නුබේ පතිනියයි මා 46
හතලිස් හය වන දිගහැරුම
දේව්ව පරිස්සමින් කාමරයට රැගෙන ආ ගයාන් ඔහුව ඇදෙන් දිගා කර
“නංගි දේව්..මට උබලට කියන්න තව දෙයක් තියනවා..”
“මොකද්ද ගයියා..”
“මට කීර්තිව ඔෆිස් එකෙන් අයින් කරන්න උනා..මචන් මෙච්චර කල් ඌ තමා හොරෙන් ගේම ගහලා තියෙන්නෙ..ඔක්කොම සාක්ශ් මට හම්බුනා..ඌ සංජය එක්ක එකතු වෙලා සෑහෙන ගානක් අපේ කම්පැනි එකෙන් අරගෙන තියනව. දේව් සොරි මචන් උබගෙ කලින් පර්මිශන් ගත්තෙ නැතිඋනාට..උබ හිටපු තත්වෙත් එක්ක මට උබට කියන්න බැරිඋනා..”
“ගයියා..උබ මොනවද හු..මේ කියන්නෙ..මම ඔතන හිටියනම් මම කරන්නෙත් ඔය දේම තමයි…උබ කරපු දේ හරි..අපෙන්ම කාලා අපිටම කෙලවන්න හදනවානෙ මුන්..”
“ඔව් බන්..”
වන්දනාට ගයාන් ගැන දැනුනේ සහෝදර හැගීමක්
“ගයාන් අයියා..මට සහෝදරයෙක් නෑ.පුංචි කාලෙ ඉදන් මම හැදුනේ තනියම..ඒත් ඔයා මමයි දේව් වෙනුවෙන් කරන දේවල් දැක්කාම මට දැනෙන්නෙ මට අයියා කෙනෙක් හම්බුනා කියලා..ඔයාට ගොඩක් පින් අයියා. ඔයා හිටියෙ නැත්නම් සමහර විට අපේ ජීවිත වෙනස් වෙන්න තිබුනා.”වන්දනා පැවසුවේ ගයාන් ගැන තම සිතෙහි උපන් සෙනෙහසින්
“ඔව් ගයියා හිරූ කියන දේ හරි. උබ නැත්නම් අද මට මගෙ රත්තරන් කෙල්ල්ව නෑ බම්..එහෙනම් මම අර හුත්…ට රැවටිලා..මගෙ මුලු ජීවිතේම අපායක් වෙන්න තිබ්බ..”
“අනේ අනේ මේ උබල ඔහොම මට වරුනාව දාන්න එපා බන්.මගෙ මේ සූටි හිතට ලැජ්ජාව කියලා දේකුත් දැනෙනව..”ගයාන් පවසන විට වන්දනාට සිනහ නැගුනි
“අනේ උබගෙ සූටි හිත..ඕකෙ කොහෙද දන්නේ නෑ සූටි…”දේව් පවසද්දී
“උබට සූටි කොහෙද කියලා මම කියනවා මෙතන නංගි හිටියෙ නැත්නම්..”ගයාන් පැවසුවේ වන්දනා දෙස බලමින්
අයියෝ ඔය දෙන්නම්..“වන්දනා මේ මිතුරන් දෙදනාගේ විහිලු දෙස බලා සිටියේ ආදරයෙන්
“මේ උබලට මට කෘත ගුන සලකන්න අවස්තාවක් ඕනෙද..’ගයාන් අසද්දී
“කියපන් බලන්න..”
“මේකයි…මේකයි බන්..මේ මේ..”ගයාන් ගොත ගසද්දී
“දේව්..මහත්තයෝ මට පේන විදියට අපිට ගයාන් අයියගෙන් මංගල යෝජනාවක් ගෙනියන්න වෙයි වගේ..අපි දෙන්නට කපුකමක් කරන්න වෙයි..”වන්දනා පවසද්දී
“අහ්…ගයියා…ඒකද මේ..”
“ඔව් මචන්..මට හිතෙනවා මම දෙව්මිනීට ආදරේ කරනවා කියලා..”ගයාන් එසේ පවසද්දී එක්වරම ඇසුනේ ඔහුට පසුපසින් යමක් බිදෙන හඩක්
තිදෙනාම දොර දෙස බලද්දී දුටුවේ කදුලු පිරි දෙනෙතින් ඔවුන් දෙස බලා සිටින දෙව්මිනීවයි…ඇගේ අතේ තිබූ වීදුරුව බිමට වැටී බිදී ගියේ ගයාන් කියු කතාව ඇසී
“නංගි..”වන්දනා ඇය අසලට යද්දී ගයාන් ද ඇය පසු පසින් ගියේ තමාගේ හිතේ ඇති ආදරය ඇයට පවසන්නට
“නංගි..දෙව්මිනී..ඇයි මේ අඩන්නෙ..”වන්දනා ඇසුවේ ඇගේ කදුලු පිසදමමින්
“අක්කා..”වන්දනාව බදාගෙන දෙව්මිනී හඩන්නට ගත්තේ ගයාන් හා දේව් බියවී බලාසිටියදී
නංගි ඔයා අඩන්න එපා..මට අකමැතිනම් කමක් නෑ..ප්ලීස් ඔහොම අඩන්න එපා “ගයාන් පැවසුවෙ දුකින්
“ඔව් නංගි කෝ දැන් ඔය අඩන එක නතර කරන්නකෝ..වෙද මහත්තයා එහෙම දැක්කොත් එහෙම..අඩන්න එපා සුදූ..”වන්දනා පවසද්දී ඇය කදුලු පිස දාගත්තා
“නංගි ..මම මීට කලින් මෙහෙම කාටවත් ආදරේ කරලා නෑ..ඒත් ඔයා දැක්ක දවසේ ඉදන් මගෙ හිතේ ඔයා ගැන විශේශ හැගීමක් තිබ්බා..කොලබ ගියත් මට ඔයාව නිතරම මතක් උනා..මම දන්නවා මම ඔයාව දැකලා තියෙන්නෙ තියෙන්නෙ දවස් තුන හතරයි තමයි. ඒත් මට ඔයාව ගොඩක් හුරු පුරුදුයි..මම දන්නෙ නෑ මැණික ඇයි එහෙම මට දැනෙන්නෙ කියලා…ඒත් මට හිතෙනවා මට ඔයාව ඕනෙ කියලා..මගෙ ජීවිත කාලෙම මගෙ ලගින් ඉදන් දුක සැප බෙදාගන්න..දේව් වන්දනාට ආදරේ කරන තරම් මට සමහරවිට ඔයාට ආදරේ කරන්න බැරිවෙයි..ඒත් මම ඔයාට මගෙ හදවතින්ම ආදරේ කරන්නම්..නංගි ඔයා මට කැමතිද..ඔයා අකමැති උනත් මම තරහ නෑ..ඒත්…“ගයාන් පවසද්දී දේව් හා වන්දනා දෙව්මිනී දෙස බැලුවේ ඇගේ පිලිතුර අපේක්ශාවෙන්
නමුත් දෙව්මිනී තවමත් නිහඩයි
“මම දන්නවා නංගා..මම ඔයාට වඩා අවුරුදු හයක් වැඩිමල්..ඒ නිසා ඔයා මට අකමැති ඇති..”ගයාන් පැවසුවේ දුකින්
“අයියා.”පලමුවරට දෙව්මිනී ඇගේ හදවත ඔහු හමුවේ දිගහරින්නට සූදානම් විය
“අයියා මගෙ අම්මා නැතිඋනේ මම ගොඩක් පුංචි කාලේ..ඊටපස්සෙ මගෙ අම්මයි අප්පච්චි දෙන්නම උනේ මගෙ අප්පච්චි…අප්පච්චි ගොඩක් සැරයි තමයි ඒත් එයාගේ ආදරේ අඩුවක් මට තිබුනෙ නෑ..අම්මත් නැතුව අප්පච්චි මාව හදන්න ගොඩක් දුක් වින්දා.. මම කවදාවත් අප්පච්චිට ඇරෙන්න කාටවත් ආදරේ කරේ නෑ..ඇත්තම කියනවනම් මට වැඩිය යාලුවොත් නෑ..කොච්චර සෙනග අප්පච්චිගෙන් බේත් ගන්න ආවත් මම එයාලට ඔයාලට තරම් ලන් උනේ නෑ..සහෝදරියක් නැති මට සහෝදරේක් නැති මට දේව් අයියයි වන්දනා අක්කියි මට මගෙම සහෝදරයෝ වගේ දැනුනේ..ඒත් ඔයා දැකපු වෙලේ මගෙ හිතට මොකද්ද උනා..අයියා ඔයා වගේම මමත් ඔයාට ආදරේ කරනවා..”දෙව්මිනී පවසද්දී ගයාන් ඇයව තුරුල් කරගත්තේ වන්දනා හා දේව් බලාසිටියදීමයි
ඇගේ හිස අතගෑ ගයාන්
“පිස්සි එහෙනම් ඇයි ඇඩුවෙ මම බය උනා මට බෑ කියයි කියලා.”ගයාන් පවසද්දී
“ඇඩුනෙ ඇයි කියලා මම දන්නෙත් නෑ අයියා..සතුටට වෙන්න ඇති ඔයාගෙ කටින් එහෙම කියඋනාම මට දරාගන්න බැරිඋනා..”
ඇය දෙස ආදරයෙන් බැලූ ගයාන් ඇගේ නලලට හාදුවක් තැවරුවේ ආදරයෙන්
“මේ මේ …අපිත් මෙතන ඉන්නවෝ..”දේව් කෑගසද්දී දෙව්මිනී ගයාන්ගේ තුරුලෙන් ඉවත් වූයේ ලැජ්ජාවෙන්
“ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..”වන්දනා පැවසුවේ සිනාසෙමින්
දේව් මචන්..”
“ම් කියහන්..”
“මම අම්මයි අප්පච්චි එක්ක හෙට වෙද මහත්තයගෙන් ඇවිත් අහනවා..”ගයාන් පවසද්දී දෙව්මිනී
“හෙට.”
“ඔව් මැණික හෙට…මම ඔයාගෙ අප්පච්චිගෙන් අහනවා එයාගෙ දූ පොඩිත්ත මට දෙන්න බැරිද කියලා..”ගයාන් පවසද්දී සුන්දරව සිනහසුනු දෙව්මිනී හිස වැනුවා
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි වස්තුලා..අවසාන කොටස් හතර යන්නෙ වස්තුලා