්තට වඩා අවුරුදු 15 විතර බාලයි….තාත්තා අකමැති උන නිසා එයා ජයේ මාමා එක්ක ගියා..එයා ගියාම මමයි ගොඩක්ම දුක් වුනේ ඒත් අද මට එයාව ආයෙ ලැබුනා.ඒ ඔයා නිසා…එයා කොච්චරනම් දුක් විදලද…ඔයාට ගොඩක් පින් වන්දනා..”
“ඔයාට දැන් සතුටුයිනෙ දේව්..මට ඒ හොදටම ඇති..දේව් නැන්දලාටත් එන්න කියමු.දැන්නම් මට ගොඩක් බඩගිනි..”
“ඔව්නේ අපි කන්න ගියාට කන්න බැරිඋනානෙ ..යමු නැන්දලත් එක්ක ගිහින් කමු..”දේව් හා වන්දනා ශ්‍රියානි හා හසිදුද කැටුව ආහාර ගැනීමට.ගියා.
එම දිනය මෙසේ ගත වූවේ දේව්ගේ හා වන්දනාගේ් ඔවුන්ගේ මංගල්‍යේ දෙවනි දවස උදා කරමින්
ඔන්න බෝනස් දුන්නා..