*****පළිගු **** 04

“ඒක නෙවෙයි ආරූ කලම්බු වල අච්චර හොද ඉස්කෝලෙකට ගිහිල්ලත් මෙහෙ නුවර ස්කූල් එකකට ආවෙ ඇයි ඒලෙවල්ස් වලට.”

“අපේ නැන්දි ඉන්නෙ මෙහෙනෙ සෙනේශ් එයාගෙ බලු තඩියට සනීප නෑ මේ දවස්වල මං ඉතින් ආවේ එයාට බෙහෙත් කරන්න.”

චුටි අයියව මතක් වෙච්ච නිසාම මං කටේ දිවේ නොගෑවි කිව්වා.

“ආ එතකොට ආරු ආවෙ බලු දොස්තර වැඩේටද…?”

මිතුලි අහද්දි මං ඔව් කිව්වෙ ඔලුව වනලා.ස්කූල් ගේට් එක ලග පොඩි අයියගෙ රස්තියාදුකාර සෙට් එක කවුද තව කොල්ලෙක්ට බිම දාගෙන ගහනවා මං දැක්කෙ එතකොටයි.

“සෙ……. සෙනේශ් ඇයි අර අර ගොල්ලො අර ලමයට ගහන්නෙ….?”

“ඔය සෙට් එකට කාටවත් ගහන්න හේතුවක් ඕනෙ නෑ ආරු.ඒත් දැන් නන් ගහන්නෙ උන්ගෙ එකෙක් ට්‍රයි කරපු කෙල්ලෙක් එක්ක මූ යාලුවෙලා ඒකයි.”

අනේ දෙවියනේ අර උදේ ගේට් එක ලග හිටපු ප්‍රිෆෙක්ට් අයියත් එතන ඉන්නවනෙ.ඌගෙ ඇස් පේන්නැද්ද.

“ඉතින් ඇයි කවුරුත් එයාලව නවත්තන්නැත්තෙ…?”

“නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනෙ ආරු.කිසි එකෙක් උන්ට විරුද්දව කතා කරන්නෙ නෑ බයට.”

“අනිත් අය බය නන් මං නවත්තන්නන්කො.”

“ඒක නන් කරන්න එපා ආරු උන් සත්තු වගේ ඊටපස්සෙ ඔයාටත් පාඩුවෙ ඉන්න නැතිවෙයි.ඔයා තවම දන්නෑ ඔය ආදිත්‍ය කියන එකයි උගෙ ගොට්ටොයි මොන වගේද කියලා.”

“බය නැතුව ඉන්න සෙනේශ් මේක මුන්ටම ගිය රට වෙන්න ඕනෙ එහෙනන්.”

සෙනේශ්ලා නවත්තද්දිම මං එතනට ඇවිත් හිටගත්තෙ තරහෙන්.

“නවත්තනවා ඔය තිරිසන් වැඩේ ලැජ්ජ නැද්ද හලෝ එක කොල්ලෙකුට තමුසෙලා සේරම වටවෙලා ගහන්න.”

එහෙම ඇහුවත් හරි හැමෝම මං දිහා බැලුවෙ මාව මරන් කන්න වගේ.පොඩි අයියගෙ ඇස්වල තිබ්බෙත් තරවටුවක්.ඒත් මං නෙවෙයි ගනන් ගත්තේ.

“ඒයි මේ හලෝ තමුසෙ මේ ඉස්කෝලෙට අලුතෙන් වගේ.දන්නෙ නැත්තන් දැනගන්නවා මේ තමයි අපේ රාජධානිය මේකෙ ඇතුලෙ එකෙක් අපිට පිටින් යන්නෑ.තමුසෙත් වැඩිය උඩ පනිනැතුව ඉන්නවා නැත්තන් තමුන්ට වෙන දේ හිතාගන්න බැරි වෙයි.”

මරුමුස් පාට එකෙක් එහෙම කියද්දී මගෙ මූණට ආවෙ නෝන්ඩි හිනාවක් ඒක දැකලා ඌටත් යකා නැග්ගද කොහෙද.ඒත් කිසි දෙයක් වෙන්න කලින්ම චුටි අයියා මගෙ ඉස්සරහට ආවෙ තරහෙන් පුපුර පුපුර.ඇවිත් මගෙ අත්වලින් ඇල්ලුවේ රිදෙන්නම.

“තමුසෙට කිව්වා නේද මං මගෙ දේවල් වලට අතදාන්න එපා කියලා.”

“ඔයා නෙවෙයි මෙතන වෙන කවුරු හිටියත් මං මේකට අතදානවා.නිකන් අහිංසකයෙක්ට ගුටි කන්න දෙන්නෑ කොහොමත්.”

මේ කතා කරපුවා ඇහුනෙ අපි දෙන්නට විතරයි චුටි අයියා ඒ තරන් හිමින් මට තර්ජනය කලේ.හැබැයි මගෙ උත්තරෙත් එක්ක චුටි අයියගෙ ඇස්වලින් ගින්දර පිට උනා වගේ උනා.මාව අල්ලන් හිටපු ග්‍රහණය දැඩි කරපු චුටි අයියා මාව එහෙමම පැත්තකට තල්ලු කරලා දාලා එයාගෙ අගසව්වොත් එක්ක යන්න ගියා.මට පනිෂ්මන්ට් එකක් නොදී උන් නන් යන්න එච්චර කැමැත්තකින් නෙවෙයි වගේ පෙනුනෙ.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *